(මොහොමඩ් ආසික්)
කොවිඩ් -19 වයිරය ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ ආදාහනය කිරීමට විරෝධය දක්වමින් අකුරණ ප්‍රදේශයේ සමාජ සේවා සහ තරුණ සංවිධාන පහක් එක්ව අද (01) සවස අකුරණ නගරයේදී නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.
අධික වැසි සහිත කාලගුණ තත්වය හමුවේ පවා අකුරණ නගරයට එක්ව සිටි විශාල පිරිසක් සෞඛ්‍ය නීති අනුව ඒ 09 මාර්ගයේ රැඳී සිටිමින් විරෝධතාවයට එක්ව සිටියහ.
මෙම විරෝධතාවයට එක්ව සිටි පිරිස් සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදාහනය මෙන්ම භූමදානයද නිර්දේශ කර ඇති බැවින් මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතියක් වන භූමදානය සඳහා අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවැත්විණ.
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනයට අකුරණදීත් විරෝධයක්
Gihan Friday, 01 January 2021 06:11 PM
හොඳ වෙලාවට පුතාණෝ පැරදුණේ..
වීරවිජේ Friday, 01 January 2021 06:28 PM
රටවල් 194න් එකකට යන්නකෝ..
sithum jayawardena Saturday, 02 January 2021 12:09 AM
ජපානයේ නීතිය සියළුම වර්ගයේ මිනිසුන් මැරුණු කළ ආදාහනය කළ යුතුමය. ඒක ජපන් ජාතිකයාද? වෙළඳාම පිණිස රැඳි සිටින පාකිස්ථාන්ද, බංග්ලාදේශ්ද? ඉරාන්, ඉරාක, ඊජිප්තුද, ලංකා මුස්ලිම් වරයෙක්ද? බෞද්ධද? ක්‍රිස්තියානිද? හින්දුද? මුස්ලිම්ද? ආගම්, ජාතිභේද නැත. නීතිය නම් කාටත් එකයි. ඒ නිසා කාටත් එක නීතියක් සෑදීම ආණ්ඩුවක වගවීමකි වගකීමකි. මේ නීති කිසිම අයුරකින්වත් වෙනස් නොවිය යුතුය. නීතිය නැමිය නොහැකි විය යුතුයි. නැමීමට ගිහින් ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති වෙයි. ජපානයේ වතුර ඉතාමත් පිරිසිදු යයි ඔවුන් උදම් අනන්නේ මේ හේතුව නිසා විය යුතුයි...
saman Saturday, 02 January 2021 06:28 PM
අපට වඩා පහළින් පිහිටා ඇති නවසීලන්තයේද භූමදානය කරති. රටවල් 194 කම භූමදානය කරන්නට අවසර දී ඇත. ජලයෙන් වයිරසය බෝ වෙනවා කියා කිසිදු රටකින් වාර්තා වී නැත.
Ratne Sunday, 03 January 2021 05:17 AM
මළ සිරුරු ආදාහනය මඟින් ඔවුන්ගේ ආත්මයට යම් අගතියක් වන බවට සහ භූමදානය මඟින් සුගතියකට යන බවට විද්‍යාත්මකව තහවුරු කරන තෙක්, රටේ අනාගතය ගැන සිතා අවධානයකට රට ලක් කර ගැනීමෙන් තොරව දැනට ක්‍රියාත්මක නීතියට අනුව කොවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතුයි. සිරුර ආදාහනය මගින් ආත්මයට යම් අගතියක් වන බවට විද්‍යාත්මකව තහවුරු වුවහොත් එදින සිට ළඟම නෑදැයින්ගේ ඉල්ලීම අනුව භූමදානයට හෝ අවශ්‍ය පරිදි අවසන් කටයුතු කිරීමට අවසර ලබා දිය යුතුයි...