IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඇඳුමට හබ වී පුතා මවට ගහයි

කලිසමක් හා බ්ලව්සයක් ඇඳ ඉතාලියේ මිලානෝ නුවර රැකියාවට යන්නට සැරැසුණු ශ්‍රී ලාංකික මවකට (40) පුතා බැන වැදී පහරදුන් බව ඉතාලි පුවත්පත් කියයි. එම ඇඳුම නොසුදුසු බව පුතාගේ මතය විය. මවගේ කෑ ගැසීම ඇසී අසල්වැසියන් ආවත් දොර වසා තුබූ නිසා පොලිසිය කැඳැවිණි. කාන්තාවගේ සැමියා ඒ අවස්ථාවේ ගෙදර නොසිටියේය. මව දවසක් රෝහල් ගත කළාය. මේ පුතා මවට පහර දීමට අත ඉස්සූ මුල්වතාව මෙය නොවන බව කියති. මවට හිරිහැර කළැයි ඉතාලි පොලිසිය ඔහුට එරෙහිව නඩු පැවැරීමට යයි.



අදහස් (0)

ඇඳුමට හබ වී පුතා මවට ගහයි

සරා Friday, 17 August 2012 10:16 AM

පුතා ඇදුමක් කියල අම්මට ගහලා කියන්නෙ අම්මා හොද කෙනෙක් වෙන්න ඇති (ස)

:       0       0

පද්මි Friday, 17 August 2012 10:28 AM

මේවා මෙහේ ඉතාමත්ම සුලුයි. දේසේ හැටියට වාසේ. (නි)

:       0       0

සුනිල් Friday, 17 August 2012 04:11 PM

ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ.... (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 08:29 PM

ජාතකයේ වැරැද්දනේ ඔය. (නි)

:       0       0

අමර ඉරන්ගනී Thursday, 16 August 2012 08:43 PM

පව් කාර දරුවෙක් අම්මගේ අගේ නොදන්න..(ස)

:       0       0

කුරුවිට Friday, 17 August 2012 11:18 AM

අම්මට ගහපු අත් දෙක කැඩෙන්න ඕන..(ස)

:       0       0

mena1023 Thursday, 16 August 2012 09:15 PM

අයියෝ සල්ලි

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 21 August 2012 12:21 PM

ඔව් සමහරක් අම්මලා විලිසංගෙ නැති ඇදුම් තමයි අදින්නෙ.. ඉතාලියෙ මොකද ලංකාවෙ සමහර අම්මලා පිරිමි ළමයින්ගෙ පාසල්වලට යන හැටි දැක්කම වස ලැජ්ජයි..!(නු)

:       0       0

චමින්ද Thursday, 16 August 2012 09:50 PM

මේක දෙපැත්තම බලල විසදන්න ඕන ප්‍රශ්නයක්. මොනවා උනත් ගහපු එක වැරදියි. කලිසමක් ඇන්දා කියලා ‍‍අපේ කම නැති වෙන්නේ නෑනේ හැබැයි.(ස)

:       0       0

ප්‍රියා Friday, 17 August 2012 11:51 AM

පුතා ගහපු එකනම් වැරදියි. අපේකම මතක් වෙන්නේ රට ගියහම තමයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 17 August 2012 07:33 PM

අම්මට ගහපු එක වැරදි වුණත්, පුතාට පාරේ බැහැලා යන්න බැරි විදියේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නත් පුලුවන්. (නි)

:       0       0

ජස්මින් ඩැනියල් Friday, 17 August 2012 12:45 AM

කොටට කොටේ සායවල් අදිනවට වඩා හොදයි කලිසම්..!!(නු)

:       0       0

නන්දනී Friday, 17 August 2012 01:13 AM

යුරෝපයට සුදුසු කලිසම තමයි.සාරි නෙමෙයි..(ස)

:       0       0

ශානිකා Friday, 17 August 2012 01:04 PM

ඉතාලිය වගේ රටක වැඩ කරද්දී කලිසමක් ඇදල වැඩ කරන එක පහසුයි,අනික කලිසමක් අන්දම මොකද වෙන්නේ එකට ගහන්න ඕනද ,ඔහොම පවුකාර දරුවොත් ඉන්නවනේ අනන්තවත්,පුතාගේ අත් දෙක කඩන්න ඕනා,ඔය ඒ අම්මට ගහපු පලවේනිවතාවත් නෙමෙලුනේ,පවුකාර දරුවෝ. (ස)

:       0       0

නිහාල් Friday, 17 August 2012 01:12 PM

පුතාව මානසික වෛද්‍යවරයෙකුය පෙන්නන්න කියන්න. (නි)

:       0       0

මාරසිංහ Saturday, 18 August 2012 02:35 PM

දෙවියන්ටත් වැඩදිලාද කොහේද මේ වගේ අයට ඉතාලි යන්න වරම් දීල තියෙන්නේ. ඉතාලි දේශගුණයට තමයි ඔය ඇඳුම හැදිල තියෙන්නේ. (අ)

:       0       0

කුමාර Friday, 17 August 2012 03:25 AM

අම්මගේ හැටි පුතා නේ දන්නේ.(ස)

:       0       0

ඩයස් Thursday, 16 August 2012 06:01 PM

ගහන්න නම් හොද නැහැ තමයි. එයාට තිබුණා අඩුම ගානේ තාත්තටවත් කියලා බලන්න. (නි)

:       0       0

නදී Friday, 17 August 2012 08:01 AM

විභූෂ , ඔයා කියන්නේ ඇත්ත. සේනකට පොඩ්ඩක්වත් දැනුමක් නැහැ වගේ තමයි. (නි)

:       0       0

සුධර්ම Thursday, 16 August 2012 06:20 PM

පිටරට සංස්කෘතියට හුරුවෙන්න බැරි නම්, ඇයි දෙයියනේ ලංකාවේ නොහිටියේ? (නි)

:       0       0

රජිව් Thursday, 16 August 2012 06:26 PM

අම්මා කෙනකුට ගහනවා කියන්නේ මහා පවක්. (නි)

:       0       0

රම්‍යා Thursday, 16 August 2012 06:28 PM

අනේ ඉතිං, ඉතාලියේ සාරි අදින්න පුලුවන්ද? (නි)

:       0       0

සේනක Thursday, 16 August 2012 06:36 PM

අම්මා හොද සක්කර වට්ටමක් වෙන්න ඇති සමහරවිට. පුතා හේතුපිට වෙන්න ඇති කේන්ති ගන්න ඇත්තේ. (නි)

:       0       0

අමේෂ් Saturday, 18 August 2012 01:02 AM

අම්මට ගහපු 1 වැරදියි...(ස)

:       0       0

සරත් Friday, 17 August 2012 09:00 AM

අම්මට එහෙම අදින්න මොකක් හරි හේතුවක් ඇතිනේ. (නි)

:       0       0

රංග Friday, 17 August 2012 09:09 AM

ඉතාලි ගිය මෝඩයෙක්. (නි)

:       0       0

සජී Friday, 17 August 2012 09:10 AM

අම්මත් වැරදි වේන්න පුළුවන් .තමංගේ අම්මට ගහන්න හිතන එකත් පවක්..(ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 16 August 2012 07:00 PM

තම මවට පහරදීම කිසිසේත් අනුමත කළ නොහැක.. තමන් පතන නිවන තිබෙන්නේ තම දෙමාපියන්ගේ දෙපා යට බව මා අසා තිබෙනවා..!!

:       0       0

Sahehar Dawood Thursday, 16 August 2012 07:05 PM

මේ කොල්ල දේශප්‍රේමියෙක් වෙන්න ඕන... එවන්න ලංකාවට ඒ ගොඩට වැටෙන්න...!(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 16 August 2012 07:11 PM

ඒ ඇදුම අම්මට නුසුදුසුයි කියා පුතාට හිතෙන්න ඇති..!(නු)

:       0       0

ඉන්දික Friday, 17 August 2012 09:35 AM

වැරැද්ද තියෙන්නෙ කලිසමේ නෙමෙයි. බලපු කෝනෙයි වැරදි. (ස)

:       0       0

විභූෂ Thursday, 16 August 2012 07:15 PM

සේනක අම්මා කිරි පොවද්දි නම් සක්කරවට්ටමක් නෙමෙයි වෙන්න ඇති නේද? අම්මා මොනවා උනත් ගහන එක සම්පූර්ණයෙන්ම වැරදි සේනක හොදද? ටිකක් සමාන්‍ය දැනීම මදි වගේ සේනකට(නු)

:       0       0

ලංකාසිරි Friday, 17 August 2012 03:31 PM

මේවා ආනන්තරීය පාප කර්ම. (නි)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 07:16 PM

කොහේ හිටියත් තිරිසනා තිරිසනාමයි.. අම්මා මොනවා කළත් පුතෙකුට බැහැ අම්මට අත උස්සන්න...!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 114 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5461 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1175 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 355 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2121 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2057 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site