අනීෂා මානගේ
ඇඳිරිනීති කාලයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් එහි රියැදුරු සමඟ අද(14) අලුයම අත්අඩංගුවට ගත් බව හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු කියති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
ඇඳිරිනීතිය පැවැති කාලයේදී ධාවනය කළ මෙම සුඛෝපබෝගී මෝටර් රථය තංගල්ල ප්‍රදේශයේදී නවත්වන ලෙස පොලිස් නිලධාරින් අණකර ඇති අතර එම රථය පොලිස් අණනොතකා ධාවනය කර ඇතැයි නිලධාරිහු කියති.
පසුව මෙම රථය හුංගම බටඅත ප්‍රදේශයේදී නවතන ලෙස පොලිසිය විසින් අණකළද එම ස්ථානයේදීද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර අළුයම 12.40ට පමණ නෝනාගම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා රථය අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්වී ඇත. අත්අඩංගුවට පත්වන විට මෝටර් රථයේ රියැදුරු බීමතින් සිටි බවට තහවුරු වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඇඳිරිනීතිය කඩ කිරීම, බීමතින් රිය පැදවීම සහ පොලිස් අණ නොතකා ධාවනය යන චෝදනා අනුව සැකකරුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව හුංගම පොලිසිය කියයි.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇඳිරිය කඩමින් පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට
P. Ilangaratne. Sunday, 14 June 2020 07:21 AM
ඔලුවටම තිබ්බේ නැත්තේ ඇයි?
BamunuarachchiSunday, 14 June 2020 08:04 AM
දෙසැරයක් හිතන්න.. වාහනයේ අයිතිකාරයා නම් වාහනයේ පැදවූවේ RPG එකක් ගැහුවත් කමක් නැහැ. දරුපවුලක් රකින රියදුරෙක් නම් මොහුගේ නොහොඹිනා කමට දරුපවුලක් අනාථයි නේද?
පෙරේරාSunday, 14 June 2020 09:24 AM
ඕක ත්‍රීවීල් එකක් නම්, පොලිසියට ඕක එලවන්නෙ අයිතිකාරයාද නැත්නම් දරු පවුල් රකින රියදුරාද කියා අදාල නැත. කෙලින්ම RPG තමයි. එකම රටක් එකම නීතියක්. රෙස්පෙක්ට්...
nihal Sunday, 14 June 2020 10:58 AM
ඇයි වෙඩි තිබ්බේ නැත්තේ...? ඔහොම එවුන්ට වෙඩි තියන්න ඕනෑ. දේශපාලුවෙක්වත්ද? නැතිනම් කුඩු මුදලාලියෙක්ද? සාමාන්‍ය කෙනෙක් වෙන්න බැහැ. සාමාන්‍ය කෙනෙක් නම් වෙඩි තියනවනේ. ඔය කාකි කෝට් කාරයින් දේශපාලුවන්ට බයයි.
Don Sunday, 14 June 2020 12:06 PM
සත්‍ය වශයෙන්ම බීමත්ව රිය පැදවූයේ දේශපාලකයෙක් විය හැකිය. ඒ හින්දා වෙන්නැති නිදහස් කරන්නට ඇත්තේ...
Nandalal DE SILVA - FranceSunday, 14 June 2020 05:40 PM
කොටින්ම කියනවා නම් බලයේ සිටින පක්ෂයේ පොරක් වෙන්න පුළුවන්!!! නැතිනම් ඔහොම නිදහස ලබාගන්න බැරිවෙයි.
Sarath Monday, 15 June 2020 08:21 AM
පෙරේරා මහත්මයා මගේ හැඟීම ඔබතුමා හරි... ඕකට එකපාරම RPG ගහන්න යන්න අවශ්‍ය නෑ. අනික් කරුණු ඔය වැරදි කීපයක් කරලා අහු වුනේ පාන්දර යාමේ.., උදේ වෙනකොට ඇපත්දීල මීඩියා එකටත් ගිහිල්ලා...