(මනෝප්රිය ගුණසේකර)
රාජගිරිය ප්‍රදේශයේ දී අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුවේ මූලික විරෝධතා ජූලි මස 18 වැනිදා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා අද නියම කළේය.
2016 පෙබරවාරී මස 28 ජීප් රථයක රියදුරුව සිටිමින් අපරික්ෂාකාරීව නොසැළකිලිමත් අන්දමින් එම රථය ධාවනය කොට පුද්ගලයකු හප්පා බරපතල තුවාල සිදුකිරීම, තුවාලකරු රෝහලකට රැගෙන නොයෑම, අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම ඇතුළු චෝදනා යටතේ පාඨලී චම්පක රණවක මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් 10 දෙනා පොලිසියට ලබාදුන් සියලු ප්‍රකාශවල පිටපත් ඇතුළු පැමිණිල්ල විසින් විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන රැසක් මේ වන විට විත්ති පාර්ශවයට ලබාදීමට කටයුතු කර ඇතැයි පැවසී.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමති පාඨලීට එරෙහි නඩුවේ විරෝධතාවලට දින දෙයි
sharm warn Tuesday, 28 June 2022 09:50 AM
ඇත්තටම මෙක බොරු නඩුවක් නෙමෙයි ද? හැප්පුනෙ පිටිපස්සෙන්. . හැප්පුන ාහනෙ දාවනයට බලපත් නැති එකක්. . එ කිසි දෙයක් ගැන කතවක් නැහැ.. නිතීඥ වරුනි. ඔබලාට තේරෙන්නෙ නැද්ද තමන් වහල්ලු වගෙ දේශපලුවන් අතේ විකිනෙනව කියල..