IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇත්තටම කුමාරිකාවක් වෙන්න මම ආසයි..

'මට ඊයේ රෑ ඇහුණේ කුස රජ්ජුරුවන්ගේ කට හඬ, අපි අද පාන්දර දුටුවේ කුස රජ්ජුරුවන්ගේ කෝකනද වීණාව. කුදී එහෙම කියද්දි පබා මෙන්න මෙහෙම කියනවා. "ඔව්. වෙස් වළාගෙන ඔහු මේ මාලිගාව අවට හැමතැනම ඉන්නවා කියල මට හිතෙන්නේ. මට මහා බයක් දැනෙනවා කුදී. අඳුරටයි - හඳටයි එකට පවතින්න බෑ කුදී දිය කඩතිවල හංසායො ළගින්නෙත් නෑ... ඒ වගේ මටයි, කුස රජ්ජුරුවන්ටයි එකට ජීවත් වෙන්න බැහැ. මේ පබා කවුද කියා මේ දිනවල සිනමා ප්‍රේක්ෂක බොහෝ දෙනාට අමුතුවෙන් කිවයුතු නැත. මේ පබා අපට හමුවන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම නිර්මාණය වන ‍'කුසපබා' චිත්‍රපටයේදීය. පබා ලෙස මේ චරිතයට පණ පොවන්නේ පූජා උමාශංකර්ය. ඇය මෙහි රඟපාන අයුරු අති විශිෂ්ටය. එලෙසින් කුසපබා හැඩකරන පූජා සඳැල්ල හැඩ කරන්නට පැමිණියේ මෙලෙසිනි. පූජා කොහොමද දැන් සිංහල භාෂාව කතා කරන්න පුළුවන්ද? ඔව්. එදාට වඩා හොඳට අද පුළුවන්. ඒ ගැන මට හරි සතුටුයි.   තවත් භාෂා කීයක් කතා කරන්න පුළුවන්ද? ඉංග්‍රීසි, කන්නඩා, හින්දි පුළුවන්.   කන්නඩා භාෂාවෙන් ‍'ශ්‍රී ලංකාවට මම ගොඩාක් ආදරෙයි' කියන්නෙ කොහොමද? නනික් ශ්‍රී ලංකා අන්දා තුම්බ ප්‍රීතී   පූජා එන්න එන්න ලස්සනයි කියල හැමෝම කියනවා. මොකද හිතෙන්නෙ? හොඳට කෑම කාලා ඇඟ මහත්වෙලා. ඇයි පබා කියන්නෙ කුමාරියක්නේ. ඉතින් කුමාරිකාවට මාලිගාවෙන් හරියට කන්න දෙනවනේ. ඒ නිසා හොඳට මුහුණ මහත්වෙන තරමට කෑම කන්න කීවා. ඒ නිසා කිලෝ අටක් බර වැඩි වුණා.   කුසපබා කතාව ඊට පෙර කියවලා තියෙනවාද? අම්මා මට මේ කතාව ගැන සැකෙවින් කියලා දුන්නා. විරූපී කුස ගැන සහ සුරූපී පබාවතී වංචා කරලා එයාව විවාහ කර ගන්න බව.   මේ චරිතය ගැන කොහොමද දැනෙන්නෙ? මේ චරිතය විතරක් නෙවෙයි. ‍'ආසයි මං පියාඹන්න','සුවඳ දැනුණා' වගේම ‍'යහළුවෝ' චරිතයටත් මම කැප කිරීමක් කළා කියලා හිතෙනවා. නමුත් මේ කුමරියකගේ චරිතය ඒ සියල්ලට වඩා වෙනස්. මෙය නිකම් තරුණියකගේ චරිතයක් නෙවෙයි. කුමාරියක් කොහොමද හැසිරෙන්නෙ කියන දේ වගේම ඒ හැඩහුරුකම් ගැන මට අධ්‍යයනය කරන්න සිදු වුණා. මම හිතන්නේ ඒ අභියෝගය ජයගත්තා. ඊට වඩා මට ගොඩාක් වටින්නෙ සිංහල සිනමාවේ අති දක්ෂ ප්‍රවීණයන් සමග රඟපාන්න ලැබීමයි. එය මගේ වාසනාවක්. ඒ වගේ අය එක්ක රඟපාන්න පුළුවන්ද කියන චකිතය මට ඇති වුණා. ඒත් එයාලා ලබාදුන් සහයෝගය නිසා සියල්ල සාර්ථක වුණා. ඒ ප්‍රවීණයන් අතර මම නිකම්ම චිත්‍රපට නිළියක් විතරයි.   කවුද මේ චරිතයට කටහඬ මුසු කළේ? ඇත්තටම කවුරුත් හිතාගෙන හිටියේ මම කියල. ඒත් හිමාලි සයුරංගි තමයි ඒ ජීවය දුන්නෙ. එයාගේ දක්ෂතාව හරි ඉහළයි. ඒ ගෞරවය එයාට දෙන්නම ඕනෙ.   ඔබ රැජිනක් වුණේ චිත්‍රපට චරිතයක් සඳහා විතරනෙ. සැබෑ ජීවිතයේදී රජ බිසවක් වෙන්න කැමති නැද්ද? කවුරු හරි රජෙක් එවැනි ආරාධනාවක් කළොත්? ඔව් අප්පා, මම නම් හරි කැමැතියි. අපට දැසි දසුන් පිරිවරාගෙන සියල්ල ලැබෙනවනෙ. ඒ වගේ දේවල් අපි දකින්නේ සිහින ලෙසනේ. ඉතින් සිහින සැබෑ වෙනවට කවුද අකමැති.   ලංකාවේ මෙවැනි අවස්ථා ලැබීමත් සමග ඔබට ලංකාවේ නිළියන් ඊර්ෂ්‍යා කරනවා කියලා හිතනවාද? මේ චරිතය මමම කළයුතු නැහැ. මට වඩා දක්ෂ අය සිටින්න පුළුවනි. හිමාලි සයුරංගි, උපේක්ෂා, නදීෂා, නිරෝෂා, චතුරිකා, කාංචනා, දිල්හානි, සචිනි ඔය කාටත් පුළුවනි. ඒ සියල්ල අතරින් මම වාසනාවන්ත වුණා විතරයි.   සමහර වෙලාවට මේ වගේ අවස්ථා නිසා අපේ අයට අවස්ථා නොලැබෙනවා කියලා කිව්වොත්? ඇයි මම පිටස්තරද? මමත් ශ්‍රී ලාංකිකනේ. අංජලිකා කරද්දී කවුරුත් හිතුවෙ මම ඉන්දියාවේ කියලයි. මගේ ආච්චි ඉඳුරුවේ. සීයා ගම්පහ. අම්මා ඉගෙන ගත්තෙ විශාඛාවේ. මම උපන්නේ කොළඹදී. දැන් හරිනේ. මම භාගයක් අයිති ලංකාවට. මගේ ගෙදර දැන් ලංකාව.   ලංකාවෙන්ම විවාහයක් කර ගන්න ආසයි කියලත් තිබුණා නේද? ලංකාවේ- ඉන්දියාවේ කියලා ප්‍රශ්නයක් නැහැ. මට රඟපාන්න අවස්ථාව දෙන, ඒ අංශය තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕන.   සමහරු තිරයේ රඟපෑවාට, ගෙදරට බරක් කියලත් අහන්න ලැබෙනවා. ඔබ කොහොම කෙනෙක්ද? මම ජීවිතේ පන්නරය ලබපු කෙනෙක්. තාත්තා ව්‍යාපාරිකයෙක් වුණාට සමහර දවස්වලට මාව වාහනයෙන් නෙවෙයි පාසලට යැව්වෙ. ඒ විදියට අප දුකට පුරුදු කළා. අව්වට - වැස්සට ඔරොත්තු දෙන විදියට පුරුදු කළා. පාසලේ නේවාසිකාගාරයේදී තනියම සියල්ල පුරුදු වුණා. මට ලෝකයේ කොතැනක ගිහිල්ලත් ඉන්න පුළුවනි. හොඳට පොළවෙ පය ගහල ඉන්න පුළුවනි.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ
   



අදහස් (0)

ඇත්තටම කුමාරිකාවක් වෙන්න මම ආසයි..

මධූ Saturday, 07 July 2012 10:47 AM

ඔයා හරි ලස්සනයි අක්කි

:       0       0

රුක්ෂලා Monday, 27 August 2012 07:57 AM

මම ආසම නිළිය ඔයයි අක්කියෝ. (නි)

:       0       0

ක්‍රිෂ් Wednesday, 09 January 2013 11:48 AM

ඇත්තටම කුමාරියක් වෙන්න කවුද අකමැති. කොහොම නමුත් ඒ හැඩගැන්වීම් අනුව ඔබ නියම කුමාරිකාවක් වගේ අපට පෙනුනා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site