IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ආවා කල්ලිය සුලක්ෂන් පස්සෙන් ඇවිත්

යාපනය සරසවි සිසුන් දෙදෙනාගෙන් වෙඩි වැදුණු සුලක්ෂන් සිසුවාට මීට මාස හතරකට පමණ පෙර කණ්ඩායමක් පහර දුන්නැයි ඔහු   කළ පැමිණිල්ලක් විමර්ශනය කර නැතැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමේ සභාපතිනි දීපිකා උඩගම මහත්මියගේ උපදෙස් පිට   විශේෂ විමර්ශනයක් ආරම්භ  කළ අතර එම විමර්ශනයේ දී විවිධ කාරණා ගැන දැනටම තොරතුරු රැසක් ලැබී ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

සුලක්ෂන් සිසුවාට මීට මාස හතරකට පෙර ‘ආවා‘ නමින් හඳුන්වාගත් කණ්ඩායමක් පහර දී ඇති බවටත්, ඒ සම්බන්ධයෙන් ඔහු පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවටත්, සිසුවා මිය යන තෙක්ම පොලිසිය එම පැමිණිල්ල ගැන විමර්ශනයක් පවත්වා නොමැති බවටත් ලද තොරතුරක් ගැන ද විමර්ශනයේ දී අවධානය යොමු වී තිබේ.

සිරුරේ වෙඩි සලකුණු ඇතැයි අනාවරණය වූ සුලක්ෂන් සිසුවා යාපනය විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ සිසුවෙකි. යාපනයේ සම්මානනීය නළුවකු වන ඔහු ප්‍රධාන චරිතයට පණ පොවන චිත්‍රපටයක් 2015 යාපනය සිනමා දැක්මේදී මුල් තැනට පැමිණ තිබිණි.

 සුලක්ෂන්ගේ සහෝදරියක මීට මාස හතරකට පමණ පෙර විදේශ ගත වී ඇතැයි ද, ඇය විදේශ ගත වීමට පෙර දින ඇය විදෙස් ගත නොකරන ලෙස දන්වමින් ආරක්ෂක අංශයකින් යැයි කියා ගත් පිරිසක් සුලක්ෂන්ට දුරකථන ඇමැතුම් දී ඇතැයි ද, ඊට පසු අවස්ථාවක ආරක්ෂක අංශයේ යැයි කියා ගත් පිරිසක් 2009 දී අතුරුදන් වූ බව කියන සුලක්ෂන්ගේ අයියා ගැන තොරතුරු සොයා නිවසට පැමිණි බවට ද මානව හිමිකම් කොමිෂන් සභාවට තොරතුරු ලැබී තිබේ.

මේ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය ගැනත්, මේ වන විට ලැබී ඇති තවත් විශේෂ තොරතුරු ගැනත් මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශන පවත්වාගෙන යයි.

කොමිසම සුලක්ෂන්ගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

14708126_1424139367614984_2393117523761119491_n



අදහස් (0)

ආවා කල්ලිය සුලක්ෂන් පස්සෙන් ඇවිත්

රුචිර Friday, 28 October 2016 04:20 AM

අපේ දැන් ඉන්න දේශපාලඥයෝ සහ සමහරු උන්ගෙන් වෙන ලොකු ලොකු වැරදි හංගනවා. හැබැයි උන් අපෙන් වෙන පුංචි වැරදිත් කෙන්ද කන්ද කරලා ජාත්‍යන්තරේටම ගෙනියනවා. හා බොරුද? (බ)

:       0       0

බමුණු Friday, 28 October 2016 06:00 AM

ටිකිරිි යාපනයෙන් පිට ලංකාව නොදැකපු අය නිසා තමයි මෙපමණ කරදර වුනේ. අනික ඔබ ඔය කියන විමර්ශන ඉදිරිපත් කිරීමක් මෙහි කර නැත. ද්‍රවිඩ ජන සමාජය පිළිබඳව අපිට අමුතුවෙන් කියා දිය යුතුත් නැත (බ)

:       0       0

අතුල Thursday, 27 October 2016 03:29 PM

ඔය සිදුවීම් සත්‍යනම් කිසිසේත්ම මෙවැනි දේවල් වලට කිසිම සමාවක් නොදිය යුතුයි., අපේ රටේ මේ වගේ අදහස් වලින් මිදිලා සියලු දෙනාටම ජීවත්වීමේ නිදහස ස්ථාපිත කළයුතුමයි. (නි)

:       0       0

ගගන Thursday, 27 October 2016 04:25 PM

පොලීසියට මේ සිද්ධියේදී අපේ අප්‍රසාදය! (නි)

:       0       0

ඔසධ Thursday, 27 October 2016 05:24 PM

අන්තිමට ආවා කල්ලියත් හමුදාවේ බුද්ධි අංශයට ඇවිල්ලා බාරවෙයි (නි)

:       0       0

ප්‍රභා Thursday, 27 October 2016 06:27 PM

කලින් අපි කතාවට කිව්වේ ගහන ගහන හෙණ ලංකාතිලකෙට කියලනේ. දැන් කියන්න වෙන්නේ ආරක්ෂක අංශයට කියලා. (නි)

:       0       0

රොහාන් Friday, 28 October 2016 08:49 AM

‘රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්‘ චිත්‍රපටය බලන්න (බ)

:       0       0

සත්‍යයා Friday, 28 October 2016 12:19 AM

සමහර විට අහිංසකයෙක් වෙන්නත් පුළුවන්. මත්පැන් ගෙන සිටියාද කියා තවම විනිශ්චය කර නැත්නම්, අනිවාර්යෙන්ම යතුරුපැදිය නොනවත්වා යන්නත් අතීතයේ ඔහුට "ආවා" කණ්ඩායමෙන් හෝ ආරක්ෂක අංශ වලින් තිබුනායැයි කියන තර්ජනත් ඉවහල් වුණා යයි අනුමාන කළ හැක. (නි)

:       0       0

ලකී Friday, 28 October 2016 09:33 AM

යාපනයෙහ් මෙම සිද්ධිය වීමටත් ආරක්ෂක අංශ වගකිව යුතු සාමාන්‍ය ජනතාවට මෙම කල්ලි විසින් වෙන තාඩන පීඩන පරීක්ෂණ නොකර ඉන්න ඉහලින් බලපෑමක් තියෙනවා ...ඔබ උතුරේ සාමාන්‍ය වැසියෙක් ගෙන් වීමසිමක් කළොත් තිත්ත ඇත්ත දැන ගත හැකි (අ)

:       0       0

බමුණු ආරච්චි Friday, 28 October 2016 12:49 AM

මොකටද අපි මෙපමණටම මේ ගැන කතා කරන්නේ? (නි)

:       0       0

සරත් Friday, 28 October 2016 02:02 AM

එහෙ මැරුනොත් සියලුම පරීක්ෂණ, ලෝක අවධානය. මෙහෙ මැරුනොත්? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 28 October 2016 02:15 AM

සත්‍යයා, අහිංසක මිනිසුන්ට ආරක්ෂක අංශ වලින් තර්ජන එන්නේ නැත. (නි)

:       0       0

රොහාන් Friday, 28 October 2016 02:15 AM

කරුණාකරලා කට්ටීය වැඩිය සද්ද බද්ද දාන්නෙ නැතුව ඉන්නවද? අපි දන්නෙ නැති ගොඩක් දේවල් ඔය කේස් එක ඇතුළේ ඇති. (නි)

:       0       0

ටිකිරිි Friday, 28 October 2016 02:39 AM

සිතියමෙන් ඔබ්බට යාපනේ නොදැකපු අය නීති තර්ක සහ ද්‍රවිඩ ජන සමාජය පිළිබඳ විමර්ශන ඉදිරිපත් කිරීමෙන්ම පෙනෙනවා සිංහල ජන සමාජය ඉන්නේ කොයිතරම් ගැඹුරු ළිඳක පතුලේද කියල. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 70 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 227 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 374 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 129 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 749 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 506 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site