IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘ඇමැති/කමිසුරු යා යුතුයි‘

අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පිටවුණැයි පිළිගන්නා අධ්‍යාපන ඇමැති සහ විභාග කොමසාරිස් අනෙක් විෂයන්හි ප්‍රශ්න පත්‍ර පිට නොවිණියැයි දෙන සහතිකය කුමක්දැයි ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ මේ වන විට අධ්‍යාපනගේ අර්බුධ රැසක් ඇති අතර විභාග ගැන විශ්වාසය නැති වී ගොස් ඇති බවයි. මෙවැනි තත්ත්වයක් තුළ අධ්‍යාපන ඇමැති හා විභාග කොමසාරිස් ඉල්ලා අස් විය යුතු බව ද ස්ටාලින් හෙතෙම කියයි.



අදහස් (0)

‘ඇමැති/කමිසුරු යා යුතුයි‘

උපුල් Wednesday, 26 December 2012 12:27 PM

වරදකරු කවුද (දී)

:       0       0

දම්මි Tuesday, 25 December 2012 10:15 PM

මොවුන්ට ආත්මගරුත්වයක් ඇත්නම් ඉල්ලා අස්වියයුතුයි(නු)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 25 December 2012 10:45 PM

ලංකාව හැර අනෙක් ඕනම රටක මේ වගේ සිදුවීමක් උනා නම් ඒ මොහොතේම ‍ඉල්ලා අස්වෙනවා..!(නු)

:       0       0

හේරත් එස්. Tuesday, 25 December 2012 10:54 PM

කොහේ යන්නද ආයුබොවන්..? බාබර්ලා කරන වැඩ වලට ඔළුව මොනවා කරන්නද?(නු)

:       0       0

තිලක් Tuesday, 25 December 2012 11:43 PM

ලංකාවේ අධ්‍යාපනය ගැනනම් කතා කරන්න එපා (දී)

:       0       0

අමිල Tuesday, 25 December 2012 11:46 PM

ලංකාවෙ මිනිස්සු කොච්චර මෝඩද කියලා හිතෙනවා මේකේ තියෙන අදහස් දැක්කම. ගයාන්ලා ව‍ගේ අයට ලංකාව ගැන කිසි හැගීමක් නැහැ. ලංකාවෙ මිනිප්සු කවදා හැදෙයිද? ලංකාවෙ මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ නැතැව ඔහේ කියවනො. ඒවත් තමන්ගෙ ජාතිය ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතිව. සිංහලයට අන්තිමට මොකද වෙන්නෙ කියා හිතන්න තරම් මොලයක් නැහැ. දේශපාළුවො කෑගහන්නෙ මුස්ලිම් අයට පාඩුවක් වෙනකොට විතරයි. සිංහලයට වෙනකොට මොකාවත් නැහැ. ඒ වෙනුවෙන් හාමුදුරුවො විතරයි කතා කළේ. සිංහල අපි ගැනම ලැජ්ජා හිතෙනව අපේ අයගෙ මේ අදහස් ඇහුවහම. අපි මහ ‍අමු මෝඩ ජාතියක් කියලා අනිත් පැත්තෙනුත් අපිට හිනාවෙනවා ඇති. යථාර්තය තේරුම්ගත් ටිකක් දුර පෙනෙන අය 5% ක් විතර තමා ඉන්නෙ චතුර වගේ. 90% කට වඩා කියවනවා විතරයි. කියන්නෙ මොනවද කියලා දන්නෙ නැහැ. උදා;සුරංජන් අමුණුගම.මානෙල් (නි)

:       0       0

සිල්වා Tuesday, 25 December 2012 11:59 PM

මේක වගේ තමයි ඔක්කොම (දී)

:       0       0

පාලිත Wednesday, 26 December 2012 02:35 PM

මේක ලංකාවනේ.මෙහේ අයට ඕවා කියලා වැඩක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

පුබුදු Wednesday, 26 December 2012 12:31 AM

ඒක ඇත්ත මෙච්චර දෙයක් වෙලත් තවම කොහොමද ඉන්නෙ..!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 26 December 2012 12:51 AM

මෙයාලා යා යුතුයි තමයි..!(නු)

:       0       0

හිල්මි Wednesday, 26 December 2012 01:52 AM

හරි වැරැද්ද හොයල බලනකල් අපිට එහෙම කියන්න බැහැ (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 December 2012 02:00 AM

විභාග ප්‍රශ්නය බරපතළයි තමයි. නමුත් ගුරු සංගමය ගැන මට සැකයක් තියෙනවා. (නි)

:       0       0

පුලස්ති Wednesday, 26 December 2012 02:47 AM

කාටවත් හරි කියන්න බැහැ . මේ ඔක්කොම වැරදි (දී)

:       0       0

විමල් Wednesday, 26 December 2012 04:11 AM

මෙයාලා ඉල්ලා අස්වෙන්නෙ නැහැ.!(නු)

:       0       0

විලියම් Wednesday, 26 December 2012 03:31 PM

අමිලට මොකද වෙලා තියෙන්නේ (ස)

:       0       0

දම්මි Wednesday, 26 December 2012 03:29 PM

අමිල ඔබතුමා නිවැරදියි (ස)

:       0       0

බන්දුල ගුණවර්ධන Wednesday, 26 December 2012 06:13 AM

මේ ප්‍රශ්නෙදි මොකුත් වෙන්නේ නෑ , මුලදී ඔක්කම කැ ගහයි , පස්සේ යන්න යන්න ඕකත් මුලදී ඇතිවුන ප්‍රශ්න වගේම යටගැහිලා යයි , එකට කරන්න තියෙන්නේ ඔය ප්‍රශ්න පුළුවන් තරම් කල් මරණ එකයි විසදුමක් නැතූව එතකොට ගුරුවරුන්ටම එපාවෙලා ඕක ගැන කතාකරන එක නැවත්වී යයි , වැඩිම උනොත් තව මාසයක් ඕක ගැන කතා කරයි බලන්නකෝ. ඊට පස්සේ ඕකට වාඩා තව ලොකු ප්‍රශ්නයක් අවගමන් හෝ ප්‍රශ්නයක් ඇතිකරයි එතොකොට ඕක අමතකවෙයි , ඔක තමයි ලංකාවේ පුරුද්ද පාලකයෝ ඔය ගැන හොදට දනී (නු)

:       0       0

ගාමිණි Wednesday, 26 December 2012 07:08 AM

අපේ රටේ ඇමතිවරු වගකීම් වලින් ලිස්සලා යන්නට හේතුව තමයි ජනතාවගෙන් තෙරපුමක් එන්නේ නැති එක. ඒක කරන්න ඕනෑ විරුද්ධ පක්ෂය. නමුත් ඒ අය නිදි. (නි)

:       0       0

අමිල Wednesday, 26 December 2012 07:08 AM

අපි මේ සෙල්ලම් කරන්නේ අපේ රටේ අනාගතය එක්ක (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 December 2012 04:41 PM

අචිනි, ඇත්තම තමයි. (නි)

:       0       0

නිමල් Wednesday, 26 December 2012 07:24 AM

විභාග ප්‍රශ්ණ පත්‍රයට හැමෝටම ලකුණු 19ක් නොදුන්නොත් අසාධාරණයක් වෙන්නේ කලින් අර සම්මන්ත්‍රණ වලට ගිය 1000 ක් පමණ ළමයින්ට. මන්ද ඔවුන් තම හැකියාව ගැන වැරදි (අධි)තක්සේරුවකින් නොගැළපෙන විෂයයන් උසස් පෙළට හා තෘතියික අධ්‍යාපනයට තෝරාගෙන අමාරුවේ වැටෙනවා. දැන් මෙවර විභාගය ලියූ සියලු ළමයි තමන් ගැන වැරදි අධි තක්සේරුවකට ගොස් අමාරුවේ වැටේවි. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Thursday, 27 December 2012 09:43 AM

අම්ලගේ වේදනාව මටත් තිබෙනවා. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 December 2012 07:53 AM

අමිල, නුඹ කුසුමෙකි නිමල... (නි)

:       0       0

සදුන් Wednesday, 26 December 2012 07:57 AM

ඇමතිතුමා නිවැරදියි. (නි)

:       0       0

කිවි Wednesday, 26 December 2012 08:09 AM

වැඩක් වැරදුණුවිට කිසිම දේක කිසිම වගකීමක් ගැනීමට කිසිම කෙනෙකු ඉදිරිපත් නොවන රටේ මෙවන් සිද්ධීන් පුදුමයක් නොවේ. (නි)

:       0       0

චන්දිම Wednesday, 26 December 2012 05:37 PM

වැඩේ කියන්නෙ ඒක නෙමෙයි, අනිත් විෂයයන්ට අදාල ප්‍රශ්න ලබා ගත්ත ටියුෂන් ගුරුවරු මේ වගේ අහුවෙන්නෙ නැතුව, ආරක්ෂාකාරීව තමන්ගෙ සිසුන්ට දීලද කියන එකයි. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Wednesday, 26 December 2012 08:21 AM

බන්දුල ඇමතිතුමනි. ඔබ හරි. මේක තමා හරමදාම අපේ රටේ වෙන්නේ. තව ප්‍රශ්නයක් ආ ගමන් පරණ එක අමතක වෙනවා. (නි)

:       0       0

සරත් Wednesday, 26 December 2012 09:01 AM

අධ්‍යාපන ඇමතිතුමා හා කොමිෂනර් ඉල්ලා අස්විය යුතුයි.. මේ වගේ දෙයක් උනාම නම් පිට රටවල නම් අනිවාර්යයි අපි කියන්න දෙයක් නැහැ එයාලා පහුවදාම අස් වෙලා ඇති.. අපේ අස් වෙලා කොහොමද?(නු)

:       0       0

ලලිත් Wednesday, 26 December 2012 09:21 AM

අපොයි එයාලා ගිහින් කොහොමද? (නි)

:       0       0

ධම්ම Wednesday, 26 December 2012 09:18 AM

ලංකාවෙ ‍අය ඉල්ලා අස්වෙන්නෙත් වාසියක් බලාගෙන. වාසි නැත්නම් ඔහේ ඉන්නවා. (නි)

:       0       0

සම්පත් Wednesday, 26 December 2012 09:18 AM

ඒ ප්‍රශ්න 16 ට ලකුණු නො‍දිය යුතුයි .. ඒ ප්‍රශ්න 19 නොසලකා හැර ඉතිරිය සඳහා ලකුණු දිය යුතුයි (ස)

:       0       0

ෆිරෝ Wednesday, 26 December 2012 09:38 AM

ඇමතිතුමා ඉල්ලා අස්වුණා කියලා මොකක්ද ඇති වාසිය? (නි)

:       0       0

තුෂාර Wednesday, 26 December 2012 09:46 AM

ඔය ප්‍රශ්ණ 19 ට හැමෝටම ලකුණු දෙන්න ගත්ත තීරණය හරිම අසාධාරණයි. හරිනම් කරන්න ඕනේ බහුවරණ ඉතිරි ප්‍රශ්ණ 21 ට ලකුනු 40 න් දෙන්න. අර ප්‍රශ්ණ 19 ලකුණු නොදී ඉන්න ඔනේ. නැතිකම් එස් පාස් එක දෙන ලකුණු සීමාව 19 කින් වැඩිකරන්න. (ස)

:       0       0

සිල්වා Wednesday, 26 December 2012 10:08 AM

ජාතියට, රටට දියයුතු ආදර්ශය ඔබ විසින් දියයුතුයි. (නි)

:       0       0

ශාන්ත Wednesday, 26 December 2012 10:10 AM

ඊළග පාරත් වෙන්නෙ මේකම තමයි. බලන්නකෝ. (නි)

:       0       0

සිල්වා Wednesday, 26 December 2012 10:12 AM

උගතුන් නැති කොන්ක්‍රීට් සංවර්ධනයකින් රටට වැඩක් නැත. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 26 December 2012 07:31 PM

මම දන්න විදියට පුද්ගලික කණ්ඩායම් පන්ති වලට සම්පූර්ණ ප්‍රශ්ණ පත්තරයම දීලා තියෙනවා. මේ විතරක් නෙවෙයි ගණිතය,ඉතිහාසය,බුද්ධාගම ප්‍රශ්ණ පත්තර වලටත් ඒ සන්තෑසියම තමයි වෙලා තියෙන්නේ. (නි)

:       0       0

විමුක්ති Wednesday, 26 December 2012 07:28 PM

ඕක ඉල්ලා අස්විය යුතු කාරණයක් නෙමෙයි. (නි)

:       0       0

විමුක්ති Wednesday, 26 December 2012 07:30 PM

ලබන අවුරුද්දෙත් ඔය දේම ටිකක් දියුණු ක්‍රමයකට සිද්ධ වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අචිනි Wednesday, 26 December 2012 10:32 AM

ඡන්දදායකයින්ට ලැජ්ජා නැත්නම් අපි ඇමතිවරුන්ට බැණලා වැඩක් නැහැනේ. (නි)

:       0       0

වී අයි ලෙනින් Wednesday, 26 December 2012 10:32 AM

සිය පවුල බ්‍රිතාන්යේ ජීවත් වන අදිරාජ්‍ය විරෝධී අය ලන්කාවෙ සමාජ වාදය කරන එක සදාචාර සම්පන්නද?එයාල ඉල්ලා අස්වියයුතු නැතිද (දී)

:       0       0

අජිත් Wednesday, 26 December 2012 10:37 AM

දැන් ඉතින් දෙන්නකෝ උත්තර. (නි)

:       0       0

ප්‍රමු Wednesday, 26 December 2012 10:38 AM

මාත් හිතන්නේ තුශාර,සම්පත් කිව්ව දේ වගේ දෙයක් තමා වෙන්න ඕනෑ. ඒත් ඉතින් අපේ ලංකාවේ අයට ඕවා මතක සති දෙකයිනෙ. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 26 December 2012 10:47 AM

අහිංසක ළමයින්ට වෙන අපරාධ වලට ජනතාවද එක් පැත්තකින් වගකිව යුතුයි. (නි)

:       0       0

රවී Wednesday, 26 December 2012 11:03 AM

මම දන්න විදියට පුද්ගලික කණ්ඩායම් පන්ති වලට සම්පූර්ණ ප්‍රශ්ණ පත්තරයම දීලා තියෙනවා. මේ විතරක් නෙවෙයි ගණිතය, ඉතිහාසය ප්‍රශ්ණ පත්තර වලටත් ඒ සන්තෑසියම තමයි වෙලා තියෙන්නේ (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 26 December 2012 11:30 AM

මෙය සැළසුම් සහගත ලෙස අධ්‍යාපන ඇමතිවරයාට සහ රජයට විරුද්ධව මඩ ගැසීමට කවුරුන් විසින් හෝ කරන කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?

:       0       0

ෂාඩ් Wednesday, 26 December 2012 12:06 PM

මේ ප්‍රශ්න 19යම අවලංගු කරලා ළකුණු 40, 21න් බෙදලා දුන්නා නම් ඉවරනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 155 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 481 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 282 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 198 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 945 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 806 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site