(අංජුල මහික වීරරත්න)
මැතිවරණය සඳහා අපේක්ෂකයන් විසින් තැන්පත් කරන ලද ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙනත් කටයුතු සඳහා යොදනවාදැයි විමර්ශනයක් කරන ලෙස ඉල්ලීම සඳහා පාර්ශව තුනක් අද (1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මුදල් අමාත්‍යංශයටත් මැතිවරණ කොමිසමටත් පැමිණියහ.
ජනඅරගල පුරවැසියෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් නව ජනතා විමුක්ති පෙරමුණ මුදල් අමාත්‍යංශයටත් මොරටුව ස්වාධීන කණ්ඩායම1 මැතිවරණ කොමිසමටත් ආහ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර මහතා සඳහන් කළේ තැන්පත් කරන ලද අැප මුදල් අවභාවිතා වනවාද යන්න මහජනතාවට බරපතල සැකයක් මතුවී ඇති බවයි.
දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කරන ලද ඇප මුදල් මැතිවරණ කොමිෂන් සභාව විසින් හරියාකාරව අදාළ ගිණුම්වල තැන්පත් කර ඇත්ද නැත්ද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වා තොරතුරු දැනගැනීමේ පනතේ ඇති අයිතිය අනුව මහජනතාවට හෙළිදරව් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද චානක බණ්ඩාර මහතා සඳහන් කළේය.
"මහ බැංකුව මංකොල්ල කාපු රටක එවැනි පාලකයන් ඉන්න රටක මැතිවරණ කොමිෂන් සභාව වෙත බැඳපු අපේක්ෂකයන්ගේ ඇප මුදල් වලට මොකද වෙන්නේ කියන එක බරපතල සැකයක් ජනතාවට ඇතිවෙලා තිබෙනවා. මේ මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙතින් යම් කිසි පිරිසක් බලහත් කාරයෙන් පැහැර ගනීද? මහා බැංකුව කොල්ල කෑව වගේ කොල්ල කයිද? මැතිවරණය තියයිද නැද්ද කියන එක හෙට දිනයේදී අපේ රටේ මිනිසුන්ට බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා යැයි චානක බණ්ඩාර මහතා කීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇපේ විනිවිදද බලන්න තුන් කට්ටුවක් තැන් තුනකට
sharm warn Wednesday, 01 February 2023 03:45 PM
ඉතාම නුවනැති පියවරක්
sujeewarThursday, 02 February 2023 08:58 AM
ඔයා වගේම ඒ කණ්ඩායමත් අමු මෝඩයි. සමස්ථ ක්‍රියාදාමය ගැන අවබෝධයක් නැත් නම් පළමුව කල යුත්තේ එය අධ්‍යයනය කිරීමයි.. පහල මොහොට්ටාලගේ පැහැදිලි කිරීම නිවැරදියි.
sharm warnThursday, 02 February 2023 11:49 AM
ඔයා ඉන්නෙ ලන්කාවෙ නම්. . ඔයාට මීට වඩා මොලෙ කල්පනා කරන්න පුලුවන් වෙන්න ඔන. .
මොහොට්ටාල Wednesday, 01 February 2023 04:04 PM
මේක මහ මෝඩ වැඩක්... ඉස්සර කච්චේරියේ මුදල් අංශයේ සේවය කළ අයෙක් ලෙසට මෙම මුදල් ගැන කටයුතු කරන ආකාරය දැක්කා. මුදල් දිසාපති ගිණුමේ තැන්පත් කරන්නේ කච්චේරියේ ලංකා බැංකු ශාඛාවේ තමයි ඉතින් එම මුදල් ඇප තැන්පත් ලේඛනයේ ගිණුම් ගතවෙනවා... මුදල් දිසාපති ගිණුමේ බැංකුවේ තැන්පත් වෙනවා කච්චේරියේ මුදල් ගෙවීම් කරද්දී ඒවා ඇප මුදල්ද නැත්නම් වෙනත් මුදලක් බලන්නේ නැහැ... ගෙවීම් කරනවා ඇප රාජසංතක නොවුණොත් තැන්පත්කරු ඉල්ලීම කළාම ගෙවීම් කරනවා. රාජසන්තක වුණොත් රජයේ ආදායමට ගන්නවා. රජයේ ගිණුම් ක්‍රියාකාරිත්වය නොදන්නා මිනිස්සු මෙහෙම ඒවා කරනවා වෙන්න පුළුවන්...
sharm warnThursday, 02 February 2023 11:48 AM
මොහොට්ටාල, මෙ 2023 . . සහ, දැන් ඉන්නෙ පිස්සො 134ක් විසින් පත් කල පින් ගොනෙක්. . කාලෙත් තාලෙත් ගොඩක් වෙනස්. . ජනතාව්ට එකක් කියල යටින් වෙන ගෙම් ගෙනියන කම්බ හොරු ගොන්නක් එක්ක අපිට මෙ සටන ගෙනියන්න වෙලා තියෙන්නෙ.. ඒ් නිසා මිනිස්සු මෙහෙම කරන එක හොදයි.. එතකොට අර ජනතාව ගොනාට අන්දවගෙන වහල්ලු කරගෙන මෙච්චර කඩා වැටෙමින් යන රට තව තවත් මංකොල්ල කන පාදඩ හොරු රංචුව මෙ සල්ලි ටිකත් පිල්ලි ගහලා " මැතිවරන කරන්න සල්ලි ඥෑ අඥී. . " කිය කිය අලුත් නාඩගමක් නටයි. .
Dayan Thursday, 02 February 2023 06:56 AM
මැතිවරණය නැවැත්වීමට රනිල්ගේ අවසන් විසඳුම. මේකට නීතිමය පසුබිමක් හෝ ගිණුම් ප්‍රශ්නයක් නෑ.. මේක පරාජය කරන්න ඕන..