IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ඇමති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම්

(මනෝප්‍රිය ගුණසේකර)

2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම අදාල නඩුවේ තීන්දුව ප්‍රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග වසර දෙකක බරපත වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවන්න ලෙස නියෝග කළේය.

සිර දඬුවමට අමතර රුපියල් මිලියන 25ක දඩයක් ද මිලියනයක වන්දියක් ද ගෙවන්නැයි අධිකරණය නියෝග කළේය.

දඩය නොගෙවන්නේ නම් වසර නවයක සිර දඬුවමක් ද, වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමක් ද නියම කරෙිණි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (32)

ඇමති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම්

Upula Ranatunga Monday, 06 June 2022 03:30 PM

හෙට ඇප පිට නිදහස් . මේ ලංකාවේ නීතියයි.

:       23       86

කෝරලගේ Monday, 06 June 2022 03:48 PM

මෙයා ටෙලිෆෝන් එකෙන් කප්පම් ඉල්ලනව අතටම අහුවුනනෙ,ඒකෙනුත් වන්ගුවක් දාල බේරැනනෙ.පට්ටම හොරු තමයි.

:       11       85

sisiraMonday, 06 June 2022 05:17 PM

මොවුන් කප්පම් හෝ වෙනත් අයුතු ලෙස උපයාගෙන තිබෙන්නා වූ දේපල රජයට ලබාගන්න.

:       2       47

prasannaMonday, 06 June 2022 05:53 PM

ඇප පිට නිදහස් වෙන්න දෙයක් නෑ අත් හිටවූ සිරදඬුවමක්නේ... දැනටමත් ගෙදර​.

:       0       69

Rohan Monday, 06 June 2022 03:31 PM

සියළුම දුෂිත ඉඩම් හොරු දේශපාලන සම්බදතා ඇති අය , නුවර එළියේ තමයි වැඩිම රජයේ ඉඩම් වංචා වෙන්නේ ප්‍රාදේශීය දේශපාලන සම්බන්ධතා මත ප්‍රාදේශිය ලේකම් අල්ලාගෙන.

:       2       74

බද්රානි Monday, 06 June 2022 03:35 PM

ඉතාම හොඳ අධිකරණ තීන්දුවක්. හැබැයි රටට විහිළු නොකර තීන්දුව නිසි ලෙස ක්‍රියාත්මක කරන්න. මේ තඩියට ඉහෙන් බහින ලෙඩක් නැහැ. නිකරුනේ ලෙඩ කරලා රෝහල් ගත කරන්න නම් එපා. යම් කිසි වෛද්‍ය වරයෙක් මොහු රෝගියෙකු ලෙස නිර්දේශ කරනවා නම් ඒ තක්කඩි තක්කඩියෙක්. අපි සැම දෙනාම එකට එක්වී මේ පාදඩ දේශපාලන සංස්කෘතිය තුරන් කල යුතුයි.

:       38       73

senaMonday, 06 June 2022 04:02 PM

මේක අත් හිටවූ සිරදඬුවමක්ලු... ඒක නිසා හිරගෙදර ඉස්පිරිතාලයට යන්න ඕනෑ නැතිවෙයි. නමුත් දඬුවමක් නිසා මන්ත්‍රීකමට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. කොහොමත් මෙයාලා ගාව ඔය හැමදේකටම විසඳුම් තියෙනවා. ඔප්පු වෙච්චි මිනීමරුවොත් පාර්ලිමේන්තු ඉන්නවනේ...

:       18       69

maheshMonday, 06 June 2022 04:30 PM

අත් හිටවූ සිර දඩුවම් කියන්නේ හිරේ යනවා කියල නෙවෙයි සුදෝ

:       13       47

සමන්ත Monday, 06 June 2022 06:19 PM

මට හිතෙන විදියට මේ තීන්දුව අනුව ඔහුට අවුරුදු පහක් කිසිම වරදක් නොකර ඉවසීමෙන් ඉන්න වෙනවා... මොකද නැත්නම් යම් වරදක් කරලා නැවතත් නඩුවක් පැටළුණොත් මේ දඬුවම සමග විඳින්න වෙනවා.

:       3       23

nadeesha Monday, 06 June 2022 03:53 PM

මුන් කම්බ හොරුනෙ. මුන්ද රට පාලනය කරන්නෙ.

:       0       52

thusintha Monday, 06 June 2022 04:07 PM

හෙට ඇපපිට නිදහස්... මේ ලංකාව..!

:       10       30

Rocky Monday, 06 June 2022 04:19 PM

උසාවියෙන් වරදකරු කරනු ලැබු මොහුගේ පර්ලිමෙන්තු මන්ත්‍රි ධුරය ඇහොසි කල යුතුයි!

:       12       65

ranjith Monday, 06 June 2022 04:23 PM

රටක් පලනය කරන කැබිනට් සාමාජිකයන්ගෙ ස්වරුපය පේනවනෙ. මෙ ව් අය රට පලනය කරනකොට රටක් බන්කොලොත් නොවේද. මෙවගෙ අයට ඇමති කම් දරාගෙන ඉන්න පුලුවද? රජයෙ සෙවකයෙක් උනත් උසවියෙන් වැරදි කරු උනාම කටයුතු කරන විදියක් තියෙනව.

:       14       41

Shan Monday, 06 June 2022 04:23 PM

ජයවේවා

:       2       22

සමිත සේනක අලුත්ගමගේ. Monday, 06 June 2022 04:25 PM

මේ දූෂිත පවුල් පාලනයට සහාය දක්වන දේශපාලනඥයන් හට නීතිය ක්‍රියාත්මක වීම ගැන ගරු අධිකරණයට ස්තූති වේවා ... !!!

:       11       36

විපරමා Monday, 06 June 2022 04:26 PM

එකම රටක එක නීතියක්ලු .බලමුකෝ මෙම තීන්දුව හරියටම ක්‍රියාත්මක වෙයිද කියලා.

:       8       32

fairoos Monday, 06 June 2022 04:33 PM

දැනට එා පිටින් නිදහස් වොලා ඊලග ආන්ඩු ආවට පස්සෙ නිදොස්කොට නිදහස ලැබේ.

:       10       21

ashok Monday, 06 June 2022 04:54 PM

අපේ රට පාලනය කරන්නේ මේ වගේ අයද? අපිටම ලැජ්ජා හිතෙනවා. නීතියට ගරුකරලා ඉවත්ව ගියානම් නේද ශිෂ්ඨසම්පන්න...? මේ වගේ අය ආණ්ඩුවේ ඉන්නවා කියන්නේ රටේ නායකයාටත් හොඳ ඇති නේද? බලමු වෙන දේ...!

:       0       0

ගමේ එකාලා Monday, 06 June 2022 04:55 PM

ලංකාවේ දූෂිත දේශපාලුවන්ට එක නීතියක්... සාමාන්‍ය ජනතාවට වෙනමම නීතියක්... හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් දූෂිත දේශපාලුවන් වැඩිහරියක් ඉන්න ඕනේ හිරේ... ශිෂ්ඨ සම්පන්න රටවල එහෙම වුණාට ලංකාවේ එහෙම නෑ...!

:       0       0

siri Monday, 06 June 2022 05:00 PM

හොඳ කැබිනට් ඇමැති කමකට සුදුසුකමක් ලබාගෙන වගේ නේද? මේ වගේ තක්කඩියන් තාම රට පාලනය කරන්නේ. තරුණයෝ පාරට බැහැලා තියෙන්නේ හොරුන් ගෙදර යවන්න ඕනෙ නිසා නේද?

:       7       26

saman Monday, 06 June 2022 05:06 PM

විනයගරුක පුරවැසියෙක් විදිහට මහාධිකරණ තීන්දුවට හිස නමා දේශපාලනයෙන් සමුගන්න. දේශපාලනයට පිරිසිදු මිනිස්සු අත්‍යාවශ්‍ය කාලයක් දැන් උදාවෙලා තියෙන්නේ. 225ම එපා කියලා තරුණයින් කියන එකත් හරි නේද?

:       10       26

සෑම් Monday, 06 June 2022 05:09 PM

රටේ ජනාධිපති, අගමැති එහෙම නම් මේ අය ගැන කවර කතාද?

:       9       25

Sameera Monday, 06 June 2022 05:17 PM

අත් හිටවපු සිරදඬුවම කියන්නේ හිරේ යන්නේ නැහැ.. ආයේ වරදක් කළොත් විතරයි හිරේ යන්නේ.. අවුරුදු 2 ක් ඇතුළත ආයිමත් වරදක් කළොත් ඇතුලේ තමයි. මේවගේ අයට මේවා මොනවද..?

:       2       14

Gagana Monday, 06 June 2022 05:19 PM

මෙයා නිවාස ඇමති කළා විතරයි, නාගරික සංවර්ධනයෙන් කරපු පන්නිපිටියේ වීර මාවතේ නිවාස සංකීර්ණයෙන් නිවාස 100ක් පුච්චපු ගෙවල් ඇමැතීන්ට කියා වෙන්කළා ගිය සතියේ. ලැජ්ජාවක් නැති කෙනෙක්...!

:       6       23

දාස Monday, 06 June 2022 05:27 PM

හිතට සතුටක් කොච්චර මදි පාඩු තිබුණත්.., බලාගන්න මේ අය තමයි අපේ රට පාලනය කරන්නේ... ඒ අපේම වැරැදි නිසා, දැන්වත් අපි හරි තීරණ ගනිමු..!

:       5       17

Saman Monday, 06 June 2022 05:43 PM

හිටපු මහජන ආරක්ෂක ඇමැති... දැන්වත් ඔබට තේරෙනවද ලංකාවේ ඇමැති තනතුරු දීම කෙතරම් විද්‍යාත්මකයිද කියලා...

:       10       30

නරේන්ද්‍ර ගුණතිලක Monday, 06 June 2022 06:21 PM

වහාම මොහුගේ කැබිනට් ඇමති ධුරය අහෝසි කරන්න ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. මොහුගේ මෙම දඬුවම අත් හිටවූ වුණාට මිලියන 25ක් හා තවත් මිලියනයක් දඩ ගෙවීමට තීන්දුව දීලා. දැන් මොහු කෙසේද ඔයතරම් විශාල මුදලක් ගෙවන්නේ? අපි කවුරුත් අහලා තියෙනවනේ ඔය සිද්ධියේ දුරකථන කෝල් එක. මෙයා කෙලින්ම මුදල් ඉල්ලනවා ඒකේ තියෙනවා. හොරු!!! හිරේ නොගියේ ඇයි කියලා තමයි හැමෝම අහන්නේ...!!!

:       0       21

nanda Monday, 06 June 2022 06:48 PM

නිල බලයෙන් වංචා, දූෂණ අනිසි වැඩ කරන මහජන නියෝජිතයින්ට මෙයා ආදර්ශයට ගන්න. මේ රට බංකොළොත් වුණේ හිතුවක්කාරී තීන්දු, තීරණ සහ දූෂ්‍ය වංචා නිසා නේද? අද දෙකෝටියකට අධික ජනතාවක් පීඩාවට පත්වෙලා තියෙනවා නේද? ලෝකයේ වෙන රටවල් මේ ඉරණමට පත්වුණේ නැහැ නේද? අනාගත දරු පරපුර වෙනුවෙන් මෙහෙවරක් කරනවා.

:       0       13

siri Monday, 06 June 2022 07:53 PM

එක රටක් එක නීතියක් කියලා නේද කිව්වේ? ඔය සල්ලි හොයාගත්තු ආකාරය ගැනත් අහලා බැලුවොත් නරකද?

:       0       19

Dodampegamage Tuesday, 07 June 2022 07:54 AM

බරපතළ අපරාධයකට වැරදිකරු විධියට උසාවියෙන් තීන්දුවක් දුන්නා ම, සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහ ඇමතිවරයෙක්, රටේ දැන් ගත්තොත් කැබිනට් අමාත්‍යවරයෙක් ඇත්තට ම ඉල්ලා අස් වෙන්න ඕනේ.

:       0       1

Nandana Tuesday, 07 June 2022 12:20 PM

එල .හොඳ වැඩේ

:       0       1

sam Wednesday, 08 June 2022 08:11 AM

මෙයා මිනිස්සුන්ට ටෙලිෆෝන් කරල තර්නය කරල බලෙන් ලිය කියවිලිවලට අත්සන් ගන්නෙ. ( ඔප්පු වලට, චෙක් වලට, පොරොන්දු ් වලට )

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිපිරීමකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 17 79 0

වත්තේගම , පොල්ගොල්ල, වත්තේගෙදර ප්‍රදේශයේ නිවසක පිටුපස කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි ඇතිවූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති


අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක්
2024 සැප්තැම්බර් මස 17 112 0

රටපුරා පවතින අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබාදිම සදහා ජාතික ඉඩම් පරිහරන සැලස්මක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක ,විපක්ෂ


දඹරන් පිලිම කොල්ලය වරදී
2024 සැප්තැම්බර් මස 17 457 0

කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ දඹ රන් පිළිමය කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පහර දී ගි


මධ්‍යම පළාත් සභාවේ වාහන 31ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 17 263 0

මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යං


දිවුල් ගසක් කඩා වැටී කතක් මරුට
2024 සැප්තැම්බර් මස 17 268 0

තණමල්විල, කුඩාඔය, ඇතිලිවැව, තෝරආර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ඇග මතට දිරාගිය දිවුල් ගහක් කඩා වැටිමෙන් එම කාන්තාව සිද්ධිය වු ස්ථානයේදීම මියගොස් ඇතැයි,


ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ අයෙක්ට පහරදුන් සංවිධායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 1083 3

සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයක


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 78 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2143 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 992 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site