IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇඳිරිනීතිය මැද මැණික්හින්නේ කළබල

(තරිඳු ජයවර්ධන)

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

අද රාත්‍රී පුද්ගලයින් 400 ක පමණ කණ්ඩායමක් මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත්, හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් එම පොලිස් නිලධාරියා කීවේය. 

පොලිසිය අහසට වෙඩි තබද්දී පිරිස පලා ගිය බව කී පොලිස් නිලධාරියා තුවාලකරුවන් සිටීද යන්න ගැන මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බවද පැවසීය. 

හදිසි නීතිය යටතේ කළබලකාරී තත්ත්වයන් පාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවටම බලය ලබා දී ඇති බවද, මේ යටතේ අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලබා ගැනීමට පවා නොහැකි බවද  කී උසස් පොලිස් නිලධාරියා සාමකාමීව නීතියට අනුකූලව  කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අවධාරණය කළේය.

(ඡායාරූපය ප්‍රදීප් පතිරණ)



අදහස් (27)

ඇඳිරිනීතිය මැද මැණික්හින්නේ කළබල

මැණික් Tuesday, 06 March 2018 04:50 PM

අහසට වෙඩි තිබ්බම තුවාල කරුවන් ඉන්නෙ කොහොමද??

:       23       20

ජගත් ලියනගේ Tuesday, 06 March 2018 05:52 PM

මොන කරුමයක්ද මන්දා වෙලා තියෙන්නෙ . පුදුම හෙනහුරෙක් නේ අපිට ලබල තියෙන්නෙ.

:       0       25

Ajith Nissanka Tuesday, 06 March 2018 07:16 PM

දැන් කට්ටියට මාර සතුට ඇති. පුළුවන්තරම් මුස්ලිම් බිල්ලෝ මවල දැන් බොරුවට සාමය ගැන කියවල වැඩක් නැහැ. වැඩිකල් යන්න කලින් ඔය මැදපෙරදිග රටවල රැකියා කරන ලංකාවේ අය පන්නා දාන තැනකට ඔය තක්කඩි ජාතිවාදීන් වැඩ කරනවා.

:       1       230

BamunuarachchiWednesday, 07 March 2018 11:38 AM

ඔබ ලෝකය ගැන අවබෝදයක් ඇති සිංහලයෙක්ද නැතිනම් නිකම්ම නිකන් සිංහලයෙක්ද?

:       29       19

samarawikrama Tuesday, 06 March 2018 10:14 PM

උඩට නෙවෙයි මේ වගේ උන්ට වදින්නම වෙඩි තියන්න ඕන, දේශපාලන ඕනෑකම්වලට නැවතත් රට තුල ජාතී වාදී කලබල ඇති කරන්න හදනවට. යන්තම් එක යුද්දයක් ඉවර කරගන්න පුළුවන් වුනේ අපේ රණවිරුවන් ජීවිත පුජා කරපු නිසා. යුද්දේ තියන කාලේ මේ පුහු වීරයන් හිටියේ ඇදන් යට හැංගිලා. මේ විනාස කරන දේපල වල වන්දිත් විනාස කරපු වුන්ගෙන්ම ගන්න ඕන. ආණ්ඩුව විනාස වුන දේපල වල වන්දිය ගෙවල නැවතත් ඒවා මේ රටේ අහිංසක මිනිසුන්ගෙන්ම බදු වලින් අය කරගන්න එක කරන්නේ. ආණ්ඩුවට සහ පොලිසියට කොන්ද පන නැති වුනාම මේක වෙනවා. සමහර පොලිස් නිලදාරින් තමන්ගේ ඉස්සරහ මිනිහෙක් මැරුවත් අහක බලාගෙන දැක්කේ නැහැ වගේ ඉන්නවා. .

:       563       699

nayan Wednesday, 07 March 2018 12:03 AM

ජනතාව එරෙහි විය යුත්තේ දුෂිත දේශපාලනඥයින්ට විරුද්ධව හා නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට විරුද්ධව විනා තවත් ජනකොටසකට විරුද්ධව නොවේ. 30 වසරක වාර්ගික යුද්ධයකින් හෙම්බත් වී සිටින රටක් නැවතත් අඳුරු අගාධයකට ඇදදැමීමට උත්සහ කරන අන්තවාදී බලවේගයන්ට යටත් නොවී බුද්ධියෙන් සිහිකල්පනාවෙන් යුතුව කටයුතු කරන ලෙස සියලු ජන වර්ගයාගෙන් ඉල්ලමි. ඔබගේ දරුවන්ට නැවතත් යුද්ධයක් දකින්නට එපා.

:       1       275

Sandhya Wednesday, 07 March 2018 01:27 AM

නීතිය පැහැදිලිව තිබෙද්දීත් අත් අඩංගුවට නොගත්තේ වෙනත් බල පෑම් නිසාද .?

:       47       35

lalithsjm Wednesday, 07 March 2018 01:33 AM

එක හා සමානව පිළිගත් නීතියක් මහජනතාවට ඕන.

:       0       78

gunarathna Wednesday, 07 March 2018 02:05 AM

අහසට වෙඩි තිබ්බනම් කොහොමද තුවාල කාරයෝ ඉන්නවද දන්නේනෙහෙ කියන්නේ.මිනිස්සු අහසේත් හිටියද.පොලිසියේ පොඩ්ඩනේ හදිසි නීතිය තිබුන කියල දහ අතේ වෙඩි තියන්ට එපා.කවද හරි කාලෙක උසවිගානේ හිරේ විලංගුවේ වෙටෙන්ට වෙන්නේ ඔබතුමාලට තමා.

:       361       506

aseWednesday, 07 March 2018 04:11 AM

දුවලා වැටිලත්, තෙරපිලත් තුවලවෙන්න පුළුවන් , ලියන්න පෙර ටිකක් හිතුවොත් හොඳ නේද ?? තැනට නුසුදුසු දේවල් කීමෙන් සහ ලිවීමෙන් අවාසනාවන්ත දේවල් සිදුවිය හැකි .

:       1       39

සතයපාලWednesday, 07 March 2018 04:34 AM

උසාවීගානේ හිර ගෙවල් ගානේ යන්න වෙන්නේ අවනීතියට වැඩ කලහොත් විතිරයී.නීතියට අනුව වැඩ කරාම එහෙම වෙන්නේ නැහැ.රටේ හදිසි අවස්ථාවක් ප්රකාශයට පත් කරලා තිබියදී.ඇදීරී නීතිය පවා පනවා ඇති අවස්ථාවක කලහකාරී ලෙස ඇසිරෙමින් දේපොල ගිණි තබමින් හා මිනිස් ඝාතන කරන සංවිධානාත්මකව ක්රියාත්මකවන මේ අපරාධ කරුවන් මර්ධනය කිරිමට අහසට නොව ඔවුන්ගේ හිසට උනත් වෙඩි තියන්න හදිසී නීතිය යටතේ (ඒ නීතිය යටතේ වසර තිහක් පමණ ජීවත් වී අත් දැකීම් ලැබ ඇති නිසා) පොලිසියට හා හමුදාවන්ට බලය තිබෙන බව අපගේ විශ්වාසයයී.

:       1       27

roshanWednesday, 07 March 2018 04:40 AM

කවද හරි කාලෙක උසවිගානේ හිරේ විලංගුවේ වෙටෙන්ට වෙන්නේ නැහැ මොකද හදිසි නිතිය යටතේ පොලිසියට එතරම් බලයක් ඇත.

:       1       25

ඩී. ජයදේව Wednesday, 07 March 2018 02:50 AM

අනේ මන්දා. අහසට වෙඩි තියන්න අහස නෙමෙයි නේ කළහකාරී ලෙස හැසිරෙන්නේ

:       70       172

indika Wednesday, 07 March 2018 03:31 AM

මේ ගොල්ලන්ට පිස්සුද මන්ද. මෙහෙම මුළු රටේ ජනතාවම හදනවා කලහකාරී නොවෙන්ඩ. එම උනත් ටික දෙනෙක් පිස්සෝ වගේ හැසිරෙනවා.

:       0       37

nimal Wednesday, 07 March 2018 03:47 AM

අහසට මොකටද තියන්නකෝ ඔලුවටම කලබල කරන එවුන්ගේ...

:       1       20

නීති සහ දඩුවම් වැඩි කල යුතුය Wednesday, 07 March 2018 04:08 AM

"ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් පාලනය කිරීමට අහසට වෙඩි තැබූ බව " .. මැණික්හින්නේ ගම වාසින්ද, පිටින් ආ අයද ? 1983 ලෙස සිංහල ජාතියේ හැසිරීම. අප තවමත් පාඩම් ඉගෙනගෙන නැත. 1960 සිංගප්පුරුවේ අගමැති ලිකුවන් යු ලංකාවෙන් පාඩම් ඉගෙනගෙන ඉංගිරිසි උගන්වා , නීති තද කර රට හැදුව. සිංගප්පුරුවේ අගමැති ලිකුවන් යු කල දෙය , අපේ ජනපති සහ අගමැති ට එක්වී කල හැකිය. නමුත්, ජනපති පසුගිය දින 14 තුල , සුළගට වැනෙන බට දණ්ඩක් සේ පොහොට්ටු හොරුන් සමග සිටීමට උත්සහ කිරීම, නිසා ලොව පාලනය කරන තැනින් දුන් (දිට්ට දම්ම වේදනීය කර්මය සිදුවන ක්‍රමය) වෝනින් Warning පණිවුඩයකි. මිට වඩා නීති තද කල යුතුය. දඩුවම් වැඩි කල යුතුය.

:       362       262

Chanda Wednesday, 07 March 2018 04:29 AM

හරකා මරු සතෙකි වමාරා නැවත කයි. ඔටුවා පිටේ වතුර ගබඩා මොල්ලිය, ජිරාෆ් දික් බෙල්ල, අලිහොඩේ, ඌරු දල, මි හරකාගේ අං, ගෙබි කකුල් , කක්කුට්ටෝ ඇවිදීම්මි. පැස්බරාගේහොට ,කිබුල් කදුළු , කටුසු වර්ණ , නයි විෂ , හුනාහේ නැට්ට , බලු නගුට වගේ ඒවා මිනිස් සතාගේ නැතිවට වැඩේ නම් කෙරෙයි

:       66       0

හසිත Wednesday, 07 March 2018 04:38 AM

කවුරු උසි ගන්වුවත් නැතත් මිනිස්සු විශාල පිරිසක් මේ ආකාරයෙන් ඒක රාශි වීමට ඒ සමාජය තුල යම්කිසි දැවෙන පිඩනයකින් පසු විය යුතුයි.එක් ජන වර්ගයක් පදනම්ව, වෙනම ආහාර සංස්කෘතියක්,මේ රටට කිසි සෙත් නොගැලපෙන අනත්වාදී ඇදුම් වර්ග, වෙනම උසාවි,වෙනම බැංකු, වෙනම පාසැල්,වෙනම ජන වර්ග කලාප බිහි කිරීමේ භයානක ප්‍රතිපල තමා මේවා. බෙදී වෙන්වීමට අවශ්‍ය ප්‍රතිපාදන රජය අනුග්‍රහයෙන්ම ඉටු කොට දී, හැම මනුස්සයම එකයි කියා කිය බයිලා කියල හරියන්නේ නෑ. මෙවැනි විෂම පරිසරයක් තුල අන්තවාදීන් ජනිත වීම කිසි ලෙසකින් හෝ නවතාලිය නොහැක. බහුතර සිංහල දේශපාලකයින් චන්ද වාසි ලබාගන්න මේ උතුම් රට විනශ කරල ඉවරයි.

:       594       502

nisarWednesday, 07 March 2018 06:15 AM

කොය් වර්ගයාටද සංස්කෘතියක් නැත්තේ. ඔබට බටහිර සංස්කෘතිය හොඳය් නම් එක ඔබගේ කැමැත්ත

:       705       121

sanjeewaWednesday, 07 March 2018 06:48 AM

අපි පොඩි කලේ නම් මුස්ලිම් වරුන්ට එහෙම අරාබි සංස්කෘතියක් තිබුනේ නැහැ. මේක මැතකදී මුස්ලිම් වරුන්ට බෝ උන ලෙඩක්.

:       0       502

දම්මික Wednesday, 07 March 2018 05:04 AM

ඇයි අහසට කෙලින්ම ඔලුවට තියන්න ,එත් මුන්ට ඔලුවක් නෑනේ

:       146       149

kumara Wednesday, 07 March 2018 05:04 AM

වෙඩි තැබීම...මෙක තමයි අවසාන ප්රිතිඵලය. 1957, 1983, සිංහල දෙමල මැරයන්ට නිතියෙන් දඩුවම් නොදී 2010 දී ජීවිත ලක්ෂ ගානකින් වන්දි ගෙයන්න වුනා. හැබැයි යුද්ධයට විසදුම යුද්ධමයි වුනත් යුද්ධයට නොගිහින් ප්‍රශ්ණ විසදාගැනීමයි කලයුත්තේ. ඊයේ රැ කොළඹ වුනු ජනරාශිය (යුතු හෝ අයුතු) සිංහලයින් ගෙන් වුනානම් කදුළු ගෑස් ගහලා වෙඩිත් තියනවා. සැම සිද්ධියකම වෙන්නේ සුළු ජාතියට විශාල වරප්රයසාද ලැබීම. අම්පාරේ සිද්ධියේ දි වෛද්‍ය වරයෙක් කියලා තිබුනා වද පෙති කියලා එකක් නැහැ කියලා. හැබැයි කෑම එකකට ඇදුමකට මොන පෙත්තක්වත් ඕනෙ නෑනේ. හැමෝම පසුව වෙන විශාල හානිය දකිනවා නමුත් මූලික හේතුව විසදන්නේ නැහැ. හිතලා බලන්න මේ සිද්දී දෙකේදීම මූලික හේතුව හැදුවේ කවුද? (එයට අදාල සුළු ජාතිය කිසිවිටක නොඉවසන වෙනත් කිසිදු ජාතියකට අනුකම්පා නොකරන ආකාරය දරුවකු වඩාගෙන ඔවුන් වැඩිපිරිසක් සිටින බස්රථයකට හෝ දුම්රියකට ගොඩ වී බලන්න.) මූලික සිද්ධිය ඉවසාගෙන සිටීම සංහිදියාවන්ම්........ ප්‍රශ්ණය නොවිසදා යටපත් කිරීම හේතුවෙන් අනාගතයේදී ප්‍රශ්ණය විසදීමට උතුරේ මෙන් ත්‍රිවිඩ හමුදාව ම අවශ්‍ය වේවි. සැබෑ සාමය යනු මැරයා / නොඉවසන්නා මෙල්ල කිරීම හා නීතිය, අයිතිවාසිකම්

:       68       334

nimal Wednesday, 07 March 2018 05:48 AM

ඔය කලහ කාරයෝ කවුරු හරි කියලා දෙන්න සිංහල මිනිහෙක් ගහලා සිංහලයෙක් මැරුනොත් අපි කාට ද ගහන්න ඕන. මුස්ලිම් මිනිහෙකුට මුස්ලිම් මිනිහෙක් ගහලා මැරුවොත් අපි මේ දේම කරනවාද?

:       15       56

sigithi Wednesday, 07 March 2018 05:52 AM

රටකට හරි නායකත්වයක් තිබුනානම් මෙලෙස නොවේවි , නායකයෝ තමන්ගේ බඩ තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතන කොට මෙවැනි දේවල් වෙනවා .ලෝකයටම තමන්ට රට පාලනය කිරීමට බැරි බව පෙන්වා හමාරයි .

:       11       95

athula Wednesday, 07 March 2018 05:57 AM

මේ සේරටම හේතුව බල ලෝබය , ඉන්න උනුත් හිටිය උනුත් කරන්නේ එකම දෙය , හිටපු උන් බලනවා කොහේ හරි පත්තු කරලා බලය ගන්න ඉන්න වුන් බලනවා පත්තුවෙන දේවල් නිවන්න ගිහින් බලය නැති වේවි කියල , අන්තිමේදී වෙන්නේ විනාශ වෙන්නේ අර්ටේ සමගිය ආර්ථිකය , සහ සාමය

:       26       25

TV Wednesday, 07 March 2018 06:18 AM

කුමාර ගේ කතාව සමහරක් ඇත්ත . නමුත් 2018=1983 කිරීමට අපි මෝඩයන් විය යුතුද? 1978 න් පසු 1983 දක්වා අම්පාර, නුවර දැන් සිදුවුවාසේ සිදු විය. රජය ගණන් ගත්තේ නැත. වද පෙති කතාව ආරම්බය වේ. හේමාස් රෝහල වර්ජනය කරන ලෙසත් නොලිමිට් නොයන ලෙසත්. මේවා ජාති වාදී රටවල් දුර්වල කරන කතා වේ. වද පෙති ගැනීමට , මුස්ලිම් හෝටලයෙන් කන්නේ ඇයි? ගෙදරින් කෑම කන්න. වෙනත් කඩ නැත්ද? අම්පාරේ මෙම සිද්දිය ට රජය ජාතින් එකතු කිරීමට යමක් කලාද ? රජයට තනිවම මෙයින් ගොඩ යා නොහැක.ආගමික නායකයින් , මිට වඩා ඉදිරියට පැමිණ ජනතාවට කතා කරන්න .දරුවකු වඩාගෙන බස්රථයකට හෝ දුම්රියකට ගොඩ වූ විට කල යුතු දේ ගැන කෙටි දැන්වීම් මගින් අවවාද කරන්න. TV වල තරු හොයන වැඩ සටහන් , ඉන්දීය ටෙලි නාටක නවතා, ජනතාවට උපදෙස් දෙන්න. දේසපලකයින් කොටවන කියන කතා නවතන්න.

:       130       203

Parakrama Abeygunawardane Thursday, 08 March 2018 12:00 PM

රට ගිනිගන්න කම් බලා සිටින මෙවැන්නන් සිටිය යුත්තේ හිරගෙදර මිස පාර්ලිමේන්තුවේ නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1234 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 467 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 147 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 422 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 756 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 272 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site