IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ආවා යැයි අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා සෙබළෙක්

යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ යැයි සැකපිට සෙනසුරාදා (12) අත්අඩංගුවට ගත් හය දෙනා අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු ද සිටින බව   පොලිස් ආරංචි කියයි.

එම සෙබළා ඉංජිනේරු බළකායට අනියුක්තව සේවය කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රස්ත විමර්ශන අංශය මගින් පසුගිය දා අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා අතර යුද හමුදා සෙබළාට අමතරව  පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් ද වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවෝ යාපනය උඩුවිල්, මනිප්පායි, පන්ඩිතිරිප්පු, තිරුනෙල්වේලි  සහ කොක්කුවිල්හි පදිංචිකරුවෝ වෙති.

ආවා කල්ලිය සම්බන්ධයෙන් 2013 සිට පැමිණිලි ලැබී ඇති බවත්, 2014 සහ 2015 දී වැටලීම් කර 20 දෙනකු පමණ අත්අඩංගුවට ගත් බවත් එම පිරිස අතරද යුද හමුදාවේ සේවය කළ සෙබළකු සිටි බවත් පොලිසිය පවසයි.

පොලිස් වෙඩි පහරින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන්ට ද මේ වසරේ පෙබරවාරි මාසයේ අවා කල්ලියෙන් යැයි කියමින් පහර දී ඇතැයි ද, ඒ ගැන චුන්නාකම් පොලිසියට පැමිණිලි කර ඇතැයි ද මානව හිමිකම් කොමිසමට තොරතුරු ලැබී තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා කීවේ යුද හමුදා සාමාජිකයකු ආවා යැයි කියමින් අත්අඩංගුවට ගැනීමක් ගැන වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් උසස් පොලිස් නිලදාරියකු කීවේ තමන් අත්අඩංගුවට ගත් හමුදා සෙබළා තවමත් රාජකාරියේ නිරත අයෙකු බවයි.

 

 



අදහස් (0)

ආවා යැයි අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා සෙබළෙක්

ඉසුරන්දි Monday, 07 November 2016 01:17 PM

බලන් යද්දී උන්දැලා කියන දේවල් හරි. (බ)

:       0       0

සත්‍යයා Monday, 07 November 2016 02:05 PM

බොරුව ආරක්ෂා කිරීමට බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ව්‍යවස්ථාවෙන්ම බැඳී ඉන්නවා වගේ වැඩ කරන්නේ. (බ)

:       0       0

දුමින්ද Monday, 07 November 2016 02:35 PM

නීතිය නවන්නේ කව්ද (අ)

:       0       0

රන්ජන් Monday, 07 November 2016 02:48 PM

පිස්සු හැදෙනවා. අපේ ජාතියට අගරු කරන්නද මේ හදන්නේ? (අ)

:       0       0

සතිෂ් Monday, 07 November 2016 05:22 PM

ඕක පුදුමයට කාරණාවක් නොවෙයි මට නම් (නි)

:       0       0

හර්ෂ Monday, 07 November 2016 06:42 PM

මේකට සම්බන්ධ දේශපාලකයන්වද හොයාගන්න (නි)

:       0       0

ඇන්ටන් Monday, 07 November 2016 07:15 PM

දමිළ ජාතිකයනුත් හමුදාවේ ඉන්නවනේ (නි)

:       0       0

චන්දා Monday, 07 November 2016 07:53 PM

මේ යහපාලන සරුව පිත්තල ප්‍රෝඩාව මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි නුඹට විඳවන්න වේවි දු දරු මුණුබුරු, මිණිබිරියන් සමඟ ඉදිරි දශක දෙක තුනක්වත්. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 08 November 2016 12:18 AM

අපිට ඕනෑ ඇත්ත දැනගන්නයි (නි)

:       0       0

සෙනරත් Tuesday, 08 November 2016 01:53 AM

මේ බුද්ධි අංශ නිලධාරියෙක් විය නොහැකිද? (නි)

:       0       0

සජී Tuesday, 08 November 2016 02:33 AM

සිංහලයාට සහ හමුදාවට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා යැයි අපිට හිතෙනවා (නි)

:       0       0

සරත් Tuesday, 08 November 2016 02:45 AM

දකුණේත් හමුදාවෙන් පැන්න සුළුතරයක් කල්ලි වල ඉන්නවා. එයාලා හමුදාවේ අය කියන්නේ දේශපාලන වාසියට සහ හමුදාවට මඩ ගහන්න (නි)

:       0       0

ලලිත Tuesday, 08 November 2016 02:48 AM

මේ සෙබළා සිංහලයෙක්ද, නැත්නම් දෙමළ ජාතිකයෙක්ද? සිංහලයෙක් වුවත් පුදුම වෙන්න දෙයක් නැහැ. මුදලට තනතුරට ඕනෑම දෙයක් කරන අය සිටිනවනේ. දේශපාලනයේත් සිටිනවනේ. (නි)

:       0       0

ශාන් Tuesday, 08 November 2016 03:40 AM

අපි මේවා තේරුම් ගන්න ඕන මොකද මේ ගොල්ලෝ මේවා කරන්නේ සිංහල අපිට ආදරේට නෙවයි ඒ ඒ අයගේ දේශපාලන යටිකුට්ටු වැඩ සදහා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 26 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 197 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1027 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2693 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1087 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1065 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site