IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක

ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේ නිලංගා සේනානායක මහත්මිය සමත් වූවාය. ඇය අද දිවයිනට පැමිණියාය.

 රටවල් 30 ක විවාහක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය මැලේෂියාවේ ක්වාලාලාම්පූර්  නුවර පැවැත්විණි.

තරගාවලියේ හොදම නිරූපිකාවට හිමි සම්මානය දිනා ගැනීමටද නිලංගා  සමත්වූවාය.

කළුතර පදිංචිව සිටින නිලංගා 32 හැවිරිදි වියේ පසුවන අතර දරු දෙදෙනෙකුගේ මවකි. ඇය නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි.

 

 

 

 

 

 



අදහස් (0)

ආසියානු විවාහක රූ රැජින නිලංගා සේනානායක

විරාජ් Tuesday, 18 June 2013 10:03 AM

ලංකාවේ දරු දෙදෙනෙකුගේ මවක් ඇඳගෙන ඉන්න හැටිද මේ? මේවා සිංහල බෞද්ධ සංස්කෘතියට සම්පුර්ණයෙන්ම පටහැනියි. හරිනම් මෙයා ඇදගෙන ඉන්න තිබ්බේ එක්කෝ සාරියක්, නැත්තන් රෙද්දෙයි හැට්ටෙයි. (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 18 June 2013 01:31 AM

මීට වඩා ලස්සන ගැහැණු සිටියත් ඔවුන්ට තරගයට ඉදිරිපත් වීමට පවුල් වලින් හෝ සැමියන් ඉඩ දෙන්නේ නැත. මෙයාගේ සැමියා ඊර්ෂ්‍යාව නැති බිරිඳගේ දියුණුවට අත දෙන කෙනෙකි. ඔහු අගය කළ යුතුය. එහෙත් තරගයට මොනවා ඇන්දත් ආපසු එනවිට ඔසරිය ඇඳ කොණ්ඩේ බැඳගෙන ආවානම් අපිට සතුටුයි, රට නියෝජනය කළ කෙනෙක් හැටියට. (නි)

:       0       0

මදූ Wednesday, 19 June 2013 04:14 PM

හරියට මීට කලින් කොට ගවුම් ඇන්ද කෙල්ලෝ දැකලා නැහැ වගේනේ කට්ටියගේ කතාව (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 18 June 2013 06:05 PM

කුමාරි හාමි, මෙයා රූ රැජින තරගයට සහභාගී වෙලා ලංකාවට ආවේ. එහෙදි වෙන වෙන ඇඳුම් ඇදලා මුළු ආසියාවම බැලුවා. ලංකාවට එනකොට ඔසරි ඇඳගෙන ආවොත් මෙයාව අපිට පේන්නේ රූ රැජිනක් වගේ නොවේ කොහේ හරි ගොඩේ පාසලක ගුරුවරියක් හැටියට. කියන කියන හැම දෙයක්ම යථාර්තයට ගැලපෙන්නේ නැහැ. (නි)

:       0       0

සෑම් Tuesday, 18 June 2013 02:22 PM

ඔබට උණුසුම් සුභපැතුම් (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 18 June 2013 02:28 PM

කළු වුනාට දැකුම්කලුයි හරියට මං වගේ. රටට ආඩම්බරයි නමුත් අපේ සංස්කෘතියට මේ වගේ දේවල් ගැලපෙනවද? තරහ වෙන්න එපා මම අහපු දේ හරිද වැරදිද කියල මට බැනල හරි ලියන්න පුළුවන්! (දී)

:       0       0

මාටින් Tuesday, 18 June 2013 06:22 PM

අනේ කුමාරිහාමි, එයාට එහෙම හොද නම් ඔයාට මොකෝ. අපේ නෝනත් සාරි ඇදගෙන උයන්නේ හවසට හරිම ගදයි දාඩිය දානවනේ. ඉව්වට කන්න හිතෙන් නෑ. ඔයත් නිකන් සාරිය වෙනුවට මේ නංගි වගේ ඇදලා උයන්න බලන්න. මහත්තයා ආයේ ජීවිතේට කඩෙන් කන එකක් නැහැ.(නදී)

:       0       0

මොහොමඩ් Thursday, 20 June 2013 04:40 PM

නියමයි!(නදී)

:       0       0

ඩෙනම් Friday, 21 June 2013 10:17 PM

ගවුම දිගට ඇන්දා නම් කවදාවත් එයාට දිනන්න බැරිවේවි. ඒකය් මොඩ්ලින් නීතිය.ජාත්‍යන්තර නීතියට අනුව ඔය තැනට එන්නට අදියර දෙක තුනක්ම තියෙනෙවා,එහෙව් එකේ ඔය ඇඳලා තියෙන කොටක් ගැන කතාකරනවා . (නි)

:       0       0

සදරේඛා Tuesday, 18 June 2013 06:28 PM

මදැයි මෙයා මෙහෙම හරි ඇදගෙන ආවා හෙළුවෙන් එන්නේ නැතිව. ලංකාවේ සමහර රුපවාහිනී වල පෙන්නපු තරග වල කුමාරියෝ කොහොමද හිටියේ.(නදී)

:       0       0

රොෂාන් සෞදි Tuesday, 18 June 2013 10:45 AM

ඔබ හරි ලස්සනයි. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. (ත)

:       0       0

රනිල් Tuesday, 18 June 2013 10:45 AM

සුභපතනවා ඔබට

:       0       0

නිලූ Tuesday, 18 June 2013 03:19 PM

ලෝකේ මෙයාට වැඩිය ලස්සන ගැණු ඇත්තේම නැද්ද ?(නදී)

:       0       0

ජ.හේරත් Tuesday, 18 June 2013 06:09 AM

සේනක , මයියොක්කා ගත්තා නම් පාඩුවේ ඉන්නවද ? වත්තේ දිග පළල මනින්නේ නැතුව.(නදී)

:       0       0

ලසන්ත Tuesday, 18 June 2013 06:23 AM

මහත්තයා තමා සේනක ෆොටෝ එක ගත්තේ.(නදී)

:       0       0

වරුණ Tuesday, 18 June 2013 11:32 AM

තව සේනානායක කෙනෙක් දිනුවා. හෙට අනිද්දා මෙගා නාට්‍යයකට ආරාදනා ලැබේවි (නි)

:       0       0

විදුර Tuesday, 18 June 2013 11:36 AM

මීට කලින් ඔයාලා මේවා දැකලා නැත්ද? නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න.(නදී)

:       0       0

දෙස්පා Tuesday, 18 June 2013 11:39 AM

දැක්කම ආසා හිතෙනවා මටත් (නි)

:       0       0

සංජු Tuesday, 18 June 2013 07:03 AM

ලස්සන අක්කි, සුබ පතනවා! (නි)

:       0       0

ජයන්ත Tuesday, 18 June 2013 11:42 AM

පිරිත් නුලත් බැදගෙනද තරඟයට හිටියේ? (නි)

:       0       0

ටානියා Tuesday, 18 June 2013 07:13 AM

ඇයට 'නැචුරල් ලූක්' එකක් තියෙන්නේ. ඔයාට සුබ අනාගතයක්! (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 18 June 2013 03:40 PM

කොට ගවුමක් නිසා පළාත් සභා මන්ත්‍රී රිමාන්ඩ් වුනා. නුඹේ ගවුම දුටවානම් ඉවරයි කෙල්ලේ.(නදී)

:       0       0

සංජීව Tuesday, 18 June 2013 07:18 AM

දැන් අපේ රටේ ඉන්නන ලින් මැඩියෝ ටික මෙයාට ඔසරි අන්දන්න කතා කරනවා . (අ)

:       0       0

කරූ Tuesday, 18 June 2013 03:45 PM

මුද්ද දැම්මොත් බැඳලා කියලා දැනගන්නවනේ.(නදී)

:       0       0

සෑම් Tuesday, 18 June 2013 07:27 AM

කැතේ උපත (අ)

:       0       0

හේමන්ත Tuesday, 18 June 2013 03:45 PM

ලස්සන නම් නැහැ පෙනෙන්නේ - ඉස්සර වගේමයි හිතෙන්නේ (නි)

:       0       0

ඍෂි Tuesday, 18 June 2013 07:39 AM

නුඹ හරිම ලස්සනයි නංගියේ මට අහන්නට හිතයි නම ඔබේ... (නි)

:       0       0

සදුනි Monday, 17 June 2013 09:29 PM

ෂා ලස්සනයිනේ අනේ. (ත)

:       0       0

බංඩාර Thursday, 20 June 2013 07:02 PM

උසට අදින්න ඕනිනම් ඉන්දියාවට යන්න පුලුවන්. මේක ලංකාව. තෙතමනය තියෙන රටක් ,රෙදිගොඩක් ගන්න ගොඩක් මුදල් වියදම් කරන වෙලාවේ කොට ගවුමක් ඇදලා ඒ වැඩේ කරගන්න පුලුවන්නම් මුදලුත් ඉතුරුයි. අදින්න යන වෙලාවත් ඉතුරුයි ලස්සනත් හොදයි. ඇඟ වැහෙන්න අඳින්න නීති රීති දැම්මේ වික්ටෝරියා රැජිනිය. මම නම් ලංකාවේ ඉන්නේ අමුඩේ ගහගෙන තමයි.(නදී)

:       0       0

පෙරුමාල් Tuesday, 18 June 2013 07:57 AM

ගවුම දිගට අදින්න කියලා දණ ගහන්න වෙයිද කියලයි බය! (නි)

:       0       0

සදරේඛා Tuesday, 18 June 2013 08:04 AM

ඔය මාර උසයිනේ. ඒ හින්දා ලංකාවේ ගවුම් ඔයාට කොටයි වගේ මට නම් පෙනෙන්නේ. ඔයා නම් ඇත්තටම හැඩයි.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 18 June 2013 04:01 PM

බණ්ඩාර, ඔබ නියම බණ්ඩාර කෙනෙක් නම් කොට ගවුම් හොඳයි කියන්නේ නැහැ. සාරිය අපිට අයිති නැතත් ඔසරිය අයිතියි. උෂ්ණ හෝ සීත කාලවලට ගැලපෙන රෙදි වර්ග තියෙනවා. ඒවායින් ඔසරි ඇන්දාම අපහසුවක් නැහැ. මම අවුරුද්ද පුරාම ඔසරිය ඇඳගෙන පාරේ යනවා රස්සාව කරනවා ලිප ළඟ උයනවා වත්තේ වැඩත් කරනවා. මට නම් උෂ්ණය ප්‍රශ්නයක් වෙලා නැහැ. අනික ඔසරි පොටෙන් දාඩිය පිහදගන්නත් පුළුවන්. ඉතිහාසය බැලුවොත් හැම රටේම මිනිසා පළමුව නිරුවතින් හිටියේ. ඇඳුම් හා ජාතික ඇඳුම් නිර්මාණය වුනේ පසුකාලීනව. එහෙම කියලා දැන් නිරුවතින් ඉන්න බැහැනේ.රූ රැජින තරගෙට නාන ඇඳුම් අඳින්න ඕනෑ.එහෙත් රට නියෝජනය කරලා එද්දී ඔසරියක් ඇන්දා නම් හොඳයි. (නි)

:       0       0

සඳරුවන් Monday, 17 June 2013 09:34 PM

එල්.බී.ඩබ්ලිව් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙයි බලාගෙන. (ත)

:       0       0

වොල්ෆ් Tuesday, 18 June 2013 08:18 AM

මට නම් ඔය කියන තරම් ලස්සනක් නැහැ (නි)

:       0       0

ජයසිංහ Tuesday, 18 June 2013 08:23 AM

සංජිව ඔබ හරි. ලිං මැඩියෝ අගය කිරීමක් දන්නෙ නැහැ. (නි)

:       0       0

ජයසිංහ Tuesday, 18 June 2013 12:26 PM

පිරිත් නුලක් එහෙම බැදලා ඉන්නේ. ලිං ගෙම්බෝ බලන්නේ ගවුම කොට එක දිහා. සරල කෙනා විතරයි දකින්නේ ලස්සන (නි)

:       0       0

දසුන් Monday, 17 June 2013 09:42 PM

අක්කේ ඔබ හරිම ලස්සනයි. ඉතින් අපි සුබ අතනවා අක්කේ. බැරි වෙලා හරි ඔබ රග පාන්න හරි ඡන්දෙ ඉල්ලන්න නම් යන්න එපා. ශ්‍රිලංකාවේ ඔබේ අනාගතේ සුබ වේවා!(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 18 June 2013 09:54 PM

ෆස්රුල් ගෆූර්, ඔසරි අඳින්නේ ගුරුවරියෝ විතරක් නොවෙයි. ගුරුවරියෝ අඳින්නේ රැකියාවට යන්න සුදුසු ඔසරි. රජයේ සේවය කරන මම වගේ ගොඩක් කාන්තාවෝ සාරි ඔසරි තමා අඳින්නේ. ගෙදරට ඔසරි අඳින මම වගේ කිහිප දෙනා චීත්ත හෝ තුනී රෙදිවලිනුයි ගෙදරදී ඔසරි අඳින්නේ. උත්සව අවස්ථාවලට සුදුසු ඔසරි වෙනයි. ඒවා මිල අධිකයි. මේ අවස්ථාවට ගැලපෙන්නේ එහෙම ඔසරියක්. ජාතික ක්‍රිකට් කාන්තා කණ්ඩායම රට යද්දී එද්දී ඔසරි අඳින්නේ ඇයි ක්‍රීඩා ඇඳුම අඳින් නැතුව. කොට ගවුමක් ඇන්දා කියල ගැනියක් රූප සුන්දරියක් වගේ පෙනෙනවානම් මහපාරේ දාස් ගානක් රූ රැජිනල ඉන්නවා. මෙයා වුනත් රූ රැජින කියල නොකිය ඡයාරූපය විතරක් දැක්කනාම් සාටකය නැතුව මෙයා රූ රැජිනක් වගේ පෙනෙනවද? ඔබට ඔසරි ගැන අවබෝදයක් නැති එක සාධාරණයි, ඔබේ කාන්තාවන් අබායා අඳින නිසා.(නදී)

:       0       0

දිසානායක Tuesday, 18 June 2013 04:17 PM

මෙවර තරගයට රෝසි ගියා නම් ආයේ දෙකක් නැහැ, එයා පළවැනියා(නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 18 June 2013 04:19 PM

රෝසි ලෝක රූ රැජින. මෙයා ආසියා රූ රැජින. ආසියා රූ රැජිනට වඩා ලෝක රූ රැජින ලස්සන වෙන්නම ඕනෑනේ.(නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 22 June 2013 04:58 AM

මේ කුමාරිහාමි, ගෙදරට ඔසරිය ඇදගන ඉන්න හැමෝටම බැහැ. රෙදි යාර 6 කින් ඔසරිය අදිනකොට, ගවුම් 3 ක් මසාගන්න පුළුවන්.රැකියාවට යනකොට අනිවාර්යන්ම සාරිය, ඔසරිය අදින එක වැදගත්. තමන්ගේ රටේ ගෞරවය තියන්න නම් රට නියෝජනය කරන අවස්ථාවක සිංහල ඇදුම අදින එක රටට ගෞරවයක්.ක්‍රීඩිකාවෝ පවා රටකට යද්දී ඔසරිය,සාරිය ඇදගන යනවා දැකලා තියනවා. (නි)

:       0       0

රනා Tuesday, 18 June 2013 08:30 AM

ඔයා විවාහක නිසා සැමියා ගැනත් ටිකක් දැනගන්න තිබුනා නම් අපි කැමතියි (නි)

:       0       0

චමිලා Tuesday, 18 June 2013 08:34 AM

රෝසි තරම්ම නම් ලස්සන නැහැ. ඒත් මෙයත් ලස්සනයි (නි)

:       0       0

නිලුක්ෂි Monday, 17 June 2013 10:02 PM

ඔබගේ ගවූම බැඳපු ගැහැනියකට ගැලපෙන්නේ නැහැ නොවේද? ගවුම දිගට අන්දලා ලස්සනට ගියානම් අපේ රටට කොච්චර හොඳද? (නදී)

:       0       0

ගාමිණී-සිරි Monday, 17 June 2013 10:05 PM

නිලංගා සේනානායක , රෝසි සේනානයක , නම් දෙක එක සමාන වුවත් ,කීවට මොකුත් හිතන්න නම් එපා නංගී ,රෝසි තරම් ලස්සන නම් ටිකක් මදි වගේ මට පෙනෙනෙන විධියට ! (අ)

:       0       0

වසන්ත කුමාරසිරි Monday, 17 June 2013 10:09 PM

මේ වගේ තරගේකට ගියාම ලංකාවට ගැලපෙන ඇඳුම් අඳින්න බැහැ. අනික මේ 1948 නෙවේයි.(නදී)

:       0       0

ර.පෙරේරා Monday, 24 June 2013 02:30 PM

මොන ලස්සනක්ද ? අපරාදේ මම ඔය තරගේ ගැන දැනගන හිටියේ නැහැ නේ. (අ)

:       0       0

දෙස්පා Tuesday, 18 June 2013 04:42 PM

කොට ගවුම් ඇන්ඳාට සමාජයට හෝ සංස්කෘතියට , සදාචාරයට කිසිදු හානියක් වෙන්නේ නැත.(නි)

:       0       0

සජිත් Tuesday, 18 June 2013 08:49 AM

මේවා ලංකාවට ඕනෑද? මම අහන්නේ බුදුන් වැඩිය රටට ඕනෑද? බුදුන් ඉපදිච්ච රටට ඕනෑ ඇති.ඒත් අපිට මොකටද? (නි)

:       0       0

දම්මික පෙරේරා Monday, 17 June 2013 10:19 PM

ඇස් වහක් කටවහක් නැහැ කිව්වට ඔයා ලස්සනයි අක්කි. දරුවන් දෙන්නෙක් ඉන්නවා කියල හිතන්න බැහැ. ඔබට සුභ පතමි.(නදී)

:       0       0

හෙවපන්නගේ කුමාර Tuesday, 18 June 2013 09:00 AM

ආඩම්බරයි මුළු ලංකාවටම (නි)

:       0       0

හැළී Monday, 17 June 2013 10:36 PM

හා හා ධම්මික, ඔයා අක්කි කියන්නේ ඔයාට වයස කීයද ?(නදී)

:       0       0

දිනේෂ් Tuesday, 18 June 2013 09:03 AM

කිවත් වගේ අපි දැන් 2013නේ. ඒත් අපි ශ්‍රී ලාංකීයකම නැති නොකර ‍ගනිමු (නි)

:       0       0

සන්ජය Monday, 17 June 2013 10:40 PM

බලාගෙන අර මන්ත්‍රී ආවොත් දණ ගස්සයි.(නදී)

:       0       0

සරත් Tuesday, 18 June 2013 05:01 PM

අනේ මන්දා මගේ පෙනීමේ අවුලක්ද කියලා. මම කන්නාඩි දෙකකුත් දානවා. හොඳටම පේනවා.නමුත් ඔය කියන තරම් ලස්සනක් මට පෙනෙන්නේ නැහැ.කොහොම වුනත් මගේ පවුල ඊට වඩා පෙනුමක් තියෙනවා කියලා ම‍ට හිතෙනවා(නි)

:       0       0

සේනක Monday, 17 June 2013 11:05 PM

අනෙක් කෙනා ඔයාගේ අම්මාද ? එතකොට කෝ මහත්තයා.(නදී)

:       0       0

දම්මික පෙරේරා Monday, 17 June 2013 11:25 PM

මට වයස 29ක්. එම නිසා මම හිතුව අක්කි කිව්වොත් හරි කියලා. ළමයින් දෙන්නෙක් ඉන්න අපේ සුන්දරිගේ වයස පෙනෙන්නේ නැහැ. සමහර විට මට වඩා ොලද දන්නේ නැහැ. මටත් කවදා ලැබේද මේ වගේ සුන්දරියක කසාද බඳින්න? අහෝ දෙවියනි මා වෙත බැල්ම හෙලනු මැනවි! (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 18 June 2013 01:33 PM

අම්ම කෙනෙක්ගේ මුහුණ තියෙනවා. ලස්සනත් තිබෙනවා. සාරියක් හෝ ඔසරියක් හෝ දිග ගවුමක් ඇන්දා නම් වටිනාකම කියන්න බැහැ. (නි)

:       0       0

සෙනරත් Monday, 17 June 2013 11:42 PM

රුපය,ප්‍රසිද්ධිය විනාශයට මුල වෙන්න පුළුවන්. කල්පනාවෙන් කටයුතු කරන්න. පුළුවන් තරම් නිහතමානී වෙන්න (නි)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 18 June 2013 09:24 AM

විවාහක කාන්තාවක් හැටියට අතේ මුද්දත් තිබුනන් නේද වඩා හොඳ. (ත)

:       0       0

බණ්ඩාර Tuesday, 18 June 2013 01:42 PM

කොට ගවුම ලංකාව වැනි උෂ්ණ රටකට ඉතාම හොදයි.සාරිය අපිට අයිති නැත. නිතර දහඩිය දමන නිසා ගොඩක් රෙදි ඇන්දම හොද නැහැ (නි)

:       0       0

පද්මිණි Tuesday, 18 June 2013 12:01 AM

මොකද ඔයාලා කොට ගවුමට මේ හැටි බය? අපේ කාලේ අපි ඇන්දේ මිනිගවුම. ඔබේ සිහින් රුව ඔය ලෙසම තබාගන්න. (නි)

:       0       0

ගැමුණු Tuesday, 18 June 2013 09:44 AM

ඔයා ලංකාවට ආඩම්බරයක් එම ගරුත්තවය දිගටම තියා ගන්න දේශපාලනයට යන්න එපා.(අ)

:       0       0

බණ්ඩාර Tuesday, 18 June 2013 01:52 PM

ලංකාවත් දැන් ඉන්දියන් වෙලා ඉවරයි.ඉන්දියාවට ඕනෑ දේ කරලා,ඉතිහාසයත් අපිට අමතක කරලා.පුංචි රෙදි කෑල්ලක් ඇදපු අපිට දැන් රෙදි මීටර් 6ක් ඕනෑ. (නි)

:       0       0

චන්දි Tuesday, 18 June 2013 12:15 AM

ඔය හරිම ලස්සනයි,නංගියෝ.අපේ රටටම ආඩම්බරයක්. හැබැයි ,ඔයා නම් ආඩම්බර වෙන්න එපා හොදේ. මගේ හදපිරි සුබ පැතුම් මල් මිටක් ඔබට මෙසේ පුදමි. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 18 June 2013 09:47 AM

මට නම් ඇත්තටම ලස්සන නැහැ.... (නි)

:       0       0

කුමාරිහාමි Wednesday, 19 June 2013 11:42 AM

මාටින්,ගවුම ඇන්දත් උයද්දී දාඩිය දානවනේ. කඩේ උයන අයටත් දාඩිය දානවනේ.ඉව්වට කන්න හිතෙන් නැත්තම් ඔබේ නෝනට සාරිය වෙනුවට මේ නංගි වගේ ඇදලා උයන්න නොකියන්නේ ඇයි? කඩෙන් කන්න ආසා නිසා නේද? නෝනව නාවන්න.එතකොට ගද යයි. නමුත් එයාට අපහාස කරන්න එපා. මම ඔබේ නෝනව අගය කරනවා ගෙදරට ඔසරි අඳින කෙනෙක් හැටියට. මේ නංගිගේ වගේ තියා එක ගවුමක්වත් මට නැහැ. සැමියා මම ගවුම් අඳිනවට අකමැතියි.මම ගවුමක් ඇදලා උයන්න ගියොත්නම් එයා කඩෙන් කයි. (නි)

:       0       0

හිසාන් Monday, 24 June 2013 03:40 PM

ඉරිසියාකාරයෝ කියන ඒවා ඔයා ගනන් ගන්න එපා. ඔය කෙල්ලෝ ඉරිසියාවට ඔහොම කියන්නේ. ඔයාට මගෙන් සුභ පැතුම්.(නදී)

:       0       0

ලසන්ත සිල්වා Tuesday, 18 June 2013 09:52 AM

දැන් පිටරට මිනිස්සු හිතයි මේ රටේ මේ වගේ ලස්සන ගෑනු තමයි ඉන්නේ කියලා. හැබැයි ඇත්ත කතාව තමයි, මේ වගේ ලංකාවේ ඉන්නේ ලක්ෂෙකට එකයි. ලංකවේ අති මහත් බහුතරය කලුයි, කැතයි, කොටයි. (නි)

:       0       0

ධර්මපාල Tuesday, 18 June 2013 10:00 AM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

සෙහාන් Tuesday, 18 June 2013 01:18 AM

මුණ ලස්සනයි (නි)

:       0       0

අශෝක රණසිංහ Tuesday, 18 June 2013 10:01 AM

නංගි, දැන් ඔබ වඩාත් නිහතමානී වෙන්න. ලස්සන තව දුරටත් රැකගන්න බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 110 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 311 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 151 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4042 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 535 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2127 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site