IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘ආවා‘ ආ ගිය තැන් සොයන්න පොලිස් කණ්ඩායම් නවයක්

උතුරේ අපරාධවලට සම්බන්ධ බව කියන ‘ආවා‘ කල්ලිය ඇතුළු කණ්ඩායම් කිහිපයක්  සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් නවයක් උතුරේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසයි.

යාපනය චුන්නාකම් මනිප්පායි කෝපායි හා යාපනය නගරාසන්න ප‍්‍රදේශවල හිස ඔසවා සිටින බව කියන මෙම කල්ලිවල අපරාධ ක‍්‍රියා වැඩි වී තිබීමත් පසුගියදා චුන්නාකම් නගර මධ්‍යයේදී පොලිස් බුද්ධි අංශයේ දෙදෙනකු කපා දැමීමත් යන සිද්ධීන් මුල්කර ගනිමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි යාපනයේ උසස් පොලිස් නිලදාරියෙක් කියයි.

ආවා කල්ලි නායකයා ‘සන්නා‘ නැමැත්තකු බවද මෙම කල්ලියේ සාමාජිකයින් සතුව තිබෙන කඩු බ‍්‍රසීලයේ නිෂ්පාදිත බවද කියති.

සන්නා සමග දේවා සහ ප‍්‍රකාශ් යාපනයෙන් පළාගොස් ඇති බවද කියති.

මෙම ආවා කල්ලියට උතුරේ ඇතැම් දේශපාලඥයින්ගේ මෙන්ම හිටපු කොටි සාමාජිකයින්ගේද තවත් අයගේ ද සහාය ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.

බවත් මෙම කල්ලියට යුද හමුදාවේද සහාය ද හිමිව තිබෙන බවටත් පවතින චෝදනාවන් සම්බන්ධයෙන්ද විමර්ශනසිදුකෙරෙන බවද කීය

යාපනයේ හා ආසන්න ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන නිමලන්ගේ කල්ලිය ඩිල්ලූ ගෲප් ජූඞ්ගේ කල්ලිය සන්නාගේ කල්ලිය රොක් ටීම් ඇතුළු සමාජ විරෝධී ක‍්‍රියාවන්හි නිරත අපරාධ කල්ලි සොයා ද පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වේ.

ආවා කල්ලිය ඇතුළු මෙම කල්ලිවලට එරෙහිව මිනීමැරුම්,පුද්ගල පහරදීම් හා කපාකොටා දැමීම්, මංකොල්ලකෑම් සහ කප්පම්, පුද්ගල පැහැරගැනීම්,අපයෝජන වැනි චෝදනාවන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්ම යාපනය චුන්නාකම් මනිප්පායි කෝපායි තෙල්ලිපලෙයි වැනි පොලිස්වල සටහන්ව තිබේ.

ආවා කල්ලිය 2013 වසරේදී විනෝදන් හෙවත් අවාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවාගෙන ඇති අතර මෙම කල්ලියේ සන්නා  දරුණුම අපරාධකරු වශයෙන් සැලකෙන අතර මෙම කල්ලිය ඇතුළු සමාජ විරෝධී අපරාධ කල්ලි දකුණු ඉන්දීය දමිළ සිනමාවේ දුෂ්ට චරිත ආදර්ශයට ගනිමින් අපරාධ සිදුකරන වයස අවුරුදු 17-26 යන වයස්වල පසුවන අපරාධකරුවන් බවද වාර්තා වේ.



අදහස් (0)

‘ආවා‘ ආ ගිය තැන් සොයන්න පොලිස් කණ්ඩායම් නවයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 794 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1646 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 308 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1415 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 994 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site