IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ඇමැතිවරු 27 යි

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලය මින් මද වේලාවකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍රතිඥාව කියවූහ. ඒ ඒ අමාත්‍යවරු තම අමාත්‍යාංශයන්හි කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කරගෙන යන බවට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දී පත්වීමේ ලිපියට අත්සන් තැබූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු

ජෝන් අමරතුංග - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු

ජෝශප් මයිකල් පෙරේරා  - ස්වදේශ කටයුතු

ගාමිණී ජයවික්‍රම පෙරේරා  - ආහාර සුරක්ෂිතාව

මංගල සමරවීර  - විදේශ කටයුතු

කරු ජයසූරිය  - බුද්ධ ශාසන

ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත

රවී කරුණානායක  - මුදල්

රවුෆ් හකීම්  - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන

චම්පික පාඨලී රණවක  - විදුලිබල හා බලශක්ති

රාජිත සේනාරත්න - සෞඛ්‍ය

දුමින්ද දිසානායක - වාරිමාර්ග

කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

එම්.කේ.ද එස්.ගුණවර්ධන - ඉඩම්

සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි

විජයදාස රාජපක්ෂ - අධිකරණ

ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය

නවීන් දිසානායක - සංචාරක

අර්ජුන රණතුංග - වරාය හා නාවික

රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ

පලනි දිගම්බරන් - වතු සංවර්ධන

ඩී.එම්. ස්වාමිනාදන් - පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම්  හා හින්දු ආගමික

අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන

තලතා අතුකෝරළ - විදේශ රැකියා

ආර්.ඇම්.රංජිත් මද්දුමබණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන

පී. හැරිසන් - සමාජසේවා හා සුබසාධන

චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු

Ministers

රාජ්‍ය අමාත්‍යවරුන්

නන්දිමිත්‍ර ඒකනායක - සංස්කෘතික කලා කටයුතු

එස්. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන

ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා

පාලිත රංගේ බණ්ඩාර - විදුලි බල හා බල ශක්ති

දිලිප් වෙදආරච්චි - ධීවර

රෝසි සේනානායක - ළමා කටයුතු

රජීව විජේසිංහ - උසස් අධ්‍යාපන

රුවන් විජයවර්ධන - ආරක්ෂක

කරුපයියා වේලායුදන් - පේෂකර්ම

නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු

rajya

නියෝජ්‍ය අමාත්‍යවරුන්

චම්පික ප්‍රේමදාස - සංවර්ධන හා කර්මාන්ත

හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු

එරාන් වික්‍රමරත්න - මහා මාර්ග

සුජීව සේනසිංහ - අධිකරණ

වසන්ත සේනානායක - සංචාරක

විජයකලා මහේෂ්වරන්  - කාන්තා කටයුතු

අජිත් පී. පෙරේරා - විදේශ කටයුතු

අනෝමා ගමගේ - වාරිමාර්ග

deputy-mini

දිවුරුම් දීමෙන් අනතුරුව සභාව අමතමින් බලය ශක්තිමත් වනුයේ බලය අත් හැරීමට ඇති සූදානම මත යැයිද නව අැමැති මණ්ඩලය අමතමින් ජනපති සිරිසේන මහතා කීවේය.

DSC_1742 DSC_1791 DSC_1798 DSC_1840 DSC_1843 DSC_1846 DSC_1861 DSC_1877 DSC_1879 DSC_1886 DSC_1921 DSC_1923 DSC_1941 

DSC_1992 DSC_2276 DSC_2285 DSC_2290

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

ඇමැතිවරු 27 යි

මලිත් Monday, 12 January 2015 03:57 PM

ක්‍රීඩා වලට කෙනෙක් නැද්ද? (නි)

:       0       0

රවී Monday, 12 January 2015 03:58 PM

සතුටුය් මෙතරම් අඩුකිරීම පිළිබඳව. ජයවේවා! (නි)

:       0       0

රන්ජිත් Monday, 12 January 2015 04:29 PM

ක්‍රීඩා කටයුතු භාර ඇමතිවරයෙක්? (අ)

:       0       0

ටි‍රෝන් Monday, 12 January 2015 05:08 PM

25 නම් පැන්නා නේද? (නි)

:       0       0

වරුණ Tuesday, 13 January 2015 07:36 AM

ෆොන්සෙකා මහත්තයාට මුකුත් නෑනේ.(හේ)

:       0       0

නෙතුක Monday, 12 January 2015 06:30 PM

එක්කෙනෙක් ගැන තමයි මට නම් බයක් තියෙන්නේ... (නි)

:       0       0

ලියනගේ ප්‍රියංකා Monday, 12 January 2015 08:35 PM

ආරම්භය සුහ ලකුණු ,සතුටුයි මගේ ලංකා ,ජයවේවා!'(හේ)

:       0       0

ළමා හේවා Monday, 12 January 2015 01:32 PM

කෝ සජිත් ? (නදී)

:       0       0

ජනක Monday, 12 January 2015 01:56 PM

ෂා නියමයිනේ! (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 14 January 2015 04:25 AM

මොනවා හරි කරලා ජනදිපතිතුමනි, ගෙම්බෝ පනින අයට නීතියක් ගේන්න පුලුවන්නම් ඔබතුමා උතුම් පින්කමක් කරන්නේ. පනින අයට සමාවක් දෙන්නවත් අායෙමත් පක්ෂයට ගන්නවත් බැරිවෙන්න නීතියක් හදන්න. අතිගරු ජනාදිපති තුමනි මන් ඔබෙන් ඉල්ලන්නේ එපමණි. මේ පනින හැමෝගෙම තියෙන්නේ තමන්ගේ වාසිය මිසක් රටට වැඩක් කරන්න ජාතියට වැඩක් කරන්න උවමනාවක් නෙවේ (නදී)

:       0       0

ජගත් Tuesday, 13 January 2015 02:31 AM

මම පොළොන්නරුවේ.ඇත්තටම අපිට සතුටුයි. රජරටින් නායකයෙක් බිහිවීම ගැන. මිනිස්සුන්ට ඕනේ යහපාලනයක්, ජීවත් වීමට හොද ආර්ථික රටවක්, අපේ ජනාධිපතිතුමා දුප්පතුන්ගේ දුක අදුනන නායකයෙක්.ඔබට චිරන් ජයතු.(හේ)

:       0       0

ජගත් Tuesday, 13 January 2015 02:41 AM

රාජ්‍ය අමාත්‍ය ධූර කියන්නේ මොකද්ද?.(හේ)

:       0       0

මාධව Monday, 12 January 2015 02:08 PM

බොහොම සතුටුයි (නි)

:       0       0

සුජී Tuesday, 13 January 2015 02:48 AM

ෆොන්සේකා මහත්තයට මොකුත් නැද්ද (නදී)

:       0       0

තුසිත Monday, 12 January 2015 02:26 PM

චිරං ජයතු අභිනව ජනාධිපතිතුමනි! අප සැමදා ඔබ සමඟයි (නි)

:       0       0

රුවන් Monday, 12 January 2015 02:26 PM

ඔවු ඔවු. මටත් මතක 25යි කියලා කිවුවා කියලා තමයි (නි)

:       0       0

යොමාල් Monday, 12 January 2015 02:27 PM

ගණන වැරදිලාවත්ද​ මන්දා? 25යි කියලා කිවුවා වගෙයි මට නම් මතක (නි)

:       0       0

සමන් Monday, 12 January 2015 02:30 PM

ඔක්කොම 25යි කියලා මුලින් කිවුවා නේද​? (නි)

:       0       0

ටියුඩර් Monday, 12 January 2015 02:45 PM

බලන්න කොච්චර හොඳද? (නි)

:       0       0

නිශාන්ත Monday, 12 January 2015 02:46 PM

ජයවේවා! (නි)

:       0       0

විදුරන්ග Monday, 12 January 2015 02:46 PM

කවුුරු මොනවා කිවුවත් අපි නම් සතුටුයි (නි)

:       0       0

රුවන් Monday, 12 January 2015 02:46 PM

ජනතාව මොවුන් ගැන තමන්ගේ අදහස් නොබෝ දිනකින්ම ප්‍රකාශ කරාවි (නි)

:       0       0

අතුල Monday, 12 January 2015 03:18 PM

25ක් නෙවෙයි 30 කට වඩා අඩුයි කියලයි කිව්වේ. පටලවා ගන්න එපා. 25 ක් කියලා කියලා තිබුනේ විවිධ මාධ්‍ය මගින් නිල නොවන තොරතුරු. ඔයාල කාට ඡන්දෙ දුන්නත් කමක් නෑ. අපි හැමෝටම අවශ්‍ය රටේ යහපත නේද. හිටපු ජනාදිපති තුමා 100 කට වැඩි කැබිනට් එකක් පත් කරනකොට ඔයාල ඒවා විවේචනය නොකළේ මොකද. දැන් ඔයාලට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ ගාන 80 කින් විතර අඩු වුන එකද? හැම දේ දිහාම මධ්‍යස්තව බලන්න පුරුදු වෙන්න. හොද දේට හොදයි කියන්න. නරක දේට නරකයි කියන්න. එහෙම නැතිව පක්ෂග්‍රාහී වෙලා කවදාවත් රටක් හදන්න උදවු වෙන්න බෑ. (නදී)

:       0       0

නාමල් Monday, 12 January 2015 03:27 PM

එන්න කලින්ම කියපුවාත් කිවුවේ නැහැ කියලා සමහරු කිවුවනේ. ඉතින් ඇමති මණ්ඩලය 25 යි කියලා කියන්නත් නැතුව ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 766 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 449 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 340 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 602 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 397 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1092 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site