IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ඇතුළුකෝට්ටෙන් විසිඑක් ලක්ෂයක තව හොර නෝට්ටු

කොළඹ කුරුදුවත්තේ පෞද්ගලික බැංකුවක රුපියල් විසි ලක්ෂයක පන්දහසේ හොර නෝට්ටු තැන්පත් කළ බව කියන දුලාංජලි ජයකොඩි මහත්මිය පැය අටක් ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

ඇගේ දීර්ඝ ප්‍රකාශයක් ද  ලියා ගැනිණි.

ඇයට මෙම හොර නෝට්ටු දුන් බව කියන ඇතුළුකෝ්ට්ටේ ඇඟළුම් විධායකයාගේ නිවසේ තිබී  රුපියල් පන්දහසේ  තවත් හොර නෝට්ටු 424 ක් සොයා ගත් බව ද ඔහු කියයි.

ඔහු අත්අඩංගුවේ පසු වේ.තවත් කිහිප දෙනකු ගැන පරීක්ෂණ පැවැත්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ඇතුළුකෝට්ටෙන් විසිඑක් ලක්ෂයක තව හොර නෝට්ටු

කුමුදු Wednesday, 26 March 2014 10:38 AM

මේ හොර නෝට්ටු පිළිබඳව සහ මේවා හඳුනා ගැනීම පිළබඳව ජනතාව දැනුවත් කරවනම්, මේ ජාවාරම් කාරයින්ට වැඩේ කරගෙන යාම අපහසු වෙනවා. අහිංසක ජනතාව මේ දේවල් වලින් තලා පෙලනවට වඩා ඔවුන්ව දැනුවත් කළා නම් කාලෝචිතයි. (ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 March 2014 08:55 PM

ශ්‍රී ලංකා මහා බැංකුව වසා දැමීමට කාලය ඇවිත් වගේ, (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 March 2014 09:04 PM

මුදල් නෝට්ටු වල චිත්‍ර සහ වර්ණ වැඩි වීමත් මෙයට රුකුලක් වෙනවා. ජනතාවට මතක තබා ගැනීමට අපහසුය, ඉස්සර නෝට්ටු වල මෙහෙම විකාර තිබුනේ නැත, ඕනෑම පොඩි එකෙකුට පවා පහසුවෙන් හදුනා ගැනීමේ පහසුව තිබුනා, විකාර වැඩි වනතරමට හොරකමත් වැඩිය , (දී)

:       0       0

ශිරානි Wednesday, 26 March 2014 09:15 PM

අයියෝ බල්ලොත් නොකන සල්ලි (දී)

:       0       0

අනුර Wednesday, 26 March 2014 12:07 PM

ලංකාවට මොකද වෙන්නේ.? (ස)

:       0       0

සුනිල් Wednesday, 26 March 2014 09:30 PM

ලොකු ලොකු කට්ටිය තම අද පොඩි මිනිස්සුන්ට වඩා අපරාද කරන්නේ. ඒගොල්ලෝ අපරාද කරලා ලොකු උදවියගේ සපෝර්ට් එක ඇතුව නිදහසේ කල් ගත කරනවා. ඔය බිස්නේස් කාරයා ඔය හොර සල්ලි ඉස්සෙල්ලම පාවිච්චි කරන්න ඇත්තේ දුලන්ජලිට දෙන්න නෙවි නේ. එයා ඕනි තරම් ඔය හොර සල්ලි වියදම් කරන්න ඇති. එදිනෙදා වෙල හොයාගන්න දගලන අහිංසකයෙකුට මෙහෙම නෝට්ටුවක් ලැබිල ඒ මිනිහා නිරපරාදේ අහුවෙන්න පුළුවන් නේද? එදාට නීතිය අකුරටම ඒ අහිංසකයට විරුද්දව ක්‍රියාත්මක වේවි !! (අ)

:       0       0

දයා අලහකෝන් Wednesday, 26 March 2014 12:16 PM

තරාතිරම නොබලා දඩුවම් කරන්න. (ස)

:       0       0

දුල්ශාන් Wednesday, 26 March 2014 10:09 PM

අනේ ඇත්තට රටට ගිය කලක් (දී)

:       0       0

විදානේ Wednesday, 26 March 2014 10:10 PM

මෙයාගේ අයියා 50,000 ඒවා බෙදන්නේ මේ විදියට වගේ... (දී)

:       0       0

ධම්ම Wednesday, 26 March 2014 01:00 PM

හොර සල්ලි මාරු කරන්න පහසුම ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. (අ)

:       0       0

ශිහාන් Wednesday, 26 March 2014 10:17 PM

මෙච්චර ලොකුවට තිබුණු ගනු දෙනුව මොකක්ද කියලා හොයලා බලන්න ඕනේ (දී)

:       0       0

රණතුංග Wednesday, 26 March 2014 01:08 PM

ව්‍යාජ නෝට්ටු එකක් තිබුනත් ඇති ඇතුලට යන්න. (ස)

:       0       0

සුමිත් බහරේන් Wednesday, 26 March 2014 10:38 PM

මට පේන්නෙ දැං රටේම තියෙන්නෙ හොර සල්ලි ! බැංකුවට මාරු කරන්න ගියොත් විතරයිනෙ කොටු වෙන්නෙ. (ස)

:       0       0

නිරංජන Wednesday, 02 April 2014 12:00 PM

බලනකොට දැන් මේක මහා පරිමාණ වංචාවක් වෙලානේ (නි)

:       0       0

සිල්වා Wednesday, 26 March 2014 11:15 PM

සමහර අය නිධන් හාරනවා. තව සමහර අය හොර සල්ලි ගහනවා. අපේ රටට ගීය කලක්? (නි)

:       0       0

රුවන් Wednesday, 26 March 2014 11:17 PM

ඇඟලුම් කම්හලේ ළමයින්ට දෙන්න ඇත්තෙත් මේ සල්ලිද එතකොට? (නි)

:       0       0

මොහාන් Wednesday, 26 March 2014 02:06 PM

මුදා හැරියට වැඩක් නෑ දැන් ඉතින් දේශපාලන වාසි ගනිවී (දිල්)

:       0       0

පද්මිණි Wednesday, 26 March 2014 02:17 PM

මුදල් තැන්පත් කරද්දී අනිවාර්යෙන්ම බැංකුවේ පරිගණක යන්ත්‍රයට සැනින්ම එය හසු වෙනවා. මෙවැනි දේවල් ගැන පාරිභෝගික ජනතාව දැනුවත් කරන්ට වගකිව යුත්තන් කටයුතු කරන්න ඕන. ධම්ම, එකම කණ්නාඩිය තාමත් දාගෙන නේද? (ස)

:       0       0

කපිල Wednesday, 26 March 2014 02:20 PM

බැරි වෙලාවත් මේ පන්දාහේ නෝට්ටුවක් අපි ගාව තිබුනනම් (දිල්)

:       0       0

රම්සි Thursday, 27 March 2014 12:24 AM

මේ ගැන නොදැනම හිටියා කියලා හිතන්නත් අමාරුයි. සාමාන්‍යයෙන් ඔය වගේ මුදලක් චෙක් එකකින් දෙනවා මිසක් නෝට්ටු වලින් බාරගත් එකත් පොඩි ගැටළුවක්. (නි)

:       0       0

ජනක Friday, 28 March 2014 07:47 AM

සමහර ලොකු ලොක්කෝ මීටත් වඩා මහා පරිමාණ හොර වැඩ කරනවා (නි)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Wednesday, 26 March 2014 02:44 PM

සමහරවිට මේකත් ඇති මානව හිමිකම් කොමිසමට යන්න. තරා තිරම නොබලා දඬුවම් කල යුතුය. (ස)

:       0       0

ශාන්ත සමරසිංහ Wednesday, 26 March 2014 02:52 PM

පින්තුරේ සල්ලි කපන එක්කෙනාමද අච්චු ගහලත් තියන්නේ ? (නදී)

:       0       0

සත්‍යපාල Thursday, 27 March 2014 01:01 AM

මේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු ජාතියක්.හැම විටම තමන් කැමති කෙනා මොනවා කළත් හරි. තමන් අකමැති කෙනා මොනවා කළත් වැරදියි. ස්වාධීන, අපක්ෂපාති තීරණ ගන්න බැරි ජාතියක්.මෙවැනි රටක නීතිය, සාධාරණත්වය වල් වදිනවා.වරද කවුරු කළත් වැරදියි. ඒක දුලංජලි කළත්, ගමේ හරමානිස් මාමා කළත්,ඥානවතී නැන්දා කළත් එකම විදිහට ප්‍රශ්න කිරීම, අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම,නඩුව අවසන් වනතුරු බන්ධනාගාරගතව ඉන්න කාලය,නඩු තීන්දුවට යන කාලය සහ දෙන දඩුවම එකම වන සමාජයක් ඉල්ලන මිනිස්සු බිහිවෙනතුරු තව බොහෝ කල් සිටිය යුතු බව සිතන විට මහත් වේදනාවක් දැනේ. (නි)

:       0       0

අල්විස් Wednesday, 26 March 2014 02:52 PM

සාමාන්‍ය කෙනෙක් මෙහෙම අහු උනා නම් මොකද වෙන්නේ (දිල්)

:       0       0

රොහාන් වෙරෝනා Thursday, 27 March 2014 01:15 AM

මෙච්චර සාක්ෂි ඇතත් තවමත් පරීක්ෂණ? උසාවියට ඉදිරිපත් කරන්නේ කවදාද? (නි)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 26 March 2014 02:56 PM

ඇඟලුම් කම්හලක් විතරක් නෙවේ හොර සල්ලි වැඩපොලකුත් තියනවනේ. ඔය හුඟක් උඩින් යන අය මේ වගේ තමා. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 26 March 2014 02:57 PM

අවස්තාවදියෝ දැන් මේකත් දඩ මීමා කරගෙන මඩ ගහන්ට බලයි. ඡන්දෙත් ලග නිසා.(නදී)

:       0       0

විරාජ් Thursday, 27 March 2014 01:57 AM

අපි කොහොමද සල්ලි ඇත්ත ඒවාද කියලා දැනගන්නේ? (නි)

:       0       0

බ්‍රයන් Wednesday, 26 March 2014 03:05 PM

ඇයි මිනිස්සු හොර සල්ලි ගහන්න හේතුවෙන්නේ. මොකද මුදලේ වටිනාකමට අඩුවෙන් සල්ලි කොලේ මුද්‍රණය කරන්න පුළුවන් නිසාද? ඒ කියන්නේ රුපියල් 100 ක් ගහන්න යන්නේ රුපියල් 15 ක් 20ක් වගේ අඩු මුදලක් 100ක් ගහන්න 100ක් යනවනම් 1000ක් ගහන්න 1000ක් යනවනම් හොරසල්ලි ගහන වැඩේ ඉබේම නවතිනවා. (නදී)

:       0       0

සරත් Thursday, 27 March 2014 02:47 AM

කුමාරි, යුරෝපයේ කොහේ සිටියත් මම ඒ කතාව පිළිගන්නවා. (නි)

:       0       0

සමන් හේවාසූරිය Wednesday, 26 March 2014 03:11 PM

සමහර අයගේ ප්‍රතිචාර නිකන් විහිළු වගේ.මේවා ගැන ටිකක් ගැඹුරින් හිතන්නකෝ..(දිල්)

:       0       0

සරත් Thursday, 27 March 2014 02:59 AM

කුමාරි කියන කතාව ඇත්ත. ඉතාලියේ ඉන්න මමත් එය පිළිගන්නවා. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 27 March 2014 03:28 AM

මේක වැරදිලා සිදු වූ දෙයක් වෙන්න පුලුවන්ද? විසි ලක්ෂය කියන්නේ රජයේ රස්සාවක් කරන නීතිගරුක පුද්ගලයෙකුට නම් හීනෙන්වත් පෙනෙන්නේ නැති ලොකු මුදලක්.අසරණ ගොවියෙකුට කම්කරුවෙකුට, මේ මුදල ගැන කුමන කතාද? ලොකුවට ව්‍යාපාර කරන සමහර කට්ටිය ලක්ෂ 400 වාහනයක් එහෙම පාවිච්චි කරන්නේ මොන විදියකට උපයා ගත් මුදලින්ද කියලා අපි දන්නවා.අපායේදී සියළුම දෙනාට හොඳ නරක වැටහේවි. (නි)

:       0       0

උපාලි සුමිත් Wednesday, 26 March 2014 03:35 PM

දඬුවම් කරන්න (අ)

:       0       0

හේමන්ත Wednesday, 26 March 2014 03:42 PM

මේවා විතරක් නොවෙයි, මෙයාල ලග තියෙන අනිත් සල්ලිත් කොහෙන්ද ආවේ කියලා හරියට දන්නේ නැහැ. (අ)

:       0       0

ගයාන් Thursday, 27 March 2014 06:04 AM

තාම කවුරුත් කිවුවේ නැත්තේ මොකද මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා? (නි)

:       0       0

සඳුන් Thursday, 27 March 2014 07:19 PM

සත්‍යපාල, අන්න ඒක තමයි අපේ රටට ඕනෑ කරන්නේ. ස්වාධීනත්වය, සමානාත්මතාවය සහ අපක්ෂපාතිත්වය. අපේ රටේ මිනිස්ස්සු දැන් සමාජ අසාධාරණයට හුරුවෙලා. ඒක නැතුව බැහැ වගේ. (නි)

:       0       0

ලලිත්-LS Wednesday, 26 March 2014 04:08 PM

මොන උනත් රටේ නීති වලින් ප්‍රභූ අය කරන මේවා නවත්වන්න බැහැ.(ස)

:       0       0

දසනායක Thursday, 27 March 2014 06:20 AM

දැන් බලනකොට සල්ලි අතට ගන්නත් බයයි. (නි)

:       0       0

භානු Thursday, 27 March 2014 06:37 AM

කරුණාකරලා මේ ව්‍යාපාරිකයාගේ ඡායාරූපයක් දමන්න. නැත්නම් නම සඳහන් කරන්න. එතකොට ඔහුගේ තවත් හොර වැඩ තිබෙනවා නම් දැනගන්න පුළුවන්. මේ විදියට ඔහුගෙන් මුදල් ලැබුණු තවත් උදවිය තොරතුරු සමඟම ඉදිරිපත් වේවි. මහා පරිමාණ ව්‍යාපාර හිමියකු නම් ඔහු සමග මුදල් ගනු දෙනු කළ උදවිය තවත් ඇති. (නි)

:       0       0

අකුරැස්සේ ශාන්තලාල් Wednesday, 26 March 2014 04:40 PM

කොහොමද සාමාන්‍ය මනුස්සයෙක් මේක හොර නෝට්ටුවක්ද නීත්‍යනුකුල නෝට්ටුවක්ද කියල අඳුනගන්නෙ (දිල්)

:       0       0

කුමාරි Wednesday, 26 March 2014 04:47 PM

ඇත්තටම මේ දේවල් වලින් තැලෙන්නේ පොඩි මිනිහ.හැබැයි මේ දේවල් කරන්නේ ලොකු මිනිස්සු.යුරෝපයේ සාමාන්‍ය කඩවල් වල පවා මුදල් පරික්ෂා කරන යන්ත්‍ර කැෂියර් මේසේ ම තියෙනවා.ලංකාවෙත් ඒ දේ ඇති කළ යුතු කාලය ඇවිත්. (ස)

:       0       0

ජයා Wednesday, 26 March 2014 04:49 PM

දැන් මුදල් ගැන විශ්වාසයක් නෑ. පේනවනෙ. (ස)

:       0       0

ටෙනිසන් Thursday, 27 March 2014 08:31 AM

සත්‍යපාල, අද පවතින දේශපාලන ක්‍රමය නිසා මෙතරම් දියුණු ලෝකයේ අපේ ඇත්තෝ ඉන්නේ බොහෝ පසුපසින්. (නි)

:       0       0

සුරේකා Wednesday, 26 March 2014 05:25 PM

මුදල් වැඩියෙන් පරිහරණය කරන සෑම ආයතනයකටම හොර නෝට්ටු හඳුනාගත හැකි ක්‍රමවේදයක් හදලා දෙනවා නම් හොඳයි. (නි)

:       0       0

සම්පත් තුෂාර Thursday, 27 March 2014 09:17 AM

මිනිස්සු මේ වගේ දේවල් වලට පෙළඹෙන්නේ ඇයි කියන එකයි වගකිව යුත්තන් සිතිය යුත්තේ. (ස)

:       0       0

ගුරුගේ Wednesday, 26 March 2014 05:55 PM

කුමාරි ගේ අදහස මමත් අනුමත කරනවා, මුදල් පරික්ෂා කරන යන්ත්‍ර පහසු මිලකට ලබා දීමෙන් සුළු කඩ මුදලාලිලාට පවා මුදල් හදුනා ගැනීම පහසු වේවි (දී)

:       0       0

රසාංජන Thursday, 27 March 2014 08:42 PM

බලනකොට අපි අතේ තිබෙන 5000 හැම නෝට්ටුවම හොර සල්ලිද දන්නෙ නැහැ. (නි)

:       0       0

රසාංජන Thursday, 27 March 2014 08:42 PM

දැන්නම් රුපියල් 5000 නෝට්ටුවක් අතට ගන්නත් බයයි වගේ. (නි)

:       0       0

නිශාන් තේනුවර Friday, 28 March 2014 12:58 PM

හොර මුදල් නෝට්ටු අරෙගන අාව අයට නිදහස් කරලා තියන්නේ අැයි? එයා ගැන හොයලා බලන්ෙන් නැතිද! මේක සැලසුම් සහගත වැඩක් වෙන්න බැරිද! ජනප්‍රියතාවය උපයෝගී කරෙගන කරන්න හදපු වැඩක්ද? (නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 26 March 2014 06:05 PM

මේ කෙනා ගාමන්ට් එකේ වැඩකරන අයටත් පඩි දෙන්න ඇත්තේ මේ සල්ලි.අනේ අම්මපා මෙයාට දෙන්න ඕනේ එලොව පොල් පෙනෙන්න.(දී)

:       0       0

ගුරුගේ Wednesday, 26 March 2014 06:12 PM

ඇත්ත තමයි,ලක්ෂ්මන් ජයවර්ධන. පව් අහිංසක ළමයි නොදැන ගන්නවා ඇති. ඒ අය දැනුවත් කරන්න කෙනෙක් ඇත්නම් හොදයි නේද? (නි)

:       0       0

අනුරුද්ධ දිසානායක Thursday, 27 March 2014 10:33 AM

කුමුදු, ඔයා බැංකුවකට ගිහින් නැද්ද? ගියා නම් ඔයාට බලාගන්න පුළුවන් මුදල් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ දැන්වීම් කිහිපයක්ම. (ස)

:       0       0

කමල් Wednesday, 26 March 2014 06:23 PM

කරුණාකරලා වෙලා තියෙන දේ තේරුම් අරගෙන අදහස් පළ කරන්න. (නි)

:       0       0

චමත් Wednesday, 26 March 2014 06:36 PM

ඒ වුණාට තවම නීතියේ රැහැනට හසුනොවූ අය ඉන්නවා. (නි)

:       0       0

ගිහාන් Friday, 28 March 2014 02:19 PM

මගේ පඩිය 7500යි. මට 1ක් ආවොත් මම ඉවරයි. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 26 March 2014 06:38 PM

දැන් මේවා ඇල්ලුවා කියලත් සමහරු ජිනීවා ගිහින් පැමිණිලි කරලා, අර ලොකු රටවල ලොකු උදවිය වහාම මේ අයත් නිදහස් කරන්න කියාවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

මොනිකා Wednesday, 26 March 2014 06:41 PM

මේක මම නම් දකින්නේ දරුණු අපරාධයක් විදියට. චීනයේ නම් වෙඩි තියලා මරනවා. හැබැයි අපේ ලංකාවේ අහිංසකයෙක් බඩගින්නට කොස් ගෙඩියක් කඩාගෙන කෑවොත් මැරෙනකම් ගහලා හිරේ දානවා. (නි)

:       0       0

මංගල Friday, 28 March 2014 02:37 PM

අපි කොහොමද දැන ගන්නේ මේ මුදල් හොර නෝට්ටු කියා (දිල්)

:       0       0

ජී. Wednesday, 26 March 2014 07:43 PM

මේ ප්‍රශ්නයේදි දුලාංජලී ප්‍රේමදාස කොයිතරම් දුරට, නිර්දෝශීද කියන එක තීරණය කිරීම නීතියට බාරයි. (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Wednesday, 26 March 2014 08:02 PM

නියම නෝට්ටු හා සැසඳීමට පහසු තව විස්තර ලබා දෙන්න​. දිය සළකුණු වල ස්වභාවය​, සංකේත ආදී දෑ...... මගින් ජනතාව දැනුවත් කරන්න​. (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 26 March 2014 08:05 PM

බැංකුවක තැන්පත් කරන්න ගිය නිසා අහුවුනා කියමුකෝ?වෙනත් ආකාරයකින් ඒ මුදල් හුවමාරුවක් වුනානම් කොහොමට හිටීවිද? මුල අහුවෙන්නේ නෑ. අහුවෙන්නේ අහිංසකයින් නේද කමල්? අනෙක් කාරණේ හිටපු ජනපතිගේ දුවෙක් දෙන සල්ලි ගැන සැක හිතනවා තියා එහෙම අතකින් සල්ලි ගත්තා කියා අහිංසක මිනිසුන්ට හිතෙන්න බැරි නෑ නේද මගේ යාලූ ගුරුගේ ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි
2024 ඔක්තෝබර් මස 14 481 0

මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ


’’පාස්කු වාර්තා ප්‍රසිද්ධ නොකළොත් මම කරනවා’’
2024 ඔක්තෝබර් මස 14 815 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබ


බඹරු ඇන සිසුන් 39 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 359 0

බඹර ප්‍රහාරයක් හේතුවෙන් වාරියපොල පාසලක දරුවන් 39 දෙනෙකු වාරියපොල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී බන්දුල සේනාධීර මහත


පීඩිත ජනතාවට අවශ්‍ය තරම් ප්‍රතිපාදන ⁣වෙන් කරන්න
2024 ඔක්තෝබර් මස 14 442 0

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විට අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන ව


රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 3540 1

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 1404 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 381 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 442 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1394 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site