IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘ඇතැම් මාධ්‍ය මූලික ආචාරධර්මත් කඩනවා‘

මූලාශ්‍ර විමසීමේ ජනමාධ්‍යයේ මූලික ආචාර ධර්ම බිඳ දමමින් හා කිසිදු වග විභාගයකින් තොරව ප්‍රවෘත්ති පල කිරීම මගින් සමාජයේ දුර්මත පතුරුවන්නට ඇතැම් ජනමාධ්‍ය උත්සාහ ගනිමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

තව මාස නවයකින් යුද අධිකරණය ඇරඹෙන බවට, විදෙස් විනිසුරුවන් එන බවට පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බව ද එම නිවේදනයේ සඳහන්ය.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

‘ඇතැම් අයගේ පෞද්ගලික මට්ටමේ ක්‍රියාකාරකම් ජනමාධ්‍ය අවභාවිතයට ගෙනෙමින් ඒවාද රජයට එරෙහි සන්දර්භයක පිහිටුවා තබා පටු දේශපාලන වාසි ලබා ගැනීමට සමහර මාධ්‍ය ආයතන පෙළඹී ඇති බව පෙනේ. ඒ සඳහා උදාහරණයක් වන්නේ මඩකළපුව මංගලාරාම නායක ස්වාමීන්වහන්සේ තම විහාරයේ ඉදි කරන ලද සමරු පලකයක් කඩා දැමීමේ ප්‍රවෘත්තියයි. එම සිදුවීමට ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැත. එහෙත් මූලාශ්‍ර විමසීමේ ආචාර ධර්මය බිඳ දමමින් රටේ රාජ්‍ය නායකයාට එරෙහිව පෞද්ගලික ද්වේශයක් මතුවන ලෙස එවැනි පෞද්ගලික මට්ටමේ පුවත් පළ කිරීම කිසිදු දියුණු මාධ්‍ය සම්ප්‍රදායක ලක්ෂණයක් නොවේ.

රටේ පවතින නිදහස් මාධ්‍ය වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් හා ජනමාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් රජයටත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ නායකයන්ටත් එරෙහිව නිර්මාණය කළ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් සමහර මාධ්‍ය ආයතන ද්වේශ සහගත ලෙස හැසිරීමක නිරත වී සිටින ආකාරය මෙම කෘත්‍රීම ප්‍රවෘත්ති වලින් පෙනෙන්නට තිබේ.

මෙවැනි සාවද්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව දැනට පවතින මාධ්‍ය නියාමන හා නීතිමය යාන්ත්‍රණ මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවන බව ද සඳහන් කළ යුතුය.‘



අදහස් (0)

‘ඇතැම් මාධ්‍ය මූලික ආචාරධර්මත් කඩනවා‘

මනෝරම Monday, 11 July 2016 02:21 PM

මොකද්ද අවුල? ඒ හාමුදුරුවන්ට ඒක කියන්න අයිතියක් නැද්ද? මේ එන්නේ මාධ්‍ය වාරණයක් දාන්න නේද? ලැජ්ජයි! (අ)

:       0       0

පිරිස් Tuesday, 12 July 2016 03:49 AM

බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම බලන්නේ හැම විටම තමන්ට පක්ෂ මාධ්‍ය හසුරවන්නයි. විරුද්ධ අදහස් මහාජනයා දැන ගන්නවාට හැම ආණ්ඩුවක්ම කැමති නැහැ (ම)

:       0       0

සෙනරත් Monday, 11 July 2016 02:37 PM

රංග කලන්සුරිය මහතා වැදගත් කෙනෙක්. හැබැයි ඔබ මේ වගේ වක්‍ර තර්ජනයක් මාධ්‍යයට දාන්න එපා. මාධ්‍ය තොරතුරු වාර්තා කරන්න ඕනේ, මහජනයා හරි තීරණය ගනී. ඔබ නිකන් අවශ්‍ය දේවල් කියල සවුත්තු වෙන්න එපා. දේශපාලකයෝ එනව යනවා. ඔබල ගේ නම තියාගන්න. (අ)

:       0       0

සීතා ගලහිටියාව Monday, 11 July 2016 02:38 PM

ආණ්ඩුව ආචාර ධර්ම කඩනකොට මාධ්‍යටත් කඩන්න වෙනවා තමයි. අපිට කාගෙන්වත් වාරණ නැතුව මාධ්‍ය නිදහසයි අවශ්‍ය.(අ)

:       0       0

තිලක් රන්ජන් Monday, 11 July 2016 02:43 PM

මහත්තයෝ අපේ රටේ මිනිස්සුන්ට තියෙන එකම හයිය මේ දුප්පත් මාධ්‍යවේදියෝ ටික. ඒ මිනිස්සු ටිකට පාට් දාන්න එන්න එපා. ඔතන අවුලක් වුණා නම් ජනාධිපති මාධ්‍ය අංශයට පිළිතුරු දෙන්න කියන්න. ඔයා මැදට පැනල සද්දේ දාන්න එපා, මාධ්‍යට. (අ)

:       0       0

ජෝර්ජ් Monday, 11 July 2016 02:58 PM

හයිබ්‍රිඩ් උසාවිය ගැන ප්‍රශ්නය හැදුවේ ලංකාවේ මාධ්‍ය ද? අපිට මාධ්‍යට ගැන දේශනා දෙන්න කලින් පොඩ්ඩක් කියවල බලන්න මානව හිමිකම් කොමසාරිස් ගේ ලිඛිත ප්‍රකාශය. ජනපති, අගමැති -විදේශ ඇමති කියන්නේ කතා දෙකක්. ඉතින් ඒක දැම්මහම මාධ්‍ය ද වැරදිද ? (අ)

:       0       0

මායාදුන්න Monday, 11 July 2016 03:06 PM

ගිය ඒකාධිපති ආණ්ඩුව නැති වුනෙත් වැරදි තැනට ගහන්න ගිහින්. ඕගොල්ලොත් නාගන්නේ මාධ්‍යයට මෙහෙම තග දාල. ඔක්කොම හාදයෝ එකයි. අපි තමයි රැවටෙන්නේ අන්තිමට. (බ)

:       0       0

පුෂ්පකුමාර Monday, 11 July 2016 04:04 PM

ඒ කතාව සම්පුර්ණ ඇත්ත. පසුගියකාලේ මාධ්‍ය අවභාවිත කරමින් මාධ්‍ය කැලා පත්තර බවට පත්කර ගනිමින්, පත්තර කඩවල මේසේ යට රිංගගෙන කුලියට අදහස් දාපු අයත් ඔය කියන ජඩ මාධ්‍ය ඇතුලේ හිටියා. (බ)

:       0       0

උදය Monday, 11 July 2016 08:58 PM

මාධ්‍ය වාරණයක් දාන්නද දන්නෙ නැහැ මේ කැසකවන්නේ? (නි)

:       0       0

තිලක් Monday, 11 July 2016 09:04 PM

මාධ්‍යට අයිතියක් තිබිය යුතුයි සෑම දෙයක්ම ජනතාවගේ දැනගැනීමට ලක්කරන්න. මේවාට වාරණ දැමිය යුතු නැහැ (නි)

:       0       0

ශක්ති Tuesday, 12 July 2016 12:59 AM

ඒකාධිපති වියරුවට බියවී සමහර මාධ්‍ය ක්‍රියාකළ හැටි අපි දන්නවා. රටකට අවශ්‍ය වගකීමක් ඇතුව ඇත්ත ප්‍රකාශ කරන මාධ්‍යයයි. රටක් අමාරුවේ දාන දේශපාලන මාධ්‍ය අවශ්‍ය නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 0 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 52 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 770 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 932 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1976 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1074 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site