සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේය.
තමන් ආසන පටි නොපැලඳ මෝටර් රථයේ ගියේ කෙටි දුරක් වුවත්, එය තමන් අතින් වූ වරදක් බවත් ඒ ගැන තමන් දැඩි ලෙස කනගාටුවන බවත් සමාව ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පසුව පැහැදිලි කළේය.
අග්‍රාමාත්‍ය සුනාක් මෝටර් රථයේ ගමන් කරමින්, සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මිනිත්තුවක වීඩියොවක් රූගත කළේ ඔහුගේ නව ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමිනි. රියදුරා මෝටර් රථය පදවමින් යද්දී, පසුපස අසුනේ අසුන් ගත් අග්‍රාමාත්‍ය සුනාක්. ආසන පටිය ඉවත් කරමින්. එම වීඩියෝවට පෙනී සිටී. එය මිනිත්තුවක වීඩියෝවකි.
කෙසේ නමුත් පසුව වීඩියෝව නැරැඹූ බොහෝ දෙනා දොස් නගා ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කලින් අග්‍රාමාත්‍යවරයා නීති ගරුක විය යුතු බවය.
ආසන පටි නොපැලඳ සිටීම වරදක් බව පෙන්වා දෙමින් වීඩියෝව නැරැඹූ බොහෝ දෙනකු අග්‍රාමාත්‍යවරයාට දොස් නගා චෝදනා කරන්න වූහ. බි්‍රතාන්‍යයේ ආසන පටි නොපැළඳ ගමන් කිරීමේ වරදට ස්ටර්ලිං පවුම් 100 සිට 500 කට නොවැඩි දඩයක් නියම කළ හැක. ආසන පටි නොපැලඳ යා හැක්කේ රෝගී තත්ත්වයක් ඇති විට වෛද්‍ය නිර්දේශ අනුව පමණි.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක් එම වීඩියෝවට පෙනී සිට ඇත්තේ, රජයේ නව ප්‍රතිපත්ති යටතේ, ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ ව්‍යාපෘති 10 ක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්ය.
එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාගේ මෝටර් රථය ගමන් කර ඇත්තේ පොලිස් යතුරු පැදි ආරක්ෂාව ද ඇතිවය. එසේ වුවත් මේ වනවිට අග්‍රාමාත්‍ය රිෂි සුනාක් මෝටර් රථයේ ආසන පටි නොපැළඳ ගමන් කිරීම මේවනවිට ලැන්කෂයර් පොලිසියේ අවධානයට ද යොමු වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසි
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ශ්රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආසන පටි නැතිව ගිහිල්ලා: බ්‍රිතාන්‍ය අගමැති සමාව ගනී
kamal Friday, 20 January 2023 01:00 PM
දැක්කද පටි ගැලවිච්ච අයගේ කෙරුවාව?
ajithFriday, 20 January 2023 05:33 PM
ආසන පටි නොපැලඳ මෝටර් රථය පදවුයේ මම නොව මගේ රියදුරු බව ප්‍රකාශ කර නැත.
Vira Friday, 20 January 2023 01:27 PM
ලංකාවෙ වගෙ නම් ඔය මිනිහව අගමති කමෙන් ඉවත් කරල ඔය කරපු වැඩෙට.
පැරකුම්Friday, 20 January 2023 03:15 PM
තනතුරෙන් පහකරල දඩයකුත් ගහනව අපේ රටේ…!
Hafeel Friday, 20 January 2023 03:28 PM
බ්‍රිතාන්‍ය එහම වුනාට ලංකාව එහම සමාව ඉල්ලන්න නැහැ. ලංකාවේ නම්, අර වීඩියෝව පල කරපු මිනිහව Detention Order ගහල මාස තුනක් රඳවා ගන ඉන්නවා.
siri Friday, 20 January 2023 04:30 PM
ඒ ඉතින් එංගලන්තෙනේ. මෙහෙ උනානම් දොස් නැඟූ යටත් අවධානය යොමුකරපු පොලිස්කාරයන්ටත් වෙන දේ බලාගන්න තිබුන.