IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇමතිවරුන්ට මහජන මුදල් අනුමැතියකින් තොරව ගෙවනවා

(යොහාන් භාසුර)
ඇමතිවරුන්ගේ බිල්පත් සඳහා ලක්ෂ ගණනින් මහජන මුදල් පාර්ලිමේන්තු අනුමැතියක් පවා නොමැතිව ගෙවන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා මහතා අද (4) පැවසීය.

ජාතික ජන බලවේගයේ ගණකාධිකාරීවරුන්ගේ සහ විගණකවරුන්ගේ අද (4) පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ටන් පෙරේරා මහතා එසේ පැවසීය. 

රට අගාධයට වැටී මහජනතාවට ජීවිත පවත්වාගෙන යා නොහැකි වී තිබෙන කාලයකත් මහජනතාව නොදත් තොරතුරු විශාල ප්‍රමාණයක් ඇති බවත් රජයේ මූල්‍ය අවභාවිතාව පිළිබඳ විගණකාධිපතිවරයා කරුණු විශාල ප්‍රමාණයක් හෙළි කර ඇති බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකාවේ විශාලතම වියදම් රජයේ දෙපාර්තමේන්තු ඇතුළු මහා භාණ්ඩාගාරයේ යැපෙන ආයතනවලින් කරන බව කී ඇන්ටන් පෙරේරා මහතා රජයේ මහා භාණ්ඩාගාරය ජනතාවගෙන් බදු මුදල් එකතු කළ පළියට හිතුමතේ වියදම් කරන්න අයිතියක් නොමැති බව ද සඳහන් කළේය.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු ආයතනවල ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරන වියදම් ඇස්තමේන්තුවලින් සමස්ත රජයේ අයවැය ලේඛනය සකස් කර, පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා නිසා අදාළ වියදම් කළ යුත්තේ අයවැය සම්බන්ධයෙන් පවතින විධිමත් ක්‍රියාවලියට අනුව බවත් මුදල් යොමුකළ යුත්තේ අයවැය මගින් අනුමත වියදම් ඇස්තමේන්තුවක් සඳහා පමණක් බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (3)

ඇමතිවරුන්ට මහජන මුදල් අනුමැතියකින් තොරව ගෙවනවා

සුරලොව ඇල්මන් Friday, 05 April 2024 05:46 AM

භාණ්ඩාගාරය මුදල් එකතුකල පලියට වියදම් කරන්න බැහැ තමයි ඒත් පාර්ලිමේන්තුවේ වාර්ෂිකව අනුමත කරන අයවැය ඇස්තමේන්තු අනුව එක් එක් ව්‍යාපෘති සදහා වියදම් කලයුතු ආකාරය හා ප්‍රමාණය වියදම් ඇස්තමේන්තු පෙන්වා දෙනවා ඊළඟට අයවැය අනුමත කල පමණින්ම මුදල් වියදම් කරන්න බලයක් කාටවත් නැහැ ඒකට අවශ්‍ය අනුමැතිය වොර්න්ට් බලපත්‍රය මගින් ලැබෙන්නත් ඕන ඉතින් එහෙම අනුමැතිය ලැබුනාම නැවතත් විවිධාකාර ගෙවීම් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න අවශ්‍ය නැහැ මට හිතෙන්නේ හිටපු ප්‍රධාන ගණකාධිකාරි කෙනෙක් වුනත් රජයේ ගිණුම් පරිපාටිය හරියට නොදන්නා නිසා හෝ ඒ ගැන හරියාකාරව අවබෝධයක් නැතිකමට හෝ දේශපාලන ගැතිකමට මේ අදහස ඉදිරිපත් කලාද කියලා හිතෙනව

:       0       2

Lalla Friday, 05 April 2024 07:59 AM

හිටපු ගණකාධිකාරි නේද?.දැන් බිරුවාට හපන්න කටේ දත් නෑ. සද්දෙට බය අය දැන් නැත.

:       0       2

Bunny Preena Friday, 05 April 2024 09:29 AM

දැන් තමයි මෙවැනි කරුණු කාරනා එලියට එන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 728 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 540 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 777 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 580 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 499 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 314 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site