ආසියානු ත්‍රෝබෝල් සම්මේලනය සංවිධානය කළ සිවුවැනි ආසියානු ත්‍රෝබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වුහ. මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව ද ශ්‍රී ලංකාවට හිමි විය. ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හතරක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය ඩුබායි’හිදී පැවැත්විණ. කාන්තා තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව තරග වට 2-1 කින් පරදවා ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගත්තේය. පිරිමි තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දිය පිල හමුවේ ශ්‍රී ලංකාව පරාජය ලැබීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිරිමි හා කාන්තා දෙඅංශයේම තුන්වැනි ස්ථානය හිමිවිය. ජයග්‍රාහී කණ්ඩායම් සඳහා පදක්කම් පිරිනැමුණ අතර ත්‍රෝබෝල් ක්‍රීඩාවෙන් නැගී එන දකුණු ආසියානු රටක් වන පාකිස්තානයට ද එහිදී පදක්කම් පිරිනැමිණ.
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආසියානු ත්‍රෝබෝල් කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවට