IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘ආවා කල්ලියට හමුදාව සම්බන්ධදැයි සොයනවා‘

ආවා කල්ලියට සම්බන්ධ තවත් යුද හමුදා සාමාජිකයන් සිටීද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘පැහැදිලිව කියන්න පුළුවන් ආවා කියන කණ්ඩායම උතුරේ මෝටර් සයිකල් කල්ලියක්. ඒ කල්ලිය යම් කාලයක් තුළ ඒ ප්‍රදේශයේ ජනතාවට හිරිහැර කරගෙන කප්පම් ඉල්ලන ව්‍යාපාරයක් කරගෙන යන කණ්ඩායමක්. ඒ නිසයි මම පැහැදිලිව කිව්වේ මෙය යුද හමුදාවෙන් මෙහෙයවන කණ්ඩායමක් නොවෙයි කියා. යුද හමුදාවට කිසිම අවශ්‍යතාවක් නෑ මෙහෙම කල්ලියක් මෙහෙයවන්න.

දැනට අත්අඩංගුවට අරගෙන තියෙන අයගෙන් එක් අයෙක් හමුදාවේ සේවය කර තිබුණා. ප්‍රශ්න කරද්දි ඔහු කිව්වේ හමුදාවෙන් අයින් වෙලා කියලයි. හමුදාවෙන් අයින් වෙලා මේ කල්ලිය සමඟ වැඩ කර තිබෙනවා. ඇතැම් විට හමුදාවේ හිටපු අය සමහර විට මේ කල්ලියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න ඇති. ඒ ගැන පරීක්ෂණ පවත්වාගෙන යනවා. මෙය හමුදාවෙන් මෙහෙයවන කණ්ඩායමක් නොවෙයි. හමුදාවේ අය මෙයට හවුල්ද කියා අපි පරීක්ෂණ පවත්වාගෙන යනවා.‘‘

නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා -

‘‘කුමරේෂ් රත්නම් විනෝදන් හෙවත් ආවා කියන පුද්ගලයා මෙම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇත. ඔහු දැනට රිමාන්ඩ් බාරයේ සිටී.  මෙම කණ්ඩායම කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ කළ බවට තොරතුරු ලැබී තිබේ.

මේ පිරිස 62ක් පමණ බව හදුනාගෙන තිබෙනවා. එයින් 38 දෙනකු අත්අඩංගුවට  අරගෙන තිබෙනවා. 32 දෙනෙකු ගැන අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. හය දෙනකු ගැන පරීක්ෂණ කරගෙන යනවා. ඉතිරි අය සොයා විමර්ශන පවත්වනවා. මොවුන් ත්‍රස්ත ක්‍රියාවලට පෙළෙඹීමටක් නෙමෙයි තිබෙන්නේ. ඔවුන්ගේ අතේ සල්ලි තිබෙනවා. සියලු තරුණයන් අතරේ නවීන පන්නයේ මෝටර් සයිකල් තිබෙනවා. පළමු වැනි කඩුව ලැබී තියෙන්නේ ඉන්දියාවෙන් ආ පුද්ගලයකුගෙන්. ඉන් පසු ඊට සමානව තවත් කඩු මෙහෙන් කපාගෙන තිබෙනවා. ‘

අනුර කුමාර දිසානායක මහතා-

‘‘මීට අදාළ විමර්ශන කරගෙන යද්දි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේ දී මීට හමුදාවන්ගේ සබදතා ඇතැයි කීම අතිෂය බරපතලයි. ඊට හරිම පිළිතුර තවම ලැබුණේ නෑ. ඇයි එහෙම කියන්නේ කියා අපිට දැන ගැනීමට අවශ්‍යයි.‘‘

කතානායක කරු ජයසූරිය මහතා -

‘එය ප්‍රතිපත්තිමය කාරණයක්. පසුව සාකච්ඡා කර පිළිතුරක් දෙයි.‘



අදහස් (0)

‘ආවා කල්ලියට හමුදාව සම්බන්ධදැයි සොයනවා‘

සජී Wednesday, 16 November 2016 07:27 AM

කොහෙන්හරි ඉන්දියාව සම්බන්ධ ඇද්දැයි මට සැක සිතෙනවා (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 15 November 2016 11:22 PM

මමත් හිතන්නේ මෙය යුද හමුදාවෙන් මෙහෙයවන කණ්ඩායමක් නොවෙයි කියායි (නි)

:       0       0

ගයාන් Tuesday, 15 November 2016 09:13 AM

හමුදාව නොවේ ඇමරිකාව සම්බන්දද කියා සොයා බලන්න (ම)

:       0       0

චන්ද්‍රා Wednesday, 16 November 2016 03:18 AM

විදිමත් පරික්ෂණයක් සිදු කරන්න ඕනේ.(හේ)

:       0       0

සාගර Wednesday, 16 November 2016 04:12 AM

තවත් බොරු ගොතා ජනතාව රවටන එක නැවැත්විය යුතුය. ඔය කියන හිටපු හමුදා සමාජිකය වගේ දකුණේ සිටින පාතාල කණ්ඩායම් වල හිටපු හමුදා සාමාජිකයෝ කී දෙනෙක් දැන් අත් අඩංගුවට පත් වී තියෙනවද. එසේනම් දකුණේ තියෙනේ පාතාල කල්ලි මෙහෙයවන්නෙත් හමුදාව වෙන්න ඕනේ. ජනතාව රවට්ටන්නේ නැතුව අර පිස්සුවෙන් වගේ කියවන සම ප්‍රකාශකට ඉල්ලා අස්වෙන්න කියන්න. තවත් ජනතාව රවටන්න උත්සහ ගන්න එපා. (බ)

:       0       0

දිනේෂා සුභසිංහ Tuesday, 15 November 2016 10:36 AM

කතානායක තුමා නියම කරුණ හරියටම කියල තියෙන්නේ ‘එය ප්‍රතිපත්තිමය කාරණයක්. පසුව සාකච්ඡා කර පිළිතුරක් දෙයි.‘ ඔය කියන්නේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා හමුදාවට මඩ ගහන්න ඕනේ කියන ප්‍රතිපත්තිය වෙන්න ඕනේ

:       0       0

දසුන් Tuesday, 15 November 2016 12:03 PM

ඇයි ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ගැන හිතන්නේ නැත්තේ. ඔවුන් මීට පෙරත් උතුරේ වුණු දේවල් වල සිටියා (අ)

:       0       0

රොන් Tuesday, 15 November 2016 12:07 PM

ඔබ හරි ගයාන් (අ)

:       0       0

සෙනෙවි Tuesday, 15 November 2016 12:17 PM

89 දී ප්‍රාකල්ලිය හදපු එක්කෙනාගෙ සම්බඳයක් තියෙනවද කියල බැළුව නං හොඳයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 68 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 305 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1138 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 274 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2702 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 1416 4

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site