IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඇප දෙන තුරු ගෝඨාභයත් කුඩුවේ

ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ මුහුදු අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි  අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනාට ඇප දීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නියෝග කළේය.

එක් අයකුට රුපියල්  ලක්ෂ දෙකක මුදල්  ඇපයක් ද  රුපියල් මිලියන 10 බැගින්  ශරිර ඇප දෙකක් ද නියම විය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් ඔහුගේ වැඩිමල් සොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අධිකරණයට  පැමිණියේය. ඇප දෙනතුරු සැකකරුවෝ කුඩුවේ රඳවනු ලැබ සිටියහ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු යුද හමුදා මේජර් වඩුගේ ප්‍රනාන්දු,හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න අධිකාරි එගොඩවෙල,හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක,ඇවන් ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති,හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ,හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රැන්සිස් ජයරත්න සැකකරුවෝ වෙති.

එතෙර ගොස් සිටි දෙවැනි සැකකරු වන සුජාතා දමයන්ති ජයරත්න වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා  මහතා තර්ක කරමින් අල්ලස් කොමිසමේ ලිඛිත අවසර නොමැතිව නඩු පැවරිමට  නොහැකි කීවේය. එය නීති විරෝධි බවත්  ඔහු  කියා සිටියේය. සෙසු සැකකරුවන්ගේ නිතිඥවරුන්  ද  කියා සිටියේ කොමිසමේ ලිඛිත අවසරයක් නොමැතිව තම සේවාදායකයනට  නඩු පැවැරිම නිතිවිරෝධි බවයි.

තම අසනීප වෙනුවෙන් එතෙර යාමට  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,හිටපු මේජර් වඩුගේ ප්‍රනාන්දු හා ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාපති අවසර ඉල්ලා සිටියහ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විත්තියට  හා පැමිණිල්ලට නියෝග කළේ තම විරෝධතා ලිඛිතව ගොනු කරන ලෙසයි. එතෙර යාමට අවසර ඉල්ලු  තිදෙනා සම්බන්ධයෙන් ලබන 3 වැනි දා තීරණයක් ගන්නා බවත්  මහේස්ත්‍රාත්වරයා කීවේය. නඩුව දෙසැම්බර් 1 වැනි දා ට කල් තැබිණි.

 

IMG_6734_limg

 

 0-02-06-7cbc0347af1212a15ad299ea3117fc4c2cd8ec205621ac2295fb811bcd3a84bb_full 0-02-06-a7d354793545186d21bffc37c7100e4f1bac6b2395b6036ae4c0a9928c49cc00_full 0-02-06-a37018ea9dea293d4aa907b2301c72a4ca1174ddbff5886fa3e4831601c2118c_full

සැකකරුවන් 8 දෙනාගේ ඡායාරූප

IMG_6881  IMG_6826 IMG_6866 IMG_6871

IMG_6855 IMG_6863

IMG_6849 Damayanthi



අදහස් (0)

ඇප දෙන තුරු ගෝඨාභයත් කුඩුවේ

ධනුක Friday, 30 September 2016 09:26 AM

අර්ජුන, ඔය අයියයි මල්ලියි නොහිටින්න අදත් අපි කොටි බෝම්බෙට බයේ නෙවෙයිද ඉන්නේ නැත්නම් ඔයාට නම් කොටින්ගෙන් කරදරයක් වුනේ නැද්ද. (බ)

:       0       0

චමින්ද Saturday, 01 October 2016 12:47 AM

අහිංසක මිනිසුන්ව සුදු වෑන් වලින් උස්සලා අතුරුදන් කරනකොට ඔයිට වඩා වේදනාවක් ඒ මිනිස්සුත් විඳින්න ඇති. අපේ රටේ නීතිය කාටත් සමානව ක්‍රියාත්මක නොවුණට දියුණු රටවල නම් ලොක්කත් සොක්කත් දෙන්නටම නීතිය සමානයි. (නි)

:       0       0

තිළිණ Friday, 30 September 2016 09:36 AM

අද මේ ව්‍යාපාරය ඉන්දියාව අත්පත් කරගෙන ඉවරයි..රජයට නිසි ලෙස බදු ගෙවාගෙන පවත්වාගෙන ගිය මේකේ මොනවහරි අඩුපාඩුවක් තිබ්බනම් නිවැරදි කරගෙන යන්න තිබ්බා.දැන් කට්ටියට සතුටු ඇති..(බ)

:       0       0

මුදලිගේ Saturday, 01 October 2016 01:20 AM

අනේ දෙවියනේ කොහොම හිටපු කෙනෙක්ද මේ (නි)

:       0       0

දසුන් Friday, 30 September 2016 09:37 AM

වතුර උතුරන තුරු දිය හැලියේ නටන කකුලුවනි තව පාරක් බෝම්බයක් පුපුරනකම් නටාපල්ලා.(බ)

:       0       0

මුණසිංහ Saturday, 01 October 2016 01:20 AM

පිරිස් දන්නවද, ඇත්තටම ක්‍රියාකලාපයන් දෙස බැලුවම පෙනීයනවා ගෝඨාශය සරත්ට වඩා දේශපාලනයට සුදුසු පරිණත පුද්ගලයකු බව. රටේ නායකත්වයට සුදුසු කෙනෙක්. (නි)

:       0       0

ටිකිරි Saturday, 01 October 2016 01:21 AM

කමක් නැහැ. ගෝඨාව විනාඩියකට හරි කූඩුවේ තිබ්බනේ. ඒක යහපාලනෙන් ලබපු ලොකු ජයග්‍රහණයක්. මොකද අවුරුදු ගණනක් දඟලලා කාටවත් බැරිවුණා ඔයවගේ දෙයක් කරන්න (නි)

:       0       0

රත්නායක Saturday, 01 October 2016 07:48 PM

දැන් වැදගත් විදියට හිරේට දානවා. නමුත් සරත් ෆොන්සේකා කුදලාගෙන ගිය හැටි අපිට මතකයි. අන්න බලන්න යහපාලනේ වැදගත්කම! (නි)

:       0       0

ආර්. වික්‍රම Saturday, 01 October 2016 01:32 AM

රටට සත පහක් අලුතින් ගෙනෙන්න බැරිවුණා. අවුරුදු දෙකකට කිට්ටුයි. ගෙනා අයටත් ගරහනවා ඒ මදිවට! (නි)

:       0       0

ගංගා Saturday, 01 October 2016 08:18 PM

ඡන්ද 2000ක් අරගෙන කැබිනට් ඇමති කෙනෙක් වූ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ කවුද කියලා අපි දන්නවනේ (නි)

:       0       0

අර්ජුන Friday, 30 September 2016 09:49 AM

සිරි ඔබත් දෙවැනි සික්ෂා පදය කැඩු ගොඩට. අනේ පවු. දිනිදු ! ගොටාභය දැන් තටු සිදුනු කොකෙක් වගේනේ (අ)

:       0       0

රංචාගොඩ Saturday, 01 October 2016 01:33 AM

චමින්ද, එක අහිංසක මිනිහෙක් කියන්න බලන්න සුදු වෑන් වලින් ඉස්සුව? අපි නම් අඳුරන කිසිම කෙනෙකුට එහෙම වෙලා නැහැ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 01 October 2016 08:44 PM

ප්‍රභාකරන් බටහිර රටවල් අල්ලාගෙන රට දෙකඩ කරන්න හදද්දී බය නැතුව සටන් කරලා රට බේරාගත් පුද්ගලයින්ට අවමන් කරන කෙනා සිංහලයෙක් නෙමෙයි. වෙන කවුරුහරි අතේ බලය තිබුනා නම් අද ප්‍රබාකරන්ට හමුදා උත්තමාචාර! ටිකිරිලාගේ ලේ පරීක්ෂා කරලා බලමුද කොහෙන්ද මේ ගතිය ආවේ කියලා (නි)

:       0       0

ප්‍රභා Saturday, 01 October 2016 01:36 AM

මට හරි සතුටුයි මගේ යහපාලන රජය ගැන. (නි)

:       0       0

ද සිල්වා Saturday, 01 October 2016 01:41 AM

සමහර අදහස් ලියන අයට පොඩ්ඩක්වත් මතක නැහැ වගෙයි අවුරුදු හය හතකට ඉස්සෙල්ලා රට තිබුනේ කොහොමද කියලා. කවුරු කවුරුත් හිටියේ මොනතරම් පන බයේද? ඔය කියන සුදු වෑන් නම් අපි කවුරුවත් දැක්කේ නැහැ. (නි)

:       0       0

රමණි Saturday, 01 October 2016 02:04 AM

සුමුදු, ඔබගේ ශිෂ්ටසම්පන්න නීතිය ප්‍රභාකරන් මැතිතුමාට කිව්වේ නැත්තේ ඇයි. ඔවුන් ශිෂ්ටසම්පන්න වුණා නම් ගෝඨාභය ඔබ කියන ජාතියේ කෙනෙක් වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සෑම් Saturday, 01 October 2016 11:53 PM

ගෝඨාට අත තියන්න එපා. ඒ මනුස්සය නිසා තමයි ලංකාවේ දැන් ඉන්න අය බයක් නැතුව ඉන්නේ. මුල අමතක සිංහල ජාතිය ලොවෙන් වැනසී යන දිනය, වැඩි ඈතක නැහැ. (නි)

:       0       0

රාජා Saturday, 01 October 2016 02:07 AM

සුමුදුගෙ පරම්පරාවම රට ඉන්න නිසාද අපිට කමක් නැහැ කියලා කියන්නේ. මමත් ඉන්නේ පිටරටක. එහෙත් මගේ නෑදෑයන් මිතුරන් ඉන්නේ ලංකාවේ. ඒ නිසා මට නම් ගෝඨාභය මහතා ලොකු සම්පතක්. (නි)

:       0       0

අශෝක Sunday, 02 October 2016 12:08 AM

ලංකාවේ මිනිස්සු ගැන හරිම කණගාටු හිතෙනවා. මොකද මුල මතක නැහැ (නි)

:       0       0

මහේෂ් Sunday, 02 October 2016 12:22 AM

බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ. කළගුණ නොදත් මකුණෝ කෑගැහුවට අපි නතර වෙන්නේ නැහැ. අපි ගෝඨා සමඟයි (නි)

:       0       0

රාමන් Sunday, 02 October 2016 01:29 AM

මේ දැන් හැමෝම ඇවන්ගාඩ් එක තමන්ගේ බූදලේ වගේ කෑගැහුවට ඔය අදහස රජයේ එකක් නොවෙයිනේ. දැන් ඕක ආණ්ඩුවට ගත්තට පස්සේ ආදායම කොහොමද? (නි)

:       0       0

සෑම් Monday, 03 October 2016 07:56 AM

කුහක, මුල අමතක, මිසදිටු, අයන්ගෙන් ගහන රටක මොකට ඉපදුනාද කියල හිතෙනවා මේ දාල තියෙන කොමෙන්ට් දැකපුවහම. (බ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 02 October 2016 01:29 AM

යුද්ධය දිනුව ගෝඨාභය මහතා ටිකිරි වගේ සමහර සිංහලයින්ට වංචාකාරයෙකි. යුද්ධයෙන් පැරදුනත් ප්‍රභාකරන් දෙමළ ජනතාවට දෙවියෙකි. මෙතැනයි සිංහලයගෙයි දමිළයගෙයි වෙනස. (නි)

:       0       0

සෑම් Monday, 03 October 2016 08:05 AM

රමණි, රම්‍ය හරි නමින් පෙනී හිටින්න. මටනම් ඔයාලගේ ප්‍රකාශ දැකපුවහම පුල්ලි මතක් වෙනවා.(බ)

:       0       0

ජයන්ත Saturday, 01 October 2016 02:25 AM

මම නම් හිතන්නේ යහපාලනය කෙසෙල් ගහට ඇන්න කියලා. කොකාට වාරයක් එනවමයි.(හේ)

:       0       0

ප්‍රසාද් Saturday, 01 October 2016 02:36 AM

එම පුද්ගලික ආයතනය රජයට නිසි ලෙස බදු ලෙස ගාස්තු ගෙවා ඇත..නමුත් එම ආයතනයටම පැවරිම්ම සම්බන්දයෙන් කාට හෝ ප්‍රශ්නයක් පන නැගෙන් නේ නම් එයට ඕන තරම් හේතු ඇත. අවාසනාවකට මෙම ව්‍යාපාරය අද ශ්‍රී ලන්කාවෙන් ගිලිහී හමාරය (හේ)

:       0       0

නිමල් ලාලිත Friday, 30 September 2016 11:16 AM

වැරදි තියෙනවා ඇති... නමුත් මේ මිනිසුන්ට පින්සිදුවන්න ට අද මේ රට සැවොම මහපාරේ මරණ බිය නැතිව යන බව කෙලෙහි ගුණ නොදත් සිංහලයන් අමතක කරලා. (ර)

:       0       0

අන්වර් Sunday, 02 October 2016 02:19 AM

සමහර අදහස් දැක්කහම ඇත්තටම පුදුම කළකිරීමක් දැනෙන්නේ (නි)

:       0       0

සනා Friday, 30 September 2016 11:43 AM

වියාපාරය හොයාගත්ත මනුස්සයාවම පොඩ්ඩක් පාඩු උනා කියලා ඇතුලට දානවා... (ර)

:       0       0

අනිල් Saturday, 01 October 2016 02:58 AM

කුමාර , සේවය නිසයි විනාශ කරන්න හදන්නේ (හේ)

:       0       0

විරාජ් Friday, 30 September 2016 11:45 AM

ලොකු ලොකු පම්පෝරි ගැහුවට හැමෝටම ලෙඩනේ බලන් ගියාම, ලොකු ලොක්කන්ට තියෙන ලෙඩක් නේ මේක , නිතිය මේ ගැනත් හොයලා බලන්න ඕන, මේක සෙල්ලමක් කරගෙන දැන් නම්. (ර)

:       0       0

සමන් Friday, 30 September 2016 11:45 AM

රුපියල් බිලියන් 11.4 කියන්නේ රුපියල් කෝටි 1140. සමහරු ඒක දන්නෙත් නැතුවයි කමෙන්ට් කරන්නේ. පුද්ගලික වාසියට මෙතරම් මුදලක් අව බාවිතා කිරීම අප වගේ දුප්පත් රටක කොතරම් ලොකු අපරාදයක්ද.? (ර)

:       0       0

චානක් Saturday, 01 October 2016 03:03 AM

කවුද හිතුවේ මේ වගේ දෙයක් වෙයි කියලා.(හේ)

:       0       0

රිචි බාලසුරිය Friday, 30 September 2016 11:47 AM

යහපාලනයට පින්සිදු වන්නට වැරදී කරපු අය රිමාන්ඩ් වෙනවා , අඩුම ගානේ , එකත් දකින්න ලැබිම සතුටක්. (ර)

:       0       0

වි. ජයපාල Friday, 30 September 2016 11:49 AM

නඩුවක් වැටෙන්නම ඕනේ මේ ගොල්ලන්ට තියෙන අසනීප බලාගන්න. (ර)

:       0       0

නිලාම් Sunday, 02 October 2016 04:12 AM

රටට සේවයක් කළ අය වැරදි වැඩ කළාම දඩුවම් දීම වැරදිද? නීතියෙන් බේරුනත් වැරදි කළ අයට සොබා දහමෙන් අනිවාර්යෙන් දඩුවම් ලැබෙනවා ..(බ)

:       0       0

පුෂ්පකුමාර Friday, 30 September 2016 11:52 AM

වැරදි කල අය කුඩුවට නගිද්දී අහක ඉන්න අයට පුදුම කැක්කුමක් තියෙන්නේ? හරියට ගැරඩින්ට භූමිතෙල් ගෑවුනා වගේ. (ර)

:       0       0

මිස්සක Sunday, 02 October 2016 04:15 AM

යහපාලනයෙන් ගොඩ ගියේ තාජුදීන් හා ලසන්ත විතරයි මයේ හිතේ. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 02 October 2016 04:19 AM

මෙතන ඉන්න ගොඩක් දෙන අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ තමන්ගේ දේශපාලන වාසි ගැන හිතලයි විතරයි...දියත උයනේ ,නාවල ,බෙලන්විල ,සහ ජ/පුර රෝහල අශ්‍රිතව සාදා ඇති මංතීරු වල උදේ හවස ඇවිදිමින් තමයි මේවිදිහට ගෝඨාභය මහතාට අවමන් කරන්නේ. රට වෙනුවෙන් හිතන මිනිස්සු කිසිම දිනක ගෝඨාභය මහතාට අවමන් කරන්නේ නැහැ,(බ)

:       0       0

යසරත් Saturday, 01 October 2016 03:27 AM

මෙතැන කොමෙන්ට් දාන කාටවත් යුද්දේ කාලේදී රට තිබුන විදිය මතක නැහැ වගේ. මේ මිනිස්සු කොන්ද කෙලින් තියාගෙන යුද්දේ දිනුවා විතරක් නෙවේ රටත් ලස්සන් කළා. මොන දේ කළත් කළගුණ දන්නා බුද්ධිමත් මිනිස්සු තාමත් ඉන්නේ මොවුන් වටේ තමයි. ජනවාරි අට රැවටිලා ඡන්දෙ දීපු අයත් දැන් පසුතැවෙනවා. මෙතන සීත කාමර වල ඉඳන් කොමෙන්ට් දාන අය පොඩ්ඩක් ගම් වල ගිහින් බලන්න මිනිස්සු කියන දේවල්. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 02 October 2016 04:29 AM

බමුණු ආරච්චි ඔබ හරියටම හරි ,ඒ නිසා තමයි නිදහස් පක්ෂයේ ඉහල පුටුවල ඉන්න සමහර නායකයෝ කොටි ත්‍රස්තවාදී නායකයාට ප්‍රභාකරන් මහත්තයා කියලා ආමන්ත්‍රණය කළේ,ඒ වගේම යුද්ධය දිනුව ගෝඨාභය මහතා හොරෙක් කියලා හංවඩු ගහන්නෙත්,මේකරන්නෙම වෛරය පිරිමහ ගැනීමක් විතරයි. (බ)

:       0       0

සමන් Sunday, 02 October 2016 04:50 PM

මේ පවුල හොරකම් කළාද නැද්ද කියල බලන්න ඇමෙරිකාවට යන්න. 2005ට පෙර සහ පසු... (නි)

:       0       0

නිමල් Friday, 30 September 2016 11:54 AM

නිතිය කාටත් එක සමානබව දැන් තේරෙනවද.? (ර)

:       0       0

ගගන Friday, 30 September 2016 11:57 AM

මම ගෝඨාභය මහතාට ගරු කරන්නෙකි. එතුමා කරපු වැඩ කන්දරාව මම අද භුක්ති විඳිමි. කෘතගුණ වෙමි. අද මේ පලිගැනීම් මාලාවේ බූමරංගය අනික් අතට හැරෙන්නට තියෙන කාලය මෙවැනි මෝඩ ක්‍රියා ප්‍රතිපත්තිනිසා වැඩි කාලයක් නොමැති වෙන බව නම් පෙනිගෙන යන්නේය. (ර)

:       0       0

නවුෂි Sunday, 02 October 2016 04:36 AM

රොමේෂ් කියපු දෙයට මමත් එකඟ වෙමි (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 01 October 2016 03:45 AM

මෝඩ මිනිසුන් මෙවැනි අය වීරයන් සේ හඳුන්වා ගත්තත් නීතිය ඔවුන්ව හඳුනන්නේ නීතියට විරුද්ධව කටයුතු කළ දුෂිතයන් ලෙසයි (නි)

:       0       0

උපුල් Saturday, 01 October 2016 04:00 AM

යුක්තිය සාධාරණය වෙනුවෙන් නඩු අහනවද, නැත්නම් ඉස්පිලි පාපිලි වල වැරදි අල්ලාගෙන හොරු දුෂකයෝ නිදහස් කරනවද කියලා අපි බලාගෙන ඉන්නවා (නි)

:       0       0

හර්ෂ Saturday, 01 October 2016 04:00 AM

ගෝඨාභය මහත්මයාණෙනි, අපි අද ඔබ සමඟයි. (නි)

:       0       0

රුවන් Sunday, 02 October 2016 04:46 AM

ඇයි මෙයා නෙලුම් මලෙන් උපන් කුමාරයෙක්ද? වැරදිකළා නම් කවුරු වුනත් දඩුවම් ලැබෙන්න ඕනේ (බ)

:       0       0

පීරිස් Friday, 30 September 2016 12:06 PM

මේ වගේ විශාල වංචාවල් දැක දැකත් මේ අය වෙනුවෙන් කිබුල් කදුළු හෙලන අය ඉන්නවනේ. අපිට තියෙන ප්‍රශ්නේ ඇප දිදී නඩු කල් දාන එකයි. යහපාලනයේ දුර්වලකම එතනයි.(ර)

:       0       0

පැතුම් පෙරේරා Saturday, 01 October 2016 04:10 AM

යහපාලන ආණ්ඩුවෙත් ඉහළ සිට පහළටම වංචාව, දූෂණය, පවුල් පාලනය. මේ අයත් ගසාකන්නේ ජනතා මුදල්ම තමයි (නි)

:       0       0

මනෝජ් Saturday, 01 October 2016 04:11 AM

මොනවද මේ ආණ්ඩුව රටට කරපු වැඩ? (නි)

:       0       0

සජී Saturday, 01 October 2016 04:27 AM

යහපාලනයට පුලුවන් මේ වැඩ විතරයි (නි)

:       0       0

පෙරේරා Saturday, 01 October 2016 04:28 AM

අපිට මොළේ තියනවා. පාඩුවක් වුණාද ලාබයක් මිස? (නි)

:       0       0

ඕමාර් Saturday, 01 October 2016 04:31 AM

අපේ ලංකාවේ මිනිසුන්ට හොඳ වැඩ වලට වඩා වැරදි මතක හිටිනවා (නි)

:       0       0

ලකී Friday, 30 September 2016 12:38 PM

පෙරුමාල් ගණන් දන්නේ නැහැ වගේ.? (ර)

:       0       0

ටී ජී සී මධුසංක Friday, 30 September 2016 12:40 PM

නිදහස් රටක් අපට දුන් ඔබට, අපි හැමදාමත් ගරු කරනවා. (ර)

:       0       0

රොමේෂ් Friday, 30 September 2016 12:43 PM

අපේ රටේ යුද්ධය ඉවරකළා කියලා රටේ තියන හැම සම්පතක්ම තමන්ගේ බූදලේ කියලා හිතලා වැඩකරන්න දෙන්න බැහැ. අනෙක් කාරණේ තමයි යුද්ධය ඉවරකළේ අපි හැමෝම කරපු සාමුහික කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට මිසක්, එක පවුලක් විතරක් නිසා නෙමෙයි.

:       0       0

තිලක් Saturday, 01 October 2016 04:50 AM

මෙතුමා යුද්ධය ඉවරකළ නිසා රටේ විනාශවෙන්න තිබුණු සම්පත් කොපමණ ඉතුරුවුණාද? ජනතාවගේ අාශිර්වාදය ඔබතුමාට ලැබෙනවා (නි)

:       0       0

ඉමේශ් Friday, 30 September 2016 12:43 PM

එයා ගෝඨාභය වුණා කියලා නීතියට ඉහළින් නැහැනේ (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 01 October 2016 04:55 AM

සිංහලයනි, කුහකකම් අතහැර රට වෙනුවෙන් පෙරට එන්න (නි)

:       0       0

ගාමිණි Friday, 30 September 2016 12:48 PM

ඇයි යහපාලනේ අය අල්ලන්නේ නැද්ද? (නි)

:       0       0

ලයනල් Saturday, 01 October 2016 04:57 AM

ඕගොල්ලෝ කියන්නේ ගෝඨාබය රට බේරගත් නිසා මොන වැරැද්දක් කළත් ගණන් ගන්න එපා කියලද.

:       0       0

දිලිප් වික්‍රමරත්න Friday, 30 September 2016 12:50 PM

පීරිස්, අදහස් පළකරන්න කලින් මොළේ පාවිච්චි කරන්න. රාජ්‍ය ආයතනයක් පාඩු ලැබුවා කියන කරුණ යටතේ කෙනෙක් හිරබාරයට ගත්තොත්, අර දියවන්නාවට යවන්න කෙනෙක් නැතිවේවි. විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා පවුල් 3000 කට වඩා අද මහපාරේ. රටට කෝටි ගණනක විදේශ විනිමය නැතිවෙලා. ගෝඨාභයව ඇතුළට දාන්න කාටද උවමනා කියලා හැමෝම දන්නවා (නි)

:       0       0

ජයන්ත Saturday, 01 October 2016 04:58 AM

අපිත් ඉන්නේ පිටරටක තමයි. එ් වුණාට ගෝඨාභය ගැන තියෙන්නේ පුදුම ගරුත්වයක්. අද අපි ඔය රටේ බය නැතුව පයගහන්නේ මෙතුමා නිසා බව ගොඩක් කට්ටියට අමතක වෙලා. මේක තමයි අපේ රටේ විනාශය. (නි)

:       0       0

රවිඳු Friday, 30 September 2016 12:56 PM

රූපවතී, රටේ නීතිය බල්ලට දාලා ඒගොල්ලෝ විතරක් හම්බකර ගත්තහම රුපවතීලට පුදුම සතුටක්නේ තියෙන්නේ (නි)

:       0       0

චතුරි Friday, 30 September 2016 01:01 PM

මෙතන ගෝඨාට පන්දම් අල්ලන අයගේ කොන්ද පණ නැතුව වෙන්න ඇති. මේ අයියලා මල්ලිලා රට කෙරුවේ රණවිරුවෝ වගේ දුක් විඳගෙන නොවේ. ශීතල කාමර වල ඉඳගෙන, රජසැප ලබමින්, රාජ්‍ය ආරක්ෂාව ලබමින්, ඉතා ඉහළ වැටුපක් ගනිමින්. ඒ කරලත් රටේ හැම සතයක්ම වංචා කළා. අපේ රටේ නීතිය හොඳටම පන මදි. (නි)

:       0       0

දහම් Friday, 30 September 2016 01:13 PM

පීරිස්, අද මහජන මතය පේනවා නේද සමූපකාර ඡන්ද වලින් යහපාලනය හේදිලාම යන හැටියෙන්. (නි)

:       0       0

බමුණුසේන Friday, 30 September 2016 01:20 PM

පීරිස්, ලංකාවේ මීට ප්‍රථම නොතිබුන සේවාවක් ඇරඹීමේ ගෞරවය මෙතුමාට හිමිය. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ. (නි)

:       0       0

කුෂාන් Friday, 30 September 2016 01:22 PM

මොහාන්, අර්ජුන, ඔබ වෙනි කුහකයන් අප රටට ලොකු හානියක්. කෙසේවෙතත් ඔබ කුහකයන් කිව්වොත් නිවැරදියි. නමුත් අපි මහින්ද, ගෝඨා සහ කණ්ඩායම සමඟයි (නි)

:       0       0

අසේල Saturday, 01 October 2016 05:00 AM

ගෝඨාභය මැතිතුමනි, කළගුණදත් අප වැනි බත් කන මිනිසුන් කිසිදිනෙක ඔබ තනි නොකරන්නෙමු. ඔබගේ විශිෂ්ට නායකත්වය තුළින් බියකින් තොරව ජීවිතය විඳින්නට භාග්‍ය ලද අප සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

තුසිත Friday, 30 September 2016 01:23 PM

අපේ රටේ කෙරෙන වැඩ දිහා බැලුවහම හරිම කණගාටුයි. රට රැකපු මිනිසුන්ට මෙහෙම අපරාධ කරනකොට අනාගතේවත් මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැහැ කිසිදේකට (නි)

:       0       0

ප්‍රියාන් Friday, 30 September 2016 01:26 PM

කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. ඊළඟ ඡන්දෙදි තමයි බලාගන්න පුළුවන්. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 30 September 2016 01:37 PM

මේ අය වෙනුවෙන් අපි හෙළන්නේ කිඹුල් කඳුළු නොවෙයි ලේ කඳුළුයි. අපිට සිංහල ජාතිය ගැන ඔබට නැති කැක්කුමක් තිබෙනවා. (නි)

:       0       0

මාලක Friday, 30 September 2016 01:41 PM

දිනිදු, තවමත් ඔහෙලගෙ සුදු වෑන් තියෙනවද? රට ආයෙත් නරකාදියට වැටෙන්න ඕනෑද? (නි)

:       0       0

ටිකිරි Friday, 30 September 2016 01:43 PM

සමන්, ඔබ හරි. රටේ බත් කන උදවිය දන්නේ නැහැ ඒ පව් ගෙවන්නේ තමන් සහ අනාගත දරු පරම්පරාව කියලා. (නි)

:       0       0

උපාලි Friday, 30 September 2016 01:44 PM

මෙයින් මොනතරම් ආදායමක් රටට ලැබුනද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 30 September 2016 01:45 PM

පුෂ්පකුමාර, එහෙමම කියන්න එපා. පසුගිය දශකයෙන් හරිහම්බ කරගෙන කෝටිපතියන් වුණ මිනිස්සු මොනතරම් ලංකාවේ ඉන්නවද? ඔවුන්ට ඕනෑ ඒ පාලන යුගයම තමයි. (නි)

:       0       0

ගිහාන් Friday, 30 September 2016 01:52 PM

ගෝඨාභයව එක විනාඩියකට හරි ඇතුළට යවපු එක හොඳයි. නැත්නම් සමහර මෝඩයෝ හිතාගෙන හිටියේ ගෝඨාභයට බය හින්දා මුකුත් කරන්නේ නැහැ කියලා. (නි)

:       0       0

කුෂාන් Friday, 30 September 2016 01:52 PM

ඒකාන්තයෙන්ම ඔබ මේ රටේ ජනාධිපති වෙනවාමයි (නි)

:       0       0

කුෂාන් Friday, 30 September 2016 01:55 PM

ඔහු තවම සැකකරුවෙක් විතරයි (නි)

:       0       0

අචිනි Friday, 30 September 2016 01:56 PM

නඩුවක් වැටෙන්නම ඕනෑ මේගොල්ලන්ට තියෙන අසනීප බලාගන්න (නි)

:       0       0

නයනා Friday, 30 September 2016 01:57 PM

මේ කරදර වැඩිකල් නැහැ මැතිඳුණි. ටිකක් ඉවසලා ඉන්න. (නි)

:       0       0

සහන Friday, 30 September 2016 01:57 PM

අනේ හොරකම් කරන අයගේ තත්වය බලන්න එපා. හොරු ජනතාවගේ සල්ලි හොරකම් කරලා බේරෙන්න හදන්නේ. (නි)

:       0       0

ජනක Saturday, 01 October 2016 05:42 AM

ලංකාවේ ඉන්නේ හරි අවාසනාවන්ත මිනිස්සු. කවදත් දියුණු වෙන්න බැහැ. දියුණු කරන්න හදපු මිනිහත් විනාශ කරනවා (නි)

:       0       0

සරණපාල Saturday, 01 October 2016 05:43 AM

රට බේරාගත් නායකයන්ට දෙන දුක්කරදර වලට වැඩි දවස් යන්න කලින් සනීපවෙන්න ලැබෙයි (නි)

:       0       0

සිංහ Saturday, 01 October 2016 05:49 AM

දැන් ඕක වහලා. එන අාදායමත් නැතුව ගියා ජනවාරි 8 වෙනිදා ඉඳලා. (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 30 September 2016 02:11 PM

පීරිස්, ඕනෑම කෙනෙක් බොරු නඩුවකට පටළවන්න පුළුවන්. ඔයාලා අඬන්නේ නැතුව බලාගෙන ඉන්න (නි)

:       0       0

චින්තක Friday, 30 September 2016 02:12 PM

රටක් වටිනා මේ මිනිසාට ඇයි මෙහෙම සළකන්නේ? (නි)

:       0       0

උදය Friday, 30 September 2016 02:14 PM

ඇයි මේ දුක එදා සරත් ෆොන්සේකා ගැන නොතිබුනේ? (නි)

:       0       0

විකුම් රංගන Friday, 30 September 2016 02:15 PM

රටට සේවයක් කළ කෙනෙකුට ගෞරව කරනවා වෙනුවට ඔහු කළ වැරදි නිවැරදි කරන්න නම් අපිට අවශ්‍ය නැහැ නිමල් ලාලිත. (නි)

:       0       0

ක්‍රිස්ටි Friday, 30 September 2016 02:15 PM

මේක වංචාවක් වෙන්නේ කොහොමද කියලා හොයලා බැලුවොත් නරකද? (නි)

:       0       0

සෙනරත් Saturday, 01 October 2016 06:10 AM

නීතිය කාටත් එක සමාන නිසාද, තවම එකපාරක්වත් ලොකු චෝදනා තියෙන ඇමතිවරු උසාවි නොගියේ? මේ මොනවා කළත්, කෙළෙහිගුණ තියෙන මිනිසුන් සිටිනතාක් ගෝඨාභය රටට කළ සේවය අමතක නොකරාවි. (නි)

:       0       0

පින්තු Friday, 30 September 2016 02:25 PM

මෙහෙම දේවල් වෙයි කියලා කවුද හිතුවේ? (නි)

:       0       0

රත්නායක Friday, 30 September 2016 02:26 PM

මේ අය පෞද්ගලිකව මැදිහත්වෙලා හම්බකරපු සල්ලි, රජයේ සල්ලිම කියන එක වැරදි බවයි මගේ හැඟීම. කොහොමත් ඒ මුදල් රට අැතුළට අාවනේ. තාමත් ඒ මුදල් රටට ලැබෙන්නෙ මේ අය නිසා. මේ අයට අප ණයගැතිබවයි මගේ හැඟීම. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Saturday, 01 October 2016 06:19 AM

ලොකුකමට උජාරුවට හැමෝම උසස් වර්ගයේ බල්ලෙක් අරගෙන ශාරීරික ව්‍යායාම් කරන්න ගමන් කරද්දී, සමහරු අලි පැටියෙක් එක්ක ශාරීරික ව්‍යායාම් කරන්න යනවා. නැත්නම් මිනීමස් කන මෝරු ඇති කරනවා. අපිනේ ගෙවන්නේ. (නි)

:       0       0

සත්‍යපාල Friday, 30 September 2016 02:39 PM

සුනාමියෙන් අවතැන්වූ අයත් ගසාකා, පවුල් පිටින් එකතුව මහා පරිමාණයෙන් හොරකම්, වංචා, දුෂණ කළ අයත් වීරයෝ කියා සළකන අය මේ රටේ ඉන්නවා (නි)

:       0       0

සුසන්ත Saturday, 01 October 2016 06:28 AM

සමහරුන්ට ප්‍රභාකරන් මැරුවට දුකයි. නිදහස ලබාදුන් විරුවන්ට දඬුවම් කරනවට සන්තෝෂයි (නි)

:       0       0

සුසිල් Friday, 30 September 2016 02:41 PM

මේ ලෙඩවෙන එකත් ලෙඩක් වෙලා දැන්. මොකක්ද දන්නෙ නැහැ අසනීපය නේද ? (නි)

:       0       0

චන්ද්‍රා Friday, 30 September 2016 02:48 PM

මහා රෝහලේ ගෙවන වාට්ටුව මේ දිනවල වහලා නිසා බෙහෙත් ගන්න රට යන්න හදන එක අලුත් ක්‍රමය වෙලා වගෙයි. මෙයද වහාම නැවැත්විය යුතුය. මෙයාලට පමණක් වෙනම බෙහෙත්? (නි)

:       0       0

බෙනට් Sunday, 02 October 2016 11:28 PM

ඇයි මෙයා නෙලුම් මලෙන් උපන් කුමාරයෙක්ද? මව් කුසින් ඉපදුන නිසා තමයි මෙයා සිංහල කැකුමකින් යුද්ධය දිනුවේ. නෙලුම් මලෙන් උපන් කුමාර කුමාරිකාවන් තමයි රට අවුරුදු 10 කට ප්‍රභාකරන්ට පාලනය කරන්න දෙන්න ලැහැස්ති වුණේ. (නි)

:       0       0

අරුණ Saturday, 01 October 2016 06:52 AM

නීතියට උඩින් කාටවත් යන්න බැහැ (නි)

:       0       0

බන්දුල Sunday, 02 October 2016 11:30 PM

වැරදි කළා නම් කවුරු වුණත් දඩුවම් ලැබෙන්න ඕනෑ නම් මහා බැංකුවේ සිදුවුණ වංචාවටත් දඩුවම් ලැබෙන්න ඕනෑනේ (නි)

:       0       0

සුමුදු Saturday, 01 October 2016 06:56 AM

රමණී, ගොඩක් අය අශිස්ටයි. කැරැල්ලක් මර්දනය කළ නිසා නීතියට උඩින් යන්න මිනිහෙකුට පුලුවන්ද?

:       0       0

බමුණුසේන Sunday, 02 October 2016 11:44 PM

ඉසුරු දන්නා දෙයක් කතා කරන්න. 2005ට කලින් ආණ්ඩුව කරපු කාලේ ෆොන්සේකා හමුදාවේ සිටියනේ. ඒගොල්ලන්ට බැරිවුණේ ඇයි ෆොන්සේකාව ඉදිරියට ගෙන හමුදාව බාරදී යුද්ධය දිනන්න. යුද්ධය පැරදුනානම් වගකීම බාරගන්න වෙන්නේ කාටද. මහින්ද මහතාටද? ෆොන්සේකාටද? උම්මග්ග ජාතක පොත විෂය පොතක් හැටියට 1959 භාවිතා වෙද්දී මේවා ගැන අපට තර්රකානුකූලව හිතන්න පුරුදු කළ අපේ ගුරුවරුන්ට ස්තුතිවේවා! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Saturday, 01 October 2016 06:58 AM

මේ මොකක්ද සිද්ධවෙන්න යන්නේ? (නි)

:       0       0

අර්ජුන Friday, 30 September 2016 03:19 PM

දිනිදු, "ඇප දෙනතුරු සැකකරුවෝ කූඩුවේ රඳවනු ලැබ සිටියහ" කියලා දැක්කේ නැද්ද? (නි)

:       0       0

මාලක Saturday, 01 October 2016 07:13 AM

මේ අය ඇතුළේ ඉන්නේ පුදුම සන්තෝෂයකින් වගේනේ. ඉතින් ඇයි තව ටිකක් ඔහොම ඉන්න දෙන්නේ නැත්තේ? තියෙන ලෙඩ ටික සනීප වෙන්නත් එක්ක ටිකක් වැඩිපුර රඳවාගෙන නඩත්තු කෙරුවට බදු ගෙවන්නන් මොකුත් කියන එකක් නැහැ (නි)

:       0       0

ගුණසිරි Friday, 30 September 2016 03:22 PM

රටට ආදායම් ගෙනා කෙනා වංචාකාරයෙක්ලු? පුදුම රටක්! (නි)

:       0       0

සිල්වා ඕමාන් Friday, 30 September 2016 03:27 PM

ගෝඨාබය මහතා හිටියේ නැත්නම් අදටත් හැමෝටම මරබියෙන් ඉන්න වෙන්නේ. ඔබ කළ සේවයට උපහාරය අපෙන්! අංගසම්පුර්ණ මිනිසුන් ලොව නැත (නි)

:       0       0

නිශ්ශංක Saturday, 01 October 2016 07:15 AM

වැරදි තියෙනවා ඇති. නමුත් මේ මිනිසුන්ට පින් සිදුවන්නට අද මේ රටේ සැවොම මහපාරේ මරණ බිය නැතුව යන බව කෙළෙහිගුණ නොදත් සිංහලයන් අමතක කරලා (නි)

:       0       0

අසංග Saturday, 01 October 2016 07:18 AM

හරි බලමු. කාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියෙයිනේ. (නි)

:       0       0

බුද්ධික Friday, 30 September 2016 03:42 PM

ලංකාවේ සිංහලයන්ට මුල මතක නැහැ.ගෝඨාභය මහතාට සහ අපේ අදටත් ජනාධිපතිතුමාට ජය වේවා! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 30 September 2016 03:45 PM

පීරිස්, අපි ජනවාරි 8 වෙනිදා රට නිදහස් කරගත්තේ මිනීමරු ප්‍රභාකරන්ගේ කල්ලියට වඩා භයානක හොරු කල්ලියකින්. තවමත් වහල් මානසිකත්වයෙන් හිතන මිනිසුන්ට තවම තේරුමක් නැහැ. (නි)

:       0       0

අර්ජුන Friday, 30 September 2016 06:06 AM

සහයෝගයට හිරගෙයටත් එකටම යන්න වෙයි (ම)

:       0       0

සමන් Saturday, 01 October 2016 07:29 AM

බටහිර රටවල්, ජපානය කොරියාව, සිංගප්පුරුව වගේ රටවල් දියුණු වුණාට ලංකාව වගේ රටවල් දියුණු වෙන්නේ නැත්තේ මේ රටවල් වල ජීවත්වෙන මිනිසුන්ගේ කුහක ආත්මාර්ථකාමී ගති නිසා. රටක් හැටියට දියුණු වුණ ලංකාව විනාශ කරලා, රටේ දියුණුවට වැඩ කරපු මිනිස්සු හිරේ දාලා රට ආපස්සට යනකොට සතුටු වෙන මිනිස්සු ඉන්න රටක් මේක. (නි)

:       0       0

රත්නසිරි Friday, 30 September 2016 03:55 PM

යහපාලකයෝ සහ ඔවුන්ට කඩේ යන අය තීන්දුව දීලත් ඉවරයි වගේ දැනටම (නි)

:       0       0

අශෝක Saturday, 01 October 2016 07:30 AM

එදා අලිමංකඩ විනාශවුණේ කාගේ මෝඩකම නිසාද කියා අපි දන්නෙමු (නි)

:       0       0

ලුසේනා Friday, 30 September 2016 03:57 PM

මේ නීතිරීති යහපාලනයේ දැන් ඉන්න අැමතිවරුන්ට බලපාන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

සමන් Saturday, 01 October 2016 07:35 AM

මේ යහපාලනේ බොරු. මේක එක ආයතනයක් එදා රජය අවසර දීපු. හෙට ලංකාවේ සියලු පෞද්ගලික බස්වලට නඩුදායි ලංගමට පාඩු කළා කියලා (නි)

:       0       0

ගුණවර්ධන Friday, 30 September 2016 03:59 PM

පහන නිවෙන්න යනකොටලු වැඩියෙන් එළිය දෙන්නේ. ඒ වගේ තමා යහපාලන ආණ්ඩුවත් (නි)

:       0       0

ශාන Saturday, 01 October 2016 07:35 AM

මේකේ සමහර අය මෙයාලා රට බේරගත්තා කියනවා. රට බේරගත් එකේ ප්‍රධාන කාර්යය කරපු සරත් ෆොන්සේකාට මෙයාලා සළකපු හැටි මතකනේ. අනිත් එක මේ හැමෝම වැටුප්, වරප්‍රසාද වලට වැඩ කරපු අය. ඉතින් කරන කාරිය හරියට කරන්න ඕනෑ තමයි. රට බේරුවා, අරක කළා කියලා අපේ සල්ලි හොරකම් කරන්න බැහැනේ. ඒක තේරුම් ගන්න (නි)

:       0       0

දයානි Friday, 30 September 2016 04:01 PM

මේවායේ ප්‍රතිවිපාක වැඩි ඈතක නොවෙයි (නි)

:       0       0

ශාන Friday, 30 September 2016 06:15 AM

මේ පවුලම අපිට අප්‍රසන්නයි (නි)

:       0       0

උදය Friday, 30 September 2016 04:06 PM

මේ අය නොසිටින්න අද නඩු අහන්නවත් ලංකාවක් නැහැ (නි)

:       0       0

අසින්ත Saturday, 01 October 2016 07:44 AM

බලාගෙන යනකොට මේ ආණ්ඩුව මිනීවළවල් හාරන එකයි කලින් ආණ්ඩුවේ අයව හිරේ දාන එකයි ඇර කිසිම දෙයක් කරලා නැහැනේ.

:       0       0

සමන් Friday, 30 September 2016 04:09 PM

මේ මිනිස්සු නැත්නම් මේ මුදල කොහොමත් ලංකාවට ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

සවනත් Saturday, 01 October 2016 07:52 AM

පැරිස් ඉන්න පීරිස්, ඔයා පහුගිය අවුරුදු දහයේම ලංකාවේ වුණ දේවල් දන්නේ නැද්ද? ෆොන්සේකා නැත්නම් ගෝඨාභය නැහැ කියන්නේ ඇයි. එ්කේ අනිත් පැත්තනේ වුණේ. (නි)

:       0       0

පෙරුමාල් Friday, 30 September 2016 06:22 AM

කෝටි 1.14 ක් කියන්නෙත් එච්චර ලොකු මුදලක්ද? (බ)

:       0       0

දර්ශන Friday, 30 September 2016 04:24 PM

පෙරුමාල්, කෝටි 1.14 ක් කියන්නෙ එච්චර ලොකු මුදලක් නෙමෙයි . ඒ වුණාට මෙතන වංචාව රුපියල් බිලියන් 11.4 ක්. එ් කියන්නේ රුපියල් කෝටි 1140. (නි)

:       0       0

රොහාන් Saturday, 01 October 2016 08:21 AM

ගෝඨාභය නැති ලංකාවක් ගැන හිතන්නත් අමාරුයි (නි)

:       0       0

කුමාර මහර Saturday, 01 October 2016 08:22 AM

දැන්නම් සමහර අයට නින්ද යාවී. එක විනාඩියකට හරි ගෝඨාභය මහත්තයව කූඩුවට දැම්මනේ. (නි)

:       0       0

අජිත් Friday, 30 September 2016 04:36 PM

බිලියන 4.7 ක් ලාභ ලැබුවා කියලා ආණ්ඩුවත් පිළිගත්තා නේද? (නි)

:       0       0

විදානේ Friday, 30 September 2016 04:59 PM

නීතිය කාටත් පොදුය (නි)

:       0       0

චන්න Friday, 30 September 2016 05:03 PM

ගෝඨා, මහින්ද කියලා නැහැ. හොරකම් කළා නම් හිරේ යන්නම ඕනෑ (නි)

:       0       0

ශිවා Saturday, 01 October 2016 08:31 AM

මට නම් හරිම සතුටුයි ගෝඨාව විනාඩියකට හරි කූඩුවේ දාපු එකට (නි)

:       0       0

රොහාන් Saturday, 01 October 2016 08:31 AM

කෙනෙක් ලියා තිබුනා ගෝඨාභයට අත තියලා බලන්නකො මොකද වෙන්නේ කියලා කියා. දැන් ඔය අත නොතියද ඇප ලැබෙනකම් කූඩුවේ ඉන්නේ? අපි කුහක නැහැ. නමුත් එහෙම කියලා රටේ මුදල් හොරාකන්න දෙන්න බැහැ නේද (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 30 September 2016 05:08 PM

උසාවියක ලොකු මිනිහෙකුට නඩුවක් තිබුණොත් හාමුදුරු කෙනෙක් වඩිනවාමයි. (නි)

:       0       0

ඔෂාන් Saturday, 01 October 2016 08:34 AM

රටක් වටිනා මනුස්සයෙකුට නේද මෙහෙම කරන්නේ? (නි)

:       0       0

පාඨලී Friday, 30 September 2016 06:35 AM

අය්යා මල්ලි සහෝදර කමට තමයි අපේ රටේ මිනිස්සු ඊර්ෂ්‍යයා කළේ . මොකද ඔවුන්ට එවන් සහෝදර බැදීමක් නැති නිසා (බ)

:       0       0

රත්නායක Tuesday, 04 October 2016 12:22 AM

චතුරි, සත්‍යපාල වැනි අය පාට කණ්ණාඩි දාගෙන වෙෙරයෙන් කතාකරන බව පේනවා. ජනවාරි 8ට කලින් ගෝඨාභය ගැන කියපු ගොඩක් දේවල් බොරු බව ඔබ වැනි අය නොදන්නව වුණාට අපිට නම් දැන් හොඳටම වැටහිලා තියෙන්නෙ. (නි)

:       0       0

නිමල් වනසිංහ Friday, 30 September 2016 06:41 AM

වැරදි ඇති ඒත් කළ හොඳ වැඩගැන සිතුවොත් නේද හොඳ (බ)

:       0       0

සුරත් Friday, 30 September 2016 05:33 PM

ගෝඨාභය මැතිඳුනි, රට ඔබට බාරයි! (නි)

:       0       0

චානක මධුසංඛ Friday, 30 September 2016 05:35 PM

හොඳ ගැන කතා කරන්න කවුරුත් නැහැ. වැරදි ගැන කතාකරන්න තමා හැමෝම ඉන්නෙ. (නි)

:       0       0

කුමාර Friday, 30 September 2016 05:38 PM

මේ සල්ලි උල්පත ලංකාවට හොයා දුන්නේ මේ අයනේ. දැන් ඒකටත් වැරදිකාරයො වෙලාද? හොරු වංචාකාරයො කියලා උසාවි ගානෙ යවන්නෙ මේ අය රටට කරපු සේවය අමතක වෙලාද? (නි)

:       0       0

දිනේෂා Friday, 30 September 2016 05:56 PM

මේ අය ආණ්ඩු කරන්නේ රට බේරගත් රණවිරුවන්ට පින් සිදුවෙන්න. නැත්නම් අද අපට රටක් නැහැ. වැරදි පෙන්නාගෙන තමාගේ වැරදි වහන්න යන එක හොඳ දෙයක් නෙමෙයි. කවදාහරි කාට කාටත් දඬුවම් ලැබේවි. සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත. (නි)

:       0       0

දිනිදු Friday, 30 September 2016 06:51 AM

ගෝඨාභයට අත තියල බලපල්ලකො මොකද වෙන්නේ කියල (බ)

:       0       0

සුරංග Friday, 30 September 2016 05:56 PM

කළගුණ නොදන්නා ජාතියක්. අපරාදේ ඔබතුමා යුද්ධය ඉවර කළේ. මෙතන උඩුබුරන හැමෝටම පාරක් පාරක් ගානේ මැරෙන්න දෙන්නයි තිබුනේ. ගෝඨාභය මැතිඳුනි, අප ඔබ සමඟයි. (නි)

:       0       0

නුවන් Friday, 30 September 2016 06:53 AM

ගෝඨාභය මැතිදුනි ඔබට රට බාරයි ! තෙරුවන් සරණයි ! (බ)

:       0       0

කින් බෙනට් Saturday, 01 October 2016 09:22 AM

දැන් මිනිස්සු රවට්ටන්න බැහැ. දැන් මිනිසුන්ට මොළේ පෑදිලා තියෙන්නේ. පේනවානේ සමුපාකාර ඡන්ද වලිනුත් යහපාලන කට්ටියට වෙලා තියෙන දේ (නි)

:       0       0

ධර්මේ Saturday, 01 October 2016 09:33 AM

අපේ රටේ සමස්ත ජනතාව දෙකට බෙදිලා. ඒ ගුණමකු සහ ගුණගරුක වශයෙන්. ගුණගරුක පිරිසක් තවමත් රටේ සිටින බව මෙවන් ප්‍රතිචාර වලින් පෙනෙනවා. එය සතුටට කරුණක්. (නි)

:       0       0

සම්පත් Monday, 03 October 2016 03:06 AM

ඔය දෙවියෝ ගැන කතාකරන කට්ටියට කියන්නේ , ලංකාව දිහා දෙවියෝ බලන නිසා තමයි හිටපු ජනපතිට ගෙදර යන්න සිදු වුනේ .(බ)

:       0       0

කුමාරි Friday, 30 September 2016 06:28 PM

යහපාලනයට ඡන්දය දුන් මට නම් මේ විකාර දැකලම ඵපාවෙලා. මේගොල්ලො රට සංවර්ධනය කරන පාටක් නැහැ. (නි)

:       0       0

නලීන් Friday, 30 September 2016 07:08 AM

අදහස් දාන සමහර අය ගැන හිතාගන්න අමාරුයි. මේ අය නිසා තමා ලංකාවක් තියෙන්නේ (නි)

:       0       0

සදුන් Friday, 30 September 2016 07:09 AM

කොන්දක් තියෙන සැබෑ නායකයෙක්. මේ වගේ චෝදනා වලට මෙතුමා වට්ටන්න බැහැ. සතරවරම් දෙවිවරු රකිනවා මෙතුමාව!! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 30 September 2016 06:49 PM

කූඩුවට දැමියයුත්තේ දුප්පත් මිනිස්සු විතරක් නෙමෙයිනේ (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 01 October 2016 09:55 AM

සුමුදු, කොහෙද ඔය කියන ශිෂ්ටසම්පන්න ලෝකේ තියෙන්නේ? කොයි රටෙත් දේශපාලනේ කරන අය තමන්ගේ වැරදි වහගෙන අනුන්ගේ නැති දොස් හොයනවා. මේ සංදර්ශන පවත්වන්නේ, මහජන මුදල් වලට දැන් මොකද වෙන්නේ කියලා මිනිස්සු හිතන එක නවත්වන්න. (නි)

:       0       0

නිමන්ත පතිරණ Friday, 30 September 2016 07:11 AM

අපොයි අසරණ ජනතාවගේ සල්ලි. මේවට දඬුවම් ස්වභාව ධර්මයෙන්ම ලැබෙයි. (නි)

:       0       0

සනත් Friday, 30 September 2016 07:38 PM

ගෝඨාභය කියන්නේ රජෙක් නොවෙයිනේ. නිකන් බොරුවට ඔහු පුම්බන්න හදන අයත් මෙතන ඉන්නවා (නි)

:       0       0

නිලූ Saturday, 01 October 2016 10:03 AM

මේ අදහස් දාන සමහර කියන විදියට රටවල් තියා සෙල්ලම් ගෙයක්වත් පාලනය කරන්න බැහැ. ඒ අයට ඕනෑ විදියට වැඩ කරන්න නම් නීතියක් වැඩක් නැහැනේ.

:       0       0

අනුර Friday, 30 September 2016 07:41 PM

සරත් ෆොන්සේකා කුදලාගෙන ගියහැටි අපි දුටුවා. මෙයාව කූඩුවට දාපු එකේ වරදක් නැහැ (නි)

:       0       0

නිල්හාන් Friday, 30 September 2016 07:44 PM

රජකම් කෙරුවත් කළකම් පළදේ... (නි)

:       0       0

නිරන්ජන දිසානායක Friday, 30 September 2016 07:14 AM

මේ තුමා රටට කරපු අසීමිත කැප කිරීමට මල් තියලා වදින්න වටිනවා. බුදු සරණයි මැතිදුනි ! (ර)

:       0       0

පිරිස් පැරිස් Friday, 30 September 2016 07:46 PM

සරත් ෆොන්සේකා නැත්නම් අද ගෝඨා කියලා කෙනෙක් හොයන්නත් නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 04 October 2016 02:14 AM

රත්නායක මොන පාට කණ්ණාඩි දැම්මත් වපරකම යන්නේ නැහැ (නි)

:       0       0

රසික Friday, 30 September 2016 07:19 AM

වරදක් කර ඇත්නම් කෙන‍ා කවුරු උනත් නිසි දඩුවම් දිය යුතුමයි. (ර)

:       0       0

සේනක-ඉතාලිය Friday, 30 September 2016 08:05 PM

අනේ! මේ මිනිසුන්ගෙන් පළිගන්න එක අැර වෙන කරන්න වැඩක් යහපාලනයට නැද්ද? මේ වෙනකොට යහපාලනයට අවුරුද්දකටත් වැඩියි. රටෙි මිනිසුන්ගෙන් පළිගන්නයි, බදු ගහන එකයි අැරුනාම වෙන මොනවද රටට කරලා තියෙන්නේ. (නි)

:       0       0

මාලි Friday, 30 September 2016 07:20 AM

මේකෙනුත් දේශපාලන වාසි ගන්න හදනව වගේ... (ර)

:       0       0

චන්දන Friday, 30 September 2016 08:09 PM

කෙළෙහිගුණ නැති අය ඉන්න රටක් මේක. මේ අයට මතක නැහැ බෝම්බ වලට බයේ ජීවත්වුණ හැටි (නි)

:       0       0

විකී Friday, 30 September 2016 08:14 PM

පෙරුමාල්, අදහස් ඉදිරිපත් කිරීමට පෙර පැහැදිලිව කියවන්න. එහි සඳහන්වෙලා තියෙන්නේ රුපියල් බිලියන 11.4ක් ලෙසයි (නි)

:       0       0

නාමල් Friday, 30 September 2016 07:22 AM

රත්තරන් පිහියකින් ගැහුවත් කැපෙනවා මහත්තයො... (ර)

:       0       0

රම්‍යා Friday, 30 September 2016 07:22 AM

දිනිඳු ඇයි මොනවා කරන්නද.? (ර)

:       0       0

දිලංක Friday, 30 September 2016 08:42 PM

හැම දේශපාලකයාම උණ හෙම්බිරිස්සාවට වුණත් පිටරටින්නේ බෙහෙත් ගන්නේ (නි)

:       0       0

රුපවති Friday, 30 September 2016 07:24 AM

මේ මිනිසුන් නිසා දියුණු වේගන ආපු සියලුම දේවල් හතුරෝ කඩා ඉහිරෙව්වා..? ඇවන්ට්ගාඩ් එක කියන්නේ කොටි ගානක ආදායම් රටට ලැබෙන ආදායම් මාර්ගයක්. (ර)

:       0       0

සමන් Saturday, 01 October 2016 10:34 AM

කාලෙකට ඉස්සර බෝම්බ වලට බයේ බස් එකේ, කෝච්චියේ ගිය අය දැන් කියනවා මහින්දලා ගෝඨාලා හොරුලු, මිනිමරුවොලු?? (නි)

:       0       0

රමණි Saturday, 01 October 2016 10:56 AM

දිනිඳු, ගෝඨාට දැනටමත් අතතියලා ඉවරයිනේ (නි)

:       0       0

රම්‍යා Saturday, 01 October 2016 10:59 AM

දිනිඳු, තව අත තිබ්බා විතරයි, හොඳේ (නි)

:       0       0

ඉෂාන් Friday, 30 September 2016 09:17 PM

දැන් මෙයාලා බලන්නේ හෙමින් සීරුවේ මාරුවෙලා රට යන්න වගෙයි (නි)

:       0       0

සොයිසා Saturday, 01 October 2016 11:29 AM

රට බේරාගත් එස්.එෆ්. ෆොන්සේකා ඇතුළු ගම්වල සොල්දාදුවෝ බියනොවී ත්‍රස්තවාදය පරාජය කළා. මෙයා ඇමරිකාවට පැන්නා. (නි)

:       0       0

චින්තක Friday, 30 September 2016 07:41 AM

රට ත්‍රස්ත වාදීන්ගෙන් නිදසස් කර දුන් වීරයනෙනි, කෙලෙහිගුණ නොදත්තෝ ඔබට ගරහති. සත්තිය ජයගනී. ඔබට ජය. (ර)

:       0       0

මොහාන් Friday, 30 September 2016 07:50 AM

දිනිදු, මම මේ නොදන්නා කමට අහන්නේ. අත තිබ්බොත් මොකද කරන්නේ ? (ර)

:       0       0

අසංක Friday, 30 September 2016 09:39 PM

සරත් ෆොන්සේකා රණවිරුවාට කළ මහ පොළව නුහුලන අපරාධය තමයි මේ කැරකිලා එන්නේ. රජකම් කළත් කළකම් පළදෙනවා මහත්තයෝ. (නි)

:       0       0

දිනේස් Saturday, 01 October 2016 11:47 AM

තව ටික දවසකින් තේරෙන්න පටන්ගනී අරහේ අායෙත් වෙනම පාලනයක් පටන් ගත්තහම. අතීතය මතක නැහැ. (නි)

:       0       0

දුමින්ද රන්කොත්ගෙදර Saturday, 01 October 2016 11:56 AM

ලංකාවේ ගුණමකු මිනිස්සු ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ. අද මේ මිනිස්සු හිටියේ නැත්නම් තමන් හෝ තමන්ගේ ළඟම නෑදෑයෝ මිතුරෝ කී දෙනෙක් ජීවතුන් අතර නැතුව ඉන්න පුළුවන්කම තිබුනද? ඔය ක්‍රෝධය ඊර්ෂ්‍යාව තමන්ගෙන් පස්සේ ළමයින්ට නොයන්න වගබලාගත්තොත් තමයි හොඳ. (නි)

:       0       0

මංජුල Saturday, 01 October 2016 12:08 PM

මට නම් පුදුමාකාර කණගාටුවක් ඇතිවෙන්නේ (නි)

:       0       0

බමුණුසේන Saturday, 01 October 2016 12:11 PM

සුමුදු, ඔබ වගේ අය ඔබ ඉන්න ඔය රටටත් ශාපයක් (නි)

:       0       0

මොරවක Friday, 30 September 2016 09:57 PM

මෙවැනි දේ කරන අයටත් මේවායේ පළවිපාක භුක්ති විඳින්න ලැබේවි (නි)

:       0       0

පුෂ්ප Friday, 30 September 2016 09:59 PM

අනේ! අපේ රට තිබුන තත්වය මතක නැති දුර්ජන අය ලියන ඒවා ගැන හරිම දුකයි. ආණ්ඩුව සල්ලි හොයන්නේ මෙහෙම වෙන්න ඇති රට ගෙනියන්න (නි)

:       0       0

ගයාන් Friday, 30 September 2016 07:59 AM

මහා බැංකුවේ වංචාව කෝටි 500යි (බ)

:       0       0

ජනහිත Friday, 30 September 2016 10:11 PM

කෙනෙකුට කරදර කිරීමෙන් හෝ කරදරයක වැටීමෙන් සතුටුවන්නෝ මානසික ආබාධ ඇත්තෝය. මෙහි අදහස් දක්වා ඇති සමහරු ඒ ගණයට වැටෙනවා. මේ පුංචි ස්වර්ණ භුමිය විනාශ නොකර පළාගියා නම් හොඳයි. මේ උන්නා වූ ටික කාලයට කළ දේ මිනිසුන් හිරේ දැමීම හා එයට මං සෙවීමයි. මෙවැනි කෙනෙහිළි කිරීම් කවදා හෝ ඒ අයටත් ලැබේවි (නි)

:       0       0

ලහිරු Friday, 30 September 2016 10:22 PM

කවුරු කොච්චර රටට සේවය කර ඇති වුණත්, රුපියලක් හෝ රටේ මුදල් හොරකම් කර ඇත්නම් නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි (නි)

:       0       0

සිරි Friday, 30 September 2016 08:12 AM

ගෝඨාභය සහ සේනාධිපති මැතිදුන්නි,ජනතාව ඔබ සමගයි. යහපාලකයින් කෙසෙල් ගහට කොටන දවස වැඩි ඈතක නොවේ. අර ඡන්ද 5000ක් ගත්ත එකාටත් කෝටි 7ක වාහනයක්? (බ)

:       0       0

රොකී Saturday, 01 October 2016 02:25 PM

රාජා, ඔබ පිටරට ඉන්න නිසා ඔබට ප්‍රශ්නයක් නැතුව ඇති. ඔහෙටම වෙලා ඉන්න. මෙහෙ ඔය අය කළදේවල් ගැන දන්නේ අපිනේ. ඔහෙට සම්පතක් නම් උන්නැහෙව ගෙන්නාගෙන තියාගන්න (නි)

:       0       0

රොකී Saturday, 01 October 2016 02:32 PM

යුධ සමයේ රට අත හැර පළාගියා. අයියා ජනාධිපති වුණාම ඒකෙ හය්යෙන් ආනුභාවයෙන් උන්හිටි හැටියේ වීරයෙක් වුණා. චෝදනා ඇත්තේ නිකම් බොරුවට නොවෙයිනේ. විචාර බුද්ධියක් නැති මෝඩයන්ට නම් වීරයෙක් වගේ පෙනෙන්න පුළුවන්! (නි)

:       0       0

දහම් Friday, 30 September 2016 08:39 AM

මේ පළි ගැනීමේ මෝඩ ක්‍රියාවලිය නිසා රටේ ජනතාව මේ ආණ්ඩුව සමග කලකිරිලා කියල පොලිස් ඔත්තු සේවය වත් කියල දෙන්නේ නැද්ද. කොහොමද සමූපාකාර ඡන්ද ප්‍රතිපල. එ්කෙන්වත් ඉගෙන ගන්න බැරිද? (බ)

:       0       0

සුමුදු Friday, 30 September 2016 11:35 PM

මම නම් කියන්නේ ලංකාව ඔය වගේ කෙනෙකුට දෙන්න ඕනෑ. අපි නම් ඉන්නේ රට. අපිට හානියක් නැහැ. (නි)

:       0       0

අශාන් Sunday, 02 October 2016 02:22 PM

නීතිය කාටත් පොදුයිලුනේ! (නි)

:       0       0

සුමුදු Friday, 30 September 2016 11:41 PM

අපේ රටේ තිබෙන පසුගාමී වනචාරී ආකල්ප මේ බොහෝ දෙනාගේ අදහස් වලින් පෙනේ. ශිෂ්ටසම්පන්න ලෝකේ නීතියට උඩින් කවුරුවත් නැහැ. අනික මිනිහෙක් පොලීසියෙන් අල්ලලා නඩු දැම්මහම මිනිස්සු හිතන්නේ එ්ක ආණ්ඩුවේ වැඩක් කියලා. ආණ්ඩුවත් ඒවා සාධාරණීකරණය කරන්න යනවා. ශිෂ්ටසම්පන්න ලෝකේ නීතියයි දේශපාලනයයි යන්නේ මාවත් දෙකක (නි)

:       0       0

ඉසුරු Saturday, 01 October 2016 04:01 PM

බොරුවට පුම්බන්න එපා. සරත් ෆොන්සේකාට මෙතුමා අහලකින්වත් තියන්න බැහැ. මේවා දේශපාලන උප්පරවැට්ටි. අපි රැවටෙයි ඕවට (නි)

:       0       0

සුගත් Friday, 30 September 2016 11:51 PM

පීරිස් වගේ උගතුන් මේ සියලුම වංචාවන් අනාවරණය කරගෙන ඇත. එ්කනිසා තමයි සියල්ල දැක්කා වගේ අදහස් දාන්නේ (නි)

:       0       0

දිමුතු Saturday, 01 October 2016 04:08 PM

හොර සල්ලි වලින් නටන නාඩගම් දන්නෝ දනිති (නි)

:       0       0

ගාමිණි Saturday, 01 October 2016 04:11 PM

අයියයි මල්ලියි තනියෙන් යුද්ධ කළා වගෙයිනේ කතාව. (නි)

:       0       0

මොහාන් Saturday, 01 October 2016 04:15 PM

මෙහි බොහෝ දෙනෙකුට වැරදුන තැනක් තිබේ. මෙම ව්‍යාපාරය පටන්ගත්තේ පුද්ගලික සමාගමක් ලෙස නොවේ. නාවික හමුදාවේ දෙයක් ලෙසය. මෙය ඉන්පසුව තමා අැවන්ගාඩ් එකට පැවරුවේ. (නි)

:       0       0

වින්සන්ට් Saturday, 01 October 2016 05:09 PM

රටක නීතිගරුක ශිෂ්ඨසම්පන්න ජනතාවක් සිටින්නේ නම් සිතියයුත්තේ වැරදිකරුවන්ට නීතියක් මඟින් අපක්ෂපාති උපරිම දඩුවම් ලබාදීමටය. පුද්ගලයන් ගැන සිතන්නේ බොහෝවිට අවස්ථාවාදීන් විසිනි. මුල්‍ය වංචාවන්ට සහ මිනීමැරුම් චෝදනාවන්ට ලක්වුවන් අද බොහෝවිට කතාකරන්නේ තමන්ට අදාළ කරුණ නොව යුධ ජයග්‍රහණය ගැනය. ඇත්තෙන්ම එය ලැජ්ජාවට කරුණකි. රාජකාරිය එකකි. වංචාව දුෂණය තව එකකි. (නි)

:       0       0

දම්මිකා Friday, 30 September 2016 09:16 AM

පෙරුමාල්ට වගේ වත් මේ රටේ මිනිසුන්ට හිතුනොත් ටිකක් හරි ඉස්සරහට යන්න තිබුණ.මේකේ පාඨක අදහස් කියෙව්වා නම් ඇති මේ රටට වෙලා තියෙන විනාසය තෙරුන් ගන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 724 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 660 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 895 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 960 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 310 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 678 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site