IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඇදුරුවරු රජ රට - ශිල්ප බෑ කියති සිසුනට

රජරට විශ්ව විද්‍යාලයයේ මිහින්තලේ පරිශ්‍රයේ පරිපාලන හා ඉගැන්වීම්වලින් ඉවත් වීමට ගත් තීරණය දිගටම ක්‍රියාත්මක කිරීමට ආචාර්ය සංගමය ඒකමතිකව තීරණ කළ බව එහි සභාපති ආචාර්ය චමින්ද එගොඩවත්ත කියයි.

පසුගිය 26 සහ 27 සිසුන් කණ්ඩායමක් උපකුලපති හා ආචාර්වරුන් දස දෙනකු පැය විස්සකට වැඩි කාලයක් සිරකරගෙන ඔවුනට බැණ වදිමින් ඔවුන්ගේ ජීවිතවලට තර්ජනය කිරීම නිසා එම පියවර ගත් බව ද ඔහු කියයි.

සරසවි පාලක සභාව රැස්වී සුදුසු වටපිටාවක් සකස් කරන තුරු ඉගැන්වීමෙන් හා පරිපාලන කටයුතුවලින් ඉවත් වන බව ඔහු පවසයි.

ගුරුවරුන්ට තර්ජනය නොකළ බවත් මේ සිද්ධියෙන් දේශපාලන ප්‍රයෝජන නොගන්නා ලෙසත් ශිෂ්‍ය සංගමය ඉල්ලයි.

 



අදහස් (0)

ඇදුරුවරු රජ රට - ශිල්ප බෑ කියති සිසුනට

බිමල් Tuesday, 01 July 2014 08:10 PM

මොකටද ගුරුවරු? ඇයි මේ චණ්ඩි පැටවුන්ගේ දෙමව්පියන්ට පුළුවන්නේ ගෙවල් වල ඉඳගෙන උගන්වන්න. ඒ අයටත් බොහොම ආඩම්බර ඇතිනේ දරුවන්ගේ හපන්කම් ගැන (නි)

:       0       0

චන්ද්‍රානි Tuesday, 01 July 2014 08:14 PM

මම නම් කියන්නේ, ප්‍රසිද්ධියේ සමාව ගන්නතුරු ගුරුවරුන්ට සරසවිය පළාතේ යන්න එපා කියලා. අර කවුද කිව්වා වගේ මේ උදවිය ඊළඟට රැකියාවට ගියදාට කරන්නේ රැකියා ස්ථානවල ප්‍රධානීන් කාර්යාල අඩස්සි ගතකර එතනත් බලයෙන් ඉල්ලීම් දිනා ගැනීම (නි)

:       0       0

හේමාල් Tuesday, 01 July 2014 08:17 PM

සිසුන් තමන්ගේ දෙමව්පියන් ඉදිරියේ ගුරුවරුන්ගෙන් සමාව ගත යුතුයි. මේවාට ගෙවල් වල ඉන්න දෙමව්පියනුත් වගකියන්න ඕනෑ. ඉගෙනගන්න යනවා කියලා තමන්ගේ ළමයා මොකද කරන්නේ කියලා හොයන්න ඕනෑ නැද්ද? (නි)

:       0       0

රංගන Wednesday, 02 July 2014 10:24 AM

විශ්ව විද්‍යාල වලටඑන ළමය ඔය කියන ශිෂ්‍ය සංවිධාන බිල්ලට ගන්නවා. මොළ හෝදලා පිකටින් පෙළපාලි සහ ඔයවගේ ප්‍රශ්න වලට බිල්ලට දෙනවා. ඕක විශ්ව විද්‍යාල වලට එන ළමින්ට කියල දෙන්න ඕනි. අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් විශ්ව විද්‍යාල ගිහිල්ල ඒ මිනිස්සුන්ම අපහසුතාවයට පත්කරනවා. ළමයිනේ ටිකක් හිතල බලන්න. ඔබ විශ්ව විද්‍යාලයට ගියේ ඉගෙනගන්න මිසක් පෙළපාලි, පිකටින් කරන්න නෙවේ. (දී)

:       0       0

දසුනි Wednesday, 02 July 2014 10:46 AM

මේ සිරගත කල උපකුලපති තුමාගේ හා ආචාරය මඩුල්ලේ මිනිස් අයිතිවාසිකම් යාපා මහතාට පේන්නේ නැද්ද ? (දී)

:       0       0

කමණි Tuesday, 01 July 2014 08:55 PM

ගුරුවරයෙකුට අපහාස කළ කෙනෙක් හොඳින් ජීවත්වුණා කියලා අහන්න ලැබිලා නැහැ කවදාවත් (නි)

:       0       0

සදුනි Tuesday, 01 July 2014 08:55 PM

කුමාරගේ අදහස හරි. අපි ඉගෙනගන්න කාලෙත් ඔහොමයි. (නි)

:       0       0

වීරසිරි Tuesday, 01 July 2014 09:33 PM

මේවා අද කාලේ පුදුම‍වෙන්න දේවල් නෙමෙයි (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 02 July 2014 05:33 PM

රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 5000ක් පමණ සිටිනවා.ආචාර්යවරුන්ට හිරිහැර කළ අය ඔවුන් දන්නවා. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

කසුන් Tuesday, 01 July 2014 10:06 PM

ගුරුවරු යනු දෙවිවරුය. දැන් පාසල් වලටත් මේ ලෙඩේ බෝ වී ඇත. ඉල්ලීම් දිනාගැනීම සඳහා තවකෙක් බලෙන් හිරකර තබාගැනීමට තරම් සරසවි ශිෂ්‍යයින් පහත් තත්වයට පත් කරන දේශපාලන පක්ෂ ඡනතා මතයෙන් අතුගෑම කළ යුතුයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 02 July 2014 11:39 AM

මම අදහස් කලේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය සහ එය මෙහෙයවන අපේ රන්ජිත් දේවසිරි මහත්තය ගැන. (නදී)

:       0       0

අමිල සිංග Wednesday, 02 July 2014 11:40 AM

පාසල් වල මෙන්, විශ්වවිද්‍යාල වල මනුස්සකම් දන්නා ගුරුවරුත් අල්පය, මනුස්සකම් දන්නා ශිෂ්‍යයොත් අල්පය. අධ්‍යාපන ක්‍රමයේ කොතන හෝ දුර්වලතාවයක් ඇත. (නදී)

:       0       0

ශාන සෞදි Tuesday, 01 July 2014 11:08 PM

ඉතාම හොද තීරණයක්. සිසුන් තමන්ගේ තරම හා වගකීම නොතකා කරන මෙවන් ක්‍රියා නොතකා හිටියොත් මොවුන් කිසිදාක හැදෙන්නේ නැහැ (නි)

:       0       0

චින්තක Wednesday, 02 July 2014 12:19 PM

ඇත්තටම ආචාර්ය වරුන්ට ජීවිත තර්ජන තියෙනවා නම් එයාල මෙහෙම කරන එක හරි . එත් 2014/07/10 ඉදන් ආචාර්යවරු එයාලගේ පඩි වැඩි කර ගන්න ළමයින්ගේ ජීවිත බිල්ලට තියල වර්ජන කරන එක ගැනත් ඔයාල එකඟද දන්නේ නෑ . අමතක කරන්න එපා 2012 අරුද්දේ එයාල කරපු වර්ජනෙන් අසරණ ළමයින්ගේ ජීවිත වලින් මාස 3ක් අපතේ ගියා. තව වටිනා ජීවිත 2 කුත් නැති උනා. (ස)

:       0       0

අනුර ශාන්ත Wednesday, 02 July 2014 01:19 PM

එතොකට ඔය වැරදි කෙරුවේ ශිෂ්‍යෙයා් විතරමද. (නදී)

:       0       0

ජනක Wednesday, 02 July 2014 05:15 AM

විශ්ව විද්‍යාලයේදී කතාකරන දේශපානලයේ නියම තේරුම එළියට අාවාට පසු බලාගන්න පුළුවන්. කාටවත් කඩේ යන්න එපා. දැන් පවතින සමාජ ක්‍රමය තුළ රැකියාවක් කරලත් ජීවත් වෙන්න අමාරුයි. (නි)

:       0       0

පී. අයි. යාපා Wednesday, 02 July 2014 05:20 AM

විශ්ව විද්‍යාල තුළ සාමකාමී අධ්‍යාපනය, පර්යේෂණ සහ නව නිමැවුම් වගේම ඒවා නඩත්තු කරන අහිංසක ජනතාවට නිසි සේවයක් කිරීම සඳහා විනය පවත්වාගැනීම අත්‍යාවශ්‍යයි. විනය විරෝධී කටයුතු සදහා සිසුන්ට දඩුවම් දීම බහුලව සිදුවෙනවා. නමුත් සුළු පිරිසකගේ වැඩ නිසා අහිංසක වැඩදායක සිසුන්ගේ නිදහස් අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය උදුරාගැනීම මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන්නේද? (නි)

:       0       0

හසිත Wednesday, 02 July 2014 01:48 PM

මේ හපන් කම කල සිසුන්ගේ දෙමව්පියන් ගෙන්වන්න ඕන සරසවියට . දරුවන් කල හපන්කම් පෙන්වා දෙන්න . ළමයා ඉගෙන ගන්න කියලා ඇවිත් කරන්නේ මොනවද කියලා ඒ උදවිය දැන ගන්න ඕන. මෙහෙම ගියොත් පාසල් සිසුන් හික්මවා ගන්නේ කොහොමද ? මේවා නරක පුර්වාදර්ශ ! (දී)

:       0       0

ගුණරත්න Tuesday, 01 July 2014 06:26 PM

ගුරුවරුන්ට තර්ජනය නොකෙරුව නම් මොනවද කෙරුවේ පැය ගානක් යන්ට නොදී හිර කරගෙන.ගුරුවරු මොන තරම් අපහසුවෙන්ද ඉන්ට ඇත්තේ .මගේ අදහස මේ සියලුම ගුරුවරුන්ගෙන් සමාව ගත යුතුයි (දී)

:       0       0

සේකර Tuesday, 01 July 2014 06:34 PM

ගුරු-සිසු පරතරය තිය‍ාගෙන කටයුතු කරනවා නම් ප්‍රශ්න ඇතිවීම අවමයි (නි)

:       0       0

අමල් Wednesday, 02 July 2014 08:38 AM

කොහොමත් ළමයි ඉගෙන ගන්නේ නැහැනේ (දී)

:       0       0

කුමාර් Tuesday, 01 July 2014 06:55 PM

ලංකාවේ අධ්‍යාපනය කාදමන සියලු ශිෂ්‍ය ව්‍යාපාර වහාම තහනම් කළ යුතුයි (නි)

:       0       0

ධර්ෂණ Wednesday, 02 July 2014 09:35 AM

එදා උපකුලපති තුමා නිවාස අඩස්සියට ගන්න රැස් වෙලා හිටියේ සිසුන් සුළු පිරිසක්ද යාපා මහතාණෙනි ? අපි පින්තුර දුටුවානේ . එතකොට බලහත්කාරයෙන් කෙනෙක්ව නිවාස අඩස්සියට පත් කරන එකෙන් මිනිස් අයිතිවාසිකම් රැකෙනවාද ? එදා උපකුලපති තුමාට කන්න බොන්න තියා , වැසිකිලි පහසුකම් වත් තිබුනා ද දන්නේ නැහැ . (දී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 02 July 2014 09:56 AM

ජ වී පෙ බළල් අතක් වන ඔය අන්තරේ මෙල්ල කරන්න බැරි අධ්‍යාපන අැමතිලා මේ විනාසයට වග කියන්න ඕනේ. අපේ කාලේ ඔය ජෙප්පන් හැංඟී හැංඟී වැඩ කලේ, දැන් තමා එළිපිට අභියෝග කරන මට්ටමට ගෙනත් තියෙන්නේ. උසස් අධ්‍යාපනය බිස්නස් එකක් කරන කොන්තරාත්තුව තමා මේ දෙගොල්ලම කරන්නේ. රජයේ විශ්වවිද්‍යාල එපා කරවනවා. රට විනාස වෙනවා, රජයක් නෑ වගේ රජයත් ඉන්නවා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 01 July 2014 07:57 PM

ශිෂ්‍ය අන්තවාදයට උඩගෙඩි දෙමින් ඔවුන් කරන ඕනෑම දෙයක් අනුමත කරමින්, බංකලොත් දේශපාලනයේ ඉත්තන් වෙමින්, විශ්ව විද්‍යාල පද්ධතිය අවුල් කරන්න උත්සාහ ගන්න අයගේ ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිවිපාක තමා අද මේ ඇස් පනාපිට අත් විඳින්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 238 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1916 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 223 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 871 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1002 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1224 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37579 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24766 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site