IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ආසියාව ඉලක්ක කරන මිසයිලයක් ඉන්දියාවෙන්

ආසියාවේ ඕනෑම තැනක් ඉලක්ක කළ හැකි අග්නි 5 මිසයිලය ඉන්දියාවේ ඔඩිෂා වෙරළේ අබ්දුල් කලාම් දූපතේ දී අත්හදා බැලූ බව ඉන්දියාව කියයි.

භාරතයේ ස්වදේශීය නිෂ්පාදනයක් වන මෙම අන්තර් මහාද්වීපික මිසයිලය න්‍යෂ්ටික බලයෙන් පොළොවේ එක් තැනක සිට තවත් තැනකට යැවිය හැකි බව ඉන්දියාව පවසයි. ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය මෙම මිසයිලය නිෂ්පාදනය කළේය. මීටර් 17ක් උස අග්නි 5 මිසයිලය ටොන් 50ක් බර බවත් ටොන් 15ක පමණ න්‍යෂ්ටික බෝම්බ කිලෝමීටර් 5000ක් දුරට රැගෙන යා හැකි බවත් ඉන්දියාව කියයි.

ආසියාවේ ඕනෑම ඉලක්කයකට ද අප්‍රිකාව යුරෝපය හා චීනයේ බහුතර ප්‍රදේශයකට ද මෙම මිසයිලයට ළඟාවිය හැකි බව ඉන්දියාව කියයි. අග්නි 5 මිසයිලයේ අවසන් අත්හදා බැලීමත් සමග ඉන්දියාව දැන් එවැනි හපන්කම් පෙන්විය හැකි රටවල් කිහිපයෙන් එකකි. 

චීනයේ උතුරු කෙළවරටම ගමන් කළ හැකි අග්නි 5 න්‍යෂ්ටික බලය සහිත මිසයිලයකි. කිලෝ මීටර් 5000ක් ගමන් කළ හැකි මෙම මිසයිලය අද පෙරවරු 11ට අත්හදා බැලීය. ඉන්දියාවේ යුදෝපායික බලඟන සේනාංකයට අනාගතයේදී එක්කර ගැනීමට නියමිතය.

මේ අතරම මිසයිල තාක්ෂණය හිමි රටවල් 34ට ඉන්දියාව එකතුවේ. ඉන්දියාවේ න්‍යෂ්ඨික අවි ඇතුළත් ක්‍රමෝපායික බළගණ සේනාංකයට ඉන්දියාවේ යුද, නාවික හා ගුවන් හමුදා අයත්වේ. එම සේනාංකය 2003 දී පිහිටැවිණි.

මිසයිලයේ ක්‍රියාවලිය මිනිත්තු 10කින්  අවසන් වී යැයි ද සාර්ථක අසාර්ථක බව මැන බැලීම විද්‍යාඥයන් විසින් අරඹා ඇතැයි ද ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය කියයි.

ගංගා නදියේ මුවවිට අසල වීලර් දූපත පිහිටියේය. ඉන්දියන් සාගරයේ දකුණු දිග පෙදෙසකට මිසයිලය පතිත වන්නට ඇතැයි විද්‍යාඥයෝ කියති.

webagni-5-7591 webagni-650_121416034014webAgniV-kqeH--621x414@LiveMintwebAGNIVweb_1226r-1482731350

webUntitled-1

webcia-map-india-wheeler-island

 



අදහස් (0)

ආසියාව ඉලක්ක කරන මිසයිලයක් ඉන්දියාවෙන්

සමීර Monday, 26 December 2016 09:41 AM

අපේ නත්තල් ගහ දැක්කම ඉන්දියාව බය වෙන්න ඇති. ඒකත් හරියට මේ මිසයිලෙ වගේ. (බ)

:       0       0

දර්ශන Monday, 26 December 2016 10:02 AM

ලංකාවේද මේ හා සමානම නත්තල් ගසක් නිර්මාණය කර ඇත. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 26 December 2016 10:34 AM

75% කට වැසිකිලි නැති ඉන්දියාව ? (බ)

:       0       0

ලකි Monday, 26 December 2016 10:37 AM

ඉන්දියාවේ විද්‍යාඥයන්ට අපේ ලංකාවේ වරායේ මල්ලිලා ටික හොඳයි උන් යුද්දය වෙනුවෙවෙන් රුපියල් කෝටි ගානක් වියදම් කරලා මිසයිල අත්හද බලනකොට අපි සාමය වෙනුවෙන් මිලියන දෙක තුනක් වියදම් කරලා මිසිලය වගේ නත්තල් ගහකුත් හදල ලෝකෙටම පෙන්නලත් අවසන් (බ)

:       0       0

ලාල් Monday, 26 December 2016 11:13 AM

මේගොල්ලො හදන කාර් වගේම ඇති...චීනෙට එල්ල කරල ඇරියොත් වැටෙන්නෙ තමිල්නාඩුවට...අපි නොදන්න ඉන්දියන්කාරයෝ....(බ)

:       0       0

කමල් Wednesday, 28 December 2016 09:23 AM

යහපාලන අය මේවා ගැන හිතලවත් තියනවද? (නි)

:       0       0

බමුණු Monday, 26 December 2016 11:33 AM

මේ මිසයිලය ගෙන යන පාර දෙපැත්තේ ඇති ජරාව සුද්ද කොරන්න ඇති නේද ? වැසිකිලි එකක්වත් පෙනෙන්න නැත. (බ)

:       0       0

නාමල් Wednesday, 28 December 2016 09:29 AM

අවිගත්තෝ අවියෙන්මයි නසින්නෙත් (නි)

:       0       0

පණ්ඩුල Wednesday, 28 December 2016 09:29 AM

ඉන්දියාවේ කට්ටිය ඔය ලංකාවේ කට්ටියට වඩා නම් උගත්. දැන් ලංකාව ගැන ඔවුන් දන්නවා (නි)

:       0       0

සමන් Monday, 26 December 2016 11:38 AM

75% වැසිකිලි නැතුව හරි ලෝකය දිනනවනේ ඒ ගැන සතුටුයි (බ)

:       0       0

රජිත Wednesday, 28 December 2016 09:29 AM

ලංකාවේ මිනිස්සු එදා ආණ්ඩුව වෙනස්කළේ නැත්නම් අපිත් අද ලෝකේ හොඳ තත්වයක (නි)

:       0       0

මහකන්දේ විජිතසිරි හිමි Monday, 26 December 2016 11:40 AM

දැන් ලංකාවේ අයට බය නැතිව නිදන්න පුළුවන්. ලංකාවේ ආරක්ෂාවට මහද්වීපික මිසයිල ලංකාවට උඩින් යන නිසා. ඉන්දියයන්ට ජයවේවා. ඔබට සතුටුයිද දැන් (බ)

:       0       0

නුවන් Monday, 26 December 2016 12:22 PM

කුමාර් (ගල්ෆ්) 75% කට වැසිකිලි නැති ඉන්දියාව කියන්නේ ඔබ සමීක්ෂණයක් කලාද?, හැමදේටම වැසිකිලි අදලගන්න එක හරි මදි , ඉන්දියාව ලොව බලවත්ම රටක් යුද බලයෙන් ඔබ නොකැමැති වුනත් (බ)

:       0       0

ගමගේ Monday, 26 December 2016 12:49 PM

මේක අත්හදා බලනකොට අතරමග වැටුනානම්?? (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 26 December 2016 01:02 PM

නුවන්, ඔය එකක් විතරයි තව ගිහින් බලන්න, බොන්න පිරිසිදු වතුර නැති එක, ළමා ශ්‍රම සුරා කෑම, නිවහනක් නැති සෙනග ප්‍රමාණය, ඉහවහා ගිය කුලබේදය මේ ඔක්කොම නවීන දියුණුවේ සංකල්පද? (බ)

:       0       0

ලියනගේ Monday, 26 December 2016 01:02 PM

අපේ අය බොහොම හොඳට දන්නවා ..අනුන්ට ..ඔය වගේ දේවල් කියල ..බාල්දු කරන්න ..ලෝකය ඉදිරියේ ..අපිට වඩා ඉදිරියෙන් ඉන්න රටක් තමා ඉන්දියාව ..යුධමය අතින් , ආර්ථික අතින් ...කර්මාන්ත අතින්.. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 26 December 2016 01:07 PM

නුවන්, මේ බලන්න ලෝක මිම්මෙන් කළ සමීක්ෂණයක ප්‍රතිපල නමුත් ඇත්ත තත්ත්වය 75% තමා. ඉන්දියාවේ 60%කට නිසි වැසිකිළි පද්ධතියක් නෑ (බ)

:       0       0

ද සිල්වා Monday, 26 December 2016 01:48 PM

මේ මිසලයට ඉන්දියාවේ වැඩිපුර තිබෙන අසුචි පුරවල චීනෙට යැවුවනම් චීන්නු චිනෙත් දමල පැනල යාවි (බ)

:       0       0

ධනුෂ්ක Monday, 26 December 2016 01:50 PM

කවුරු මොනවා කියල හිනා වුනත් ඔවුන් ලෝකය ජය ගන්නවා.අපි 75% කට වැසිකිලි නැති රටෙන් ණය අරන් පම්පෝරි ගහනවා. (බ)

:       0       0

හිමාල් Monday, 26 December 2016 04:12 PM

කවුරු මොනවා කිවුවත් එයාලා නම් එහෙම එකක් හරි හැදුවා... (නි)

:       0       0

විජේපාල Monday, 26 December 2016 04:14 PM

අනේ! මේ ලෝකේ කන්න නැතුව මියයන මිනිස්සුත් ඉන්නවා නේද. කෝටි ගණන් වියදම් කරලා මිසයිල හදන්නේ ලෝක විනාශය ඉක්මන් කරගන්න නේද. ඇත්තටම මේ ලෝකෙන් මිනිසුන් වඳ වෙලා යනවා නම් මේ ලෝකේ ජීවත්වෙන අනිත් සතුන්ට හරි පරිසරය ආරක්ෂා කරගෙන සැනසිල්ලෙන් පාඩුවේ ජීවත්වෙන්න පුළුවන්. (නි)

:       0       0

බමුණු Wednesday, 28 December 2016 12:37 PM

රජිත ඒ කිව්වේ සුද්දට රට බාර දීමද 1956 වෙනසද? (බ)

:       0       0

නාමල් Monday, 26 December 2016 05:30 PM

කුමාර්, මම ඉන්දියාවේ වසර 4ක් ඉගෙනගත්තා. ඉන්දියාවේ ඉතා විශාල උගත් මධ්‍යම පන්තියකුත් ඉන්නවා. (නි)

:       0       0

යහම්පත් නලින් Monday, 26 December 2016 06:45 PM

ඔය මිසයලටය න්‍යෂ්ටික අවි සවිනොකළත්, වැසිකිළි පාවිච්චි නොකරන අයගේ අසූචි පුරවා ලංකාව, නේපාලය වෙනි පොඩි රටකට ගැසුවත් ඇති (නි)

:       0       0

සෑම් Monday, 26 December 2016 07:39 PM

ලාල් , ඔබ කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. මිසයිලය පතිතවුණ ස්ථානය "ඉන්දියන් සාගරයේ දකුණුදිග ප්‍රදේශය" මිසක් නියමිත ඉලක්කයක් ගැන දක්වා නැහැ (නි)

:       0       0

නිහාල් Monday, 26 December 2016 09:15 PM

අනාගතයේදී ධනවත් රටවල් සැරසෙන්නේ කුමකටද කියා ලෝකයේ ආර්ථික හීනතාවයෙන් පෙළෙන දුප්පත් ජනයා වැඩියෙන් ජීවත්වෙන එක රටක් ලෙස ඉන්දියාවේ මේ ක්‍රියාවෙන් හොඳට පැහැදිලි වෙනවා. (නි)

:       0       0

බටගල Tuesday, 27 December 2016 12:26 AM

නුවන්, චීන්නු සමඟ අතින් පයින් ගහගන්නවත් ඉන්දියාවට බැහැ. ඉන්දියාව දැනුයි මිසයිලයක් අත්හදා බලන්නේ. චීනයට නිෂේධ බලය ලැබිලා බොහොම කල්. (නි)

:       0       0

බෙනට් Tuesday, 27 December 2016 12:27 AM

ඉදියනුවන්ට වැසිකිළි නැති එක ලෝකෙට ප්‍රශ්නයක් නොවුණට අපිට ප්‍රශ්නයක්. මොකද අපි තමයි ඉන්දියාවට ළඟින්ම ඉන්න රට. අපට කොළරාව ගේන්නේ ඔයගොල්ලෝ. (නි)

:       0       0

බමුණුසේන Tuesday, 27 December 2016 12:31 AM

ලියනගේ, අපේ ස්වාධීනත්වයට අකුල් හෙළනවා නම් අපි කොහොම කතාකළත් මොකද? (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 27 December 2016 12:53 AM

සමන්, ඒගොල්ලෝ ලෝකේ්‍ය දිනන්න හදන්නේ අපි වගේ පුංචි රටවලට බලහත්කාරකම් කරලා. ලෝකේ දිනන්න තව කොච්චර දේවල් කරන්න තිබෙනවද. අඩුම ගණනේ ඉන්න මිනිසුන්ට රැකියාවල් තිබෙනවද? අපේ ළමයිගේ රැකියා ටිකටත් විදින්නයි හදන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 27 December 2016 01:00 AM

වැසිකිළිවත් නැති මොවුන්ට පුළුවන් දැන් උදේට පාර අයින්වල ඇණතියා වාඩිවෙලා ඉන්න ගමන් උඩ යන මිසයිල් ගණන් කරන්න. (නි)

:       0       0

තිලකරත්න Tuesday, 27 December 2016 01:47 AM

ලාල්, ඔබගේ අදහසට මමත් එකඟයි. ඉන්දියානුවන් ගැන අපි හොඳටම දන්නවා. (නි)

:       0       0

තිලකසිරි Tuesday, 27 December 2016 01:48 AM

ඉන්දියානුවන් කියන්නේ කිසිම චාරයක් නැති ජාතියක්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 27 December 2016 01:47 AM

කුමාර් (ගල්ෆ්), ඔබගේ අදහස සමඟ එකඟවෙමි (නි)

:       0       0

ඉමේශ් Tuesday, 27 December 2016 01:50 AM

මේ වැඩ වලට වියදම් කරන වෙලාවේ තමන්ගේ රටවැසියන් ගැන බැලුවා නම් මොකද? (නි)

:       0       0

තිලක් Tuesday, 27 December 2016 01:55 AM

ඉදිරියේදී ඉන්දියාව සමඟ අත්සන් කරන්න යෝජිත ගිවිසුම අත්සන් කළාම දෙවියනේ කියලා පොල් ටික කඩාගන්න, වත්තේ පිටියේ වැඩ ටික කරගන්න රුපියල් 200 සමඟ කන්න බොන්න දුන්නම හොඳටම ඇති. (නි)

:       0       0

නිෂාද් Tuesday, 27 December 2016 03:25 AM

අපේ හුඟ දෙනෙක් ඉන්දියාවේ දියුණුව ගැන කතා කරනකොට බොහොම ඉරිසියාවෙන් පුපුරනවා. එවැනි අවස්ථාවල වැසිකිලි ගැනයි වෙනත් අඩු පාඩු ගැනයි කතා කරනවා. ඇයි අපිට ඉන්දියාවේ වේගවත් සහ සාර්ථක තාක්ෂණ, කාර්මික සහ කෘෂි දියුණුව ගැන බලලා ඒවා උදාහරණයට අරගෙන අපිත් දියුනුවෙන්ට උත්සාහ කරමුයි කියල හිතන්ට බැරි. අපි මෙහෙම ගියානම් එකම තැන තමයි. (ම)

:       0       0

ජන හිත Tuesday, 27 December 2016 05:41 AM

ලෝකේ දියුණු රටවල් මෙවැනි අත්හදා බැලීම් කළේ තම ජනතාව ගැන පළමුව බලායි. ඉන්දියාව කියන්නේ ලෝකේ විශාලම රටවලින් එකක්. ඒ වගේම එහි හුඟ දෙනෙක් දුක් විදිනවා. ඒ නිසා මේ වගේ දේවලට වැයකරන මුදල් ඒ දුක්විදින ජනතාව නඟාසිටුවීමට වියදම් කළා නම් නේද වටින්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 152 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1002 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 541 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3404 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2532 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4536 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site