ආසියානු හොකී සම්මේලනය මෙහෙයවන 7 වැනි ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 1 වැනිදා මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය. තරගාවලිය මැයි මස 3 වැනිදා සිට 13 වැනිදා දක්වා මැලේසියාවේ මලක්කා නගරයේදී පැවැත්වේ.
වයස 21 න් පහළ ක‍්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස ගිමල් ඩයස් කටයුතු කරයි. නුවන් පේ‍්‍රමතිලක උප නායකයා වේ. කණ්ඩායමේ සිටින ධාරක තැන්න, සයිඞ් කුතුබ්දීන්, ඉමාද් මුසම්මිල් සහ අංජන රත්නායක පාසල් ක‍්‍රීඩකයෝ වෙති.
ඉන්දියාව, පාකිස්තානය, ජපානය, කොරියාව, ඉරානය, චීනය, ශ්‍රී ලංකාව සහ සත්කාරක මැලේසියාව යන රටවල් අටක් තරග වදිති. බංග්ලාදේශය සහ සිංගප්පුරුව තරගාවලියට සහභාගිවීම මේ වන විටත් ස්ථීර කර නොමැතිබවද වාර්තාවේ.
හොකී ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටවල් තරග වදින බැවින් මෙම තරගාවලියේදී ජයග‍්‍රහණයට වඩා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් උනන්දු වන්නේ ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීම බව හොකී සංගමය පවසයි.
සංචාරක ශ්‍රී ලංකා හොකී පිල:-
ගිමල් ඩයස් (නායක), නුවන් පේ‍්‍රමතිලක (උප නායක), ධාරක තැන්න, නදුන් වීරක්කොඩි, කසුන් දුණුවීර, තිළිණ සඳරුවන්, අමිල නිශ්ශංක, අමිල රත්නසිරි, එච්.එම්.හේන්දෙණිය, සයිඞ් කුතුබ්දීන්, අශාන් අලස්, ඉමාද් මුසම්මීල්, ජේ.සුරේන්ද්‍රන්, එස්.එම්.ගුණවර්ධන, අසංග බණ්ඩාර, එම්.සී.පෙරේරා, අංජන රත්නායක, දමිත් බණ්ඩාර, ජේ.ජයරත්නම් මහතා (කණ්ඩායම් ප‍්‍රධානී), දයාල් දීගහවතුර මහතා (කළමනාකරු), අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා (පුහුණුකරු), පුලස්ති ලැනරෝල් මහතා (සහය පුහුණුකරු), චන්දන හේරත් බණ්ඩාර මහතා (විනිසුරු), ඉන්ද්‍රවංශ හේරත් මහතා (තරග තීරක)
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආසියානු කනිෂ්ඨ හොකී තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම මලයාසියාවට