IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇමැති දීමනා 50%කින් කපන්නලු

රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ඇමැතිවරුන්ගේ වැටුප් හා සියලු දීමනා සියයට 50 ක් කපා දමන්නැයි මහජන අයිතීන් සුරැකීමේ පදනම ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

මුදල් ඇමැතිවරයා දැලි පිහියක් අත පත් මිනිසෙකු මෙන් හැරෙන හැරෙන අතට බදු ගසද්දී ඇමැතිවරුන්ට පමණක් පටි බුරුල් කරගැනීමට ඉඩ දිය නොහැකි යැයි ද සියලු දෙනා ඊට දායක විය යුතු යැයි ද එහි ලේකම් විජය බාලසූරිය මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් කියා ඇත.

ඊට අමතරව ඇමැතිවරුන් ද දුරකථන, අන්තර්ජාල හා රෝහල් ගාස්තු සිය වැටුපෙන් ගෙවිය යුතු යැයි එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටී.



අදහස් (0)

ඇමැති දීමනා 50%කින් කපන්නලු

පරාක්‍රම Tuesday, 22 November 2016 10:32 AM

මොක වුනත් යහපාලනයට පත්කරනු ලැබූ අයට දෙයියන්ගේම පිහිටයි . මඩුවලිගෙන් තලා ගන්න ඕනා අපට අපිමයි, (හේ)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 22 November 2016 12:12 PM

කොහොමද මෙහෙම කරන්නේ ?(හේ)

:       0       0

සෑම් Tuesday, 22 November 2016 06:09 AM

මේවා කෙරෙන වැඩද. පඩිය ලක්ෂ පහක් කරගන්න නේද දඟලන්නේ. හැන්ද අතේ ඇති කෙනා තමයි යහමින් බෙදාගන්නේ. අපිට ඉතින් එයාලා සැප වාහන වලින් පිඹගෙන යනකොට එන හුළං තමයි. (නි)

:       0       0

දිමුත් Tuesday, 22 November 2016 06:10 AM

නියමයි! (නි)

:       0       0

කෝනාර Tuesday, 22 November 2016 06:25 AM

අවුරුදු 5 න් විශ්‍රාම වැටුප් ගන්න හදාගත් කට්ටය මේකට කැමතිම වෙයි. රටේ සල්ලි තියෙන්නේ ඇමතිලා සහ පවුලේ අයත් ඒ අයට වන්දිබට්ටකම් කරන නිලධාරින් සහ ඔවුන්ගේ පවුල් වල අයටත් සැප විඳින්න විතරයි. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා‍ Tuesday, 22 November 2016 06:27 AM

රජයේ සේවය සැමට එක හා සමාන නම් මොවුන්ට අවුරුදු පහෙන් දෙන විශ්‍රාම වැටුප අහෝසි කළයුතුයි. කිසිම හිරිකිතයක් නැතුව මේවා භුක්ති විඳින දියවන්නාවේ අයට විරුද්ධව පිඩිත ජනතාවට දේවාල වලට ගිහින් පොල් ගහන්නයි දැන් තියෙන්නේ. (නි)

:       0       0

සුසිල් Wednesday, 23 November 2016 02:25 AM

ඔන්න කරනවා නම් වැඩ. නමුත් කෙරෙන්නෙ නැහැ. එහෙම අවංක නිර්භීත අය නැහැ. හිටියෙත් නැහැ පහළවෙන්නෙත් නැහැ. (නි)

:       0       0

ප්‍රකාශ් Tuesday, 22 November 2016 06:31 AM

ඇමැතිවරුන්ගෙ පමණක් නෙමෙයි බොහෝ ආයතන වල නිලධාරින්ගේ පවා වාහන ඉන්ධන දුරකථන, අන්තර්ජාල වගේ ඒවා ගෙවන්නේ රජයෙන්. නමුත් ඇත්තටම ඒ නිලධාරියාගෙ සිය පවුලම සහ අහළ පහළ අයත් පාවිච්චි කරන්නේ රජයෙන් නොමිලයේ දෙන දේවල්. මෙහෙම රටක් වෙන තියෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

ජනහිත Tuesday, 22 November 2016 06:33 AM

ඒක කරන්නේ කොහොමද? අර කවුද උත්තමයෙක් මේ ඊයේ පෙරේදා කියලා තිබුනේ ඒ අය ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්, ලක්ෂයක්වත් දෙන්න ඕනෑ කියලා. පවු සිද්ධවෙන කතා කියන්න එපා. (නි)

:       0       0

හිමාල් Tuesday, 22 November 2016 06:34 AM

මන්ත්‍රීලාට වඩා වරායේ, පෙට්‍රෝලියම් එකේ සමහරු පඩි ගන්නවා. (බ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 22 November 2016 06:35 AM

නිෂාඩ් ප්‍රීනා‍, කොහේ අහොස් කරන්නද? මේ අය රජයේ සේවකයෝ නෙමෙයි ජනතා සේවකයොනේ. ඒකනේ ජනතාව සුරාගෙන කාලා මේ අය සැප විදින්නේ.මේ ඔක්කොමත් අරගෙන තව අපි “ගරු“ කියලා කතා කරන්නත් ඕනේනේ (බ)

:       0       0

නිර්මාල් Tuesday, 22 November 2016 06:40 AM

ආයතනවල නොමිලයේ වාහන ඉන්ධන දුරකථන දීලා තියෙන නිලධාරියෙක්ගෙ දෙන්නෙක්ගේ දුරකථන බිල පරීක්ෂා කරලා බලන්නකෝ රාජකාරි කෝල් විතරද අරන් තියෙන්නේ කියලා? වාහනය දුවලා තියෙන්නේ රාජකාරි ගමන් වලටමද කියලා. අපේ රටේ අයට ලැජ්ජා නැහැ මහජන දේපොල පාවිච්චි කරන්න. (නි)

:       0       0

බන්දුල Tuesday, 22 November 2016 06:56 AM

අනේ තව එක්කෙනෙන් කිවුවා නේද කඳු නගිනකොට කොන්දේ ඇට ගෙවෙනවා කියලාත්? ජනතාවට බර පටවන එකේ, එයාලගෙත් දීමනා කපන්නකෝ? (නි)

:       0       0

වාසුලි Tuesday, 22 November 2016 08:27 AM

අතිරික්ත ඇමැතීන් ඉවත්කළ යුතුය . විශ්‍රාම වැටුප් සදහා අවුරුදු විසිපහක සේවා කාලයක් තිබීම අවශ්‍යය .(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1514 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 162 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 116 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 64 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site