(යොහාන් භාසුර)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට විරෝධ දක්වමින් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් අද (29) සමුළුවක් පවත්වමින් ආණ්ඩුව දැඩි දෝෂදර්ශනයට ලක් කළහ.
ජනහිතවාදී හෙටක් උදෙසා ‘මහජන මන්ත්‍රණ සභාව’ නමින් පිටකෝට්ටේ සෝලීස් ශාලාටෙව්දී පැවැති මෙම සමුළුවට ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයෝ සහභාගි වූහ.
මෙම සමුළුවට ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරු පෙරමුණ ගැනීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, ටිරාන් අලස්, ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ. එල්. එම් අතවුල්ලා, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග සහ ලංකා කොමියුනිට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥා වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්රු මෙම සමුළුවට සහභාගි වූහ.
පක්ෂ නායකයන් සමුළු ශාලාවේ ප්‍රධාන මේසයේ අසුන් ගෙන සිටි අතර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
ඕමාරේ කාස්සප අනුනාහිමි, කැලණි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරත්න හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, ලංකා කොමියුනිට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩීයූ ගුණසේකර සහ සිවිල් සමාජ ක්‍රියාකාරික ආචාර්ය ගුණාදාස අමරසේකර යන මහත්වරු, විදුලිබල ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජ ක්රියාකාරාකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
එහිදී අමාත්‍යවරුන් වන විමල් වීරවිංශ සහ උදය ගම්පන්පිල යන මහත්වරු පැවසුවේ කැබිනට් ඇමති ධුර පිළිබඳව කිසිඳු තැකීමක් නොකර එම ඇමති තනතුරු අහිමිවුවද රටට අහිතකර ගිවිසුම අහෝසි කරන තෙක් සටන අත්නොහරින බවයි.
අමාත්‍ය විමල් වීරවංශ එහිදී පැවසුවේ යුගදනවි එල්.එන්.ජී. බලාගාරය සම්බන්ධ ගිවිසුම කැබිනට් මණ්ඩලයේ නියමිත ආකාරයට සාකච්ඡා නොකළ හොර රහසේ සම්මත කළ ගිවිසුමක් බවයි.
(ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමතිවරු 3ක් විරෝධය පා පාරට බසිති
සඳුන් Friday, 29 October 2021 09:33 PM
දැන් පෙන්වනවා,... දවල් මිගෙල්..., රෑ දැනියෙල්,..
NMSaturday, 30 October 2021 06:46 AM
මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනය සහ දේශපාලකයින් පිළිබඳව ජනතාව පසුවන්නේ දැඩි කලකිරීමකි. වර්තමාන රජය පත්කර ගැනීමට මූලික වූ ගොවියා, ධීවරයා ගේ සිට විධායක නිලධාරියා ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුන්ව තිබේ. මේ වනවිට වර්තමාන දේශපාලනය වෙනස් මාවතකට යොමුවිය යුතු බව ජනතාව පක්ෂ, පාට බේදයකින් තොරව එක හඬින් කියා සිටියි. නව ආරම්භයක් සමග වෙනසක් රටට ලබා දියයුතු බව ඔවුන්ගේ මතය වේ. වර්තමාන දේශපාලනයේ යෙදී සිටින්නා වූ කුඩා පක්ෂ මේ වනවිට රජය සමග අර්බුදයක් හට ගෙන ඇත. ඔවුන් මේ වනවිට රජයෙන් එළියට පැමිණ රජයට විවිධ චෝදනා එල්ල කරමින් සිටියි. මේ සියලු චෝදනා ජනතාව ඉදිරියේ තැබූ පළමු අවස්ථාව නොවේ. පෙර සෑම මැතිවරණයකදීම මොවුන් විසින් ජනතාව රවටන ලදී. ඔවුන් සියලුදෙනා මේ වනවිට රජයෙන් එළියට පැමිණියද ඔවුන්ව පිළිගැනීමට ජනතා රැල්ලක් නොවීය. ජනතාව මේ වනවිට ඔවුන්ව ප්‍රතික්ෂේප කරමින් තිබේ. ශ්‍රී ලංකාවට සහ පුරවැසියන් හට මේ පැමිණ තිබෙනුයේ සුවිශේෂී අවස්ථාවකි. ජනතා මතය මේ වනවිට පෙළ ගැසෙමින් තිබෙනුයේ (දේශපාලන අනාථයන් නොමැති) නව දේශපාලන ධාරාවක් ගොඩනැගීම වෙනුවෙන් වේ...
K. Ranaweera Saturday, 30 October 2021 10:16 AM
කදිමයි... ඇත්තෙන්ම ඔබ නිවැරැදියි.
sisilSaturday, 30 October 2021 07:43 PM
රජයන් ජනතා අපකීර්තියට පත්වන සෑම අවස්ථාවකදීම බොරු ජාතිවාදය සහ දේශප්‍රේමය පෙන්වමින් ජනතව රවටමින් යලි යලිත් මාතෘකා වෙනස් කරමින් ජනතව ඉදිරියට පැමිණෙන දුෂිත ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදී දේශපාලකයන්ගේ ක්‍රියාකලාපයන් නිසා අසරණව සහ කලකිරීමෙන් සිටින ජනතාව පස්ස පැත්ත රිදෙන්න පහරදී නවතීද ? ජනතව වසයෙන් අපට කීමට ඇත්තේ හෙල්මට් පැළද ජනතව ඉදිරියට පැමිණෙන්න. ජනතා මතයනම් මෙවැනි දේශපාලකයන් සමග ඉනෆ් ඊස් ඉනෆ් යලිත් දේශපාලන ගනුදෙනු අවශ්‍ය නොමැති බවකි
අතුල සෞදි Friday, 29 October 2021 09:34 PM
ප්ලේන්ටියේ කුණාටුව...
සලීම්Saturday, 30 October 2021 09:08 AM
මෙන්න රවීන්ද්‍ර කාලෙකින් එළියට බැහැලා. කෝ බමුණුආරච්චි...?
ajithSaturday, 30 October 2021 07:52 PM
කුඩා දේශපාලන කණඩායම් රජයෙන් ඉවත් වුවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට රජය කරගෙන යාමට සහයෝගය දෙනු ඇත. මහා මැතිවරණයේදී සජිත් කියා සිටියේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තින් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තින් සමාන බව සහ සජිත්ගේ කණ්ඩායම ගෝඨාභය ජනාධිපතිවරයා සමග එකට රජයක් කරගෙන යා හැකි බව ප්‍රකාශ කළේය....
Raveendra Friday, 29 October 2021 09:51 PM
ඇමතියෝ තිදෙනාම දැන් ලගාවී තිබෙන්නේ තුන්මං හන්දියකටය... මොකද කියන්නේ "කාපට් දාපු" රනිල් හයිවේ මාවතේ යනවාද...? නොඑසේ නම් අලුතෙන් තාර දාන උගත්, මෝඩ පුතාණෝ මාවතේ යනවාද...? නැත්නම් සුසාන භූමි හරහා ඉදිවෙමින් පවතින දියව් දියව් ගොන්කුමාර මාවතේ යනවද? මොන මාවතේ ගියත් දැන් හොරා කනවා වගේම හොරා කන්න පුළුවන්. ඉතින් මොකද කියන්නේ ගල් ආඳෝ තුන්දෙනා...?
ඩංකුටු පප්පා Friday, 29 October 2021 10:24 PM
මේ නැට්ටුවෝ මීට පෙර තෙල් මැතිරීම්, දෙහිකැපීම් අත්තගහ මැතිරීම් කීපයක් කළා. අන්තිමේ යක්ෂයා ආරූඪ වුණාම නැට්ට පස්ස කකුල් දෙක අස්සේ ගහගෙන අනුකම්පා හිතුණා කියමින් ආපසු ගියා... කාටකාටත් මතක ඇතිනේ. මෙවර බලියක් අරිනවා කිව්වාට වෙන්නේ පැරණි නාඩගම තමයි... බලා ඉන්නකෝ වෙන්නේ මොකද කියලා...
AJITH Friday, 29 October 2021 10:25 PM
පාරට බහින්න නම් එපා... ජනතාව ඇමැතිවරු එනකම් බලාගෙන ඉන්නේ...
RaveemdraSaturday, 30 October 2021 11:52 AM
ඔබ විසින් අදහස් කර ඇත්තේ වොඩ්කා බෝතලේ උණුකර, නිවාගත් තැඹිලි වතුර වලින් සංග්‍රහ කිරීමටද? නැතහොත් කොහුමිටි, ඉදල්, ඉලපොතු වැනිදෑ සමගින් සංග්‍රහ කිරීමටද...? නොඑසේනම් අශුචි බාල්දි සමගින් සංග්‍රහ කිරීමටද?
RamendraSunday, 31 October 2021 09:31 PM
පව්, ඔයා නම් ඉතින් නොම්මර එකේ බයියෙක්නේ...
Bandara Friday, 29 October 2021 10:27 PM
ඔය කරන්නේ අමු රඟපෑමක්. දැන් මේ ආපහු කරන්නේ නැගෙනහිර ජැටි නාටකයයි. නැගෙනහිර ජැටිය විකුණනවා ගිරිය පුප්පගෙන කෑ ගැහුවාට.., බටහිර ජැටිය විකුණද්දී එක දේශප්‍රේමියෙක් බෙහෙතකට හොයා ගන්න හිටියේ නෑ. මේ සෙට් එක තඹ සතයකට විශ්වාස කළ නොහැකි දේශපාලන අනාථයින් පිරිසක්. රාජපක්ෂ සරමට මුවාවෙලා ඉන්න හින්දා ගොඩ යනවා මිසක්, තනි තනිව ඉල්ලුවා නම් දේශපාලනිකව අනාථ වෙලා ගොඩක් කල්..
Janaka from MataraSaturday, 30 October 2021 03:39 PM
රංගනය බලන්න ඕන නෑ. මේ වමාරන තොරතුරු වලින් ප්‍රයෝජනේ ගනිමු...
වර්ණකුලසූරිය Friday, 29 October 2021 11:43 PM
මේක රාජපක්ෂ රජ පවුලේ ආණ්ඩුව බව දැන්වත් තේරුම් ගන්නේ නම් මැනවි. මේ වනවිට ඔබ සැම චීත්ත රෙදි අදින අයගේ තත්ත්වයට පත්වීම ඇත්තටම කණගාටුයි. මහරජවරුන් ගැන විශේෂයෙන් විමල් වීරවංශ කළ ප්‍රකාශ නිසා ලී ක්වාන් යූ, මහතීර් වැනි නායකයන්ට අපහස කිරීමක් සිදුවි ඇති බවක් මේ මොහොතේ අපට සිතේ. අද ඔබලා ජනතාව ඉදිරියේ කරන ප්‍රකාශ හෙට රජවරුන් ඉදිරියේ සංවේදී වීමට ඉඩ ඇති නිසා ජනතාව මොවුන් ගැන විශ්වාස නොකිරීමට වගබලා ගත යුතුය
beau Friday, 29 October 2021 11:45 PM
කවුද බල ශක්ති ඇමති .එයාට හොරෙන් කොහොමද මේ ගිවිසුම අත්ස කලේ ?කවුද .මේ 10% ද ?
gamunu Friday, 29 October 2021 11:48 PM
රවීන්ද්‍ර රටට දේශපාලන වෙනසක් අවශ්‍යනම් ජනතාව අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතු වේ .රටේ ජනතාව ඔවුන් විසින්ම රටට නැවුම් වෙනසක් ලබාගත යුතුව ඇත .එය කල හැකි වන්නේ ඔවුන්ටම පමණයි .එසේ නැතහොත් දුෂිත කණ්ඩායම් යලිත් රජ කරනවා ඇත
de silva Friday, 29 October 2021 11:57 PM
මෙදා පාර ඔලුවෙන් හිටගෙන කීවත් ජනතාව රැවටෙන් නෑ
Royfedrcks Saturday, 30 October 2021 02:33 AM
මේ හැමදෙනාම බල්ලගේ ශරීරයේ එල්ලී ලේ උරාබොන කිනිතුල්ලෝ. බල්ලගෙන් වෙන්වූ විගස නිශ්චිතවම විනාශය අත් වෙනවා. මොවුන්ව නොසලකා හැර තීරන ගැණීමෙන් ආත්ම අභිමානයට ඇතිවූ කැලැල වසා ගැනීමේ උත්සාහයක් පමනයි මේ. හැමදෙනා සමගම සාකච්චා කරල හැමටම කොමිස් ලැබෙන හැම යෝජනාවකටම එකගවීමට මේ හොර නඩය සැදී පැහැදී සිටිනවා.මගෙ කනස්සල්ල ගුණදාස අමරසේකර මහතා ගැන පමනයි.ඉතාමත් අවන්ක විශිස්ට සාහිත්‍ය කරුවෙක් වන එතුමා තමන්ගේ හිතට විරුද්දව විස්වාසකල දේශමාමක රාජපක්ශ මිත්‍යාවෙන් දුරස්වන ලකුනු පහලවී තිබේ. එහෙත් මෙතෙක් කල් එතුමා කල ක්‍රියාදාමයෙන් සිදුවූ හානිය අසීමිතයි. එයා කිසිදා අමතක කල හැකිනොවේ.පිලිසකර කල හැකි නොවේ.
wicky Saturday, 30 October 2021 02:36 AM
ඔන්න දැන් අත්හැරලා දාපු නඩු කටයුතු අපහු පනගහලා ඒවි
සන්දගලතැන්න Saturday, 30 October 2021 03:01 AM
ඩිනර් එකකට ගිහින්, පහුවැනිදා කියයි ද දන්නේ නෑ... "නෑ ඒ ගිවිසුම බොහොම හොඳයි" කියලා. කම්මුල් රතු කරගෙන. දන්නේ නැද්ද ..ඩාන් ගානවා ...ඩීන් ගානවා ...කම්මුල් ඉදිමෙනවා.
පැරකුම් Saturday, 30 October 2021 04:14 AM
කවුරුත් කලබල වෙන්න එපා මේ පොඩි සංදර්ශනයක් විතරයි. අයවැයට ඉස්සෙල්ල මේ කට්ටිය ආයිත් නැවට ගොඩවෙනව.
ලුම්බිණි Saturday, 30 October 2021 05:14 AM
මීට වඩා අවාසිදායක ගිවිසුම් චීනය එක්ක ගහන වෙලාවට මේ කට්ටිය නිහඬයි. මොකද දන්නේ නැහැ.
Vithana Saturday, 30 October 2021 06:18 AM
කටු සූප්පු කළා ඇති කියලා හිතුණාද? 20 වෙනි සංශෝධනය ඔයිට වඩා බරපතල වැඩක් වෙලා තියෙද්දීත් ඒකට අත ඉස්සුවා... ද්විත්ව පුර්වැසියන්ව ගෙනාවොත් විරුද්ධ වෙනවා කිව්වා ඒත් ඇමරිකාවෙන් ගොඩ බැහැලා මුදල් ඇමතිකමේ දිවුරුම් දෙනකොට මීක් නැතුව හිටියා විතරක් නෙවෙයි දොහොත් මුදුනින් පිළිගත්තා. ඒවට විරුද්ධ වුණු අයටත් පුළුවන් තරම් අවලාද නැගුවා මඩ ගැහුවා. දැන් සුදනෝ වෙන්න හදනවා. ඕක විතරක් නෙවෙයි ආණ්ඩුව මෙතෙක් කරපු හැම වැඩක්ම ජනතා ද්‍රෝහී ක්‍රියා. නීති විරෝධී ගැසට් නම් කීයක් ගැහුවාද? මිනීමරුවන්ට සමාව දුන්නා. ඒවට සද්ද නැතුව ඉඳලා මේකට විතරක් එළියට බැහැලා. දැන් ගොඩක් පරක්කුයි. මහා බරපතල විනාශයන් සිද්ද වෙලා ඉවරයි. 69 ලක්ෂයේ ජනතාව පවා ඒවට විරුද්ධ වුනේ තමුන්ලා විරුද්ධ වෙන්න බොහෝ කාලෙකට කලින්. හැබැයි දැන්වත් මේ කරන දේ අවංකව සද්භාවයෙන් කරන දෙයක් නම් කුජීත වුණා නම හදාගන්න පුළුවන් වෙයි. ජනතාවගේ පිළිකුල යම් තරමකට අඩු කර ගන්න පුළුවන් වෙයි. ඒත් රැවටිල්ලක් නම් කරන්නේ ඉතිහාසයේ කුණු කූඩේටම යයි...
NM Saturday, 30 October 2021 06:48 AM
අති බහුතරයක් ජනතාවගේ බලාපොරොත්තුව රටට වෙනසකි. දූෂිතයින් සමග රට ඉදිරියට ගෙනයනවාට වඩා රටට වෙනසක් ලබාදීම වෙනුවෙන් අවංක තරුණ කණ්ඩායමකට අවස්ථාව ලබාදීමට වර්තමාන ජනාධිපතිවරයාටත් මූලිකත්වය ගත හැකියි. එවැනි ජනතා ඉල්ලීමක් සහ බලාපොරොත්තුවක් සඳහා ජනාධිපතිවරයා අවංකවම මැදිහත් වුවහොත් එය ඔහු රට වෙනුවෙන් කරන බලවත් කැප කිරීමකි. එය සියලු ශ්‍රී ලාංකිකයන් අගය කරනු ඇත. දුෂිත, අන්තවාදී කණඩායම් සමග රට දියුණු කිරීමට නොහැකි බව මේ වනවිට ජනාධිපතිවරයාටද තේරුම් ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ.
Buddika Saturday, 30 October 2021 06:58 AM
චන්දෙට කලින් මේ මිනිස්සුන්ගේ හැසිරීම් ගැන කියපු සියල්ල බොරු කිව්වේ මේ මිනිස්සුමයි .රට බේරගත්ත වීරයා කියලා ප්‍රමෝට් කලේ .අද රටම කාලා විනාශ මුඛයට තල්ලු කරමින් ඉන්නවා විතරක් නෙවෙයි පල් හොරු මිනීමරුවෝ නිදහස් කරමින් ඉන්නවා
චන්දිම Saturday, 30 October 2021 07:37 AM
මෙතන මේ අයගේ හැසිරීමේ කතාවට වඩා රජය හොරෙන් කරන්න යන ක්‍රියාව ගැන මුළු මහත් ජාතියම විමසිල්ලෙන් සෙවිය යුතුයි. ගිවිසුම ජනතාවට වහාම ඉදිරිපත් කල යුතුයි. මොකද මේ ගොල්ලෝ සැප විඳලා යන්න ගියාට පස්සේ ඊළඟ පරම්පරාවේ දරුවන්ට කර කියා ගන්න දෙයක් නැතුව යනවා. ආරංචි විදියට නම් මහ විනාසකාරි තීරණයක්.
චන්දන Saturday, 30 October 2021 07:43 AM
මෙම ඇමතිවරු ඇත්තටම යමක් වටහා ගත් අය. විමල් ජවිපෙ අතහැර දැමුවේ එහි ඉදිරි මාවත ගැන තේරුම් ගත් නිසා. අමතක නොකළ යුත්තක් තමා බිංදුව ට වැටුන ජවිපෙ ඉහළ ට ගත්තේ එයා බව. දැන් ජවිපෙ ධනපති පන්තියට හේත්තු වෙලා. විමල් මැද මාවතෙන් යනව. එයාගෙ සමාජවාදය බාගෙට ඉවත් කරගෙන . උදය තමා හෙළ උරුමය ට පණ දුන්නේ . හැබැයි වාසුදේව ගෙ සමාජවාදී අදහස් තවම තිබෙනවා . දැනට ඉන්න ඇමතිවරු අතර මෙයාල රට ගැන තරමක් දුරට වත් හිතන අය.
gunarathna Saturday, 30 October 2021 08:09 AM
රවීන්ද්‍ර ඔබ තුමා හිතන විදියට මිනිස්සුන්ට කාටවත් හේත්තු වෙන්න බැහැ .මොකද දන්නවද මේ විදියට තමුන්ගේ ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවට වැඩක් කරන්න දෙන්නේ නැතිනම් මොන නායකයද කැමති මේ මිනිස්සු එක්ක ආණ්ඩුවක් කරන්න. සජිත් එක්ක හේත්තු උනත් සජිත්ට වැඩක් කරන්න දෙන්නේ නැහැ .රනිල් එක්ක එකතුවෙලා රනිල්ට වැඩක් කරන්න දෙන්නේ නැතිනම් මේ මිනිස්සුන්ගෙන් වැඩක් තියනවද ?
Abeetha Saturday, 30 October 2021 08:40 AM
මේ තුන්දෙනා ආණ්ඩුවෙන් යන එක හොඳා. මෙයාල ගෝඨාභය ජනපතිතුමාට හිස රදයක්. තනියම චන්දෙ අරන් ජිවිතෙට පාර්ලිමන්ට් එන්න බෑ.
කෝරලගේ Saturday, 30 October 2021 09:05 AM
දැනටත් මේ රැල රට උගස් තියලා ඉවරයි. මේ ගොල්ලෝ මේ විරෝධයා කියලා පාරට බහිනවා නෙමෙයි. මේ තක්කඩි ඔක්කෝම 20 දින ඒ වෙලාවේ අත් උස්සලා, විදේශ පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්නත්, ව්‍යවස්ථා වෙනස් කරන්නත් අත් දෙකම උස්සලා අසීමිත බලයක් දීලා රට නීතියක් නැති තැනට ගෙනැල්ලා මුළු රටම ඉවර කලා. දැන් එනවා මෙතන රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න...
Perera Saturday, 30 October 2021 10:01 AM
එන පොට හොඳ නැති බව වටහාගෙන ජනතාවගේ ඇඟේ එල්ලෙන්න මේ හදන්නේ... මේ අයට එළව එළවා ගහන්න ඕනේ...
Nuwan Saturday, 30 October 2021 10:32 AM
අනේ ලංකාවේ ඉන්න ගොන්බයි පොල් මෝල්ලු ටික මේ රඟපෑමට අහු නොවේවා..!!! මොවුන් ටික රඟලා රඟලා ගේන්න හදන ඊගාව තීන්ත ගාපු නරියාට නොරැවටේවා..!!!
Asanka Saturday, 30 October 2021 10:33 AM
නාට්ටි නාට්ටි දෙයියෝ අමු නාට්ටි... තව වෙන මොනවද?!!! මේ නාට්ටිම අපි දැක්කා 20 වෙනි සංශෝධනය වෙලාවේ, නැගෙනහිර ජැටිය විකුණන්න යන වෙලාවේත්. හැබැයි දේශප්‍රේමියන් මීක් නෑ බටහිර ජැටිය විකුණද්දී... දැන් මේ නාට්ටිය ඇවිල්ලා පොහොර ප්රශ්නය සහ ගොවීන්ගේ නැගිටීම වෙනතකට හරවන්න ගහන උප්පරවැට්ටියක්. මේ ඔක්කොම ඇවිල්ලා දේශපාලන අනාථයින්. සාටකේ නැත්තම් ඇපත් නෑ. මේ කෑ ගැහිල්ලත් රාජපක්ෂ කොන්ට්‍රැක්ට් එකක්....
Amare Saturday, 30 October 2021 10:34 AM
පස්ස හරෝපු අයගේ පිටිපස්ස රිදෙන්න ගහනවා කියන අය පස්සේ සංවේදී වෙනවා. ඕවා දාන්න රාජ්‍ය නාට්‍ය උළෙලට...
Dhammika Saturday, 30 October 2021 10:34 AM
මෙච්චර දවස් නැට්ට අස්සේ ගහගෙන හිටිය විමලා රැල්ල දැකලා ෆෝම් වෙලා..
Aruna Saturday, 30 October 2021 10:35 AM
මේක තනිකරම බොරු රඟපෑමක්. ආණ්ඩුවට විරුද්ධව නැගෙන රැල්ල නවත්තන්න කරන මගඩියක්. හැබැයි සජී මෝඩ වුණත් එයා ආවා නම් රටට මෙච්චර විනාශයක් නොවෙන්න තිබුණා..
Prathibha Saturday, 30 October 2021 10:36 AM
නාට්‍ය බලන්න ඇවිත් ඉන්න කට්ටිය දැක්කාම තේරෙනවා අධ්‍යක්ෂක කවුද කියලා...? මේ කරන්නේ ඩීල් එකයි ඒකට විරෝධතාවයි දෙකම එකම තැනකින් සංවිධානය කරන එක. එතකොට ඩීල් එකට විරුද්ධව වෙනත් පාර්ශවයන් හඬ නගන එක නවතිනවා. එතකොට මේ විරෝධතාකරුවන් සමගම රජය සාකච්ඡා කරලා බොරු එකඟතාවයකට ඇවිල්ලා අන්තිමේදී අවශ්‍ය විදියට ගේම ගහනවා. බටහිර ජැටියට කළේත් මේකමයි...
Bandu Saturday, 30 October 2021 10:37 AM
'බැසිල්ට එරෙහිව බැසිල්' නාටකය...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 October 2021 11:36 AM
රටේ ජනතාවගේ මතකය හොඳ නම්, මේ සෙට් එක ගැන සතපහක විශ්වාසයක් තැබිය යුතු නැහැ. වේදිකාවල ඇතිතරම් පට්ටපල් බේගල් ඇද බාලා, ජනතාව ගොනාට අන්දවා, ජාතිවාදය, ආගම්වාදය ගිනි අවුලුවා අන්තිමට 2/3 ත් අරන්දීලා තමයි, දැන් මේ සටන පටන් ගත්තේ. කරන්න ඕනෑ ඔක්කොම කරලා දැන් මොනවා කියන්නද ජනතාවට..?. නැව ගිලෙන්නට යන විට ගෙඹි රැල තම පැවැත්ම සුරක්ෂිත කරගන්න වෙනත් පැත්තකට පනින්න හදනවා. එසේ නැතිව මේ අයට රට ගැන, ජනතාව ගැන ඔයහැටි රුදාවක් නැහැ. මේ උත්සාහය තම පැවැත්ම සඳහාම පමණයි.
ජයම්පති Saturday, 30 October 2021 11:42 AM
ඉන්පසු අගමැති සමග පවත්වන හමුවීමෙන් පසු හැඟීම්බර වන මොවුන් අගමැතිගේ ඉල්ලීම් මත හැඟීම්බර වී බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීම සාධාරණය කරනු ඇත. නාටකය ඉන් සමාප්තයි.
Don perera Saturday, 30 October 2021 12:22 PM
නාට්‍ය විතරයි...
Ruvitha Saturday, 30 October 2021 12:24 PM
මොකද විමලෝ....මේ පාර වුණේ?
Shammi Perera Saturday, 30 October 2021 12:27 PM
හා. අපි රැවටුණා...
චමින්ද Saturday, 30 October 2021 12:29 PM
20 වෙනි සංශෝධනයට අත උස්සල බැසිල්ට පාර්ලිමේන්තු එන්න පාර හැදුවේ කවුද?
දාස Saturday, 30 October 2021 01:12 PM
මේ අය මේ නටන්නේ අවසාන නැටුමයි. 20 සංශෝධනය ගේන කොටත් මේ නැටුම නටලා අත්දෙකම උස්සලා සර් ඕකේ... කිව්වා. මේ අය හිතන්නේ හැමදාම මේ ගේම ගෙනියන්න පුළුවන් කියලා...
ලමය Saturday, 30 October 2021 01:43 PM
මෙයාලට ගහන්න ඕනේ ඇඹුල් පොල්පිතිවලින්, හොර තක්කඩි....
ලාල් Saturday, 30 October 2021 01:54 PM
මොකක්ද නාට්‍යයේ නම...? 2022 ද ටීවී වල පෙන්වන්නේ...?
Nelson Deraniyagala, U.S.A. Monday, 01 November 2021 08:24 AM
අනේ විමල්ට සහ ගම්මන්පිලට දැන්ද තේරිලා තියෙන්නේ... නැතිනම් අපේ ජනතාවගෙන් ගුටිකන්න වෙනවට ගහපු ගැටයක්ද? මේපාර නම් දෙන්නටම හොම්බෙන් යන්න වෙන්නේ... පව්... පව්... පව්...!!!
Wimal Saturday, 30 October 2021 06:24 PM
නාට්‍යයේ පිටපත සම්පූර්ණ වෙන්න කොහෙ හරි බෝම්බයකුත් පුපුරල අහිංසක මිනිස්සු ටිකකුත් මැරුණනම් තමයි හරි...එකක් නම් එහෙම කරල ගොඩ දාගත්තනෙ.
bandara Saturday, 30 October 2021 08:44 PM
විමලෝ විමලෝ.. බරටම විමලෝ උපවාසෙත් විමලෝ... හෙමිහිට හෙමිහිට ගහමුද රජයට අපි ඔක්කොම විමලෝ... නෙළුවා නෙළුවා බරටම නෙළුවා අපි නවතමු විමලෝ ... හෙමිහිට හෙමිහිට අප ගොස් එල්ලෙමු සාටකයේ විමලෝ ... ඔන්න චන්දෙකුත් ආවා... පොහොට්ටුවෙන් අපි ආවා ... දිනලා දිනලා ආයෙත් දිනලා මැති සබයට යමුකෝ...!!!
ranjith Saturday, 30 October 2021 09:32 PM
මේවා නම් මල කෝලම් කියන්න පුළුවන් .අනුන්ගේ පක්ෂ වල චන්දෙන් ගොඩ ගිහින් නැවත නැට්ටක එල්ලෙන්න තමා හදන්නේ
Kumar (Gulf) Saturday, 30 October 2021 11:51 PM
රැවටෙන්න එපා රටම පාවා දුන් පට්ට හොරු රැල
fairoos Sunday, 31 October 2021 01:04 PM
ජනතාව නොමග යවන නාට්‍යයේ කොටසක්
sharm warn Monday, 01 November 2021 09:28 AM
මේ තමයි නාඩගම්කරයෝ-2 හොඳට බලාගෙන ඉන්න.
duminda Monday, 01 November 2021 12:44 PM
නරි නාටක
සමිත හිමි Monday, 01 November 2021 05:12 PM
ආසනේ වෙනුවෙන් සාසනේ කෑ අතන මෙතනත් ඉන්නවා.