(අංජුල මහික වීරරත්න)
ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බව තහවුරු කර ගැනීමටත්, ජීවන වියදම ඉහළ යාම හැකිතාක් දුරට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත්, සියලු පාර්ශ්වයන් සමඟ සම්බන්ධීකරණ ප්‍රවේශයක් අනුගමනය කරමින් යෝග්‍ය තීරණයන්ට එළඹීමටත් හැකි වන පරිදි 2022 -10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ස්ථාපිත කරන ලද ආහාර ප්‍රතිපත්ති කමිටුව පහත සඳහන් නිලධාරීන්ගෙන් සමන්විතව නැවත ස්ථාපිත කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
* ජනාධිපති ලේකම් - (සභාපති)
* අග්‍රාමාත්‍ය ලේකම්
* ලේකම්, මුදල්, ආර්ථික සංවර්ධන, - ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
* ලේකම්, බලශක්ති අමාත්‍යාංශය
* ලේකම්, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
* ලේකම්, අධිකරණ, රාජ්‍ය- පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
* ලේකම්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතත්තා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත අමාත්‍යාංශය ව්‍යවසායකත්ව සංවර්ධන
* ලේකම්, සෞම්‍ය අමාත්‍යාංශය
* ලේකම්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
* ලේකම්, පරිසර, වන පිවි - වන සම්පත්, ජල සම්පාදන, වැලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
Samanthi Tuesday, 15 October 2024 02:13 PM
ආහාරවලට විවිධ විස ඇතුලත්වීම පිලිබදව සොයා බලන්න. ආහාරයට නුසුදුසු විස රසායන.
Agrilinkservices you tube chanel Tuesday, 15 October 2024 02:33 PM
ලංකාවේ වගා කිරීමට හැකි ලංකාවේ නිෂ්පාදනය කිරීමට හැකි කිසිම ද්‍රව්‍යයක් පිටරටින් ගෙන්වන්නට එපා.