IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'ඇතැම් මාධ්‍යවේදීන් පගාවට යටවෙලා'

හොරොයින් වැනි තහනම් දෑ වැටලීමේ දී  පොලිස් විශේෂ කාර්ය බළකාය කරන මෙහෙවර ඇතැම්  මාධ්‍ය හා සහෝදරයන් සේ සිටින ඇතැමුන් හැල්ලුවට  පත්කරන බවත්  ඊට  හේතුව ලෙස  පෙනෙනුයේ මාධ්‍යකරුවන්  අල්ලසට  යට  වීම  බවත් පෙනේ යැයි  පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි, නියෝජ්‍ය  පොලිස්පති රංජිත් පෙරේරා පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකාය තම විනය ඉහළින්ම රකින්නේ යැයි ද කිසිවිටෙකක් කිර්තිය හා ප්‍රසිද්ධිය  හඹා නොයන්නේ යැයි ද ඔහු අවධාරණය කළේය.

පසුගිය 18 වැනි දා පොලිස් කාර්ය සේවා මුලස්ථානයේ පැවති  මාධ්‍ය හමුවක දි ඔහු  පැවසුයේ සත්‍යයේ පිහිටා ක්‍රියා කරන ලෙස මාධ්‍ය වේදීන්ගෙන් ඉල්ලා සිටි බවයි.

lankadeepa.lk සංස්කාරක මෙසේ කියයි

නියෝජ්‍ය පොලිස්පති හා අණදෙන නිලධාරී රංජිත් පෙරේරා මහතා කළ යුත්තේ ඔහු ළඟ ඇති තොරතුරු අනූව අල්ලස් ගන්නා මාධ්‍යවේදීන් කවුදැයි නම් ගම් සහිතව සුදුසු ආයතනයකට පැමිණීලි කිරීමයි. එසේ නොමැතිව පොදුවේ චෝදනා කිරීම අල්ලසට යට නොවූ මාධ්‍යවේදීනට බලවත් අසාධාරණයක් හා නිග්‍රහයක් බව කිව යුතුය.



අදහස් (0)

'ඇතැම් මාධ්‍යවේදීන් පගාවට යටවෙලා'

වසන්ජය Thursday, 23 June 2016 06:27 AM

මගේ අදහස නම් මෙවැනි කටයුතු කළයුත්තේ රහසිගතවමය. ජාවාරම්කරුවන් එම නිලධාරීන් පසුපස හඹාගොස් බලපෑම් කර මත්ද්‍රව්‍ය මැඩලීමට ගෙනයන වැඩපිළිවෙල අඩාල කළහැකිය (නි)

:       0       0

යසන්ත Monday, 20 June 2016 06:58 PM

මාධ්‍යවේදීන් නැත්නම් මේ රටේ වෙන දේවල් අපිට දැනගන්න වෙන්නේ නැහැ (නි)

:       0       0

දිනේෂ් Monday, 20 June 2016 08:03 PM

අල්ලන කුඩු වලට මොනවද වෙන්නේ? ඒවා ප්‍රසිද්ධියේ විනාශ කරන්න. අාපිට පේන්නෙත් ඒවා අායෙත් හොරාට විකුණනවා වගේ. අපේ රටේ නීතිය! (නි)

:       0       0

ආනන්ද Monday, 20 June 2016 10:46 PM

අපේ ප්‍රණාමය සැමවිටකම රට කුඩුකාරයින්ගෙන් බේරාගන්නට කැපවෙන පොලිසියට හිමිවෙනවා. පගාවට වැඩකරන අය ගැනත් අපි දන්නවා (නි)

:       0       0

විජේ Monday, 20 June 2016 11:11 PM

කතාව වෙන අතකට හරවන්නේ නැතුව කොකේන් වල නියම හිමිකරුවා උසාවියට ඉදිරිපත් කරන්න. සීනි මිලදීගත් සමාගමේ නම හෙළිකරන්න බැරි ඇයි? (නි)

:       0       0

චමිල් රුපසිංහ Monday, 20 June 2016 09:56 AM

මමත් සමාජයට යමක් කරන මාධ්‍ය වේදීයෙක්.ඔය කියන ගනයට අයත් වෙන මාධ්‍ය වේදියෙක් නොවේ. නමුත් ඔය කියන ගනයේ මාධ්‍ය වේදීන්ට තමා හැම තැනින්නම සැලකුම්.එහෙම අල්ලස් නොගන්න ගන්න අය මාධ්‍ය වේදීන් අතර කොන් වෙනව. මාධ්‍යෙවේදීන් ගැන ලියන්න තවත් කොටසක් හැදෙන්න ඕන.(අ)

:       0       0

ටෙෂාන් Monday, 20 June 2016 11:44 PM

ලංකාදීප සංස්කාරකතුමා කියන දේ ඇත්ත (නි)

:       0       0

විරාජ් ඒකනායක Monday, 20 June 2016 10:10 AM

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී මාධ්‍යහමු පවත්වනවානම් පොලිස් මාධ්‍ය ඒකකයක් අහවල් දේකටද (අ)

:       0       0

උපාලි Monday, 20 June 2016 10:38 AM

බරපතල චෝදනාවක් එල්ල කරන නිසා කරුණු ඇතුවම කිව්වා නම් තමයි හොඳ. (ර)

:       0       0

රසික Monday, 20 June 2016 11:01 AM

හැමතැනම පගාවට යට වෙලා තියෙන්නේ... (ර)

:       0       0

ජයම්පති Monday, 20 June 2016 11:17 AM

මම නම් හිතන්නේ මේ වෙලාවේ කට වහගෙන ඉන්න එක තමයි හොඳ, (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 14 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 31 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 931 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1371 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2052 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 507 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site