ආසියානු තරගාවලියට යන්න නිලූකට කාලය මදිවෙයි
චීනයේදී අද (17) ආරම්භවන ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීමට අවශ්‍ය තරම් කාලය නොමැති වීම නිසා නිලූක කරුණාරත්න එම තරගාවලියට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. නිලූක සහ තිළිණි ජයසිංහ මෙම තරගාවලියට සහභාගිවීමට සිටියහ.
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට මේ වන විටත් සුදුසුකම් ලබා සිටින නිලූක, නෙදර්ලන්ත තරග සංචාරය නිමවා අද (17 වැනිදා) යළිත් දිවයිනට පැමිණීමට නියමිත බැවින් ආසියානු කුසලන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ම`ගහැරී යයි.
ඔලිම්පික් පරිසාධන මට්ටම අනුව ඉදිරියෙන්ම සිටින කී‍්‍රඩකයන් 38 දෙනා ඔලිම්පික් තරගාවලියට තෝරා ගන්නා අතර නිලූක මේ වන විට පරිසාධන මට්ටම පසුකළ කී‍්‍රඩකයන් අතරේ 25 වැනි ස්ථානය ලබා සිටී. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට 51 වැනි ස්ථානයේ සිටින නිලූකට ඉදිරියේදී සිය ශ්‍රේණිගත ස්ථානය තවත් ඉදිරියට ගෙනයා හැකිවනු ඇතැයි වාර්තා වේ.
බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රීඩිකාවන් අතර 107 වැනි ස්ථානයේ පසුවන ජාතික බැඞ්මින්ටන් ශූරියක වන තිළිණි ජයසිංහට ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ තවත් අවස්ථාවක් ලෙස ආසියානු තරගාවලිය හැඳින්විය හැකිය. තිළිණි සමග නදීෂා ගයන්ති ආසියානු තරගාවලියට සහභාගිවෙති.
ආසියානු බැඞ්මින්ටන් ශූරතාවලිය අද (17) සිට 22 වැනිදා දක්වා චීනයේ කුයින්ඩෝ ගෘහස්ථ ක‍්‍රීඩා සංකිර්ණයේදී පැවැත්වේ.
සත්කාරක චීනය, මැලේසියාව, ජපානය ඇතුළු ආසියානු රටවල් බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් පසුවන නිසා බැඞ්මින්ටන් ක‍්‍රීඩාවේ ප‍්‍රධානතම තරගාවලියක් ලෙස මෙය සැලකේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආසියානු තරගාවලියට යන්න නිලූකට කාලය මදිවෙයි