IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇන්ටොනොව් යානයක් මත්තල

ඇන්ටොනොව්  වර්ගයේ  විශාල  භාන්ඩ ප්‍රවාහන ගුවන් යානයක්  අද   අළුයම මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර  ගුවන්තොටුපොළට පැමිණ ඇත.

 යු.ආර්  820-27 දරණ මෙම ගුවන්යානාව ඇමරිකාවේ සිට මත්තලට පැමිණ ඇති අතර එය අද මධ්‍යම රාත්‍රී 11.35 ට මත්තල සිට ඕස්ට්‍රේලියාව  බලා යාමට නියමිත බව වාර්ථා වෙයි.

මත්තල ගුවන් ගමන් කාල සටහනට අනුව අද  දිනයේදී මත්තලට පැමණීමට නියමිතව තිබුනේ ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් ගුවන් යානයක් පමණි.

මේ පිළිබඳව කළ විමසීමකදී මත්තල ගුවන්තොටුපොළේ උසස් නිලධාරියෙකු මුලින්ම පැවසුවේ එහි කාර්ය මණ්ඩලය 19 දෙනෙකු සිටින බවත් ගුවන් ගමන් භාන්ඩ තොගයක් රැගෙන යාම සඳහා පැමිණ ඇති බවයි. මෙවැනි යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගුවන් ගමන් භාන්ඩ රැගෙන යාම සඳහා පැමිණෙන බවත් ඔහු කීවේය.

එහෙත් තවත් නිලධාරියෙකු පැවසුවේ මෙවැනි යානයක් මත්තලට පැමිණි පළමු  අවස්ථාව මෙය බවත් එහි කාර්ය  මණ්ඩලය විවේක ගැනීමට මත්තලට පැමිණි බවයි.

රසියන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් යුක්රේන් යන ආයතනයට  අයත් මෙම ගුවන්යානය තුළ  විශාල ඇන්ජිමක් සහ අමතර කොටස් ඇති බව වාර්ථා වෙයි.

 

 



අදහස් (0)

ඇන්ටොනොව් යානයක් මත්තල

තිලක් -ඩුබායි Wednesday, 21 January 2015 04:27 PM

මහා බාන්ධාගාරයේ දැනට ඉතිරි වෙලා තියෙන රත්තරන් කිලෝ ටොන් ගානත් එහෙනම් පිටරටක අදිවී වගේ. (බ)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 21 January 2015 04:28 PM

හොඳට ඇහැගහගෙන ඉන්න වෙනවා දැන්නම් (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 21 January 2015 04:29 PM

අද රෑ එළිවෙනකොට මොනවා වෙනස්වෙලා තියෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

තිලක් -ඩුබායි Wednesday, 21 January 2015 04:30 PM

මත්තල ගුවන් තොටුපොළක් හැදුවේ ඕකට තමයි. අපේ අය තවම නිදිද? (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 22 January 2015 11:38 AM

ඔය නම් මොකක්හරි හොර වැඩකට වගේ. විවේක ගන්න මත්තලටම එන්න ඕනෑද? ලුණු ගෙනියන්න ආවාද දන්නේ කවුද? (නි)

:       0       0

අසෝක Wednesday, 21 January 2015 10:27 AM

අර කට්ටිය පනීද දන්නේ නැහැ (නදී)

:       0       0

මොහ‍ොමඩ් Wednesday, 21 January 2015 10:27 AM

මහින්දගේ ලම්බෝගිනි එන්ජින් ඔක්කොම ඡන්දෙට කලින් මාතර ලංගම බස්වලට හයි කරා. ඒවා කළේ චීනේ බාස් කෙනෙක්. (නදී)

:       0       0

දස්තකීර් Wednesday, 21 January 2015 10:36 AM

මගේ අදහස මත්තල ගුවන් තොටුපොළ දේශපාලනයකින් තොරව බාවිතයට ගන්න අපේ ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි (නදී)

:       0       0

රොෂාන් Wednesday, 21 January 2015 10:35 AM

මත්තල ගැන සුබ සිහින දකින්ඩ පුළුවන් වෙයි වගේ (නදී)

:       0       0

මංජුල Wednesday, 21 January 2015 10:43 AM

මොනවද දන්නේ නැ පටවන්නේ (බ)

:       0       0

රාජේන් Wednesday, 21 January 2015 10:45 AM

මත්තලට දැන් මැස්සෙක් බෑවත් සැකයි (බ)

:       0       0

රාළහාමි Wednesday, 21 January 2015 10:49 AM

ඇයි යකෝ ගුවන් යානාව කටුනායකට නැතිනම් මත්තලට මිසක් පිටකොටුවට බාන්නයැ. කිය කිය හිටියේ මත්තලට මුකුත් එන්නේ නෑ කියල නේද? (බ)

:       0       0

අගෝරිස් Thursday, 22 January 2015 08:50 AM

ලාබෙට කුරහන් අරන් යන්න ආවද දන්නේ නෑ (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 21 January 2015 11:07 AM

කාලසටහනට පිටින් එන ගුවන් යාන සැකයි තමයි ! ඒකවත් දන්නේ නැද්ද.? (ර)

:       0       0

කමල් Wednesday, 21 January 2015 11:28 AM

මහින්ද මහත්තයාට පිං සිද්ධ වෙන්න ඒ අයට ප්ලේන්ටියක් එහෙම බීලා ටිකක් විවේක අරගෙන යන්න පුළුවන්.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 21 January 2015 11:44 AM

දැන් දැන් සිදුවන දේවල් අනුව මේ ගැන දෙපාරක් සිතා බලා බුද්ධි අංශද දැනුවත් කරන්න. අර එක්කෙනෙක් ප්‍රසිද්ධියේම කිව්වනේ කටුනායක වැහුවොත් අපිට මත්තලින් පනින්න පුළුවන් කියලා.(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 21 January 2015 11:53 AM

අද දවසටම එන්න තියෙන්නේ එක ප්ලේන් එකද ?(හේ)

:       0       0

සමන්ත Thursday, 22 January 2015 10:01 AM

අර ඡන්දෙ ඉවරවුණු වහාම යු.එස්. වලට පලා ගිය හාදයට ගෙනියන්න බැරි වුනු රටේ මිනිස්සුන්ගෙන් හුරකෑ ඉතිරි බඩු ටික ගෙනියන්න වෙන්න ඇති (අ)

:       0       0

බණ්ඩාර Wednesday, 21 January 2015 11:57 AM

දවසටම එක ගුවන් යානය නම් එන්නේ එකේ යන්න ඉන්නේ මගින් දෙදෙනෙක් නම් කරුණාකරලා මත්තල වහන්න .මේවා ජාතික අපරාද .(හේ)

:       0       0

අමාලි Wednesday, 21 January 2015 12:04 PM

මත්තලට යානයක් ආවත් බ්‍රේකින් නිවුස් එකක්. ආවොත් ඒකත් විවේකයක් ගන්න තමයි.(හේ)

:       0       0

යුසුෆ් Wednesday, 21 January 2015 12:07 PM

මත්තලට ගුවන් යාන ආවේ මේ ආණ්ඩුවෙන් මිසක් මහින්ද ගේ ආණ්ඩුවෙන් නොවේ.(හේ)

:       0       0

කුමාර Wednesday, 21 January 2015 12:16 PM

ගුවන් යානය රුසියන් නිසාද මෙහෙම කට්ටිය දගලන්නේ (දිල්)

:       0       0

පාලිත Wednesday, 21 January 2015 12:17 PM

වහාම හොයන්න ඉක්මනට, නොදන්වා එන්න මේක පාරේ යන බස් එකක් නෙවිනේ. ලම්බෝගිනි රටින් පිටකරන්න ආවද දන්නේ නැ, ජනතාවට අහුවෙන්න කලින්. (දිල්)

:       0       0

මැණිකේ Wednesday, 21 January 2015 12:23 PM

මේකේ කවුරු රට පනීවිද (දිල්)

:       0       0

තිලක් Wednesday, 21 January 2015 12:33 PM

ගුවන් යානා ආවත් වැරදී, නාවත් වැරදී, වෙන වැඩ නැද්ද ?(දිල්)

:       0       0

කුමාර Wednesday, 21 January 2015 01:00 PM

එක පාරටම මොකද මත්තල මතක් වුණේ.(හේ)

:       0       0

උපුල් Thursday, 22 January 2015 03:17 PM

ප්‍රවේශම්වීම කෝකටත් හොඳයි (නි)

:       0       0

චානුක Wednesday, 21 January 2015 02:02 PM

ගුවන් යානා එන්න තමයි එයාර්පෝට් හදන්නේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 7 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 372 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 164 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 326 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 751 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 307 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site