IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඇඟිලි ගැසීම්වලින් තොර පොලිසියක් කවද‌ා එයි ද?

වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු නිදහස් කරන ලෙස තමන්ට දේශපාලනඥයකුගෙන් බලපෑම් එල්ල වුවත් තමන් එම බලපෑම්වලට අවනත නොවුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළේ යැයි අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය.

අද‌ාළ දේශපාලනඥයා තමාට බලපෑම් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමක දී බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.

වනාතවිල්ලුව ආයුධ ගබඩාව පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරුවන සහරාන්ට අයිති වූවකි. පාස්කු ඉරුදින ප්‍රහාරයට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය මෙන්ම පුහුණුවීම් මෙම අවි ගබඩාව තිබූ පරිශ්‍රයේ සිදු වූ බවට තොරතුරු වාර්තා වී තිබේ. දේශපාලනඥයා බලපෑම් කර තිබෙන්නේ එබඳු බිහිසුණු අපරාධයකට සම්බන්ධ භූමියක දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු නිදහස් කරන ලෙසය. එම සැකකරුවන්ගේ ද‌ායකත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු නොතිබුණා විය හැකිය. එහෙත් ‘‘බූරු ගැහුවත් එකයි - බූරු ගහන තැන සිටියත් එකයි’’ යනුවෙන් කියමනක් තිබේ. ආරක්ෂක අංශවලට බාධා නොකර එම පරීක්ෂණ විධිමත්ව සිදුකරගෙන යාමට දේශපාලනඥයන් ඉඩ දුන්නේ නම් පාස්කු ප්‍රහාරය නමින් නින්දිත කළු පැල්ලමක් ඉතිහාසයට එක්වීමට ඉඩ නොතිබුණි, යන්න සත්‍යයට වඩාත් සමීප තත්ත්වය වේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මුද‌ා හරින ලෙස එවකට හමුද‌ාපතිව සිටි මහේෂ් සේනානායකට එවකට සිටි ඇමතිවරයකු බලපෑම් කළ බව එම හමුද‌ාපතිවරයාම ප්‍රකාශ කර තිබිණි. පාස්කු ප්‍රහාරයට පෙරත් පසුත් මෙම දේශපාලනඥයන්ගේ හැසිරීම අතිශයින්ම නින්දිතය. මිනිස් කසළ මෙන් පිටුදැකිය යුතු තරම්ය.

දේශපාලනඥයාගේ වගකීම කුමක්ද? යන්න සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් ඇතැම් දේශපාලනඥයන්ට ඇත්තේම නැත. ප්‍රතිපත්ති සම්පාදනය, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සැකසීම, නීති සම්පාදනය කිරීම හා එම නීති සම්මත කිරීම වැනි අතිශයින් භාරදූර වගකීමක් දේශපාලනඥයා සතුය. තමන්ට එබඳු වගකීමක් ඇති බව බොහෝ දේශපාලනඥයෝ නොදනිති. ඔවුන් ‘‘චූන්’’ වන්නේ බාල සිල්ලර වැඩ කිරීමෙනි. එම බාල සිල්ලර වැඩ අතර ‘‘නීතිය නැවීමට’’ ගන්නා උත්සාහය ඉතා ප්‍රධාන වේ.

‘‘නීතිය සැමට සමානය’’ යන්න පිළිගත් ශිෂ්ට මතයකි. එහෙත් ඇතැම් දේශපාලනඥයන්ට අවශ්‍ය වන්නේ තමන් නීතියට ඉහළින් සිටින බව ප්‍රදර්ශනය කිරීමටය. තමන්ට ඇවැසි ලෙස නීතිය හැසිරවීමේ අසමාන බලයක් තමන් සතු වේ යැයි පාක්ෂිකයන්ට ඒත්තු ගැන්වීමටය. එක දුරකථන ඇමතුමකින් සියල්ල තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාකරවිය හැකි බව පෙන්නුම් කිරීමේ උද්ධච්ඡ  නිහීන මානසිකත්වයෙන් මෙම දේශපාලනඥයෝ පසු වෙති. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාගේ සාක්කියෙන් ප්‍රදර්ශනය වන්නේ එබඳු අසමත් හා තමන්ගේ වගකීම් යුතුකම නොදන්නා බව නොදන්නා දේශපාලකයන්ගේ කැත හෙළුවය.

අද‌ාළ දේශපාලනඥයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාට සැකකරුවන් දෙදෙනකු මුද‌ා හරින ලෙස බලපෑම් කරනු ලැබුවේ එවකට සිටි ජනාධිපතිවරයා මුලසුන ගත් රැස්වීමක දී බව සාක්කියෙන් කියැවෙයි. ‘‘ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ඉහළ යැයි’’ කියමනකි. අද‌ාළ රැස්වීමේ සිටි සියල්ලන්ට එම වැකිය මනාව ගැළපේ. හරිනම් සිදුවිය යුතුව තිබුණේ නීච දේශපාලනඥයා දෙකකුලෙන් ඇදගෙන ගොස් කූඩු කිරීමය. එහෙත් අපට නම් සිතෙන්නේ තරුපටි පැළඳි ඉහළ පොලිස් නිලධාරියා නීචයන්ට ‘‘සැලියුට්’’ ගසා ජවනිකාව හමාර කරන්නට ඇති බවය.
ඉතිහාසය යනු එක් අතකින් ඉතා යහපත් ගුරුවරයෙකි. ඒ ගුරුවරයාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. එම පාඩම් අදටත් විවෘතය. එමෙන්ම වළංගුය. එම පාඩම් ඉගෙන ගැනීම සෑම තරාතිරකම පුරවැසියන්ට ඉතා වැදගත්ය. එයිනුත් දේශපාලනඥයන්ට ඉතා වැදගත්ය.

 

(***)

 



අදහස් (2)

ඇඟිලි ගැසීම්වලින් තොර පොලිසියක් කවද‌ා එයි ද?

Hafeel Friday, 29 January 2021 06:53 AM

මේ දේශපාලකයා විටින්විට පවත්වන අනවශ්‍ය ප්‍රවෘත්ති සාකච්ඡා නිසා තමයි රටතුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නෙත්... මෙයා කොහොමද ජනාධිපතිගේ ප්‍රාධානත්වයෙන් පැවැත්වූ ආරක්ෂක රැස්වීම්වලට සහභාගි වෙන්නේ..? මාධ්‍ය ඔහුගේ ප්‍රවෘත්ති සාකච්ඡාව වර්ජනය කළයුතුයි. කිසිම වටිනාකමක් නැති පුද්ගලයන් ජනප්‍රිය වෙන්නේ මේ හරහා...

:       0       10

Perera Monday, 01 February 2021 04:13 AM

ඒ පොලීසිය මග එනවා. ටිකක් රෑ වෙයි එනකොට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 8 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 787 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1504 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1369 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 388 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 347 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38452 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site