IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ආසනය රත් වෙයි

විරුසර වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීම වෙනුවෙන් පැවැති උත්සවයට ලොකුම තැන්වලින් ආරාධිතයන් ආවාලු. හමුදා, පොලිස් හැම පැත්තකම ලොක්කෝ එහි සිටියාලු.

ඒ ලොක්කන් වෙනුවෙන් ඉදිරිපෙළ අසුන් වෙන්කර තිබුණාලු. හමුදාවේ ලොක්කන් වාඩිවී සිටි තැන ලොක්කකුට වෙන් කළ අසුනක මවක් සිටියාලු. ඇය එතැනින් සෙලවෙන්නේවත් නැතිලු. ඇයට වෙන් කළ අසුනක් සේ සිතා සුව පහසුව සිටියාලු. බැරිම තැන ජනපති ආරක්ෂක අංශයේ සෙබළියන් පැමිණ පැමිණ ඇය වෙනත් ස්ථානයකට යැවීමට දැඩි පරිශ්‍රමයක් දැරුවාලු.

බලෙන් ඔසවා ගෙන යන්න හැදුවත් ඇය නැවත එම ආසනයේම වාඩි වුණාලු. ආරක්ෂක අංශය බොහෝ වෙහෙසක් දරා අවසානයේ ඇය එතැනින් ඉවත් කළාලු. මේ දුටු කවුරුත් කීවේ මව ලොකු තැනක කෙනෙක් හෝ ලොකු තැනක උෂ්ණය වැදුණු කෙනෙක් වෙන්නත් පුළුවන් කියලාලු.

grandma_2016126S_5262 grandma_2016126S_5263 grandma_2016126S_5265 grandma_2016126S_5266 grandma_2016126S_5267

 



අදහස් (0)

ආසනය රත් වෙයි

අමල් Wednesday, 27 January 2016 07:50 AM

පිටබැද්දර ජයා කියන ශ්‍රී ලාංකික වෙසින් පෙනී සිටින නිහීනයාගේ සැබෑ නිරුවත ඔබට දිල්ශාන් නැමැත්තාගේ කොමෙන්ටුව නිරීක්ෂණය කිරීමෙන් දැකබලාගත හැකිය. වෙනත් නම්වලින් පෙනී සිට තමන්ගේ අදහස් තමා විසින්ම සනාථ කරගන්නා ජාතියේ මානසික රෝගියෙකු වන මෙම පුද්ගලයාගේ ඉලක්ක සහ අරමුණු සම්බන්ධයෙන් මෙහි සිටින සියල්ලන්ම දැනුවත්ව සහ අවධානයෙන් සිටිය යුතු ය. (බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 27 January 2016 08:06 AM

මුවන් පලේස්සේ ආරච්චි නොනාවත්ද?(කෞ)

:       0       0

බමුණු Tuesday, 02 February 2016 06:44 AM

මනුස්සකමට වඩා නිල ඇඳුමට තැන දුන්නම මෙවැනි අවාසනාවන්ත සිදුවීම වැළක්විය නොහැක. (ර)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 January 2016 11:05 AM

මොනවා උනත් මවක් නිසා ඉන්න දුන්න කියල; වරදක් වෙනවද ? මෙතන ඉන්න හැමෝම මවු කුසකින් බිහිඋන දරුවෝ නේද ? මනුස්සකමට වඩා නිල ඇඳුමට තැන දුන්නම මෙවැනි අවාසනාවන්ත සිදුවීම වැළක්විය නොහැක (රේ)

:       0       0

බමුණු Tuesday, 02 February 2016 06:45 AM

අපි කාටවත් වඩා ලොකු නැත කව්රුත් අපිට වඩා ලොකුත් නැත කියන අදහසින් ජීවත් වෙමු නේද. අපිට කවුද බය අපි කාටද බය? ලොකුයි කියා ගන්න අය ළඟට පැමිණි විට පුටුවෙන් නැගිටින නිහීන ක්‍රියාවෙන් අපේ ළමයි බේරා ගමු. (බ)

:       0       0

ජුලියන් Sunday, 07 February 2016 01:54 PM

තම දරුවෝ රට වෙනුවෙන් දායාද කළ සියලුම මෑණිවරුන්ට හිමි විය යුතු අසුනේ තමා ඇය වාඩිවී සිටින්නේ. (බ)

:       0       0

භද්‍රානි Tuesday, 26 January 2016 04:19 PM

නාකි කමටද වැඩ, වයසට ගියාට ලොකු පුටුවලට තියන තන්හාව තවම නැති වෙලා නැහැ. (බ)

:       0       0

කරුණාපාල Wednesday, 27 January 2016 09:10 AM

අමල් මහත්මයා, ඔබ නිවැරදියි. වරද ඇස් දෙකට පෙනී පෙනී, එය වරදක් නොවන බව හැඟවීමට විවිධ අර්ථ කථන සැපයීම නිහීන ගතියක් බව තමයි මගේත් හැඟීම. වයසට යද්දී උද්දච්ච හා මහන්තත්තකම හේතුකොට ගෙන, මානසික රෝගීන් වී සමාජයට ප්‍රදර්ශනය වීම නිසා, සමහර වැඩිහිටියන්, ඔවුන්ගේ ගරුත්වය ඔවුන් විසින්ම කෙළසා ගන්න අවස්ථා ඕනා තරම් ශ්‍රී ලාංකික සමාජය තුල බහුලව දැකිය හැකියි. (බ)

:       0       0

අසෝක Wednesday, 27 January 2016 04:50 AM

මට බයේ බැහැ ශ්‍රී ලන්කන් ප්ලෛන් එකක යන්න වයසක අම්ම කියල පයිලට් සීට් එකේ ඉඳගන්න දුන්නොත් ඉවරයි තමා අන්න ඒ වගේ තමයි මේකත් (ම)

:       0       0

ධම්මික Wednesday, 27 January 2016 09:32 AM

අශෝකට සහ පත්මෙට කියන්න තියෙන්නේ උත්සවයක සහ ගුවන් ගමනක වෙනස මොකක්ද කියල තේරුම් ගන්න තරම් ඔලුවක් නැතිවීම ගැන කනගාටුයි කියල විතරයි. ....අම්ම ලොකු තැනක හෝ පොඩි තැනක වුණත් ආඩම්බර වුණත් මව්පදවිය හැල්ලු කරන්න ඉඩදිය නොහැකියි මවකට ආඩම්බර විය හැක්කේ මවක් තම දරුවන් රටට වැරදි විදියට හැදුවොත් පමණි....අම්ම කෙනෙක් කියන්නේ පිදුම් ලැබිය යුතු කෙනෙක්..ඔය කියන ආසනය අම්මට දුන්න කියල ඔය රැස්වීමට සිද්ධවෙන අගතිය හෝ අවදානම කුමක්ද කියල ඔය කාට හරි කියන්න පුලුවන්නම් ...? (බ)

:       0       0

පත්මෙ Tuesday, 26 January 2016 11:41 AM

අම්ම පයිලට් සීට් එකේ ඉන්දන්නේ නෑ නේ .. ගෞරවය තිබ්බ කියල (අ)

:       0       0

දිල්ශාන් Tuesday, 26 January 2016 11:55 AM

මෙතන ඉන්න හැමෝම මවු කුසකින් බිහි වූ දරුවන් නේද ? මනුස්සකමට වඩා නිල ඇඳුමට තැන දුන්නම මෙවැනි අවාසනාවන්ත සිදුවීම වැළක්විය නොහැක (අ)

:       0       0

දනුක Thursday, 28 January 2016 02:56 AM

සරත් මහත්තයෝ, රටේ දුෂණය නැතිකරන්න , කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඔබේ සේවය අවශ්‍යයි. (නි)

:       0       0

කමල් Thursday, 28 January 2016 02:57 AM

මවක් කියලා මෙහෙම කරන්න දුන්නොත් මෙතන ඉන්න ඔක්කොම් අම්මලා මෙතනින් වැඩිවෙන්න හදයි. එහෙම වුණොත් කිසිම දෙයක් කරන්න බැරිවෙයෙි. ඕනෑම දෙයකට විනයක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

දහම් Thursday, 28 January 2016 12:47 PM

ජනපති ආරක්ෂක සෙබලියන් සිටීමෙන් පෙනී යන්නේ මේ අසුන ජනාධිපති වෙනුවෙන් තිබුණු එක බව. මැය එන්න ඇත්තේ ආරාධනයකට අනුව. එහෙම නැත්නම් මේ ස්ථානයට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. ආරාධිතයන් පිළිගෙන නියමිත අසුන් වෙත කැඳවාගෙන යාම මෙවන් උත්සව වලදී කෙරෙන්නක්. එහෙම මෙතන එහෙම වෙලා නැහැ. මෙය ජනාධිපති ආරක්ෂවෙත් දුර්වල කමක්. අර වයසක මවට කල හිරිහැරයක්.(හේ)

:       0       0

විකුම් රංගන Wednesday, 27 January 2016 10:18 AM

අනුන්ගේ පුටු හා තනතුරු බලෙන් අත්පත් කරගන්න හැටි බාල පරම්පරාවට පාඩමක් උගන්වන්න හදලා වෙන්න ඇති. සමහරවිට යුනිෆෝම් මේනියාවක් තියන කෙනෙක් වෙන්න පුළුවන්. (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 31 January 2016 12:48 PM

අම්ම දෙවෙනි වෙන්නේ තුන් ලෝකාග්‍ර බුදු කෙනෙකුට පමණයි , බෞද්ධයෝ හැටියට ඒ අපේ විස්වාසයයි . එහෙමනම් මේ අම්මට ඔතන ඉඩක හදල දුන්නනම් මොකද වෙන්නේ ? (කෞ)

:       0       0

ජනිත Thursday, 28 January 2016 03:28 AM

මේක කළමනාකරණයේ තිබුන අඩුපාඩුවක් නේද ? මේ වගේ උත්සව වලදී කටයුතු කරන්න පළපුරුදු අය දන්නා ඕන ,එහෙම නැත්නම් ඒ අය පුහුණු කරන්න ඕන. කරුණාකරලා ඒ මවට දොස් කියන එක නවත්වන්න. අපි වයසට ගරු කරමු. ඔය අය බටහිර රටකට ගිහින් බලන්න ඒ අයට සලකන හැටි. ස්තුතියි. (බ)

:       0       0

සරත් Wednesday, 27 January 2016 06:39 AM

එළවලා දාන්නයි තිබුණේ (බ)

:       0       0

අසෝක Wednesday, 27 January 2016 04:32 PM

අපේ අම්මා එහෙම ඔතන වාඩිවෙලා හිටියා නම් අද ඇප නැතුව රිමාන්ඩ් කරලා. මැය සමහරවිට යම්කිසි රෝගී තත්වයක් ඇති කෙනෙක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 28 January 2016 03:59 AM

බොහොම දුක සිතෙන දසුනක්. ඇයගේ හඬා වැටෙන හදවත කවුරුවත් තේරුම් අරගෙන නැති එක ගැන කණගාටුයි.. එයිටත් වඩා දුක හිතෙන දෙය තමයි ඇයට එම අසුනේම ඉන්ට දෙන්ට තරම් නිහතමානිවූ සහ කාරුනිකවූ හදවතක් එතන නොතිබීම. (ම)

:       0       0

ප්‍රියාන් Thursday, 28 January 2016 09:15 AM

සමහරක් දාල තියෙන අදහස් දැක්කාම මට හිතුනේ එයාල මව් කුසකින් ආව අය නෙවෙයි කියල..(බ)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 26 January 2016 09:34 AM

කාගේ කවුරු වුණත් ඇය කිසියම් මානසික ගැටළුවකට ලක්වූ මවක් විය යුතුයි (ම)

:       0       0

තරුෂි Friday, 29 January 2016 10:35 AM

ප්‍රියාන් දාල තියන අදහස බැලුවාම අපිට හිතා ගන්න පුළුවන් ප්‍රියාන් ආව මව් කුසේ ස්වභාවය. අනිත් කෙනාව පැත්තකට තල්ලු කරලා හරි කමක් නැහැ. ඒ තැන උදුරා ගනින් කියල අවවාද දුන්නු මව් වරුන්ගේ දරුවන්ගෙන් එක අතකට ඔයිට වඩා වැඩි වැදගත් අදහසක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.(කෞ)

:       0       0

ප්‍රීති Friday, 29 January 2016 05:26 PM

ඕක මොකක්ද? අපේ ගෙවල් ළඟ වයසක කාන්තාවක් එයාලගේ ගේ ඉස්සරහා වයසක මවක් සමඟ එකමුතුවෙන් හොඳට හිටපු පවුලක් කොටවලා තරහා කරලා දැන් වයසක අම්මා විතරයි ඒ ගෙදර ඉන්නේ. දැන් අර වයසක අම්මාව රවට්ටලා නඩු කියලා ඉඩම අයිති කරගන්න පොළඹවාගෙන. වෙන මොකටවත් නෙමෙයි, අර වයසක අම්මගේ දරුවෝ දුක්මහන්සි වෙලා හදාගත් ගේ දොර මේ කාන්තාවගේ දරුවන්ට අයිති කරලා දෙන්න. පුදුමේ කියන්නේ මේ කාන්තාව විශ්‍රාමික ගුරුවරියක්. වයස්ගත වෙලත් සමහරු කරන වැඩ ඔහොම නම්, තරුණ කාලේ කොහොම ඉන්න ඇද්ද? (නි)

:       0       0

රවිඳු Wednesday, 03 February 2016 09:42 PM

සමහරවිට මේ වයසක කාන්තාව අයගේ මියගිය සැමියාගේ විශ්‍රාම වැටුපෙන් ජීවත්වෙන කෙනෙක් වෙන්න ඇති. ඔවුන්ට බුද්ධිය නොතිබුනාට තියෙන්නේ අයිතිවාසිකම විතරයි. සමහරවිට දරුවෝ නැතුව ඇති. ඒකයි ඔහොම වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1844 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1168 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2079 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 520 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2975 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site