IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇප නියම වුණත් මහින්දානන්ද රිමාන්ඩ්

මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ
 
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප නියම වූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා  ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
 
හිටපු ඇමැතිවරයාට රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. 
 
ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රයට අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළත් එම ඇප කොන්දේසිය සපුරාලීමට අලුත්ගමගේ මහතා අපහොසත්වීම නිසා ඔහු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කැරිණි.  
 
කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති බව ඔහුගේ නීතීඥවරුන් පැවසුවත් ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කිරීමට නොහැකි බව අධිකරණයේදී හෙළි විය.
 
මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක් අනුව අලුත්ගමගේ මහතා අද ප්‍රකාශයක් ලබා දීමට එම කොට්ඨාසයට පැමිණියේය. ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
2014 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගත් බවත්, මෙම සිද්ධියට අදාළව මීට පෙර සතොස හිටපු සභාපති නවීන් රුවන් මහතා ද අත්අඩංගුවට ගෙන ඇප මත සිටින බවත් පොලිසිය පවසයි. 
 
කැරම් හා දාම් ලෑලි ගෙන්වූ සතොස,  සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයක් යැයි ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය එනිසා මෙම වරද පොදුදේපොළ පනත යටතට නොගැනෙන බව ද සැකකරුට ඇප නියම කරමින් කීවාය.

රිමාන්ඩ් බාරයට පත් කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාරයට රැගෙන යන අයුරු ඡායාරූප ගැනීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බාධා එල්ල විය. එමෙන්ම  අලුත්ගමගේ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට  පොලිසියෙන් බලපෑම් එල්ල විය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට ඇතුළු වීමට ඇති ගේට්ටු ඉබි යතුරු දමා වසා දමා තිබිණි. පැමිණෙන අය පරීක්ෂා කර බලා අදාල පොලිසිය ඔවුන්ගේ අභිමතය අනුව තමන් කැමති පිරිස ඇතුළට ගැනීමට පියවර ගත් බව දක්නට ලැබිණි.



අදහස් (21)

ඇප නියම වුණත් මහින්දානන්ද රිමාන්ඩ්

රොමේෂ් Monday, 16 April 2018 11:33 AM

කොහොම බේරුණත් ස්වභාව ධර්මයෙන් නම් ගැලවීමක් නැහැ. ලබන ආත්මේ "කාක් කාක්" ගගා තමයි ඉන්න වෙන්නේ.

:       810       1350

mahinda Monday, 16 April 2018 11:35 AM

රටේ යහපත් පුරවැසියකුගේ යුතුකම.. පවතින නීතියට ගරුකිරීම හා එය පිළිපැදීම, ඊට ගරුකිරීමයි. ඒත් අපදකින පොදු දෙයක් තමයි දේශපාලනඥයා ඊට ගරු නොකර අවඥා කිරීම... මින් හැඟීයනුයේ ඔවුන්ට රටේ නීතිය අදාල නැද්ද යන්නයි.. ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස මහජන මුදලින් නඩත්තු කිරීම කොතරම් සාධාරණද?

:       61       620

rama Monday, 16 April 2018 11:47 AM

කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති බව ඔහුගේ නීතීඥවරුන් පැවසුවත් ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි බව අධිකරණයේදී හෙළි විය. මේවට තම ගමන් බලපත්‍ර 2ක් ඕන වෙන්නේ මේක වෙන ආණ්ඩුවක අධිකරණයක්ද කියල හිතෙනවා. සමහර විට සියඹලාණ්ඩුව වෙන්න ඇති.....

:       348       427

සතයපාල Monday, 16 April 2018 02:08 PM

අධිකරණයට යමක් බාරදුන්නම කුවිතාන්සයක් නිකුත් කරනවා. එය ආපසූ බාර දෙන වෙලාවට ඉදිරිපත් කරන්න ඒක තමන්ගේ ලග හෝ තමන්ගේ නීතිඥයා ලග සුරක්ෂිතව තබා ගන්න ඕන. අවශ්‍ය තැනකදී සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්න ඒක අධිකරණයේවත් පොලිසියේවත් ආණ්ඩුවේවත් වගකීමක් නොවේ. චුදිතයගේ වගකීම ඒක හරිහැටි නොදැන මේවගේ අනුවණ කොමෙන්ට් දාන්නේ රාමා තවම සියඹලාන්ඩුවේ ඉන්න නිසා වෙන්න ඇතී.

:       196       433

Don Monday, 16 April 2018 11:47 AM

ක්‍රීඩා ඇමැති හැටියට ඉන්නකොට මෙයා දන්නේ කැරම් විතරයි.

:       202       293

Ruwan Monday, 16 April 2018 12:48 PM

අවුරුද්දට නෑ ගම් යනවා වගේනේ යන්නේ...

:       32       221

Muhan Monday, 16 April 2018 12:51 PM

"ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය." මේ අය හිතාගෙන ඉන්නේ කොහොමහරි දවසකටවත් හිරේ ගියහොත් ඒ අය වීරයෝ වෙනවා කියලා....

:       2       142

Sugandhi Monday, 16 April 2018 01:20 PM

මේ අයට රිමාන්ඩ් වෙන එක ජීවිතේ ලැබෙන සුදුසුකමක් කියලයි හිතන්නේ. පේනවද ආඩම්බර සිනාව....

:       34       259

Hafeel Monday, 16 April 2018 01:37 PM

ඔන්න බලන්න අපේ මැති ඇමැතිවරුන්ගේ හපන්කම. අනිකුත් අධිකරණවලත් නඩු.

:       82       292

සතයපාල Monday, 16 April 2018 02:18 PM

මේක හරියට මෝල්ගහ මිනීමැරුවා වගේ කතාවක්නේ. ස.තො.ස. කියන්නේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ රාජ්‍ය ආයතනයක් බව හා එහි චංචල, නිශ්චල දේපළ සියල්ල මහජන මුදලින් මිලදී ගත් දේවල් බවටත් අධිකරණයට ඒත්තු ගන්වන්න හෝ පැහැදිලි කරන්න කාටවත් බැරිද?

:       16       48

සතයපාල Monday, 16 April 2018 02:31 PM

කොහොමද කට්ටිය කිරි සුදු කොක්කු වගේ ජැන්ඩියට ලැහැස්තිවෙලා මේ එන්නේ පෙරහුරුවට වගේ තමන්ගේ වාරේ ආවම තමනුත් මේ ගමන යන්න ඕනෑ බව මේ හැමෝම දන්නවා ඇති.

:       26       215

BamunuarachchiTuesday, 17 April 2018 01:02 AM

කරපු වරදම ඔප්පු වුනොත් එයට කෙලින්ම දඬුවම් ලැබිය යුතුයි.

:       0       0

Gobbaya Monday, 16 April 2018 02:49 PM

මේක පුදුම රටක්.. අම්මගේ නීතිය තමයි මේක.

:       71       77

sirimal Monday, 16 April 2018 04:01 PM

සිලි සිලි මල්ලක අඩුම කුඩුම දාගෙන උසාවියට පැමිණියේ ඇතුළට යන්න බලාපොරොත්තුවෙන්මයි. අඩමානයක් නෑ හෙට ආපහු ඇප ලැබෙයි. එතකොට දැන් " වොයිස් කට් එක" මීටත් වඩා ජවසම්පන්න වෙයි.

:       23       124

කුමාර් (ගල්ෆ්) Monday, 16 April 2018 04:24 PM

ඔය විදිහට ඉතුරු මහා හොරු රැලත් එක එකා ගාල් කළා නම් තමයි යහපාලනය රටේ ආරම්භ වෙන්නේ...

:       0       0

අරුන Monday, 16 April 2018 06:50 PM

ස.තො.ස හෙට පෞද්ගලීකරනය කරනවා කිව්වානම් මහෙස්ත්‍රාත් තුමියට හරියටම බලාගන්න තිබුනා පොදු දේපලට ගන්න පුලුවන්ද බැරිද කියලා

:       0       0

Rohana Tuesday, 17 April 2018 12:18 AM

සියලුම දේශපාලකයන් රටේ දේපොළ, රජයේ දේපොළ කොල්ල කනවා. දෙගොල්ලම එකිනෙකාව ආරක්ෂා කරගන්නවා. මැතිවරණයේදී කියනවා දුසිතයන්ට දඩුවම් දෙනවා කියා. මේ හොරකම් වලින් රටේ ආර්ථිකය දිනෙන්දින පහලට ඇද වැටෙනවා. ආහාර වලින් අධික බදු අයකරනවා, ජලය, විදුලිය, ඉන්ධන සදහා ජනතාවට ඉහල මිලක් ගෙවන්නට සිදුවී තිබෙන්නේ අන්ත දුෂිත දේශපාලකයන්ගේ මේ ක්‍රියා නිසා.

:       0       0

Tissa Tuesday, 17 April 2018 12:29 AM

දේශපාලකයන්ගේ හිත දන්නවා දේශපාලනය කිරීමෙන් තමන් හම්බකරගත් මුදල කොපමණද කියා. රජය දුර්වලයි නිතිය ක්‍රියාත්මක කරන්න.

:       0       0

Pabath Tuesday, 17 April 2018 02:43 AM

මේ අය පොහොට්ටුවෙන් ඇවිල්ලා මහජනතාව නැවත ඡන්දය දුන්නා. ඉතින් මේ අය හොරුනම් මහජනතාව ඡන්දය දෙයිද? කොහෙහරි මේකේ වැරැද්දක් තියෙනවා.

:       0       0

asiri Tuesday, 17 April 2018 04:14 AM

හොරු බලන්න හොරු යනවා.

:       0       0

pradeep kumara Tuesday, 17 April 2018 08:15 AM

මහින්දගේ කාලේ මෙහෙම වුනානම්... අැප හම්බ වෙයිද? එහෙනම් ඔක්කොම ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 22 2 0

දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 5 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 12 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 45 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 35 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 249 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site