IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඇමැතිකම් වැඩි වීම බරක් නොවේ

සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති බාරගත් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එසෑණ සමග කියා සිටියේ ජනාධිපති තමා ගැන විශ්වාසය තබමින් දුන් මෙම ඇමතිකමින් උපරිම ඵල ප්‍රයෝජන ගාලු දිස්ත්‍රික් මෙන්ම දකුණු පළාත් ජනතාවටත් සමස්ත රට වැසියන්ටමත් දෙන බවයි.

ජනාධිපතිතුමාගේ විශ්වාසය කිසිදු ලෙසකින් කඩකිරිමට තමන් කටයුතු නොකරනා බවද එ මහතා කීය.

මෙතරම් ඇමැති මණ්ඩලයක් රටට බරක් නොවෙදෑයි එසෑණ කළ විමසුමට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පෑවසීය.

එක් ඈමතිවරයෙක් යටතේ අමාත්‍යංශ විශාල ප්‍රමාණයක් තිබිමෙන් කිසිදු පලක් නැහැ. ඇමතිකම් බෙදා වෙන් කිරිමෙන් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම අමාත්‍යවරුන්ගේ කාර්ය භාරය විහිදුවාලිය හැකිය.

ජනාධිපතිතුමා බලාපොරොත්තුවන පරිදි ඉදිරියෙදී ශ්‍රි ලංකාව ආසියාවේ දියුණුම රටක් බවට පත් කිරිමටද එමගින් හැකියාව ලැබේ.

 

 



අදහස් (0)

ඇමැතිකම් වැඩි වීම බරක් නොවේ

දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 17 October 2013 10:46 AM

ඇමතිතුමාට නම් බර දැනෙන්නේ වත් නැහැ. අපිට නම් මේ බරයි, දුකයි දෙකම උහුල ගන්නත් බෑ බෑ බෑ ....... (ස)

:       0       0

මන්ජා Thursday, 17 October 2013 10:48 AM

කොරයි කොරයි (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 17 October 2013 10:52 AM

බන්දුල. මහජන මුදලින් රජයෙන් සැපයෙන සියලු සැප සම්පත් බුක්ති විදින බන්දුල කොහොමද එහෙම කියන්නේ.අපි නම් බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ.ඉස්සර කාලේ දී තුන් වේල කාල ඇඳලා හිටිය මිනිස්සු. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 17 October 2013 10:53 AM

බමුණු, ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනාට දුරකථන සඳහා මාසිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් 1,53,000.00කි. වසරකට වැයවන මුදල රුපියල් 18,36,000.00කි ඒ අනුව පෞද්ගලික ලේකම්වරු 9 දෙනා සඳහා මාසිකව වැයවන මුදල රුපියල් 1,72,800.00කි. වසරකට රුපියල් 20,73,600.00 කි. මේ තරම් විශාල මුදලක් වැය කරනු ලබන්නේ කවුරුන් සඳහාද යන්න ප්‍රශ්නයකි.ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට රජයේ නොපියවූ ණය ප්‍රමාණය පසුගිය වසරේදී රුපියල් මිලියන 60,00,000කි. විදේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 27,00,000කි. ඉතින් මෙය අපේ රටට තවත් බරක් නොවන්නේද? බත් කන හරක්ට ඕවා කියල වැඩක් තියෙනවද? (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 17 October 2013 11:10 AM

ග්‍රෑම් 400 හයිලන්ඩ් කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 15 ක් ඉහළ දැමූ බව මිල්කෝ සමාගම බදාදා (16) රාත්‍රී නිවේදනය කළේය. ඒ අනුව හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක නවතම මිල රුපියල් 325 ක් වෙයි. (දිල්)

:       0       0

මගින්ද වික්‍රමසිංහ Wednesday, 16 October 2013 09:55 PM

වැලේ ගෙඩි වැලට බර නැතුවා වගේ ඔය බරත් දුප්පත් ජනතාව කරමතම තමා,නමුත් මොන ඇමතිද තමන්ගේ අමාත්‍යංශය හරියට කරගෙන යන්නේ?මේක තමා ගැටලුව.එතුමලා වරප්‍රසාද ලබනවා රටවැසියෝ සදා දුකේ (නි)

:       0       0

ගිබාල් Wednesday, 16 October 2013 10:05 PM

"එක් ඈමතිවරයෙක් යටතේ අමාත්‍යංශ විශාල ප්‍රමාණයක් තිබිමෙන් කිසිදු පලක් නැහැ. ඇමතිකම් බෙදා වෙන් කිරිමෙන් රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම අමාත්‍යවරුන්ගේ කාර්ය භාරය විහිදුවාලිය හැකිය." අලුත් සංකල්පයක්..! කොහොමද එක ගමකට එක අමතිතුමෙක්. සුන්දර රටක්. පිරිපුන් ජාතියක්....! (නි)

:       0       0

බන්දුල රත්නායක Thursday, 17 October 2013 11:57 AM

ටිකිරි බණ්ඩා, ලංකාවේ බන්දුලලා ගොඩාක් ඉන්නවා. ඒ නිසා හැමෝම එක මිම්මෙන් මනින්න එපා. මම රජයේ මුදල් වලින් යැපෙන කෙනෙක් නෙමෙයි. මම ඉන්නේ රැකියාව කරන්නේ දෝහා කටාර් වල. (ස)

:       0       0

පද්මිණි Wednesday, 16 October 2013 11:23 PM

ඇමතිකමේ බර නැතිවුණාට ඒ මහතාගේ ශරීරයේ බර නම් අඩු කරගන්න වෙයි අනිවාර්යෙන්ම. (නි)

:       0       0

කරාටේ රන්ජිත් පැරිස් Wednesday, 16 October 2013 11:25 PM

රටට වැඩ කරන්න ඇමති, උපඇමතිකම් අවශ්‍ය නැත (නි)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 11:54 PM

ඇත්ත නේන්නම්. දැනටමත් එක ඇමති අමාත්‍යංශ දෙක තුන බාරව ඉන්නවානේ. ඒවා කඩලා වෙන්කරමු. (නි)

:       0       0

සත්‍යා Thursday, 17 October 2013 12:19 AM

මේ වගේ අයට අපි වගේ මී හරක් ඉන්නකන් හොදයි.සියළුම බර අපි අදිනවනේ (නි)

:       0       0

විභූති Wednesday, 16 October 2013 05:46 PM

ඒකෙන්ම පැහැදිලියි අපිට කෙරුවාව.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 16 October 2013 05:49 PM

එක ඇත්ත , මහත්තයලට කොහේ බරක්ද? බර අපිටයි අපේ නුපන් පරපුරටයි නේ. ඔහොම යමු මහත්තයා (නි)

:       0       0

සරත් Wednesday, 16 October 2013 06:01 PM

අපිට නම් මොකුත් නොතේරේ (අ)

:       0       0

වසන්ත Wednesday, 16 October 2013 06:07 PM

එතුමා හරි. මේ ඇමති මණ්ඩලය එතරම් බරක් නොවේ. ඉතිරි මන්ත්‍රීතුමන්ලාටත් වගකිව හැකි ඇමතිකම් දෙමු. ගරු මන්ත්‍රීතුමන්ලාගේ සහ ඇමති මණ්ඩලයේත්, එම නිලධාරින්ගේත් සේවය උතුම්කොට අගේ කරමු. සියලුම රජයේ සේවකයින්ගෙන් කෙලින්ම රට දියුණු කිරීමේ බද්දක් අය කරගන්න. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 17 October 2013 06:53 AM

කතාවෙන්ම තේරෙනවා මෙතුමාගේ තරම. (නි)

:       0       0

හිල්මි Thursday, 17 October 2013 06:54 AM

මගේ යාලුවෙක් කිවුවා ලංකාවේ මිනිස්සුන්ව නිර්වින්දනය කරලලු තියෙන්නේ. මගේ යාලුවට පිස්සු. (නි)

:       0       0

බමුණු Thursday, 17 October 2013 07:01 AM

ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනාට දුරකථන සඳහා මාසිකව වැය කිරීමට සිදුවන මුදල රුපියල් 1,53,000.00කි. වසරකට වැයවන මුදල රුපියල් 18,36,000.00කි ඒ අනුව පෞද්ගලික ලේකම්වරු 9 දෙනා සඳහා මාසිකව වැයවන මුදල රුපියල් 1,72,800.00කි. වසරකට රුපියල් 20,73,600.00 කි. මේ තරම් විශාල මුදලක් වැය කරනු ලබන්නේ කවුරුන් සඳහාද යන්න ප්‍රශ්නයකි.ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට රජයේ නොපියවූ ණය ප්‍රමාණය පසුගිය වසරේදී රුපියල් මිලියන 60,00,000කි. විදේශීය ණය ප්‍රමාණය රුපියල් මිලියන 27,00,000කි. ඉතින් මෙය අපේ රටට තවත් බරක් නොවන්නේද? (නි)

:       0       0

චමින්ද Wednesday, 16 October 2013 06:22 PM

දන්නේ නැති හින්දයි අහන්නේ. ඇමතිතුමා කොහොමද මෙහෙම කතා කරන්නේ? (නි)

:       0       0

විද්‍යාමදු Wednesday, 16 October 2013 06:30 PM

පඩි නඩි ගෙවන්න ආණ්ඩුවේ අයගේ අම්මලගේ අප්පලගේ බූදලෙන් යන එකක්යැ?අපේ සාක්කුවෙන් මිසක් (අ)

:       0       0

අශාන් Thursday, 17 October 2013 07:58 AM

එකෙන්ම තේරෙනවා අපේ අමතිලගේ නුවණ. එතකොට පඩි නඩි, නිල රථ, නිල නිවාස, සේවක තොගය බලාගන්නේ කවුද? (නි)

:       0       0

සමන්ත Wednesday, 16 October 2013 06:40 PM

ඔබතුමාගේ ඇඟ දිහා බලපුවම ඒක හොඳටම පැහැදිලි වෙනවා ඇමතිතුමනි අනේ අපේ අහිංසක ජනතවට දෙය්යන්ගේම පිහිටයි (අ)

:       0       0

මහින්ද Thursday, 17 October 2013 08:28 AM

ඔහොම යමු (නි)

:       0       0

අජිත් Wednesday, 16 October 2013 06:53 PM

අනේ අම්මපා! මේ කතා කරන්නේ අපේ රට ගැන අබමල් රේණුවක් තරම්වත් හිතලද? (නි)

:       0       0

බන්දුල Wednesday, 16 October 2013 07:04 PM

ආණ්ඩුවට නම් බරක් නැහැ තමයි, ඒ වුණාට අපිට නම් ඒ බර හොදටම දැනෙනවා. ඔබතුමාලට ඡන්දෙ දීලා කරපු මෝඩකමේ බරපතලකම තේරෙන්නේ දැනුයි. පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝටම ඇමතිකම් දුන්නා නම් රට ඉක්මනට දියුණු වීම කෙසේවෙතත් අගාධයට යන හැටි නම් බලාගන්න පුළුවන් වෙයි ඉක්මනටම. (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 16 October 2013 07:08 PM

බර උසුලන්නේ දුප්පත් අපිනේ.. (නි)

:       0       0

දිසා Thursday, 17 October 2013 09:19 AM

මෙයාගේ කතාවේ ලස්සන? (නි)

:       0       0

පෙරේරා Thursday, 17 October 2013 09:27 AM

ඔන්න ඔහේ 160 දෙනාටම ඇමැතිකම්ම දෙන්න. එතකොට එකපාරින් ප්‍රශ්නය අවසානයි. මිනිස්සුන්ටත් බොහොම ඉක්මනින් අමතකයි. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 17 October 2013 09:45 AM

ඔව් අපි දැක්කා,මුතුහෙට්ටිගම ඇමැතිතුමාත් කිසිම බරක් නැහැ වගේ බරට බරේ නැගිටලා ගියේ (නි)

:       0       0

ආරියසේන Wednesday, 16 October 2013 07:49 PM

ගාලු දිස්තිරික්කයේ ජනතාවට සහ නිශාන්ත මහතාටත් ජයවේවා. (අ)

:       0       0

නන්ද Wednesday, 16 October 2013 07:57 PM

මේ අවුරුද්දේ හොඳම බොරුව සහ විහිළුව.මේ උතුමා විතරක් නොවෙයි ඔය කොයි උතුමත් කරන කතායි හා කෙරුවවයි බලුවහම් පෙනෙනවා මේ ගොල්ලෝ කොතරම් රටටත් පොදුජනතවටත් ආදරේද කියල.අපේ පිනට නියම කවට අන්දරේලා ගොන්නක් ඇමතිකම් අරන් තියනවා. මෙහෙව් අයට චන්දෙ දීල පත් කරපු අපිටමයි ගොන් කවඩි කොටන්න ඕන. (අ)

:       0       0

ඇෆ්ගන් නිමල් Wednesday, 16 October 2013 08:06 PM

මොකටද මගේ කට? වැඩක් නැහැ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2644 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2337 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2918 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5842 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1965 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6644 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18595 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site