IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


'ආලෝකෝ උදපාදි' ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයි

2016-11-28-ent-60

ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ "ආලෝකෝ උදපාදි" චිත්‍රපටය, මේ දිනවල ඉන්දියාවේ "ගෝව" නගරයේ පවත්වනු ලබන ආසියාවේ පැරණිතම "ඉන්දියානු ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ" සඳහා නිල වශයෙන් තෝරාගෙන ඇත.

2016-11-28-ent-571952 වසරේදී ආරම්භ කරන ලද, මේ වනවිට 47 වැනි වරට පවත්වනු ලබන ලෝකයේ "A" ශ්‍රේණියේ චිත්‍රපට උලෙළක් වන මෙම චිත්‍රපට උලෙළට මෙවර ලෝකය පුරා රටවල් සියයකින් පමණ චිත්‍රපට දහසකට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කළ "සංදේශය" චිත්‍රපටයෙන් පසු, ඵෙතිහාසික කතා වස්තුවක් මත නිර්මාණය වූ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් මෙවැනි "A" ශ්‍රේණියේ චිත්‍රපට උලෙළක් සඳහා තෝරාගෙන ඇත්තේ වසර 56කට පසුව බව එහි තිර රචක සමන් වීරමන් මහතා පවසයි. කැන්ඩි සිටි සෙන්ටර් නිර්මාතෘ තුසිත විජයසේන මහතාගේ කුළුඳුල් නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයෙහි තිර නාටකය "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සමන් වීරමන් විසින් ලියා ඇති අතර, ඔහුගේ පුත් චත්‍ර වීරමන් විසින් මෙය අධ්‍යක්‍ෂණය කර තිබේ.

වලගම්භා රජු සමයේ, යුද ගිනි මැද වසර 12 ක් පුරා ඇදී ගිය මහා සාගතයෙන් නොනැසී, ශ්‍රී සද්ධර්මය අන්තර්ගත ත්‍රිපිටකය මනසේ රඳවාගනිමින් එය ආරක්ෂා කොට ග්‍රන්ථාරූඪ කළ එවකට ශ්‍රී ලංකාවේ වැඩ විසූ මහා යතිවරයාණන් වහන්සේලා විසින් කරන ලද ඵෙතිහාසික කැපවීම මත නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ "ලෝක මංගල දර්ශනය" (World Premiere) ඉකුත්දා (21දා) "ගෝව" නගරයේ ඉනොක්ස් (INOX) සිනමා ශාලාවේ උත්සවාකාරයෙන් පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ විශේෂ අමුත්තන් රතු පලසක් මතින් ගෙනයමින් විශේෂ පිළිගැනීමක්ද කරන ලදී.

ප්‍රභාත් රෝෂන් කැමරා අධ්‍යක්‍ෂණයෙන්ද, භාරත හෙට්ටිආරච්චි සම-අධ්‍යක්ෂණයෙන්ද, මිලින්ද තෙන්නකෝන් සංගීත අධ්‍යක්‍ෂණයෙන් හා ශාන් අල්විස් සංස්කරණයෙන්ද දායක වූ මෙම චිත්‍රපටයේ, උද්දික පේ‍්‍රමරත්න, දිල්හානි ඒකනායක, මේනකා පීරිස්, රොෂාන් රවින්ද්‍ර, නිරෝෂා තලගල, ඩග්ලස් රණසිංහ, නිහාල් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, දර්ශන ධර්මරාජ්, බුද්ධදාස විතානාච්චි හා දිනෙත් ද සිල්වා රංගනයෙන් දායක වී ඇත. මෙම චිත්‍රපටය සිංහල සිනමාවට වසර 70 ක් සපිරෙන 2017 ජනවාරි 20 වැනිදා ඊ.ඒ.පී. මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් හා ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු අනෙකුත් චිත්‍රපට මණ්ඩලවල සහාය ඇතිව දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.

 

2016-11-28-ent-61
2016-11-28-ent-59
2016-11-28-ent-58



අදහස් (0)

'ආලෝකෝ උදපාදි' ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1009 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 684 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1942 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1755 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 544 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site