IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඇඟලුම් නිෂ්පාදනයට කෙසෙල් කෙඳි

(දසුන් රාජපක්ෂ) 

ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා  කෙසෙල් කෙඳි භාවිත කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පේෂකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.

ඇඟලුම් නිපදවීමේදී අමුද්‍රව්‍ය හිඟවීමේ ගැටලුවට කෙසෙල් කෙඳි සාර්ථක විකල්ප අමුද්‍රව්‍යයක් වන බව පර්යේෂණ කිහිපයකදී අනාවරණය වූ බව පේෂකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට ප්‍රකාශ කළේය.

අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද, කෙසෙල් කෙඳි භාවිතකිරීම හේතුවෙන් විදෙස් රටවලට යන විශාල මුදල් ප්‍රමාණයක් ලංකාවේ රඳවා තබාගැනීමට හැකි වන බවද එම ප්‍රකාශකයා කීය.

මෙම ව්‍යාපෘතිය සඳහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතව ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යොදාගනිමින් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

කෙසෙල් කෙඳි, ඇඟලුම් කර්මාන්තය සඳහා යොදාගැනීමෙන් මූල්‍යමය ප්‍රතිලාභ මෙන්ම, සෞඛ්‍යාරක්ෂිත බවද, පරිසර දූෂණය අවමවීම වැනි කරුණු ද ඉටු වන බව එම ප්‍රකාශකයා කීය.



අදහස් (11)

ඇඟලුම් නිෂ්පාදනයට කෙසෙල් කෙඳි

මිහිර Thursday, 26 December 2019 09:42 AM

රට වටේට ණය වෙලා දහ දුක් විදලා වගා කරන වි එලවලු ටික පල ලැබෙන කාලෙට විකුන ගන්ව ක්‍රමවේදයක් නෑ කොමාරිකා වවන්න කියලා ඒවා විකුනන්න බැරිව ඒ මිනිස්සු වහ බොනවා මෙයාල කෙසෙල් වලින් රෙදි වියන්න කතාව මොන විහිලුද මේ

:       313       394

රවින්Thursday, 26 December 2019 01:00 PM

කණගාටුවෙනවා ඔබතුමා කෙසෙල් ගස ගැන තියන දැනීම පිළිබඳව. කෙසෙල් ගසේ ප්‍රයෝජනයට ගන්නේ කැන (ගෙඩි) හා මුව (නොපිදුණු මල්කොටස්) පමණි. නිකරුනේ ඉතිරි කොටස් අහක දමනවා.. සත්ව ආහාර ලෙස විසිකරනවා. අනික විශාල කෙසෙල් වගා ව්‍යාපෘති කීපයක්ම දැනට රටතුළ ස්ථාපිතයි. අහක දමන දෙයින් කිසියම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම් කොච්චර හොඳ දෙයක්ද? දන්නේ නැතිව ඇති නේද අලි බෙටිවලින් කඩදාසි නිපදවා ඒවායින් විවිධ සුබපැතුම් පත් හා අනිකුත් ලිපිද්‍රව්‍ය නිපදවන බව. අහලා නැද්ද කුකුල් බෙටිත් බේතට ගන්නවා කියලා...?

:       0       77

රවින්Thursday, 26 December 2019 01:03 PM

හා..., කියන්න අමතක වුණා. මේරු ගංජා, කන්සා ගස් කෙඳි වලිනුත් රෙදි නිෂ්පාදනය කරනවා...

:       51       27

Vijitha Thursday, 26 December 2019 10:46 AM

ශ්‍රී ලංකාව කියන්නේ හොඳටම කපුවැවෙන රටක් ඒ කුවෙනිගේ කාලේ සිට. 1974ත් හම්බන්තොට මම දැක්කේ ස්නෝ වැටිලා වගේ ඒ කපු වතු... මුළු රට වටේම ගෙවල්වල ගමේ පාරේ යනකොට අඩු ගානේ ගෙවල් 10කට එකක ටකස් බකස් සද්දේ. බෙඩ් ශීට් එක, තුවාය, පැදුර ගත්තේ ගමේ ගෙවල්වලින්. එ්කයි රට ණය නූනේ. කන්න අඳින්න සියල්ල අපේ රටේ තිබුණු අපි වියදම්කරන මුදල ගියේ අපේ මිනිසුන්ට.. එ්කෙන් දියුණු වුණේ අපේ මිනිස්සු. ඒ කියන්නේ අපේ රට. පිටරටට අපේ මුදල් යාම සීමාවුණා. ගෙදර ළමාතැනීටත් අදායමක් ලැබුණු අපේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕනේ. අපි රටෙන් පිට ඉන්න නිසා අපේ රටේ එදා වටිනාකම අදත් දැනෙනවා..

:       3       73

ගමගේ Thursday, 26 December 2019 01:02 PM

කෙසෙල් කෙඳිවලින් සිල්ක් වගේ සාරි වියන එක ඉතාම ප්‍රබල කර්මාන්තයක් ඉන්දියාවේ. දඹදිව වන්දනාවේ යන අය ගෙනෙන සාරි බොහොමයක් වියා තියෙන්නේ කෙසෙල් කෙදි වලින්. මෙතරම් පරක්කු වුනේ අපගේ අය නොදැනුවත් කම නිසා වෙන්න ඕනේ. අහක දාන කෙසෙල් ගසින් කැන කපාගත්තට පසු විශාල වශයෙන් කෙසෙල් වවන ගොවියන්ට අමතර අදායමක් මෙය...

:       0       51

Rohitha Thursday, 26 December 2019 01:39 PM

කෙසෙල් කෙඳි භාවිතා කිරීමේ වැඩේ 70 - 77 සිරිමා බණ්ඩාරනායක මැතිණිය කාලේ කරා.. එ්ක දැන් ඔක්කෝටම අමතකවෙලා.

:       0       23

mihiraThursday, 26 December 2019 04:37 PM

ඔය කියපු කෙනාගේ කාලේ කෙසෙල් අල කැව මතක නැද්ද, දැන්ද නැගිටිටේ ඔයා

:       10       2

hemanthaFriday, 27 December 2019 06:11 AM

මතක් කරන්න එපා ඒ යුගය. කෙසෙල් අල නෙමේ සමහරු නියඟලා අලත් අාහාරයට ගත්තා.

:       3       0

Prase Thursday, 26 December 2019 04:17 PM

ඉතා හොඳ වැඩක් එය ක්‍රියාත්මක කරන්න.

:       0       32

isurandi Saturday, 28 December 2019 07:15 AM

අනේ දෙයියනේ මේවා පටන් ගන්නකෝ ඉක්මණට... අපිට මේවා ආධුනික වුණාට ඉන්දියාව චීනේ වගේ රටවල් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ මේ ක්‍රමතුළින්..

:       0       19

lanka011 Saturday, 28 December 2019 11:38 PM

අපි ඉතින්... ඉස්සරත් කොළ අතුනේ ඇඳුම් හැටියට භාවිතා කෙරුවේ... ඒකනිසා අපිට ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 476 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 260 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 634 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 667 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 560 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1764 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site