IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ආසියානු කාන්තා බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මොන්ගෝලියා යයි

හයවැනි ආසියානු බොක්සිං තරගාවලියට (කාන්තා) සහභාගිවීම සඳහා ක‍්‍රීඩිකාවන් හය දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා බොක්සිං කණ්ඩායම ඊයේ (14) පස්වරුවේ මොන්ගෝලියාව බලා පිටත්ව ගියේය. අන්තර්ජාතික තරග අත්දැකීම් තිබෙන අනුෂා කොඩිතුවක්කු සහ නිල්මිණී ජයසිංහ මෙවර තරගාවලියට සහභාගිවන්නේ නව බර පංති දෙකකිනි. අනුෂා කිලෝග‍්‍රෑම් 51 ෆ්ලයි බර පංතියෙන්ද, නිල්මිණී කිලෝග‍්‍රෑම් 60 ලයිට් බර පංතියෙන් ද තරග කරති. ආසියානු බොක්සිං පදක්කම් ලාභිණියක් වන අනුෂා 2010 වසරේදී බාබඩෝස්’හි පැවැති ලෝක කාන්තා බොක්සිං තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩිකාවකි. 2009 වසරේදී රුසියාවේ පිල්ස්ටෙන් නුවරදී පැවැති ලෝක කාන්තා ආරාධිත බොක්සිං තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 51 බර පංතියෙන් රන් පදක්කම දිනාගත් නිල්මිණී ජයසිංහ ආසියානු තරගාවලියට සිවුවරක් සහභාගිවී පදක්කම් දිනාගෙන තිබේ. තරගාවලියට චීනය, ඉන්දියාව, උස්බෙකිස්ථානය, පිලිපීනය, කාම්බෝජය, මොංගෝලියාව, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, තුර්ක්මෙනිස්ථානය හා  කසකස්තානය ඇතුළු රටවල් 15 කින් ක‍්‍රීඩිකාවෝ 120 දෙනෙක් සහභාගිවෙති. පොලිස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ශිරෝමාලි වීරරත්න හැරුණු විට සෙසු ක‍්‍රීඩිකාවෝ මාස් සදර්න් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරති. සංචාරක ශ්‍රී ලංකා කාන්තා බොක්සිං පිල: අනුෂා කොඩිතුවක්කු (කි.ග‍්‍රෑ. 51 ෆ්ලයි), නිල්මිණී ජයසිංහ (කි.ග‍්‍රෑ. 60 ලයිට්), සිතාරි සඳලේඛා (කි.ග‍්‍රෑ. 57 ෆෙදර්), කෝසලා නිල්මිණී (කි.ග‍්‍රෑ. 48 ලයිට් ෆ්ලයි), විදුෂිකා ප‍්‍රබාදි (කි.ග‍්‍රෑ. 54 අඩු බැන්ටම් *, ශිරෝමාලී වීරරත්න (කි.ග‍්‍රෑ. 75 වෙල්ටර්*, චම්පක මාතරආරච්චි මහතා (පුහුණුකරු), දිල්හාර සීමන් මහතා (කළමනාකරු), අනුරුද්ධ රත්නායක (සහාය පුහුණුකරු)



අදහස් (0)

ආසියානු කාන්තා බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මොන්ගෝලියා යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4305 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 57 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 174 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 195 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 118 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 162 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site