IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඇන්ජලෝ - හේෂා ආදර කතාව....

පසුගියදා ඔහු යුග දිවියට එළැඹි පුවත සුවහසක් ක‍්‍රිකට් ලෝලීන් හට අලූත් ආරංචියක් නොවෙයි. මේ පවසන්නට සූදානම් වන්නේ මේ තරුවගේ ජීවන සහකාරියවූ ඒ වාසනාවන්තිය ගැන විස්තරයි.

ඇය හේෂානි ද සිල්වාය.

කවුද මේ සොඳුරු මනාලිය?

ඊට පෙර ඇන්ජලෝ මැතිව්ස් හෙවත් ඇන්ජි හෙවත්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ බොහෝ දෙනා ආදරයට අමතන ”කලූවා” වන ඇන්ජලෝ මැතිව්ස් ගැන විස්තර ටිකක් දැන ගනිමු.

1987 ජුනි 2 වැනිදා කොළඹදී උපත ලද ඇන්ජලෝ අඩි 6 ක් උසැතිය. බර්ගර් ජාතික පියාගේ නම ටිරෝන් මැතිව්ස්ය. ඔහුද ක‍්‍රිකට් පුහුණුකරුවෙකි. සිංහල ජාතික මව මොනිකා මැතිව්ස්ය. එක් වැඩිමල් සොහොයුරකු සහ නැගණියක ඇන්ජලෝ ට සිටී. 2006 දී වයස 19 න් පහළ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඇන්ජලෝ හෙවත් ආදරණීය ”කල්ලා” පසුගිය ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදී පුනේ වොරියර්ස් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ඉහල මිලක කොන්ත‍්‍රාත්තුවකට එළැඹි බව වාර්තා වේ. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුගේ දක්‍ෂතා නිසාමය. 2009 වසරේදී ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අවතීර්ණවූ ”කල්ලා” එක්දින පිටියට තම හැඩකාර කාල වර්ණය එක් කළේ 2008 නොවැම්බරයේදී සිම්බාබ්වේට එරෙහිවය. එතැන් සිට ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ලෝලීන් අතර ජනප‍්‍රිය තරුවක් වුවද ඔහුට මේ හැඩකාර පෙම්වතිය මුණ ගැසුණේ 19 න් පහළ කණ්ඩායමේ ක‍්‍රීඩා කරන අවදියේදීය. එකල මේ දෙදෙනා අතර තිබී ඇත්තේ මිතුරුකමක් පමණි. ඒ යාළු මිත‍්‍රකම ආදරණීය හැඟීමකට පෙරළුන කල තම ඇරදණීය හැඟීම් ඇන්ජලෝ හේෂා ට පවසා තිබේ.

”අම්මෙ එයා මගෙන් අහුවා. හැබැයි තවම මම කැමැත්තක් නම් දුන්නේ නැහැ.”

හේෂා ගෙදර ඇවිත් අම්මා ශ්‍යාමා හට එහෙම කිව්වාලූ. ඒ අතීතය ගැනත් තම පවුලේ විස්තර ගැනත් හේෂාගේ මව පැවසුවේ මෙලෙසිනි.
හේෂානි දුව පවුලේ දෙවැනියා. එයාගේ අක්කගේ නම ප‍්‍රශානි ද සිල්වා. ඇය විවාහකයි. සැමියා සහ දරුවා සමග ඇය පදිංචිවෙලා ඉන්නේ ඇමරිකාවේ. පවුලේ බාලයා ෂෙනාලි දුව තොරතුරු තාක්‍ෂණ අංශයේ උපාධිය හදාරනවා. හේෂානි දුව ඉගෙන ගත්තේ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන්. එයා කළමනාකරණ අංශයේ  MBA උපාධිය හමාර කළා. කාලයක් MAS ආයතනයේ සේවය කළා.

ඇත්තටම ”හේෂා” දුව හරි කීකරු ළමයෙක්. එයා එයාගේ සියලූ කටයුතු තනියම කර ගන්න තරමේ ධෛර්යසම්පන්න චරිතයක්. දෙන්නා අතර සම්බන්ධය ගැන කීවාම ඒ දෙන්නාට දෙන්නා තේරුම් ගන්න අපි කාලයට ඉඩ දුන්නා. දෙන්නම හරි විවෘතයි. ඒ වගේම සරලයි. හේෂා දුව කිසිම දෙයක් තෝරා බේරා ගෙන ජීවිතය සංකීර්ණ කරගෙන නැහැ. හරිම සරලයි. වයසක අයට, රෝගීන්ට හරියට උදව් කරන්න කැමැතියි. ඒ කටයුතු ඇය කරන්නේ හරිම කරුණාවෙන්. මේ ඔක්කෝම දේවල් අතරේ හොඳ රසට උයන්නxපිහන්න පවා ඇයට පුළුවනි. හේෂා ඇත්තටම හොඳ ගුණ යහපත් දරවෙක්. අපි ගැන හිතන, අපි ගැන හොයන අපිට ආදරය කරන දරුවෙක්. කවදාවත් අපි එක්ක එකට එක කියන්නෙ නැහැ. හරි හැදිච්ච දරුවෙක්. මොනවාට හරි අපි බැන්නා නම් චුට්ටක් විතර අඬලා එයා පැත්තකට වෙලා හිටියා. ඇත්තටම හේෂාට ආදරේ මායි - සැමියායි විතරක් නෙවෙයි. එයාගෙ අක්කයිxනංගියි එයාට හරි ආදරෙයි.

 

 

හේෂානි ද සිල්වාගේ මව තම දියණිය ගැන ඒ අදහස් ප‍්‍රකාශ කළේ පුංචි නොවේ, ලොකු ආඩම්බරකමක් දරාගෙන විය හැකිය. ඒ වෙන කිසිවක් නිසා නොව, තම දියණියගේ ගුණ යහපත්කම නිසාමය. අද ඇයට ”හේෂා” යනුවෙන් අමතන්නේ ගෙදර අය විතරක්ම නොවෙයි. ආදරණීය සැමියා ඇන්ජලෝ මැතිව්ස්ද ඇයව අමතන්නේ ”හේෂා” නමිනි.

හේෂාගේ තාත්තා ප‍්‍රකට වරලත් ගෘහනිර්මාණ ශිල්පී ප‍්‍රසන්න ද සිල්වාය. තම ක‍්‍රිකට් බෑණා වන ඇන්ජලෝගේ නව නිවසේ නිර්මාණ කටයුතු සිදු වන්නේද ඔහුගේ අධීක්‍ෂණයෙන්ය. මෙලෙසින් නව කැදැල්ලක උණුසුම සොයා සෙනෙහසින් අත්වැල් බැඳගත් මේ නව යුවළ ”ඇන්ජලෝ සහ හේෂානි” හෙවත් ආදරණීය ”කලූවා සහ හේෂා”ගේ නව දිවියට අපි සුබ පතමු.
 

ඡායාරූප - අන්තර්ජාලය

 



අදහස් (0)

ඇන්ජලෝ - හේෂා ආදර කතාව....

රුක්සලා Monday, 29 July 2013 06:45 AM

ඔබ දෙපලට මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ස්ග්ව්ධ්ග් ගුණසේකර Tuesday, 30 July 2013 07:38 AM

හොඳයි සතුටුයි (අ)

:       0       0

මැණික් Sunday, 28 July 2013 10:31 AM

ඔබ දෙපලගේ ජීවිතය වාසනාවෙන් පිරුණු සුන්දර ජීවිතයක්ම වේවා !!!!! (නි)

:       0       0

දිලූ Tuesday, 30 July 2013 09:03 AM

සුබ පැතුම් ඇන්ජි (ස)

:       0       0

ඉසුරි Tuesday, 13 September 2016 02:06 AM

දෙන්නම ගොඩක් ලස්සනයි. මම මුළු හදවතින්ම සුබ පතනවා (නි)

:       0       0

රනිල්කා ශාමනී Monday, 29 July 2013 09:25 AM

ඹයාලා දෙන්නට මගෙන් සුභ පැතුම් ! (ස)

:       0       0

චන්දි Friday, 26 July 2013 09:23 PM

රත්තරන් දුවේ ,පුතේ ඔබ දෙදෙනා පා තැබූ නව ජිවන මාවතේ කටු පදුරු,කිසිත් හමු ''නොවේවා'' කියා සතුටු සිතින් පතන අතරම වාසනා වන්ත දරු සම්පත් ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි (අ)

:       0       0

දයා අළහකෝන් Sunday, 28 July 2013 10:55 AM

රටට කීර්තියක් ගෙනෙන ඇන්ජලෝ, ඔබ දෙපළට සුභ පැතුම්! (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 31 July 2013 10:34 AM

ඇන්ජි, ඔබගේ යුග දිවියට උණුසුම් සුබ පැතුම් ! (නි)

:       0       0

ශශිකා Tuesday, 30 July 2013 02:35 PM

සුබ මංගලම් ජය මංගලම් (දී)

:       0       0

ශශ Tuesday, 30 July 2013 02:37 PM

සුබ මංගලම් (දී)

:       0       0

කුමාරිහාමි Monday, 29 July 2013 09:58 AM

ලක්ෂ ගණනක් වියදම් කරලා ඉගනගත්ත අනිත් ගැහැණු ලමයිනුත් මෙහෙම හිතනවා නම් ඉගනගත්ත පිරිමි ළමයින්ට රැකියා අවස්ථා වැඩිවෙනවා. එවිට වැඩි වැටුපකට රස්සාවක් හොයාගන්න පුළුවන්. ඒ වගේම රජයට උපාධිධාරීන්ට රැකියා දීමේ ප්‍රශ්නය බාගයක්ම අඩු වෙනවා. (නි)

:       0       0

දිනූ Monday, 29 July 2013 10:02 AM

සුභ පැතුම්!.........(දී)

:       0       0

sarath Saturday, 03 August 2013 11:47 AM

කුමාරිහාමිදන්න දේවල්. හැබැයි ඇත්ත.

:       0       0

තරු Sunday, 18 August 2013 12:53 PM

ඔබ දෙපලට මගෙන් සුබම සුබ පැතුම්. (නි)

:       0       0

කුමාරිහාමි Monday, 29 July 2013 02:27 PM

ක‍්‍රිකට් ක්‍රීඩකයෙක් හා විවාහය යනු ඕනෑම යුවතියකගේ සිහිනයක් කියනවා. එසේ වුවත් ජාතික කණ්ඩායමේ වුවත් ක‍්‍රිකට් ක්‍රීඩිකාවක් නම් එම තරුණිය විවාහ කර නොගැනීමට එයම හේතුවක් වේ. තරුණයන් පමණක් නොව දෙමාපිය වැඩිහිටියන්ද ක්‍රීඩකයන්ට දක්වන සැලකිල්ල ක්‍රීඩිකාවන්ට දක්වන්නේ නැත. ඊට හේතුව ක්‍රීඩිකාවන්ගේ ආදායම අඩු වීමද නැත්නම් වෙන එකක්දැයි නොතේරේ. (දී)

:       0       0

ජයී තිසර Sunday, 28 July 2013 09:26 PM

ක‍්‍රිකට් ලොවේ තම දස්කම් බල පෙන්වා.. ලංකා පිල රකී දහඩිය කඳු සොලවා.. ඇරඹූ නව දිවියෙ කිරි පැණි ඉතිරේවා.. දේවාසිරින් ඔබ සැමදා ඔබ රැක දේවා (නි)

:       0       0

රොහාන් Monday, 29 July 2013 02:36 PM

මගේ සුබ පැතුම් (දී)

:       0       0

තනුක Sunday, 28 July 2013 01:01 PM

සුභ පැතුම්! (නි)

:       0       0

බන්ටු Sunday, 28 July 2013 10:17 PM

සුභ පැතුම් ! (නි)

:       0       0

ප්‍රියා Sunday, 28 July 2013 01:17 PM

සුබ පතමු ඔබ දෙපලට (නි)

:       0       0

හර්ෂි Tuesday, 30 July 2013 11:17 AM

සුබ මංගලම්..!! ජය මංගලම්..!! යුග ජීවිතේ වාසනා!! (නි)

:       0       0

අනිල් Sunday, 11 August 2013 01:11 AM

පොටෝ එකක් දැම්ම නම් අගෙයි නේද.(නදී)

:       0       0

මලිත් Sunday, 28 July 2013 01:39 PM

වාසනාවන්ත යුග දිවියක් වේවා!!! (නි)

:       0       0

නෙලුම් Friday, 16 August 2013 08:16 PM

මගේ උණුසුම් සුභ පැතුම් ඇන්ජලෝ.. (ස)

:       0       0

දුම්මලසූරිය Thursday, 01 August 2013 01:56 AM

කළු කොල්ලගේ හිනාව ලස්සනයි ...ඔබ දෙපලට සුබ මංගලම්! (නි)

:       0       0

නිමල් Monday, 29 July 2013 12:32 PM

අපගේ සුබ පැතුම් පිළිගන්න! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 313 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 218 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1482 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 380 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 820 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 528 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site