(යොහාන් භාසුර)
චීනයේදී පසුගියදා පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්ක දිනාගත් තරුෂි කරුණාරත්න රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් ඇතුළු එම ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 3 කට ආසන්න ත්‍යාග ප්‍රදානය කළේය.
එම ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් දිනාගත් නදීකා ලේකම්ගේට රුපියල් ලක්ෂ 50 ක ත්‍යාගයක් සහ ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් ද ත්‍යාග පිරිනැමීය.
තරුෂිගේ සහ නදීකාගේ පුහුණුකරුවන්ට ද මෙහිදී විශේෂ මුදල් ත්‍යාග හිමිවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ අදහසක් අනුව එහි විධායක කමිටුවේ අනුමැතියෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) ආදායමෙන් මෙම ත්‍යාග පිරිනැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආසියානු ශූරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි 3 ක තෑගි දෙයි
ජේ ආර් ජයවර්ධන Saturday, 18 November 2023 09:32 AM
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ...
Subhasinghe Saturday, 18 November 2023 10:31 AM
කරුමයක් වූ ජාතික උරුමයත් ගිහින්නේ...!
chandima Saturday, 18 November 2023 11:22 AM
නැතිව ඉතින් ක්‍රිකට් ගහලා දිනපු අයට කවදා දෙන්නද?
DM Saturday, 18 November 2023 02:28 PM
මේ කරන්නේ ක්‍රිකට් ලෝක කුසලානෙන් වුණු හොරකම් ටික වෙන පැත්තකට යවන වැඩක්... මීට කලින් ක්‍රිකට් ආයතනය ඔය වගේ දෙයක් කරලා නැහැ...!