IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ඇඟලුම් කම්හලේ තවත් 69 කට කොරෝනා

දිවුලපිටියෙන් හමුවු කොරෝනා අසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කළ පීසීආර් පරීක්ෂණවලන් 69 දෙනකු කොවිඩ් ආසාදිත බවට  අද (05) හඳුනාගෙන ඇතැයි      යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා සඳහන් කළේය.

ඔවුන් 69 දෙනාම ඇය සේවය කළ පෞද්ගලික ඇඟලුම්කම්හලෙහි සේවයේ නිරතවූ  කාර්යමණ්ඩල සාමාජිකයෝය.

150 දෙනකුගෙන් කළ පරීක්ෂණ ඔස්සේ මොවුන් හඳුනාගෙන ඇතැයි ද හඳුනාගත් අසාදිතයින්ගේ අශ්‍රිතයින් සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද සෞඛ්‍යඅංශ  සඳහන් කරයි.

 

 

 

 

 



අදහස් (7)

ඇඟලුම් කම්හලේ තවත් 69 කට කොරෝනා

Akila Monday, 05 October 2020 06:05 AM

හොයල බලන්න ඇය සේවය කල ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශය නියම කරපු නිවැරදි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරලද තිබෙන්නේ කියලා , නැත්නම් ඔවුන්ට විරුද්දව නඩු දැමිය යුතුයි. අනික් කරමාන්ත ශාලා සඳහාත් අනතුරු ඇඟවීමක් විදිහට.

:       16       20

Champa Monday, 05 October 2020 07:31 AM

කොරෝනා නේද? පහුගිය කාලේ දිගින් දිගටම කොරෝනා නැහැයි කියපු ආණ්ඩුව මේ පාර එක පාරටම කොරෝනාලු. ඒ පාර හැම තැනම කොරෝනා. ඉස්කෝල වහනව. හැම තැනම වහනවා. ඇඳිරි නීතිය දානවා. ඇඳිරි නීතිය කැඩුවොත් දඬුවම් දෙනවා. මිනිස්සුන්ව බය කරනවා. කොරෝනා තිබ්බ කොටවත් නොතිබ්බ මහා කලබලයක් ආණ්ඩුවේ. ලොකු ඝෝෂාවක්. හේතුව? 20 සංශෝධනයෙන් 78ට ආපහු යනවා කියල ආණ්ඩුවම කියපු එක ක්‍රියාවෙන් පෙන්වනවා. ආණ්ඩුව හදන්නේ කොරෝන පිටින් ඇඳිරි නීතිය දාල, 20 සම්මත කරගන්න. ආණ්ඩුවේ වැඩ පිළිවෙල දිහා බලන් ඉන්න ඕනේ කෙනෙකුට ඕක තේරෙනවා.

:       18       36

RohanaMonday, 05 October 2020 09:56 AM

ඇත්තනේ. දැන් කාටත් 20 අමතකවෙලා වැඩියෙන් කොරෝනා ගැන කතාකරනවා. හැබැයි 20 අමතක නොකර ඒ ගැනත් අවධානයෙන් සිටියොත් හොඳයි.

:       1       3

kamalMonday, 05 October 2020 11:43 AM

මේක මෝඩ අදහසක්...

:       2       5

amila Monday, 05 October 2020 09:53 AM

දේශපාලන වාසි වෙනුවෙන් අහිංසක ජනතාව බිලිදෙන එක තමයි මොන ආණ්ඩුව ආවත් කරන්නේ.

:       4       4

සමන් Monday, 05 October 2020 01:21 PM

චම්පා ඉතාම කුහක ලෙස අදහස් ප්‍රකාශ කිරීම ගැන කණගාටු වෙනවා. ලංකාවේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඇඳිරිනීතිය දමා හෝ කොරෝනා පැතිරීම පාලනය කළ යුතුයි. මෙයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන 20 වන සංශෝධනය කිසිඳු සම්බන්ධයක් නැති බව පාට කණ්නාඩි ඉවත්කළ දිනට චම්පාට පෙනෙනු ඇත.

:       3       6

ChampaMonday, 05 October 2020 11:03 PM

ඇත්ත කියන එක කුහක කමක් වෙන්නේ කොහොමද?. කොරෝන මුලින් ආව කොට ආණ්ඩුවේ හැසිරීමෙයි දැන් හැසිරීමෙයි වෙනස අහසට පොලොව වගේ. ඉස්සෙල්ල පුළුවන් තරම් කොරෝනා ලෙඩ්ඩු ගැන වැහැව්ව ආණ්ඩුව, මේ පාර පුදුම විදිහට විස්තර එලියට දානව. කවුද කුහක කියල බලන්න පුළුවන් කොරෝනා හින්ද 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන එක දින නියමයක් නැතුව කල් දානවද නැත්ද කියල දැන ගත්තහම.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 199 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 787 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 517 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 213 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 821 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 194 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site