IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ආසියානු ශූරතාවලියේ ප‍්‍රතිඵල ගැන සෑහීමට පත්වෙන්න බෑ

ජාත්‍යන්තර ජයග‍්‍රහණ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ක‍්‍රීඩා තෝරා බේරාගෙන එම ක‍්‍රීඩා වලින් ඉදිරියට එන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දියණුවට වැඩි දායකත්වයක් දැරීමට කටයුතු කරන බව ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. ඉන්දියාවේ ‘පූනේ’ තරගයේදී නිමාව දුටු 20 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ පදක්කම් සහ ශ්‍රී ලංකාවේ දස්කම් ගැන කළ විමසීමකදී ඇමතිවරයා මෙසේ පැවසීය.

එම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම් රිදී පදක්කම් දෙකකට සහ ලෝකඩ පදක්කමකට සීමා විය. ඇමතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ දස්කම් ප‍්‍රමාණවත් නොවන බවයි.

”පුම්බපු තරමට ප‍්‍රතිඵල ආවෙ නෑ. රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීම ගැන සෑහීමකට පත් වෙන්න බෑ”

”කළමනාකරු වාර්තාව ලැබුණු පසු රටේ මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නේ කුමන ක‍්‍රියාමාර්ග වලටද කියලා තීරණයකට එනවා” යයිද ඇමැතිවරයා පැවැසීය.

”ක‍්‍රීඩා අමාත්‍යාංශය මේ රටේ ක‍්‍රීඩාවට අති විශාල මුදලක් වියදම් කරනවා. ප‍්‍රතිඵල නැතිනම් ඒ වියදමෙන් වැඩක් නෑ”

”ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේ ප‍්‍රතිඵල ගැන හිතනකොට අනාගතයේදී ක‍්‍රීඩා අමාත්‍යාංශය වැය කළ යුත්තේ කුමන ක‍්‍රීඩා වලටද කියලා තීරණයක් ගන්න වෙනවා” යයිද ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

පූනේ මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 20 දෙනෙක් සහභාගි වූහ.

 



අදහස් (0)

ආසියානු ශූරතාවලියේ ප‍්‍රතිඵල ගැන සෑහීමට පත්වෙන්න බෑ

නලින් Thursday, 11 July 2013 03:53 AM

කට්ටියම එකතු වෙලා තව හොදට හොරකම් කරහම තම පදක්කම් හම්බවෙ.(අ)

:       0       0

නාත් රණසිංහ Thursday, 11 July 2013 05:40 AM

සුනිල් ගුණවර්දන ලා කයිවාරු ගැහුවට ඉබේ බිහිවෙන ක්‍රීඩකයන්ගෙන් ඔව්න් ලකුණු දා ගත්තට ඔව්න් හදන ක්‍රීඩකයන් නෑ.තිලකරත්න, දර්ශා, සුසන්තික වගේ අයගේ දක්ෂතා වලින් ඔය කට්ටිය බැබලුන විතරයි. (අ)

:       0       0

වරුණ Thursday, 11 July 2013 08:08 AM

සෑහීමකට පත්වෙන්නේ කොහොමද අයුබෝවන්ඩ, මේවා පාලනය කරන්නේ ක්‍රීඩාවට ආදරේ කරන ඇත්තෝද?බලන්නකෝ බැට්මින්ටන් දිහා. (නි)

:       0       0

අංජන Thursday, 11 July 2013 08:21 AM

ඇමති තුමෝ, කොහොමත් එස් . බි ඇමතිතුමාගෙන් පස්සේ ඔය ක්‍රීඩාව උඩට ගෙන්න කාටවත් බැරි වුනා. හැමෝගෙම කට විතරයි. ඉබේ බිහිවන ක්‍රීඩකයන්ගෙන් ලකුණු දාගත්ත කතාවත් හරියට හරි. අපි ගමට ගිහින් හොඳ ක්‍රීඩකයෝ හොයන්න තාමත් පටන් අරන් නැහැ. නිලධාරී තාම නිදි. (නි)

:       0       0

නිමල් ජයසිංහ Thursday, 11 July 2013 08:28 AM

සද්දෙ හැටියට අපේ අයගේ වැඩ නැහැ (නි)

:       0       0

වරුණ Thursday, 11 July 2013 10:03 AM

අනෙක් ක්‍රීඩාත් ඔහොම තමා අර පහුගිය කලේ හොද බ්රේක් පලු දෙකක් තියෙනවා කියල කුමාරයෙක්ට කෙදිරිගාල බලෙන් එක්කෙනෙක් මලයාසිය ගියා නිකන් අපරාදේ නිකන් සවාරි යනවා විතරයි ක්‍රීඩා කරන්න ඕනේ නැහැ දේසපාලනයයි ක්‍රීඩාවයි පටලව ගත්තම ඔහොම තමයි වියදම් විතරයි අදායම් නෑ. කොම්පැනිය පාඩු පිට දුවනවා (අ)

:       0       0

ගයන් Wednesday, 10 July 2013 10:11 PM

කතාව ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 412 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2250 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1640 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 704 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 610 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 709 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37708 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site