IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


"ඇණේ ගහන්න ඕනෑ තැනේ හැටියටයි"

රාජ්‍ය සේවා ඉන්ජිනේරු සංගමයේ වාර්ෂික සමුළුවට තමා පැමිණියේ වෘත්තිය සමිති ප්‍රශ්න විසඳිමට නොව ඉන්ජිනේරුවන් රට වෙනුවෙන්  කළ හා කරන විවිධ දෑ  පිළිබඳව ඔවුන්ට සිය ප්‍රසාදය පිළිගැන්වීමට යැයි ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන  මහතා පවසයි.

කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංගමයේ 39 වැනි සංවත්සරය පැවැත්විණි.

‘සංගමයේ  ලේකම්තුමාගේ කතාව අහගෙන ඉන්න කොට  හිතුණා  ආවේ වෘත්තිය සමිති සමුළුවකට ද කියලා. ඉන්ජිනේරු සේවාවේ තිබිය යුතු ගුණාත්මකභාවය, වාර්ෂික සමුළුවේ දී පිළිබිඹූ විය යුතු රටේ ජනාධීපතිවරයා ආවම අමාත්‍යාංශ ලේකම්වරුත් හතර පස් දෙනෙක් ඉන්න වේලාවේ තමුන්වහන්සේලා කළ වැඩ කරන්නට  ඇති වැඩ ඉදිරිපත් කිරිමක් කළා නම් අගෙයි’ ජනාධිපතිවරයා පැවසුවේය.

maithri_2016344 maithri_2016344-2 maithri_2016344-3



අදහස් (0)

"ඇණේ ගහන්න ඕනෑ තැනේ හැටියටයි"

නිලංග Friday, 04 March 2016 11:10 AM

රාජකීය විදුහලේ ආදී සිසුවෙකු ඉදලා මට ළමයාව පාසලට දමා ගන්න බැරි වුණා. දේශපලුවන්ගෙයි ටෙලි නිලියන්ගෙයි ළමයින් ඇතුලත් කරන කොට අපේ ළමයාව ලැයිස්තුවන් කැපුනා. . දැන් අපේ ළමයා බොහොම සතුටෙන් පිටරට අධයාපනය ලබනවා. කීයටවත් අපි ආවත් ළමයා නම් එන එකක් නැහැ .(ම)

:       0       0

ජයම්පති Friday, 04 March 2016 11:11 AM

ජනාධිපතිතුමනි, ඔබ තුමා මොන සද්භාවයෙන් ඔහොම කිවුවත් පේනවනේ අගමැතිතුමාගේ ඉඳල අනිත් අය උගතුන්ට මේ දවස්වල කතා කරන විදිහ. කලකිරෙනවා ඒවා දැක්කම. (ම)

:       0       0

අමර Friday, 04 March 2016 11:18 AM

නූගත් පිරිසක් අසීමිත සැප විඳිමින් රට පාලන කරනවා කියල පිස්සු නටන කොට උගත් බුද්ධිමත් මිනිස්සු මෙිවා ඉවසගෙන දෙකයි පනහට කඹුරයිද මහත්තයෝ (ම)

:       0       0

සුගත් Friday, 04 March 2016 11:27 AM

උගතුන්ට සලකපු අාකාරය නම් අපි දැක්කා. (ම)

:       0       0

ලලිත් Friday, 04 March 2016 11:21 AM

රටක් අදායම් උපයන විධි කිහිපයක් තිබෙනවා. එකක් භාණ්ඩ නිපදවල අපනයනය කරලා , අනික වෙනත් සේවාවන් සපයලා, තවත් ක්‍රමයක් තමයි ශ්‍රමය පිටරට යවලා, එකේදී සපයන්නේ, ගෘහ සේවිකාවන්ද, වෛද්‍ය වරුන්ද නැතිනම් ඉන්ජිනේරුවන්ද කියලා සීමාවක් නැහැ. ඉන්දියාවේ දියුණුවට මුල උනේ කාර්මික ශ්‍රේණි වල සහ උගත් බුද්ධිමත් පුහුණු ශ්රනි වල ශ්‍රමිකයන් විදේශ රටවලට යැවීමයි. ඔවුන් ඒසඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල පවා විවෘර්ත කරන්නට අවසර දී තිබෙනවා. (ර)

:       0       0

ඉන්දික Friday, 04 March 2016 11:38 AM

අනේ රටේ ඉන්න රැකියා නැති අයට රැකියා දෙන්න ක්‍රමයක් හොයන්න. (ර)

:       0       0

දිල්ෂාන් Friday, 04 March 2016 11:53 AM

ලංකාවට ඇවිත් එම කට්ටිය ට වාහනයක් වත් ගන්න හැකියාවක් තිබේද? ඔවුන්ට කට ඇරලා රජය විවේචනය කරන්න පුලුවන්ද බය නැතුව? (ර)

:       0       0

ශානක Saturday, 05 March 2016 08:17 AM

මේ වගේ කතා අහලා පිටරට ගිය මිනිස්සු එයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 04 March 2016 11:56 AM

දේශපාලකයන්ට නම් ලංකාවේ ඉඳගෙන හොඳට හම්බකරගෙන ජිවත් වෙන්න පුළුවන් , රස්සා නැහැ කියකිය කට්ටියක් උද්ගෝෂණ කරනවා , පුළුවන් කෙනෙක් කොහේ හරි ගිහින් කියක් හරි හම්බකරගෙන එන්න. (ර)

:       0       0

අග්හා අක්බර් Friday, 04 March 2016 11:57 AM

ටෙලිකොම් එකේ සභාපතිකම දෙනවනම් අපිත් මේ රටේ ජොබ් කරන්න කැමතියි. (ර)

:       0       0

පෙරුමාල් Friday, 04 March 2016 12:00 PM

හැබැයි ජී එම් ඕ ඒ එකේ නිලධාරි දොස්තරලා නම් යන එකමයි හොඳ!(හේ)

:       0       0

සුසන්ත Friday, 04 March 2016 08:06 PM

අනේ අපිට ලංකාවට එන්න කියලා අමාරුවේ දාන්න නම් එපා. අපි වැඩ කරලා සල්ලි හොයාගෙන එන්නේ ලංකාවට. ඒකත් නැතිවෙන වැඩක් ඕක. (නි)

:       0       0

අනුර පනාගොඩ Friday, 04 March 2016 11:59 AM

බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ගියවිට ඔය ප්‍රශ්නයට පිළිතුරු ලැබේවි (හේ)

:       0       0

නිල්හාන් Friday, 04 March 2016 08:30 PM

ජයවේවා! (නි)

:       0       0

යෝනක Friday, 04 March 2016 08:38 PM

බොහොම හරි මහත්තයෝ (නි)

:       0       0

යොහාන් Friday, 04 March 2016 09:45 PM

නියමයි. නියම කතාව! (නි)

:       0       0

කමනි Friday, 04 March 2016 12:12 PM

හැම කෙනෙක්ම බලන්නේ තමන්ගේ බලය පෙන්නලා වෘත්තීය අයිතිවාසිකම් ලබා ගන්න. ඒ කියන්නේ තමන්ගේ බඩ ගැන මිසක් ජනතාවට විය යුතු සේවය ගැන නෙවෙයි හිතන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය රෝගීන්ට බලය පෙන්වනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය මගීන්ට බලය පෙන්වනවා. කරුණාකර වැඩ වර්ජන දඩමීමා කරගෙන වෘත්තීය අයිතිවාසිම් දිනා ගැනීම නවතා දැමීමට හැකි සෑම දෙයක්ම කරන්න.(හේ)

:       0       0

නිහාල් Friday, 04 March 2016 12:28 PM

රටේ උගතුන් සිටිය යුතු ස්ථානයක් තමයි කෝට්ටේ දියවන්නාවේ. අද එකේ ඉන්න අය දිහා බැලුවම ඒ කට්ටියට ලැබෙන වරප්‍රසාද පිටරට සවාරි ඉතින් දියවන්නාවෙන් පිටත ඉන්න රටේ වැදගත් නියම උගතුන් රටහැර යැම හැර වෙන විකල්පයක් තිබේද.? (ර)

:       0       0

ලක්මාල් Friday, 04 March 2016 12:33 PM

ලංකාවේ ඉතිහාසයටම මේ වගේ ජනාදිපති කෙනෙක් බිහිවෙලා නැතුව ඇති. (ර)

:       0       0

අමල් Friday, 04 March 2016 12:36 PM

හොඳ වැඩපිළිවෙලක්. (ර)

:       0       0

වික්‍රමසිංහ Saturday, 05 March 2016 11:14 AM

අනේ මන්දා?(හේ)

:       0       0

සුපුන් Saturday, 05 March 2016 02:11 AM

දැන් මොනවද මේ කියන කතා? (නි)

:       0       0

ජනහිත Saturday, 05 March 2016 02:31 AM

තැනේ හැටියට වෙලාවට ඇණේ ගහපු නිසා තමයි හරිගියේ. ඒක ජනතාව දැනගත යුතුයි.. (නි)

:       0       0

උදය Saturday, 05 March 2016 03:34 AM

මම අවුරුදු 20 කට ආසන්න පුද්ගලික අංශයේ වරලත් ඉංජිනේරුවරයෙක්. රටේ ඉදිකෙරුණු විශාල ඉදිකිරීම් වලට දායකත්වය දුන්නෙක්. ආදි ශිෂ්‍යයෙක් වෙලත් මගේම පාසලටවත් මගේ දරුවන් ඇතුළත් කරගත්තේ නැහැ, අවුරුදු ගණන අඩුයි කිලො. මේ රට ගැන අවංක වෘත්තියවේදීන් කළකිරෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. රටේ දකින්න පුළුවන් ඉතා උස් ගොඩනැගිලි, පාලම් පාරවල් සියල්ල ඉදිකරලා තියෙන්නේ පෞද්ගලික අංශයේ ඉංජිනේරුවරු. අපි දරන වෙහෙස, මුහුණදෙන අභියෝග, කරන කැපකිරීම් කිසිම ඇගයීමකට ලක්වෙන්නේ නැහැ. දේශපාලඥයෝ නම් ඇති හැටියට බෙදා ගන්නවා. එහෙම කරලා වෘත්තියවේදීගෙන් ඉල්ලා සිටිනවා රට වෙනුවෙන් කැපවෙන්න කියලා. (නි)

:       0       0

ප්‍රියා Saturday, 05 March 2016 03:41 AM

මේ රටේ දේශපාලඥයොත් එක්ක එකතුවෙලා කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ස්වාධීන වෘත්තියවේදීන්ගෙන් සැදුම්ලත් සැළසුම් මණ්ඩලයක් හරහා සැළසුම් කරලා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඒ අනුව රට ගොඩනගන්න නම් මව්බිමට ආදරය කරන ඉංජිනේරුවෝ, වෘත්තියවේදීන් එයි. (නි)

:       0       0

ලංකා Friday, 04 March 2016 01:48 PM

මොනවා දොඩවනවද මන්දා,අපි හම්බ කර ගත්තොත් අපිට කන්න පුළුවනි ඉතින් අපි පිට රට ගිහින් හම්බ කරලා එවන්නේ ලංකාවටම නේ මෝඩ කතා කියල ඒ බව ලෝකයටම පෙන්නන්න එපා අපි දන්නවා එක (කෞ)

:       0       0

යටවත්ත Saturday, 05 March 2016 04:47 AM

මේ කතාව ගැන ආඩම්බරයි (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 04 March 2016 02:20 PM

ඔබලා යන සවාරි වල බිල ගෙවන්නේ ඩොලර්, යුරෝ, රියාල් අනෙකුත් විදේශ මුදල් වලින් කියලා අමතකද? අපි ඒවා ගෙවන්නේ ඔබලා වෙනුවෙන්. (ර)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 04 March 2016 02:48 PM

එතුමා ඇවිත් තියෙන්නේ වාර්ෂික සමුලුවකටලු. එත් ... එතන කතාකරපු කට්ටියගෙන් එතන තිබෙන යම් යම් අඩු පාඩු කියවිලා තිබෙන බවත් ඊට එතුමාගේ කැමැත්තක් නැති බවත් පිලිම්බිබු වෙනවා නේද? ...එත් ඉතින් ආයතන ප්‍රධානීන් හරහාත් අවසානයේ මැති ඇමති තුමන්ලා හරහාත් නොවිසඳුනන ආයතනයේ තිබෙන යම් යම් ගැටලුත් සහනයක් බලාපොරොත්තුවෙන් ඉදිරිපත් කරන්න ඇති. සමාලෝචනයක් වශයෙන් එත් ඉතින් එකට ලැබුන ප්‍රතිචාරයත් මෙහෙම නම් බුද්ධිමතුන් මේ රටේ තවත් ඉඳීවිද? (ර)

:       0       0

ප්‍රසන්න Saturday, 05 March 2016 06:00 AM

සැබෑ ජනතාවාදී පාලනයක් බලයට ආ දාට අපි එන්නම්. ඇවිල්ලා වැඩ කරන්නම් ස්වේච්ඡාවෙන් සතියකට දිනයක් දෙකක් හරි. පලක් නැති දේවල් වලට සැබෑ දක්ෂයෝ බොරුවට කාලය නාස්ති කරන්නේ නැහැ. අවශ්‍ය දේශපාලන දැක්මක් නැති රටකට වෘත්තියවේදියන් මොනවටද (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 05 March 2016 05:54 AM

තැනේ හැටියට ඇණේ ගහන්න ඕනෑ නිසා තමයි තැන හැදෙනතුරු ඇණ නොගහා ඉන්නේ. දේශපාලන නායකත්වයක් හා දැක්මක් නැතුව ගියොත් ඇණ ගහන්න කලින් ඇණ ගන්න වෙනවා. (නි)

:       0       0

චන්දි Saturday, 05 March 2016 06:02 AM

දැන් මේ රටේ අර්බුද ඇතිවෙලා තියෙන්නේ උගතුන් හිඟකම නිසාද? ඒකද ප්‍රධාන ගැටලුව. උගත්කමට, අවංකකමට, ශීලාචාරකමට තැන දෙන වටපිටාවක් හදන්න. (නි)

:       0       0

ඩී.උපුල් Friday, 04 March 2016 09:33 AM

අපිත් කැමතියි වැඩේට (හේ)

:       0       0

කවීෂ Friday, 04 March 2016 04:19 PM

කෑවනම් බඩෝ ගොන් ගහ කීවලු වෘත්තිය සමිති සම්මේලනේට දේශපාලකයෝ ගෙන්නගත්තේ ඇයි (බ)

:       0       0

සත්‍යපාල Friday, 04 March 2016 09:46 AM

රට ඉන්න අයට ඇවිල්ලා කරන්න තියා ඉන්න ගොඩක් අයට රස්සා නැතුව රට පනින විදිහක් හොයනවා. රට ඉන්න අයට කතා කරලා සල්ලි ටිකක් එවන්න කියනවා. මේ දවස්වල රටේ ආර්ථිකය වැටිලා නිසා ආදායම් අන්තිමයි කියල. පුලුවන් නම් රස්සාවල් නැතුව ඉන්න උගතුන්ට පිටරටට ගිහින් හරි රස්සාවක් කරලා ලංකාවේ ඉන්න අයට කියක්හරි මේ වෙලාවේ එවන්න කියන්න. අඩුගානේ බින්දුවට වැටිලා තියෙන විදේශ මුදල් සංචිතයවත් වැඩිවෙයි. (නි)

:       0       0

අමා Friday, 04 March 2016 09:38 AM

ඉන්දියන්කාරයෝ ආවහම ඔවුන් අඩු පඩියට වැඩ කරනවා. එතකොට මෙහෙ අය රට දාලා යන්න එපා. ඒකනේ දැන් වෙන්න ඕනෑ (නි)

:       0       0

ශ්‍රියාල් Friday, 04 March 2016 09:47 AM

උගතුන්ට සළකන්නේ නැහැනේ. දරුවන්ට පාසල්වත් ලබා නොදී කොහොමද මේ රටේ ඉන්නේ? (නි)

:       0       0

සැම්සන් Friday, 04 March 2016 09:48 AM

නුගතුන් හොරකම් කරමින් ලක්ෂ ගණන් උපයද්දී අපි කොහොමද තුට්ටු දෙකට වැඩ කරන්නේ? (නි)

:       0       0

ගයාන් Friday, 04 March 2016 09:50 AM

අනේ ජනාධිපතිතුමනි! (නි)

:       0       0

සැම්සන් Friday, 04 March 2016 09:50 AM

රට හැරයන්නේ පඩි මදි හින්දම නෙමෙයි. කළකිරීම නිසයි (නි)

:       0       0

සේනක Friday, 04 March 2016 04:57 PM

ජනාධිපති තුමනි, පිටකොටුවේ හරස් වීදියක කඩයක් ළඟට ගිහිල්ල ෂෝ කේස් වලින් දේශීය නිෂ්පාදන ඉතුරු වෙද්දී පිටරටින් ආනයනය කළ බඩු මුට්ටු සියල්ල එලියට දාන්න කියල බලන්න ෂෝ කේස් වල මුකුත් ඉතුරු වෙලා තියනවද කියල . මුකුත් නෑ. අන්තිමට කියන්න වෙන්න පිට රට දේ ලංකාවට සිරි සැප දේ කියල තමයි. (බ)

:       0       0

සුදේශ් Friday, 04 March 2016 09:51 AM

අපිත් හොඳට කාලා ඇඳලා ඉන්න කැමතියි. (නි)

:       0       0

පුලාරා Friday, 04 March 2016 10:00 AM

විදේශවල සිට විත් කරන්නට තිබෙන රැකියා මොනවාද? ඒ ඒ රැකියා සඳහා පුරප්පාඩු කීයක් තිබෙනවාද? වැටුප ලොකු නොවුණත් රට වෙනුවෙන් එන්නට සුදානම් අය ඉන්නවා. නමුත් සත්‍ය එය නොවේ. ඉන්න අයටත් රස්සා නැතුව පිස්සු වැටිලා රට පනින්න හොයනවා. (නි)

:       0       0

රාජ් Friday, 04 March 2016 10:05 AM

මෙහේ ඉදලා තේරුමක් නෑ. ඒකයි යන්නේ.(හේ)

:       0       0

පෙරේරා Friday, 04 March 2016 10:23 AM

තමන්ට සරිලන වැටුපක් ලැබෙන්නේ නැත්තම් මේ රටේ ඉදලා වැඩක් නෑනේ.(හේ)

:       0       0

පුලාරා Friday, 04 March 2016 10:33 AM

මේ අර යුද්ධේ ඉවරවෙලා රට ගොඩ එමින් තිබුන කාලේ හිටපු ජනාධිපති තුමා කල කතාවේ පිටපතක් වැරදිලා මෙයාගේ ලිපි අස්සේ තිබුල වැරදීමකින් කියවලා. (ර)

:       0       0

ඉන්දික Friday, 04 March 2016 06:08 PM

කෝ අර ඩුබායි තිලක් මොකද අද අදහසක් දාලා නැත්තේ? (නි)

:       0       0

උදය Friday, 04 March 2016 10:32 AM

මමත් අවරුදු දහසයක් පිටරට රස්සාව කරනවා. ලංකාවේදී කිසිම දවසක පිටරටකදී ගන්න පඩිය ගන්න පුලුවන්ද. මගේ ළමයට හරිහමන් අධ්යාපනයක් දීලා, ගෙවල් දොරවල් හදාගෙන, කීයක් හරි ඉතුරු කරගන්නේ රට රස්සාවට පිංසිද්ධ වෙන්න. (ර)

:       0       0

සුසන්ත Friday, 04 March 2016 10:35 AM

රටේ හැමතැනම පාතාලයෝ කලඑළි බැහැලා දිගට හරහට මිනි මරනවා ඒවා ගැන සද්ද නැහැ. ගොවියන්ට ආපහු වහ බොන කාලයක් ඇවිත් ඒ ගැන කතා නැහැ. ඉතින් රටට ඇවිත් කොහොමද? පිටරට ඉඳන් සල්ලි එවුවම අඩුගානේ රුපියලවත් තව පාච්චල් නොවී තියේවි. දැන් එකත් එපාද? (ර)

:       0       0

මහින්ද සෞදි Friday, 04 March 2016 10:36 AM

සරසවි සිසුන් හැමදාම රැකියා ඉල්ලා මහපාරේ, පළමුව එයාල ගැන සොයා බලන්න. (ර)

:       0       0

බිමල් Friday, 04 March 2016 10:39 AM

බැරිම තැන තමයි ගියේ කලකිරීමෙන්. අඩු ගානේ ළමයින්ට වත් යහපතක් වේවි කියලා. කොළඹ ප්‍රධාන පෙලේ බාලිකාවක දීප්තිමත් ආදී ශිෂ්‍යාවක වුන මගේ බිරිඳට බැරි වුනා ළමයාව පාසලට දමා ගන්න. ඒ වෙනුවට කලා කාරයෙකුගේ බ්රිද මාතලේ පාසලක ආදී සිසුවියක වෙලා ඒ අයගේ ළමයාව ඒඅවුරුද්දේ ඇතුලත් කර ගත්තා. දැන් මගේ ළමයා ඕස්ට්‍රේලියාවේ පාසලක ශිෂ්‍ය නායිකාවක්. අපිට ඒ හොඳටම ඇති. සුදුස්සාට තැන ලැබුනා නේ. (ර)

:       0       0

ජගත් Friday, 04 March 2016 10:42 AM

ඉස්සෙල්ලාම රටේ හරි වතාවාරණයක් හදලා ඊට පස්සේ ආරාධනා කරන්න රට හැර යන්න එපා කියාලා. රට කවලම් පලා මැල්ලුමක් වගේ යන්නේ ඉතින් කවුද දුක් විදින්න ඉන්න කැමති? (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 04 March 2016 10:47 AM

උදය කියන දෙයම තමයි මටත් කියන්න තියෙන්නේ, වෙනසකට තියෙන්නේ දරුවට හොදට උගන්නලා රැකියාවක් නොමෙතිව ඉන්න උන එක විතරයි. මොනතරම් හොදට ඉගන ගත්තත් කෝ රැකියාවල්. ඒවත් ගන්න දේශපාලකයෝ පස්සෙන් යන්න ඕනි. කරන්නත් බැරි ඒකම තමයි. (ර)

:       0       0

මුණසිංහ Friday, 04 March 2016 11:01 AM

රට ඉදන් ඇවිල්ල අර ඇමැතිතුමාට කියමුද විශ්ව විදයාල ජොබ් එකක් දෙන්න කියලා ලියුමක් දෙන්න කියලා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1138 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2146 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1029 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 223 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2486 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1728 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37868 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24954 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site