IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඇතාත් නර වැඩක් කරයි

එප්පාවල කන්දකුලමේ  රඹේකුලම වැව් පිටියේ පැය පහක පමණ සටනකින් පැරැදුණු ඇතෙක් මැරී වැටුණේය.

අලි ඇතුන් 25 ක රංචුවක චණ්ඩියා ලෙස සැලකෙන ඇතකු  සිය ප්‍රතිමල්ලවයා  බිම වැටුණු පසු ද දළ වලින් ඇන ඒ අසල රැදී සිටී බව ඈත සිට සිද්ධිය දුටු ගැමියෝ කියති.

SAM_0402 SAM_0398 SAM_0399 SAM_0386 SAM_0391

 

 

 

 



අදහස් (0)

ඇතාත් නර වැඩක් කරයි

ගාමිණී සිරිවර්දන Wednesday, 08 October 2014 11:10 AM

ගමේ උදවිය රණ්ඩුව බල සිටියා මිසක් රතිංඥා කරලක් දමා එලවන්න තිබුනා. පොලීසියට, වනජීවී කාර්යාලයට කියන්න තිබුනා. ඇත්තු දෙන්නම මැරෙන කන් බලා ඉන්න ඇති දලත් උගුල්ලාගෙන වලිගත් කපා ගන්න. (නදී)

:       0       0

නුවන් Wednesday, 08 October 2014 11:11 AM

දෙවියනේ (නදී)

:       0       0

ගුණවර්ධන Wednesday, 08 October 2014 06:32 PM

පිටිගලගේ කතාව හරියට හරි. හරියට අපේ මිනිස්සු ක්‍රියාත්මක වුණා නම් සතාව බේරගන්න තිබුනා. ලොකු පාඩුවක් (නි)

:       0       0

රූපවතී Wednesday, 08 October 2014 06:45 PM

මට නම් හරිම කේන්තියක් නැ‍ඟෙන්නේ. මේ වටේ පිරිලා ඉන්න මිනිසුන් ඇයි ඒ සතා මැරෙනකම් බලාහිටියේ? පැය 5ක් තිස්සේ මොකද කළේ? වනජීවී එකට කතා කරලා ගෙන්වාගෙන ඒ සතුන්ව පළවා හරින්න තිබුනා නේද? මේ සතුන් රැකගන්න මිනිසුනේ (නි)

:       0       0

රේනුක Wednesday, 08 October 2014 07:22 PM

ඔතන ඉන්න කී දෙනෙක් ඇතාගේ දළ දෙකට වගකියන්න බලාගෙන ඇද්ද? (නි)

:       0       0

වජිර Wednesday, 08 October 2014 07:48 PM

නිහාල්, වනජීවී එකේ කට්ටිය නැතිවුණාට දළ කපන්න නම් කට්ටිය ඉන්නවා නේද? (නි)

:       0       0

අසාම් Wednesday, 08 October 2014 11:38 AM

සතුන් රන්ඩුවීම සාමාන්‍ය දෙයක් ස්වභාවධර්මයේ හැටි එහෙමයි. මේ ඇතුන් මෙසේ හැසිරීමට ස්වාහවික හේතු සාධක තියෙනවා. තිත්ත උනත් ඇත්ත ඒක තමයි (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 08 October 2014 11:40 AM

එකසිය දහනවයට කෝල් එකක් දෙන්න කෙනෙක් හිටියේ නැද්ද අප්පා මේ ගමේ ? (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 08 October 2014 05:55 AM

මේ දෙදෙනා ලංකාවේ නැසීගිය දේශපලකයෝ දෙදෙනෙක් බව පැහැදිලියි (නදී)

:       0       0

නිරෝෂන් Wednesday, 08 October 2014 08:27 PM

ඇත් සටනකට මොන මනුස්සයාටද මැදිහත් වෙන්න පුළුවන්.මේක කැලෑ නීතිය. අනෙක රැලක නායකත්වය ලැබෙන්නේ ඇතින්නකට. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 08 October 2014 12:07 PM

මොනවා වුණත් මේක දකිනකොට ලොකු වේදනාවක් දැනෙනවා, මේක වළක්වන්න කවුරුවත්ම ඉදිරිපත් නොවුණේ ඇයි කියලා? කාටහරි විපතක් වෙනකොට ඒ දිහා බලලා සතුටුවෙන අයත් ඉන්නවා. එහෙමත් නැත්නම් අලි සම්පත එක්ක තරහ අයද දන්නෙත් නැහැ (නි)

:       0       0

දිලිප් Wednesday, 08 October 2014 06:48 AM

පැය පහක් වනජීවී නිලධාරියි, මිනිස්සුයි මොනවද කළේ?  විශේෂ දුරකතන අංක දී සියළු පොලිසි වල මේ සමබ්න්ධයෙන් දැනුම් දීමට ඒකකයක් තිබිය යුතුයි (නදී)

:       0       0

චමින්ද Wednesday, 08 October 2014 07:00 AM

රැලේ නායකයා වෙන්න උත්සහායක් දරන්න ඇති. (නදී)

:       0       0

සුජීව Wednesday, 08 October 2014 07:34 AM

අලින්ට හැමදාම වෙන්නේ අලි අලිම ඇන ගන්න එකමනේ. මේක හොද පාඩමක්. (නදී)

:       0       0

වජිර Wednesday, 08 October 2014 12:59 PM

මේ සතුන් පැය 5 ක් තිස්සේ මරාගන්නකම් වනජීවී එක මොකක්ද කළේ? (නි)

:       0       0

නාලක බුද්දිප්‍රිය Wednesday, 08 October 2014 07:44 AM

තිරිසන් සත්තුන්ටත් දැන් මිනිස්සුන්ගේ සමහර නරක ගති ගුණ පුරැදු වෙන්න පටන් අරන් වගේ. (නදී)

:       0       0

නන්දික Wednesday, 08 October 2014 01:09 PM

මේක තමා ස්වභාව ධර්මය කියන්නේ. නමුත් මෙතන ප්‍රශ්නය නම් මේ නැතිවුණේ තරුණ දළ ඇතෙක්. ඉතා දුර්ලභ සතෙක්. ගම්මුන්ට පැය 5 ක් තිබුනා මේ ඇතා බේර‍ාගන්න. වනජීවී එකට දැනුම් දෙන්න තිබුනා. මිනිසුන්ට සතුන්ගේ වාසස්ථාන නැති කරනවා වගේම ඔවුන්ව රැකගැනීමත් යුතුකමක් (නි)

:       0       0

බණ්ඩාර සරත් Wednesday, 08 October 2014 07:57 AM

අපේ ලංකාවේ දල ඇතුන් ඇන කොටා ගෙනීම හැමදාම සිදුවන දෙයක්. බලයට ඇති කෑදරකමට (නදී)

:       0       0

කුමාරි Wednesday, 08 October 2014 01:28 PM

මට හිතෙනවා සංසාරේ පුරාවටම ගෙනා වෛරයක් පිරිමහලා කියලා ඡායාරූප දැක්කම.හරිම දුකයි. (නි)

:       0       0

කුමාර් Wednesday, 08 October 2014 08:18 AM

කකුල් දෙකේ අලියි හතරේ අලියි කොහොමත් ඇනගන්න එකනේ කරන්නේ. එ්කනේ අලින්ට කවදාවත් ගොඩ එන්න බැරි. (නදී)

:       0       0

නෙවිල් - හලාවත Wednesday, 08 October 2014 01:56 PM

හිතට අමාරු වුණත් සත්තු මෙහෙම තමයි. (නි)

:       0       0

නිහාල් Wednesday, 08 October 2014 02:32 PM

කැලේ ඉන්න හැම සතෙක් දිහාම බලාගෙන ඉන්න තරම් පිරිසක් වනජීවී එකේ නැති බව මේ අයට නොතේරෙනකමද, එහෙම නැත්නම් මෝඩකමද? (නි)

:       0       0

පිටිගල Wednesday, 08 October 2014 09:08 AM

ඇත් සටන නරඹපු අය මොන විදිහකින් හරි මේ සටන නැවැත්තුවා නම් අපරාදේ තරුණ ඇතෙක් අපට නැති වෙන්නේ නැහැ.(අ)

:       0       0

ශාන් සෞදි Wednesday, 08 October 2014 09:16 AM

රනිලුත් මේක කරයි ද දන්නේ නැහැ (නදී)

:       0       0

සෑම් Wednesday, 08 October 2014 03:52 PM

ෂා අපරාදේ අපේ මර්වින් ඇමති තුමා ඔතන හිටිය නම් දෙන්නටම කනට දෙකක් ගහල දෙපැත්තට කරනවා එතැනින් නොනැවතී බණ කතාවකුත් කියල තමා එතුමා පස්ස බලන්නේ(අ)

:       0       0

සුජානි Wednesday, 08 October 2014 09:32 AM

නිකන් මෝඩ අදහස් දමන්න එපා. මෙවන් අවස්ථාවක වනජීවී එකට දැනුම් දුන්නා නම් මෙම සත්වයා අද ජිවත් වෙනවා. අපේ මිනිසුන් කොහොමත් කාව හරි මරනවා නම් ෆොටෝ ගහනවා මිසක් එ්කා බේරන්න පියවර ගන්නේ නැහැ (නදී)

:       0       0

චතු Wednesday, 08 October 2014 04:06 PM

විස වතුර බීලා වෙන්නැති ඒවා මොළේටත් බලපානවා.. මිනිස්සු හරි උදාසීන වෙලා බූත කියවන්නෙත් ඒ වගේ හේතු වලටයි..(අ)

:       0       0

සමීර Thursday, 09 October 2014 04:22 AM

මේකට පොලිටික්ස් සහ අනිත් විකාර කතා වැඩක් නෑ. පැය 5 තිබිලා මේ සතාව බේරගන්න මේ වගේ ගම් වල වනජීවි නිලදාරීන්ට පහසුකම් දීලා තිබුනා නම් සත්තු දෙන්නවම සිහි නැති කරවල මේ ජීවිතේ බේරගෙන, වෙන පලාතකට ගිහින් දාන්න තිබුනා. ඒ වගේ දෙයක් නොකෙරුනු එක ගැන අපි දුක් වෙන්න ඕනා. ඉන්න අලි ඇතුන් ටිකත් අකාලයේ කෝච්චි වල හැප්පිලා, හක්ක පටස් දීලා, කරන්ට් වද්දල සහ වෙඩි තියල මරද්දි මේ වගේ දේවල් වත් පාලනය කරන්න බැරි නම් වැඩක් නෑ. (නදී)

:       0       0

ජානක Wednesday, 08 October 2014 09:36 AM

ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් වෙන්ට ඇති ගිය අාත්මේ (නදී)

:       0       0

සිල්වා Wednesday, 08 October 2014 04:41 PM

කොහොමත් ලංකාවේ කට්ටිය කාටහරි විපතක් වෙනකොට ඒ දිහා බලලා සතුටුවෙන්න හදන්නේ එ්කට විසදුමක් දුන්නේ නැහැ .පැය5ක් මන්ද බුද්ධිකයෝ වගේ බලන් හිටිය. ලංකාව එ්කනේ එකතැන පල්වෙන්නේ නුගත් අය ඉන්න රටක් මේක ඔය අලි වෙඩි ගහගන්න තියෙන්නේ ලිබ්බෝක්කේ.(අ)

:       0       0

ප්‍රනීත් පෙරේරා Wednesday, 08 October 2014 10:11 AM

සොභා දහමට බාදා කරන්න එපා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 3 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 82 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 343 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 437 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 267 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 155 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site