IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇමති, නි.ඇමති විස්සක් තෙල් එපා කියති : මැතිසබා ලේකම්ට ලියුමක්

(සුජිත් හේවාජුලිගේ)

වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිඛිතව දැනුම් දී ඇත.

අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මීට පෙර ඇමැති ධූරයන්හි ඉන්ධන දීමනාවට අමතරව මන්ත්‍රී ධූරයේ ඉන්ධන දීමනාවද ලබාගෙන තිබූ බව කියති.

තමන්ට අමාත්‍ය ධුරයට ලැබෙන ඉන්ධන දීමනාව පමණක් ප්‍රමාණවත් බව වර්තමාන රජයේ එම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට වැඩිදුරටත් දැනුම් දී ඇත.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරන පළමු අවස්ථාව මෙයයි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඔහු සිටින දුර අනුව ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් හිමි වේ. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ දෙකහමාරේ සිට හතර හමාර දක්වා වටිනා ඉන්ධන දීමනාවක් හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග පවසන අන්දමට වැඩිම ඉන්ධන දීමනාවකට හිමිකම් කියන්නේ උතුරු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.

 



අදහස් (7)

ඇමති, නි.ඇමති විස්සක් තෙල් එපා කියති : මැතිසබා ලේකම්ට ලියුමක්

හෙන ගහපන් ගණන් බලාපන් Saturday, 12 April 2025 09:02 AM

ඇමතිවරු ඇමතිලා හැටියටත් මංත්‍රීලා හැටියටත් දෙයාකාරයෙන්ම ඉන්ධන ගත්තානම් උන්දැලාට ඒවා ජාති ජාතීත් පඩිසන් දේවි කරන කලට පව් මීරිය මීසේ කියලා තමයි කියන්න වෙන්නේ...

:       0       0

de silva Saturday, 12 April 2025 09:49 AM

ඔවු අපිට තෙල් දීමනාව එපා ඒක පැලවත්තේ එකවුන්ට් එකට දමන්න

:       0       0

යෝගා Saturday, 12 April 2025 09:50 AM

ඒ මුදලත් පක්‍ෂ අරමුදලට යවනවා නේ? ඔය මොන සංදර්ශන දැම්මත් කියපු බොරු නිසා ජනතාව කලකිරිලා ඉන්නේ.

:       0       0

R.T.sarath Saturday, 12 April 2025 09:53 AM

අපට තෙල් දීමනා එපා... අපේ මන්ත්‍රී තෙල් දීමනාව ලැබෙන වාහනේ නෝනාට ෂොපින් යන්න ළමයාට ඉස්ස්කොලේ යන්න ගෙදර තියලා, අමත්‍යාංශයේ තිබෙන කැබ් එකක් ගෙන්නා ගෙන, අමාත්‍යාංශයේ ගමන් බිමන් පාර්ලිමේන්තු යන ඒවා වගේ වැඩ ටික කරගන්නම්, අමාත්‍යාංශයේ වාහනවල තෙල් බිල කොහොමත් අමාත්‍යාංශයේ විසින් දරනවනේ...?

:       0       0

සිල්වා Saturday, 12 April 2025 11:44 AM

මේවා හරියට පැලවත්ත හරහා පඩිය ගන්නවා වගේ වැඩ. පැලවත්තට යන පඩි ටික මහා භාණ්ඩාගාරයේ ඉතිරි වෙනවා නම් මේවා පිළිගන්න හැකියි. නැතිනම් බොනිකර තේරුමයි..

:       0       0

fairoos Saturday, 12 April 2025 01:36 PM

මේවා දකිනකොට බයියන්ට මාර සැප ඇති නේද? අවුරුදු 75ක් කොහොමද කට්ටිය මාරුවෙන් මාරුවට රට කරලා තියෙන්නේ...!

:       0       0

saminda Saturday, 12 April 2025 03:07 PM

ඉස්සර උත්තමයෝ කොහොම කෑමක්ද කාලා තියෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site