”ලන්ඩන්” ඔලිම්පික් උළෙල සඳහා මධ්‍යම ආසියානු රටවල් තෝරා ගැනෙන ආසියානු සම්මේලන මහද්වීප කුසලාන වෙරළ වොලිබෝල් (කාන්තා-පිරිමි) තරග මාලාව මෙම 20 සහ 21 යන දෙදින මිගමුව වෙරළ තීරයේදී පැවැත්වේ. ඒ සඳහා සත්කාරක ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියාව, කසකස්තානය, ඉරානය හා මාලදිවයින යන රටවලින් කාන්තා හා පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම් තරග වදිති. දකුණු හා මධ්‍යම යන ආසියානු කලාප ඒකාබද්ධ කර ගනිමින් තරග මාලාව පැවැත්වෙන අතර එහිදි ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථාන ලබන කාන්තා හා පිරිමි කණ්ඩායම් තුන බැගින් ලබන ජූනි මාසයේදී පැවැත්වෙන ඔලිම්පික් සුදුසුකම් අවසන් වටයේ තරගාවලිය සඳහා තෝරා ගැනේ. මහද්වීපික කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවට සත්කාරත්වය හිමිවීම විශේෂ සිදුවීමක් බවත් එරට ස්වභාව සෞන්දර්ය මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ සංග‍්‍රාහශීලිත්වය තරග සත්කාරය ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු වොලිබෝල් සම්මේලනය පෙළඹීමට ප‍්‍රධානම කරුණ වූ බව කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැුකියා ප‍්‍රවර්ධන හා සුභසාධක ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය. තරගාවලියේ සමාරම්භක උත්සවය ජනවාරි 20 වැනිදා පස්වරු 5ට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. සමාප්ත උත්සවය හා ජයසංකේත ප‍්‍රදානෝත්සවය කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනවාරි 23 වැනිදා පස්වරු 5ට මීගමුව වෙරළ තීරයේදී පැවැත්වේ. සැණකෙළි සිරි ස්වරූපයෙන් තරගාවලිය පැවැත්වෙන අතර එහිදී නර්තන සංගීතාංග හා ජල කී‍්‍රඩා විශේෂාංග රැුසකින් සමන්විතය. එය පැවැත්වෙන තරග එකවර තරග දෙකක් නැරඹිය හැකි පරිදි නැරඹුම් මණ්ඩපය සකස් කරන බවද තරග සංවිධායකයෝ ප‍්‍රකාශ කරති. මෙම වසරේ ජූලි මාසයේදී පැවැත්වෙන ”ලන්ඩන්” ඔලිම්පික් උළෙලේ වෙරළ වොලිබෝල් තරග මාලාව සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 24 බැගින් තෝරා ගැනේ. ලබන ජූනි 18 වැනිදාට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 16 වැනි ස්ථානය දක්වා පැමිණෙන කණ්ඩායම්, ”මහද්වීපික තරග මාලාවේ ජයග‍්‍රාහි කණ්ඩායම් පහක් හා ලෝක කුසලාන තරග මාලාවේ ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් හා ඔලිම්පික් සත්කාරක රාජ්‍යයේ කණ්ඩායම් ලන්ඩන් ඔලිම්පික් උළෙලේ වෙරළ වොලිබෝල් තරග මාලාවට සුදුසුකම් ලබති.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආසියා මහාද්වීප වෙරළ වොලිබෝල් තරග මාලාව මීගමුව වෙරළ තීරයේදී