IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඇමති චෝදනාවට නීතිඥ සංගමයේ කනස්සල්ල

(මනෝප්‍රිය ගුණසේකර)

අධිකරණයේ කටයුතු විවේචනය කරමින් කැබිනට් ආමාත්‍යවරයකු පාර්ලිමෙන්තුවේදී කරන ලද චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැළඹීමට පත්ව සිටින බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව කරන ඕනෑම ආකාරයක අයුතු මැදිහත්වීමක් අතිශය බැරෑරුම් වන බවත් එයින් මහජන විශ්වාෂය පළුදු විය හැකි බවත් සඳහන් කර ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතීය කෙරෙහි ඇති මහජන විශ්වාෂය පළුදු වන ආකාරයේ ප්‍රකාශය නිකුත් කිරීම හෙළා දකින බවද වැඩි දුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න උප සභාපති ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස භාන්ඩාගාරික චමත් කුමාර ජයසේකර සහ උප ලේකම් මිහාන් කරීම් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම සහ අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ ක්‍රියා පිළිවෙල සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයකු පාර්ලිමෙන්තුවේදී චෝදනා මුඛයෙන් කළ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතීයේ පාලනයේ ප්‍රධාන මුලධර්මය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය බවද අවධාරණය කර ඇත.

නිදහස් සමාජයක නීතීයේ පාලනය පවත්වා ගැනීමට නම් අධිකරණයේ ස්වාධීනත්වය තිබිය යුතු අවශ්‍යම මුලික කාරණයක් බව තම පිළිගැනීම බවත් නඩු විභාගයන් වලදී අපක්‍ෂපාතීව කරුණු මත පදනම්ව තීන්දු දීම සඳහා විනිසුරුවරුන්ගේ කාර්ය බාරයට කිසිඳු පීඩනයකින් හෝ විශේෂයෙන් රජයේ මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීමටට හැකියාව ඇති බවද අවධාරණය කරන නීතීඥ සංගමය පාර්ලිමෙන්තු වරප්‍රසාදවලට මුවා වී නඩු සහ විනිසුරුවරුන් පිළිබඳ කරුණු සඳහන් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට කරන තර්ජනයක් වශයෙන් සළකන බවද සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් නීතී ක්‍ෂෙත්‍රයේ දැඩි අවධානය යොමු කරන බවද නීතඥවරයකුට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකුට පමණක් නොව ඕනෑම සේවාදායකු වෙනුවෙන් පෙනී සීටීමට ඇති අයිතිය වෘත්තීය අයිතිවාසිකමක් වන අතර ඊට එරෙහිව එල්ල වන ඕනෑම ආකාරයක තර්ජයක් පොදුවේ වෘත්තීයට එල්ල කරන ප්‍රහාරයක් වන බවද නීතීඥ සංගමය සඳහන් කර ඇත.

විනිසුරුවරයකුගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවල බරපතල තත්වය අනුව එහි සත්‍ය අසත්‍යතාවය හෙළි කර ගැනීම සඳහා ස්වාධීන හා අපක්‍ෂපාති පුද්ගලයින්ගෙන් යුත් කමිටුවක් පත් කළ යුතු බවත් අදාළ චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත්, එය අධිකරණ පද්ධතියේ ඒකාග්‍රතාවයට හානියක් වන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය අදාළ චෝදනා පදනම් විරහිත වුවහොත් එය අධිකරණයේ ස්වාධීනත්වයට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රමයේ අවංකභාවයට හානි කරන බවද පෙන්වා දී ඇත.

 



අදහස් (17)

ඇමති චෝදනාවට නීතිඥ සංගමයේ කනස්සල්ල

Raman Thursday, 09 November 2023 09:53 PM

කළු කෝට් සංගමය කරන දේවල් ගැන අපෙත් කනස්සල්ල.

:       0       33

Bamunuarachchi Friday, 10 November 2023 02:11 AM

කනස්සලු වෙන්න දෙයක් නැහැ කිව්වේ ඇත්ත. අපිව ගොනාට අන්දන්න එපා ඔබලත් ඒ බව දන්නවා.

:       0       35

Rasi Friday, 10 November 2023 05:31 AM

ඔතන තමා ප්‍රශ්නේ. තමන්ගේ එවුන් හැමවිටම නිවැරදියි කියල තමයි හැම එකාම කියන්නේ. මොකාට වුනත් වැරද්දක් කරනවානම් දඩුවම් කරන ක්‍රම වේදයක් තියෙන්න ඕන. දොස්තරලා. ඉංජිනේරුවෝ, නීති නිලදාරීන්. නැත්තම් ඔය කුල හදාගෙන ඉන්න එවුන් නිසා, මේ රට කවදාවත් හදන්න වෙන්නේ නැහැ. හැම එකාම කියන්නේ උන් ස්වාදීනයී කියල?

:       0       33

මොට්ටපාල Friday, 10 November 2023 06:51 AM

ඇත්තටම දැන් පලුදුවෙන්න දෙයක් තිබේද කියලා කියන්න අමාරුයි මේ කට්ටියම හදන්නෙ පාර්ලිමේන්තුවේ නීති පැනවීමේ අයිතියටත් අවහිර කරන්නද කියලා හිතෙනවා මෙනිසා ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණයට ඉහලින් ජනතාව සිටින නිසා මේ අංශ තුන ගැන ජනතා මතය විමසීමක් කලොත් සත්‍ය කුමක්ද පැහැදිලි වේවි

:       0       29

Nadadawa withanage sisira kumara Friday, 10 November 2023 07:51 AM

හැමෝම දන්නව වෙන දේවල් ඉතින්.

:       0       24

සුපුන් Friday, 10 November 2023 08:03 AM

හැබැයි මෙහෙම දේකුත් තියෙනව . නීතිවේදීන් කියන්නෙ සල්ලි වලට අධිකරණය තුල අඩි හප්පල බොරු කරන මිනිස්සු. කවුරු හරි මිනිහෙක් කරපු වැරැද්දකට උසාවි දැම්මම සල්ලි දුන්නොත් ඒ මිනිහව බේරගන්න උත්සහ කරන මිනිස්සු.

:       0       31

chandana Friday, 10 November 2023 08:40 AM

ඇමැතිවරයාගේ චෝදනාව නීතියේ සරලම මූලධර්මයක් වන ස්වභාවික යුක්ති මූලධර්ම සම්බන්ධයෙනි. එවැනි ඥාති මිත්‍ර සබඳතා ඇත්නම් එවැනි නඩුවලින් ආරම්භයේදීම ඉවත්වීම සදාචාරයි. පවසා ඇති සමස්ථ ක්‍රියාදාමය තුල සාධාරණ සැකයක් ජනිත වේ. ස්වාධීන බව රැක ගැනීමටත් එලෙස රැක ගන්නා බව ජනතාවට ඒත්තු ගැන්වීමටත් සාධාරණ සැකයක් හෝ ඇති වන ආකාරයට වත් කටයුතු නොකිරීමට තරම් පරිස්සම් වීමට ස්වාධීන පුද්ගලයකු කටයුතු කල යුතුයි. මුදල පළමු සාධකය කර ගැනීමද ස්වාධීනත්වයේ ලක්ෂණ නොවේ. එසේම තෝරා ගත් මාතෘකා සම්බන්ධයෙන් පමණක් ප්‍රකාශ නිකුත් කිරීමද තෝරාගත් මාතෘකා සම්බන්ධයෙන් මුනිවත රැකීමද ස්වාධීනත්වය නොවේ. ස්වාධීනත්වය පරිසමාප්ත අර්ථයෙන් ආරක්ෂා කර ගැනීමට නම් කළයුත්තේ පෙන්වූ දෙය සත්‍යදැයි විමසා බැලීම මිස පෙන්වූ ඇඟිල්ලට දෝෂාරෝපණය කිරීම නොවේ. අයිතිවාසිකම්ද, ස්වාධීනත්වයද යනාදී ඕනෑම සංකල්පයක් ජනතා පරමාධිපත්‍යයට යටත්ය. ජනතා පරමාධිපත්‍යයේ කැටපත පාර්ලිමේන්තුවයි. එබැවින් ප්‍රකාශ නිකුත් කරමින් ජනතා පරමාධිපතයයට හානි කිරීමද නොකළ යුතුයි. නීතිය මූලාරම්භකයන්ම ප්‍රකාශ කළපරිදි සියලුම මිනිසුන් දේශපාලන සත්වයින්ය. ශුද්ධ වන්තයන් හෝ පරමාදර්ශීන් නොමැත්තේමය.

:       0       24

Nimal Friday, 10 November 2023 08:47 AM

ඉතින් දාන්නකෝ නඩුවක්...

:       0       16

Bunny Preena Friday, 10 November 2023 08:52 AM

අපිනම් ලංකාවේ හැම පද්ධතියක් සම්බන්ධව ඉන්නේ බලවත් කණස්සල්ලකින් සහ විශාල කළකිරීමකින්...

:       0       17

A concerned citizen Friday, 10 November 2023 09:04 AM

නීතීඥ සංගමය කියන්නේ දූෂිත විනිසුරුවන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව දිගටම ඉන්න දෙන්න කියල ?

:       1       35

අරවින්ද මොනරවිල Friday, 10 November 2023 09:04 AM

රටම දන්න සමහර කරුනු නීතිඥ සංගමයේ බබාලා නොදැන ඉන්න එක ගැන අපිට පුදුම වෙන්න අවස්ථාවක් ලබා දුන්න එක ගැන නීතිඥ බබාලගේ සංගමයට අපේ හද පිරි මෙව්වා එක පිරිනමන්න පලමුව කැමතියි. දෙවනුව ඔය කියන ස්වාධීනත්වය බබාලන්තයේ තියෙනවාද කියලා හොයලා බලන්න බබාලා නොවන වැඩිහිටියන්ගේ වෙනම කොමිසමක් දාන්න වෙනවා. ඒකේ වාතාව දැක්කම නීතිඥ බබාලට සමහර විට ඇදෙගන ඉන්න කලිසම් කොටයේ මුත්‍රා පහ වෙන්නත් ඉඩ තියෙනවා

:       1       36

de silva Friday, 10 November 2023 01:11 PM

කලුකෝට් සංගමේ සහ පෙරකදෝරුවන් ගැන ඇමැති කියන දේ අලුත් දෙයක් නොවේ, රටම දන්නා දෙයක්...!

:       0       12

Sarath Perera Friday, 10 November 2023 01:39 PM

පළුදු වෙන්න තරම් මහජන විශ්වාසයක් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට තියෙනවාද කියලා ඔය කලු කෝට් දාගෙන මේ රටේ අහිංසක මිනිස්සු රවට්ටලා / බය කරලා සල්ලි මංකොල්ල කන උගත් යැයි කියාගන්නා නීතිඥවරු එකතුවෙලා හොයලා බලපල්ලා. මේ රටේ නීතිය මේ තරම් කඩාවැටීම ට ඔය මහත්හොරුත් වගකිව යුතුයි. කෙස් පැළන ලස්සන තර්ක ඉදිරිපත් කරන්නේ හරියට ඊළඟට බුදු වෙන්න ඉන්න පසේ බුදුවරු වගේ. අහිංසක මිනිස්සුන්ගේ හැඳුනුම්පත් පිටපතක් සහතික කරන්නත් අඩුම වශයෙන් රුපියල් දාහක් ගන්න දැන් නඩු බෙදාගන්න බැරිව උසාවිවල ගහගන්න තත්ත්වයකට පත්වෙලා. බොරුවෙන්ම ජීවත්වෙන හොරු...

:       0       11

Chamila Fernando Friday, 10 November 2023 02:29 PM

සල්ලිවලට නැවෙන්නේ නැති දෙයක් නැති බව ඔය හැම තැනකම පෙන්නුම් කළා. කණස්සල්ල නොව ඔය හැමෝම ලැජ්ජා වෙන්නයි ඕනේ...

:       0       7

Sunil Friday, 10 November 2023 04:08 PM

විදේශ කලු කෝට්කරුවන් අවශ්‍ය කාලයයි...

:       0       3

de silva Friday, 10 November 2023 04:35 PM

මේ ඔක්කොම ප්‍රශ්නවලට මුල රටේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීම... නීතිය හරියට ක්‍රියාත්මක වන රටක මෙවැනි වංචා, දූෂණ සිදුවන්නේ නැහැ. මේකට පෙරකදෝරු සංගමය සෘජුවම වගකියන්න ඕනේ...!

:       0       2

Bamunuarachchi Saturday, 11 November 2023 06:33 PM

Silva උන්නැහේ නීතිඥයෝ කියන්නේ ගොරකා දඩමස් කරන මිනිස්සු. සතාසිවම් නඩුවේදී මිනිමැරුවේ වංගෙඩිය, තවත් නඩුවකදී උසාවියේ ගොයම් කොලයක් පෙන්නලා ඇසුවේ මේ කොලේට මූවා වෙලා වෙඩිතියන්න පුළුවන්ද කියලා... මෑතක නඩුවක කියවුණා ආච්චිට සල්ලි ලැබුනේ කවුදෝ විසිකරපු මැණික් මල්ලකින් කියලා.. ඉතින් එහෙම කරන්න පුළුවන් වෘත්තියකින් යුක්තිය ඉෂ්ටවෙන රටක්‌ කොහේද තිබෙන්නේ? තමන් පතන තීන්දුව ලැබුනොත් යුක්තිය ඉෂ්ඨවුණා කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 7 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 59 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 88 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1868 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 498 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site