IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව සූදානම්

ජුනි මස කොළඹදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වෙමින් පවතින බව මලල ක‍්‍රීඩා අතුරු කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත සමරතුංග මහතා පවසයි. කොළඹ ටොරින්ටන්’හි පිහිටි ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් සමරතුංග මහතා ප‍්‍රමුඛ අතුරු කමිටු නිලධාරීන් පැවසුවේ ආසියානු තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබඳව විවිධ මත පළවෙමින් තිබෙන අවස්ථාවක මාසයක් වැනි කෙටි කාලයක් සඳහා පත්වු සිය අතුරු කමිටුව තරගාවලිය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බවයි. ඉකුත් මාර්තු මස 31 වැනිදා මලල ක‍්‍රීඩා සංගමය විසුරුවා හැරීමෙන් පසුව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් සමරතුංග මහතාගේ සභාපතීත්වයෙන් යුත් අතුරු පාලක කමිටුව පත් කරන ලදී. වෛද්‍ය ධම්මික සේනාරත්න (ලේකම්), ගුවන් කොමදෝරු නලින්ද සිල්වා, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ කේ. පී. ඥානපාල යන මහත්වරු අතුරු කමිටුවේ සාමාජිකයෝ වෙති.  මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය මැයි මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය. ‘‘මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු නිලධාරීන් අපට අවශ්‍ය තරම් ලියකියවිලි බාරදී නැහැ. අප ලිඛිතව ඉල්ලා සිටියා අපේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට සෑම ලියවිල්ලක්ම ලබාදෙන ලෙස. ආසියානු කනිෂ්ඨ තරගාවලිය කියන්නේ ජාතික අවශ්‍යතාවයක්. එනමුත් තරගාවලිය සම්බන්‍ධ සියලූ කටයුතු අඩුවක් නොකර ක‍්‍රියාත්මක කරමින් සිටිනවා යැයි’’ අතුරු කමිටු නිලධාරීහු පැවසුහ. නිලධාරීන් 15 දෙනකුගෙන් සමන්විත සංවර්ධන කමිටුවක් මගින් ආසියානු කනිෂ්ඨ තරගාවලියේ සංවිධාන කටයුතු ක‍්‍රියාත්මක වන බව සමරතුංග මහතා පැවසීය. ‘‘නිලධාරීන් 15 දෙනා අතර අප පස් දෙනාත් සිටිනවා. සංවර්ධන කමිටුව යටතේ අනුකමිටුත් ක‍්‍රියාත්මක වෙනවා. තරගාවලියට යන වියදම් ඇස්තමේන්තුව ලබන සදුඳා වන විට අපට නිකුත් කරන්න හැකි වෙයි. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තරගාවලිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දෙනවා යැයි’’ සමරතුංග මහතා වැඩි දුරටත් පැවසීය. ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියට රටවල් 34 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වෙති. තරගාවලිය ජුනි මස 9 වැනිදා සිට ජුනි මස 12 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්වන කණ්ඩායම තෝරා ගැනීමේ ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා සංචිතයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 81 දෙනෙක් ඇතුළත්වෙති.



අදහස් (0)

ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව සූදානම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 148 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 18 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 632 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 635 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13634 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3324 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19750 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 290 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site