IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඇමැති පුත්තු දෙදෙනාත් නිදහස්

කොළඔ ජැයික් හිල්ටන් රථ ගාලේදී හමුදා මේජර් චන්දන ප්‍රදීප් සුසේනට පහර දුන්නැයි කියන නඩුවේ ඇමැති පුතුන් දෙදෙනා ඇතුළු හය දෙනෙක් නීතිපති උපදෙසින් අද උදේ නිදහස ලැබූහ.

මර්වින් සිල්වා ඇමැතිගේ පුත් මාලක, හිටපු ඇමැති මනෝ විජේරත්නගේ පුත් රෙහාන් ඇතුළු සැකකරුවෝ හත් දෙනෙක් චෝදනා ලබා සිටියහ.

එක් සැකකරුවෙක් නඩුව අතරදී මරුමුවට පත් විය.

2012 සැප්තැම්බර් 8 වැනි දා   පහර දී  මේජර් ගේ ගිනි අවිය සහ ජංගම දුරකතනය පැහැරගත් බව පොලිසියට පැමිණිලි කර තිබිණි. සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවේදී මේජර්ට හඳුනා ගැනීමට නොහැකි විය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද නඩුව කැඳැවිණි.

 

 



අදහස් (0)

ඇමැති පුත්තු දෙදෙනාත් නිදහස්

අපොන්සු Wednesday, 03 April 2013 03:42 PM

අපොන්සු මොනතරම් වාසනාවන්ත දරුවෝ දෙන්නෙක්ද? දැක්කහම බඩ පිරෙනවා.(නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 03 April 2013 03:42 PM

මෙහමත් රටක් .(නදී)

:       0       0

අජන්ත Wednesday, 03 April 2013 03:50 PM

ලංකාවේ නිතිය ගැන අපි ආඩම්බර වෙනවා (දී)

:       0       0

ජොන්සන් Tuesday, 09 April 2013 07:57 AM

මේක දැන් මහා හිරිකිත දේශපාලුවෝ ඉන්න රටක් වෙලා.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 03 April 2013 09:26 PM

ඒකත් ජයසිරි මංගලම්!(නදී)

:       0       0

රුහුණු Wednesday, 03 April 2013 03:56 PM

එලවන කාර් එක නම් හරි වටිනා පාටයි. මොකක්ද දන්නේ නෑ මේ මහත්තයාගේ රැකියාව? (නදී)

:       0       0

මාලක Wednesday, 03 April 2013 03:50 PM

මතක තියා ගන්න ලංකාවට උත්තරීතර නීතියක් තියෙනා බව (දී)

:       0       0

රත්නපාල Wednesday, 03 April 2013 09:33 PM

කමක් නෑ අපි කුණු බිත්තර පාරවල් කකා හරි නිදහසේ පාරෙ බැහැලා යනවනෙ. (නදී)

:       0       0

වරුණ Thursday, 04 April 2013 11:28 AM

මාලක අයියා එක්ක ඉන්න මේ නෝනා කවුද? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 04 April 2013 11:24 AM

කොටින්ට ගහපු අපේ ආමි එකේ මේ වගේ මේජර්වරු ඇති කියලා මට නම් හිතාගන්නවත් බැහැ. (නි)

:       0       0

සමන් පෙරේරා Wednesday, 03 April 2013 03:58 PM

මලක අප්පොට ජයවීවා. අපේ අනාගත කැළණි නායකයට ජයවීවා.! කැළණි පුතා.(නදී)

:       0       0

තිලක් Thursday, 04 April 2013 11:36 AM

අන්න පුතේ, අර මාමා යන අපුරුව බලන්නකෝ. (නි)

:       0       0

සෙනවි Wednesday, 03 April 2013 03:53 PM

කැකිල්ලේ රජතුමා.(නදී)

:       0       0

රුහුනුපුත්‍ර Wednesday, 03 April 2013 04:01 PM

තරුණ ලමයි ජීවිත පුජ කරලා රට බේරාගත්තේ මේකටද?(නදී)

:       0       0

සම්පත් Thursday, 04 April 2013 11:36 AM

ඒකත් ඉවරයි එහෙනම්. (නි)

:       0       0

සිල්වා Wednesday, 03 April 2013 04:02 PM

පිස්සු හැදේයි ව්හිලු රටක්.(නදී)

:       0       0

සරත් Wednesday, 03 April 2013 03:55 PM

සන්තෝසයි ...... (දී)

:       0       0

දේව් Wednesday, 03 April 2013 09:49 PM

මෙතැන දාල තියන සියගණනක් අදහස් අපේ මහත්වරු බලනකොට , අපි යන්නේ මොනවගේ පාරකද කියලා හිතෙන්නේ නැද්ද දෙයියනේ! (නි)

:       0       0

පුෂ්පා Thursday, 04 April 2013 11:38 AM

සිදධ වුණ දේ වෙලා ඉවරයි. නමුත් මට දැනගන්න ඕනෑ මෙම සිදුවීම් මාලවේදි ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් මෙම මේජර්වරයාට ලැබුණ සහයෝගය මොකක්ද කියලා. (නි)

:       0       0

රූමි Thursday, 04 April 2013 11:46 AM

මටනම් තාම කිසිදෙයක් මතක නෙහෙ අප්පා. (ස)

:       0       0

කුමාර Wednesday, 03 April 2013 04:04 PM

නැවත කලබල ඇතිකර ගන්න එපා (දී)

:       0       0

නීල් Saturday, 06 April 2013 07:58 AM

අදුනන්න බැහැ කියන්නේ ඇයි? (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 April 2013 04:04 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කොටකෙතන ගාතන සැකකාරයත් නිදහස් මාලකත් නිදහස් තව ටික දවසකින් දුමින්දත් නිදහස් මන්ත්‍රීගේ පුතත් නිදහස්.(නදී)

:       0       0

සනත් Wednesday, 03 April 2013 11:45 AM

ඒ නඩුවත් ඉවරයි. අනේ අර පොල්ගෙඩි 8 අහුලගත්ත ළමයාගේ නඩුවත් ඉක්මනට ඉවරකරන්න කියල අපි ඉල්ලා සිටිනවා.(නදී)

:       0       0

උදය Thursday, 04 April 2013 12:00 PM

මට දුක හිතෙනවා අපි යුද්ධ කළේ මේකටද කියලා. මම වගේම රණවිරු පවුල් වල අය මෙය ප්‍රවෘත්ති නොදකීවා!! (නි)

:       0       0

විජේසූරිය Wednesday, 03 April 2013 04:07 PM

අළුත් කස කාරයො පත්වීම් ලබනකොට පෙරහැර පස්සෙන් එන බව අපටනම් දැනුනා!රජතෙමේ පෙරහැර නටවයි. නැට්ටුවෝ රජතෙමේ නටවයි!!!(නදී)

:       0       0

පද්මා Thursday, 04 April 2013 12:02 PM

අර සේනා මේ සේනා කෝ? කවුරුත් නැහැනේ. (නි)

:       0       0

හේමන්ත Wednesday, 03 April 2013 04:15 PM

හැදුනු බව පෙනුම කියයි. (නි)

:       0       0

රීටා Friday, 05 April 2013 01:56 PM

උඩතලවින්නේ දස පුද්ගල ඝාතනේ මතකද? 88,89 ඝාතන වලට චෝදනා එල්ල උන දෙසපාලඥයන්ගේ පුතාලා අද ඉන්නේ පාර්ලිමේන්තුවේ. 83 දෙමල සන්හාරේට වග කිව යුත්තෝ මැරිලා ගියේ පාර්ලිමේන්තුවට ඇවිත් සැප විදලා. මෙයාලට කතිරේ ගහන්නේ එෆ්.බි.අයි එක නොවේ.(නදී)

:       0       0

රුවන් Wednesday, 03 April 2013 04:28 PM

ඕවා ගැන වැඩිය හිතන්න එපා. බෙන්තර පාලමෙන් මෙහාට පූස්පැටියෙක් වත් ගේන්න එපා කියලා කියල තියෙනවනේ.(නදී)

:       0       0

සිල්වා Wednesday, 03 April 2013 10:30 PM

බලපොරොත්තු සහගත ප්‍රවෘත්ති දැන් අහන්න ලැබෙන්නෙම නැහැ. (නි)

:       0       0

චින්තක Wednesday, 03 April 2013 12:01 PM

දැන් අධිකරණවල නඩු වැඩිකල් තියාගෙන ඉන්නේ නැහැ (දී)

:       0       0

උමාර Wednesday, 03 April 2013 04:30 PM

ඇමතිගේ පුතා හරියට සුද්දෙක් වගේ නේ.(නදී)

:       0       0

පත්මා Wednesday, 03 April 2013 10:26 PM

අපි බෝට්ටුවක එල්ලිලා හරි රට අතහැරලා යන්න ඕන (ත)

:       0       0

ගයානි Wednesday, 03 April 2013 04:34 PM

ආනේ, මෙයත් එයාගේ තාත්ත වගේමයි. එච්චර උස නැහැ නේද? (නදී)

:       0       0

සේන Wednesday, 03 April 2013 10:35 PM

සේනාවට මේක ප්‍රශ්නයක් නෙමෙයිද? (නි)

:       0       0

මහේෂ් Monday, 08 April 2013 01:18 PM

ඉක්මනින් විසදන්න පුළුවන් නඩු ඉකමනින් විසදා දැමීම තමයි සුදුසුම (දී)

:       0       0

කෙවින් Wednesday, 03 April 2013 04:41 PM

ලෝකේ නරකම රට වේගෙන යනවා. මගේ පැතුම ආයේ මේ රටේ ඉපදීමට නොඉපදේවා කියලයි.(නදී)

:       0       0

රීටා Wednesday, 03 April 2013 10:40 PM

සමාවෙන්න මෙහෙම කියනවට.මම කැනඩාවට ඇවිත් දැන් අවුරුදු 5 වෙනවා. මම මෙහෙ සුළු ජාතිකයෙක්. නමුත් මට මගේ රටේදී දැනෙනවට වැඩි ආරක්ෂාවක් හැම අතින්ම දැනෙනවා. (නි)

:       0       0

සුභාෂිණි Wednesday, 03 April 2013 10:35 PM

මේ සැබෑ වෙන්නේ කොසොල් රජුන්ගේ එක සිහිනයක් පමණි .තවත් බො‍හෝ සිහින මේ අතරතුරේ සැබෑ වෙමින් පවතිනවා. (නි)

:       0       0

සංජය පෙරේරා Wednesday, 03 April 2013 12:11 PM

මම නම් හිතන්නේ මේජර්ම ගහගන්න ඇති.(නදී)

:       0       0

ජෝයි Wednesday, 03 April 2013 10:44 PM

අර ගැහැණු ළමයගේ අඩුව පෙනුනා වගේ මෙයාගේ කොන්ඩේ පෙනුනේ නැද්ද?(නදී)

:       0       0

දිලීප Wednesday, 03 April 2013 04:51 PM

සීට් බෙල්ට් දාලත් නැහැ නේද ? (නි)

:       0       0

ලසන්ත Wednesday, 03 April 2013 10:38 PM

අනේ අහසින් විදුලිය කොටන්න.(නදී)

:       0       0

ලකී Thursday, 04 April 2013 12:23 PM

දැන් බලනකොට ඡන්දෙ දීපු කවුරුවත් කතා නැහැනේ. (නි)

:       0       0

කෙවින් Wednesday, 03 April 2013 10:47 PM

මටත් හිතෙනවා ජයලලිතාට එකතු වෙන්න. (ත)

:       0       0

සංජය පෙරේරා Wednesday, 03 April 2013 12:20 PM

දුටුගැමුණු පරම්පරාවේ නේ.(නදී)

:       0       0

චන්දන Friday, 05 April 2013 02:35 PM

මෙහෙව් මිනිසුන්ටනේ අපි චන්දෙ දෙන්නෙ. අපේ දේශපාලයනත් එකයි, නීතියත් එකයි. හැම කෙනාම මුදලට තමයි.(නදී)

:       0       0

සිසිර Wednesday, 03 April 2013 12:14 PM

රට කට ගිය කලක් (ස)

:       0       0

බංඩාර Friday, 05 April 2013 12:45 AM

ඔය මේජර් බයගුල්ලෙක් මටනම් ලංකාව එපාවෙලා තියෙන්නේ රට විනාසයි.(නදී)

:       0       0

හේවාවිතාරණ Wednesday, 03 April 2013 12:15 PM

පැමිණිලිකරුට සැකකරුවන් හඳුනාගන්න බැරිනම් නිදහස් නොකර වෙන මොනවා කරන්නද ? (ස)

:       0       0

මනෝහරන් Wednesday, 03 April 2013 10:51 PM

රට යන ගමන් මග නම් හොඳයි. නමුත් වේගයනම් ටිකක් මදි. (ත)

:       0       0

ලසන්ත Wednesday, 03 April 2013 12:19 PM

මට නම් කියන්න දෙයක් නැහැ (දී)

:       0       0

තිලක් Wednesday, 03 April 2013 04:52 PM

මෙජර්ට මරණ තර්ජන එන්න ඇති. ඒකයි අදුන ගන්න බැරිවෙලා තියෙන්නේ. ඒ වුනාට රටේ අය නම් හොදට අදුරනවා.(නදී)

:       0       0

උපාලි Wednesday, 03 April 2013 10:51 PM

නීතිපති විසින් සේරම විත්තිකාරයෝ ටික ඔය වගේ නිදහස් කරන්න කියලා නිර්දේශ කළානම් වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන්. (ත)

:       0       0

නාරද Wednesday, 03 April 2013 12:21 PM

වැරදි කරලා ඇතුලට යනකොට මුණ වහගෙන යන්නේ, නිදහස් උනාම හිනාවේගෙන යන්නේ. (නදී)

:       0       0

කමල් Wednesday, 03 April 2013 04:54 PM

අනේ මම මිනී මස් කන ගෝත්‍රිකයෙක් වුණා නම් ? (නි)

:       0       0

සමන්ත Wednesday, 03 April 2013 12:22 PM

කොහොමද අපිවගේ කෙනෙක්ගෙන් මේක උනානම්...(ස)

:       0       0

දාස Wednesday, 03 April 2013 11:11 PM

මෙයාලටනම් සුබ අනාගතයක් ලබල තියෙන්නේ. එත් අපිට ? (ත)

:       0       0

හිරාන් Wednesday, 03 April 2013 12:29 PM

ප්‍රශ්න නැවත ඇතිකර ගන්න එපා

:       0       0

දිල්ෂාන් Monday, 08 April 2013 04:32 AM

මෙයා ඡන්දෙ ඉල්ලන කාලෙට අපේ අය උඩ පැන පැන ඡන්දෙ දෙයි.(නදී)

:       0       0

වරුණ Wednesday, 03 April 2013 12:26 PM

මිනී මරල අල්ලලා දීලත් චෝදනා නැහැ කි යනවනම් මේ පොඩි සිද්දියකට නිදහස් කළාම මොකද වෙන්නේ.(නදී)

:       0       0

ටිකිරි Wednesday, 03 April 2013 11:18 PM

මේජර්ට මොකද වුණේ? (ත)

:       0       0

චානක Wednesday, 03 April 2013 12:26 PM

අනේ පව් අහිංසකයෝ දෙන්නා.(නදී)

:       0       0

කසුන් Wednesday, 03 April 2013 12:36 PM

දැන්වත් සිහලුනි ඇස් ඇරපල්ලා. (නි)

:       0       0

රකිත් Friday, 05 April 2013 02:57 AM

මොනවා නැතත්, කොණ්ඩ මෝස්තරය නම් මරු. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 09 April 2013 10:26 AM

අපේ රටේ නීති පද්දතිය තුල දේශපාලකයන් සහ අඹු දරුවන් සඳහා විශාල හිලක් ඇත . ඕස්ට්‍රලියාවේ ඉන්න මට කිව හැක්කේ වචන දෙකකි. (නදී)

:       0       0

බංඩාර Wednesday, 03 April 2013 12:39 PM

ජයවේවා! මේජර්ව ජාතික වීරයෙක් කරමු.(නදී)

:       0       0

අනුර Wednesday, 03 April 2013 12:32 PM

ලැමිබෝ ගිනියක් වගේ.(නදී)

:       0       0

යොහාන් Thursday, 04 April 2013 12:54 PM

කොන්ඩෙට කුකුල් ක්‍රීම් තීන්ත ගාලා වගෙයි. (නි)

:       0       0

අසේල Wednesday, 03 April 2013 05:16 PM

ආසියාවේ ආශ්චර්ය. (නදී)

:       0       0

දිල්ෂාණි Wednesday, 03 April 2013 11:55 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මාලකගේ මෝස්‌තර ඔයාලට සංවරද? (නි)

:       0       0

සමන්ත Wednesday, 03 April 2013 12:48 PM

කලවානේ ඝාතන නඩුවේ විත්තිකරුවන් වු දේශපාලකයාත් නිදහස්.මාලකත් නිදහස්.සම්බන්ධයක් තියනවද?(නදී)

:       0       0

ජයලාල් Wednesday, 03 April 2013 12:49 PM

රටට ගිය කලක්.මේවා බලමින් අසමින් සිටීම තරම් අපි අවාසනාවන්තද ?(ස)

:       0       0

අනිල් Wednesday, 03 April 2013 05:10 PM

ආශ්චර්යමත් රටේ ඕකත් මහ කජ්ජක්ද? (නදී)

:       0       0

අමිල Wednesday, 03 April 2013 12:43 PM

හඳුනා ගන්න බැරි උනා? රටේ සාමාන්‍ය මිනිහත් මේ අයව අඳුරනවා පත්තර වලයි වෙබ්සයිට් වලයි දැකලම.(නදී)

:       0       0

පුෂ්පා Friday, 05 April 2013 04:02 AM

මම හිතන්නෙ හමුදාව විතරක් නෙවෙයි, මුළු ලංකාවම මෙම මේජර්වරයා තනි කළා. අතහැර දැමුවා. වෙන මොනම රටකවත් මේ වගේ වැදගත් හමුදා නිළධාරියෙකුට ගහලා ආයුධ උදුරගෙන නීතියෙන් නිදහස් වෙලා යන්න ලැබෙන්නේ නැහැ. ආයුධය පැහැරගත් චොදනාවම ඇති වසර ගනනාවක් හිරේ තපින්න. මට මේ හමුදා නිළධාරියා ගැන අනුකම්පා හිතෙනවා.(නදී)

:       0       0

විමුක්ති Wednesday, 03 April 2013 05:13 PM

දැන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි, නැවත ප්‍රශ්න ඇති කර ගන්න එපා (දී)

:       0       0

සිසිර Wednesday, 03 April 2013 12:56 PM

නිතියට අපිට අභියෝග කරන්න බැහැ

:       0       0

දමිත් Wednesday, 03 April 2013 05:20 PM

අනේ අපි කවදා හිනැහෙම්ද මේ සොඳුරු දේශයේ ?(නදී)

:       0       0

ජීවා Sunday, 07 April 2013 02:59 AM

සිංහල ශබ්දකෝෂයට අලුත් වචනයක් (ස)

:       0       0

වරුණ Wednesday, 03 April 2013 12:49 PM

පොල් ගෙඩි 2ක3ක් හරි පාරේ ලස්සනට හිටවල තිබ්බ බතල වැලක් හරි හොරෙන් ගලෝල උසාවි යමුකෝ බලන්න?(නදී)

:       0       0

තිලක් Wednesday, 03 April 2013 05:21 PM

ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා වැඩියිලු. හරි හපන් කරලා වගේ බලා ඉන්න ලස්සන.(නදී)

:       0       0

සින්දු Thursday, 04 April 2013 12:10 AM

බලාපොරොත්තු වන්න​!!!!!11 1111ඊ ළඟ ප්‍රවෘත්තිය​, දුමින්ද සිල්වා නිදහස් කරයි! පාඨකයිනි ආසියාවේ ආශ්චර්‍යට හොඳ අත්පොලසන් නාදයක් දෙන්න.(නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 03 April 2013 12:57 PM

සුද්දන්ගෙන් නිදහස ඉල්ලා සටන් කරපු අපේ වීරයෝ මේ වනවිටත් ලංකාව අන්ත ආගාදයකට ගෙන ගොස් අවසන්. ජාති හා ආගම් බේද නැති එකම ජාතිය තමයි දේශපාලකයන් කියන්නේ.(නදී)

:       0       0

යෝගා Thursday, 04 April 2013 12:13 AM

අයියෝ අපේ හමුදාවට ගිය කළක්.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 April 2013 12:50 PM

සමන්ත, අපි වගේ අය මෙජර්ලට ගහන්න යයිද?(නදී)

:       0       0

සමන් Wednesday, 03 April 2013 12:51 PM

ජයවේවා. අපි දැනගෙන හිටියා මාලක සිල්වා මහතා නිර්දෝෂයි කියලා. මාලක මහතා ගේ ඉදිරි දේශපාලන ගමන විනාශ කරන්න විවිද අය අසත්‍ය පුවත් පතුරනවා. ඒ උනාට සත්‍ය ජය ගන්නවා.(නදී)

:       0       0

ශානිකා Wednesday, 03 April 2013 05:22 PM

දැන් අර හිරුනිකා නෝනට හරියට ඇඳගෙන එන්න කිවිවනේ. එතකොට කොන්ඩෙ මලකඩ කාපු අයටත් උසාවියට යන්න පුලුවන්ද? (නදී)

:       0       0

නිශාන්ත Wednesday, 03 April 2013 12:51 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

අරුණ Wednesday, 03 April 2013 12:51 PM

අනේ අපේ රටට ගිය කලක්. (ස)

:       0       0

ජගත් Wednesday, 03 April 2013 01:02 PM

නඩුත් බඩුත් හාමුදුරුවන්ගේය.(නදී)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 03 April 2013 12:55 PM

මම හිතුවෙ මගුල් ගෙදරක යනව කියල. අපරාදෙ කියන්න බැහැ ලස්සනට ඇඳල සතුටෙන් ඉන්න එක ලොකු දෙයක්. මටත් හිතයි හිරේ යන්න. (නදී)

:       0       0

බුද්ධි Wednesday, 03 April 2013 01:03 PM

ඕක ඔහොම වෙන බව දැන සිටියා (ස)

:       0       0

තිසල් Wednesday, 03 April 2013 01:00 PM

බලන්නකෝ මේ මහතුරු හරියට පිට රට හිපි මහත්තුරු වගේ. ඔය හැම ලොකු ලොක්කන්ගේ පුතාල දුවල පිට රට හැදිලා සර සර ගාල ඉංගිරිසි කතා කර කර හරියට බිල් ක්ලින්ටන් ගේ දුවලට වඩා චාර්ල්ස් ගේ පුතාලට වඩා බටහිර වෙලා. මොනවා උනත් පියාගේ මවගේ උරුමයෙන් පාර්ලිමේන්තුවට යන්න ලං වෙනකොට සරමක් කමිසයක් අදින්න පුරුදුවෙලා මල්වට්ටියක් අරන් සතියෙන් දෙකෙන් සිංහල බෞද්ධ වෙලා පාර්ලිමේන්තුවට ගිහින් අපේ ගමේ පියදාසගේ සොමවතිගේ දුවලගේ පුතාලගේ නායකයෝ වෙලා මේ රට පාලනය කරනකොට අපි ගොඩම තමා. ලංකාව අමෙරිකාවක් එංගලන්තයක් වෙලා අපිට හොඳට සැප ලැබෙනවා ලැබෙනවා ෂුවර්. ඒ වෙනකොට අපේ හමත් සුදු කරගන්න බෙහෙතක් හොයාගන තිබුනොත් අපි ලෝකයේ ඉහලම ජාතියක් වෙනවා වෙනවාමයි. මගේ පොඩි දුවගේ පුතාගේ අනාගතය ගැන බයක් නැතිව අපිට මැරෙන්න පුළුවන් ලකුණු තියනවා. හිතට දැන්නම් සැනසීමක්. ලෝකෙන් උතුම් රට ලංකාවයි, සිරි ලංකාවයි.(නදී)

:       0       0

අනිල් Wednesday, 03 April 2013 05:31 PM

මේවා ඉතින් උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනේ.(නදී)

:       0       0

සුමිත් Friday, 05 April 2013 06:18 AM

මේ අයට පාර්ලිමේන්තු යන්න හොඳටම සුදුසුකම් තියනවා. (නි)

:       0       0

අනිල් Wednesday, 03 April 2013 01:03 PM

දැන්නමි රට ගන්න ෙදයක් නෑ. නිතිය අහිංසක මිනිස්සුන්ට පමනයි.(ස)

:       0       0

සමන්ත Wednesday, 03 April 2013 05:26 PM

ඔහොම යං, ඔහොම යං.(නදී)

:       0       0

පාලිත Wednesday, 03 April 2013 01:12 PM

මන් කිව්වේ කලින්ම ඇමති පුත්තු දෙන්නව පරිස්සමට ගෙදර යවන්න කියල, කෝ මං කියනදේ කවුරුත් ඇහුවේ නැනේ එදා. හමුදාවේ මහත්තයව තමි දාන්න ඕන ඇතුලට.(නදී)

:       0       0

රාජු Friday, 05 April 2013 06:49 AM

ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ? (නි)

:       0       0

සනත් Wednesday, 03 April 2013 01:12 PM

රටේ මුදල් නාස්ති කරන්නේ නැතිව ඕක මුල් දවසෙම කරන්න තිබුනනේ.(නදී)

:       0       0

හසිත Wednesday, 03 April 2013 01:07 PM

අගවිනිසුරු වීමේ පෙරමග සලකුණු (ආසියාවේ ආශ්චර්ය ).(නදී)

:       0       0

කස්තුරි Wednesday, 03 April 2013 01:14 PM

සාමාන්‍ය මිනිසුන්ට දෙයියන්ගෙම පිහිට තමා.(නදී)

:       0       0

චන්ද්‍රදාස Wednesday, 03 April 2013 01:08 PM

අසභ්‍ය ලෙස හැසිරුණු ඔහු සිටි විලාශය විස්තර කිරීමට බැරි බව ද පොලීසිය පවසයි.(නදී)

:       0       0

නිත්‍යා Thursday, 04 April 2013 02:16 AM

මේ දේවල් වලට අපිට කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සදුනි Wednesday, 03 April 2013 01:11 PM

නීතියේ දෙවගනගේ අනුකම්පාවත් අමෙති පුත්තුන්ටම තමයි.(නදී)

:       0       0

නිලංක Thursday, 04 April 2013 02:09 AM

මේ දේවල් වලට අපිට කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 03 April 2013 01:20 PM

නීතිපති අණ පරිදි ආර් දුමින්ද සිල්වා නිදොස් කර නිදහස් කල වගයි.(නදී)

:       0       0

වරුණ Wednesday, 03 April 2013 01:26 PM

ආසියාවේ නෙමෙයි ලෝකයේ ආස්චර්ය.(නදී)

:       0       0

ජේ Wednesday, 03 April 2013 05:44 PM

හරි හොදයි. ඔහොම තමා වෙන්න ඕනෑ. (නි)

:       0       0

චන්දිම ප්‍රදීප් Thursday, 04 April 2013 02:20 AM

අපරාදේ අධිකරණයේ කාලය, ඕං ඔය ඔක්කෝම විත්තිකාරයෝ ටික නිදහස් කොරලා දාලා සාම විනිසුරු පට්ටං දුන්නනම් අඩුම තරමේ පාස්පෝට් ඔපීසිය ලඟ සීල් වත් ගහනවා. මෙව්වා අධිකරන අමාත්‍යාංශයේ බලතල. නිකං නිදහස් කරලා හරියන්නෑ.(නදී)

:       0       0

හරින්-මාලදිවයි Wednesday, 03 April 2013 01:27 PM

අපෝ හැටි විතරක්.(නදී)

:       0       0

රංග Wednesday, 03 April 2013 01:37 PM

නිතිය අපි කාටත් පොදුයි (දී)

:       0       0

හපීල් Thursday, 04 April 2013 03:17 AM

නඩුත් හමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගේ.(නදී)

:       0       0

සුරේෂ් Sunday, 07 April 2013 06:06 PM

මුව පෙටව් වගේ අහිංසක ළමායි දෙන්නා. ඔයාලට සුබ අනාගතයක් රටට?(නදී)

:       0       0

රකිත් Thursday, 04 April 2013 03:32 AM

සුබ අනාගතයක් කියන්නේ අන්න ඒකයි. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 03 April 2013 01:44 PM

දඩුවන්, ජීවන බර දුප්පතාට, සැප සම්පත් නීතියෙය් සෙවන බලවතාට.(නදී)

:       0       0

ලසන්ත Wednesday, 03 April 2013 05:49 PM

නීතියේ කැමැත්තට අපිට මොකුත් කියන්න බැහැ (දී)

:       0       0

සනත් Wednesday, 03 April 2013 01:44 PM

තවත් මෙයාට මේජර් කියන්නෙ ඇයි? යුධ හමුදාවට කල නිගරුවට තරු ගලවල ගෙදර යවන්න ඕනෙ. බොරු චෝදනා කරලා අර අසරණ වැදගතුන්ට කල අපහාසයට සහ මාධ්‍ය වල සහ අපගේ වටිනා කාලය සිදු නොවුන සිද්ධියක් වෙනුවෙන් කාලා දැම්මට වන්දි ගෙවන්න ඕන.(නදී)

:       0       0

හේරත් Wednesday, 03 April 2013 05:57 PM

මේක ශ්‍රී ලංකා නිදහස් පාර්ටියේ ලංකාව නේ. මට මතක නැහැ අනේ.(නදී)

:       0       0

කුමාර Thursday, 04 April 2013 03:38 AM

මේ අයගේ පින්තූර පත්තරේටත් දාලා. මීට කලින් ඇමති කෙනෙග්ගේ දුවෙක් උසාවියට සුදුසු නැති විදිහට ඇදගෙන ආව කියල චෝදනා කරලා තිබුනා.(නදී)

:       0       0

තිසල් Wednesday, 03 April 2013 01:38 PM

අනේ මාලක පුතේ ඊළඟ වතාවේ කාටහරි ගහනකොට ගහපන් මැරිලා වටෙන්නම. එතකොට පුතාට පාර්ලිමේන්තුවට යන්නත් එතෙනත් ඉහලටම යන්නත් නියත වශයෙන්ම පුළුවන්. එහෙම ගිහින් අපේ ගමේ මෝඩ පුතාලට දුවලට හොඳ අනාගතයක් හදල දෙන්න පුළුවන්. තව ඔය පුතා වගේ පුතාල ගොඩක් අපේ අනාගතය වෙනුවෙන් එතැනදී එකතු වෙන බව අපි දන්නවා. ඇස් බි මාමගේ පුතා මෛත්‍රී මාමගේ පුතා. ඕන තරම් ඔය පුතා වගේම හොද ගති තියන පුතාල ගොඩක් ඉන්නවා. මගේ රටට දළදා හිමි සරණයි, මගේ දැයෙට දළදා හිමි සරණයි , උපතින් මා හට මේ හැම උරුමයි..............//(නදී)

:       0       0

කමල් Wednesday, 03 April 2013 01:47 PM

අනේ අපිට රට ගැන තියන කැක්කුමත් නැතිවෙනවා ! කෝ යහපාලනය ජිනීවා වලින් ගේන්න වෙයිද?(නදී)

:       0       0

රත්නසිරි Wednesday, 03 April 2013 01:44 PM

මේ දන්නේ නැති නිසයි අහන්නේ අපිත් කාගේ හරි රිවෝලවරයක් හොරාට අහුලගෙන පස්සේ ගෙනත් දුන්නොත් නඩු නැහැ නේද?(නදී)

:       0       0

තිලෝෂන Thursday, 04 April 2013 04:36 AM

දැන් පේනවනේ රට යන හැටි. ඔය වගේ කාර් ගන්නේ කොහොමද ඔය වගේ අය? පියා හම්බ කරන ඒවා අනේ ඉතින් දුප්පත් අපිට සුබ අනාගතයක් .(නදී)

:       0       0

රජිත් Wednesday, 03 April 2013 05:58 PM

මේවා පත්තරවලට දානවනේ.(නදී)

:       0       0

හේමාල් Saturday, 06 April 2013 02:30 PM

අනේ මේ අහිංසක මාලක පුතා නිදහස් වීම ගැන සතුටුයි...(ස)

:       0       0

චමින්ද Wednesday, 03 April 2013 06:00 PM

බලය තියනවනම මොනම බලු වැඩක් කලත් කමක් නැහැ කියන එක තමා මේකෙන් පෙන්නේ.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 03 April 2013 02:01 PM

බැලුවම අහිංසකයි මිනිහ හරි වසයි කලේ වැරදිමයි දාමරීක වැඩ තමයි හොද මිනිහෙකු වෙන්නයි මේ නිදහස දුන්නයි දැනවත් එය තේරුම් යන්නයි.(නදී)

:       0       0

සම්පත් Wednesday, 03 April 2013 06:08 PM

වහින ගොරවන වෙලාවක සිදුවිය යුතු නැහැ.(නදී)

:       0       0

සෑම් Thursday, 04 April 2013 05:20 AM

අර හිරුනිකට කිවුව වගේ කිවුවේ නැද්ද උසාවියට එනකොට කොන්ඩේ පාට කරගෙන ඇවිල්ල උසාවියට අගෞරව කරන්ඩ එපා කියල. පේනවා නේද වෙනස.(නදී)

:       0       0

අප්පුහාමි Wednesday, 03 April 2013 02:02 PM

ලංකාවේ සියලු අපරාධ කරුවෝ නිදහස්.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 03 April 2013 01:56 PM

වසර 2020 දී හිරගෙවල් නැති රටක්. උසාවි ඇතත් නඩු නොඅසන රටක්. අපේ සුබපැතුම්.!(නදී)

:       0       0

නිල්මිනි Wednesday, 03 April 2013 01:59 PM

මාලකට එහා පැත්තේ ඉන්න ගැහැණු ළමය ඔහොමද උසාවියට ආවේ. එයාට මොකුත් කියලා නැද්ද? (නදී)

:       0       0

අශෝක Thursday, 04 April 2013 06:37 AM

ලොකු අයට දන ගහල වදින්න පුරුදු වෙන්න එතකොට ගොඩ.(නදී)

:       0       0

තිලක් Friday, 05 April 2013 09:22 PM

නිතිය කියන්නේ නිතිය අපිට ඒකට උඩින් යන්න බැහැ (දී)

:       0       0

සරත් Wednesday, 03 April 2013 02:07 PM

මෙහෙව් රටේ පිස්සු කෙලිති ඇමති පුතුන් සහ හෙන්චයියන්. ජිනිවා යන අය මේවා ගැන කථාවක් නැහැනෙ හැබැටම.(නදී)

:       0       0

පරාක්‍රම Sunday, 07 April 2013 07:00 PM

දෙදහස් විසි පහ පමණ වන විටත් අපේ ප්‍රශ්න වලට හොඳ පිළිතුරක් ලබා දිය නොහැකි වුනොත් තත්වය අයහපත් විය හැකිය. (නි)

:       0       0

චතුරංග Wednesday, 03 April 2013 02:00 PM

ඇදුම් ඇදගෙන මේ අයටම චන්දෙ දෙන්න. නීතියක් නැති රටක් හදන්න බැහැ. මේක දැන් තමිල්නාඩුවට අනත තැනක් වෙලා.(නදී)

:       0       0

අශෝක Friday, 05 April 2013 09:45 AM

ඇයි මීට කළින් කාටවත් ඇප දෙනව දැකල නැද්ද ? (ස)

:       0       0

අචිනි Wednesday, 03 April 2013 02:14 PM

මෙහෙම රටක අපිත් ඉපදුනානේ.(නදී)

:       0       0

මිලාන් Wednesday, 03 April 2013 02:15 PM

නඩුත් හාමුදුරුවන්ගේ .බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

සරත් Wednesday, 03 April 2013 02:09 PM

අනේ අපොයි ලංකාදීපේ.(නදී)

:       0       0

ආස්ඩ් Wednesday, 03 April 2013 06:25 PM

නීතිය තියෙන්න පෙරකදෝරුවන්ට නඩ්කාරයන්ට සල්ලි හම්බකරන්ට විතරයි.(නදී)

:       0       0

කොබ්බෑකඩුව Wednesday, 03 April 2013 02:20 PM

අභීත යුධ හමුදාව පාවාදුන් මේජර් වරයාට නිසි දඬුවම් ලබාදෙන්න. කුමන හෝ බලපෑමක් මත විත්තිකරුවන් හඳුනා නොගැනීම බරපතල වැරදි ක්‍රියාවකි. මෙවැනි දේ මතුවටත් නොවීමට වග බලාගැනීම හමුදාව සතු වගකීමකි.(නදී)

:       0       0

තිලකගේ Thursday, 04 April 2013 03:33 PM

විශාල පර්වත පොඩි වෙඩි බෙහෙත් ටිකකට සුනුවිසුනු කරන්න පුළුවන් බව අමතක කරන්න එපා. (ස)

:       0       0

වරුණ Wednesday, 03 April 2013 02:23 PM

මේ කට්ටිය යන වාහන, කාගේද මේ සල්ලි ? මහජනතාවගේ සල්ලි .(නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 03 April 2013 02:17 PM

ගුටි කාපු එකා නම් බයටම තමා අදුනගන්න බැහැ කිව්වේ. ලොකු ලොකු තැන්වලින් බලපෑමත් ඇතිනේ.(නදී)

:       0       0

අශාන්ත Thursday, 04 April 2013 07:49 AM

මිනිස්සු දැනගන්න ඕනෑ මේ වගේ දේවල් වලට බුද්ධියෙන් උත්තර දෙන්න. (නි)

:       0       0

රත්න Wednesday, 03 April 2013 02:30 PM

නීතිපති උපදෙසින් නිදහස ලැබූහ?. කවුද එයා?(නදී)

:       0       0

කිර්ති Thursday, 04 April 2013 03:37 PM

රණවිරුවන් ජීවිත පරිත්‍යාගතරලා මිනීමරු ප්‍රබාකරන්ගෙන් රටම නිදහස් කරගෙන බාර දුන්නේ කාටද?(නදී)

:       0       0

අංජන Friday, 05 April 2013 10:11 AM

සෑම දෙනා දෙස බලමින් හිනාවෙලා විකසිත අනාගතයක් දැන් උදාවෙලා... (නි)

:       0       0

අශාන් Wednesday, 03 April 2013 02:30 PM

ඕක තමයි ලංකාවේ වෙන්නේ. ලොක්කෝ ටික තර්ජනේ දාපු ගමන් සේරම ඉවරයි. පොඩි මිනිහා තමා හැමදාම අසරණ වෙන්නේ. කැමරා වල සටහන් වුන සාක්ෂි කෝ? ඒවගෙන් ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්නේ කවුද ගැහුවේ කියලා.(නදී)

:       0       0

සදරුවන් Wednesday, 03 April 2013 02:30 PM

මාර සැප නේද. අපේ පන යනවා රට සල්ලි හොයල. අපි හැමදාම කුවෛට් එකේ.(නදී)

:       0       0

සුසන්ත Thursday, 04 April 2013 07:57 AM

දැන් එතකොට සියඹලා ගෙනල්ලම නෑ.(නදී)

:       0       0

විමුක්ති Thursday, 04 April 2013 03:47 PM

අපිට තියෙන්නේ එවසිල්ලෙන් බලන් ඉන්න එක විතරයි. සැමට සුභ අනාගතයක්. ! (ස)

:       0       0

අනුරාධ Wednesday, 03 April 2013 02:34 PM

බලන්නකෝ කාර් එක... (නි)

:       0       0

උපුල් Wednesday, 03 April 2013 02:29 PM

නැතුව නැතුව මීලග අගමැති වරයාගේ පුතාව නිදහස් නොකර කොහොමද නේද ? (නදී)

:       0       0

වසන්ත Wednesday, 03 April 2013 06:44 PM

නියම කාර් එක සෑහෙන ගානක් වටිනවා ඇති. අපරාදේ ඇමතිතුමා පඩියෙන් ඉතුරු කරපු සල්ලි.(නදී)

:       0       0

රකිත් Thursday, 04 April 2013 08:16 AM

මට මතකයි අපේ ඇමතිතුමා වරක් දේශපාලන වේදිකාවක කියා සිටියා කෙටි විරාමයක් අරගෙන කරන දෙයක් ගැන. (නි)

:       0       0

නන්දා Monday, 08 April 2013 03:10 PM

අලුත් අවුරුද්දේ අලුත් ජිවිතයක් (දී)

:       0       0

කිලක්-ඩුබායි Wednesday, 03 April 2013 06:45 PM

අනේ රටට මෙහෙම විනාසයක් වීවී කියල හීනෙකින්වත් අපි හිතුවද.?(නදී)

:       0       0

ප්‍රදීප් Monday, 08 April 2013 03:18 PM

කමක් නැහැ ....කමක් නැහැ .... (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 03 April 2013 02:40 PM

අපි සියලු දෙනාටම සුභ අනාගතයක් ලබමිනුයි යන්නේ (නි)

:       0       0

කිර්ති Wednesday, 03 April 2013 06:46 PM

නීතියට අපි කවුරුත් යටයි මතක තියා ගන්න (දී)

:       0       0

සිල්වා Wednesday, 03 April 2013 02:33 PM

අධිකරණ දැන් නඩු ඉක්මනින් ඉවරයක් කරලා දානවා

:       0       0

ජීවන්ත Wednesday, 03 April 2013 02:42 PM

අද අප්‍රේල් 01 වෙනිදා ද? (නදී)

:       0       0

චන්දන Wednesday, 03 April 2013 02:43 PM

නිතිය කියන එක කාටත් පොදුයි (දී)

:       0       0

හේරත් Wednesday, 03 April 2013 06:48 PM

අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ප්‍රභාකරන් ජීවත් වුන කාල පරිච්චීදයට වැඩ භයානක කාල පරිච්ඡේදයක. නීතිය මුළුමනින්ම විනාස වුන රටක.(නදී)

:       0       0

අජිත් කුරුවිට Thursday, 04 April 2013 08:19 AM

හසන්ත මහත්තයෝ , මේවා අහන්න දකින්න අපිත් පින් කරලා තිබුනනේ. (නි)

:       0       0

සරත් Wednesday, 03 April 2013 02:47 PM

ගොරක දඩ මස් කරන දඩමස් ගොරක කරන නීති රාමුවක් තුල ඕව මොනවාද. (නදී)

:       0       0

කීර්ති Wednesday, 03 April 2013 06:57 PM

හමුදා මේජර් කෙනෙකුටත් ගහලා, නඩුවෙනුත් දිනලා යන අපුරුව බලාපල්ලකො. කොහොම හිටිය හමුදාවක්ද අද මෙහෙම වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

රණ රාල Wednesday, 03 April 2013 02:42 PM

අද හෙටම "අර මොනවත් මතක නැති එක්කෙනා" ගැනත් මෙහෙම සුභ ආංචියක් අහන්න ලැබේවා! (නි)

:       0       0

විමුක්ති Wednesday, 03 April 2013 06:52 PM

රටේ හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න ඕන නිසා තමයි හිටපු හමුදාපති ජෙනරල් පොන්සේකා වැනි නායකයෙක් රටේ නායකයා කරන්න ඕන කියලා කිව්වේ.(නදී)

:       0       0

කීර්ති Wednesday, 03 April 2013 07:01 PM

අපිට පිට රට මැරෙනකම් හරි හම්බ කලත් ඔය වගේ කාර් එකක් ගන්න පුලුවන්ද? හරි හමන් රැකියාවකුත් නොකර, කෝටි ගානක් වටිනා කාර් ගන්නවා කියන්නේ හරි පුදුමයි.(නදී)

:       0       0

චින්තා Thursday, 04 April 2013 08:34 AM

මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

මහේෂ් Wednesday, 03 April 2013 02:46 PM

වාහනේ කොහොමද (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 03 April 2013 02:46 PM

නීතිපති කියන්න කලිං අපි දැනගෙන හිටියා ඕක වෙන බව. රටකට ගිය කල. (නදී)

:       0       0

තිලක් Wednesday, 03 April 2013 06:58 PM

ශිරාණි මැතිනියව ගෙදර යැව්වේ ඔය ටික කරගන්නනේ.(නදී)

:       0       0

රත්නායක Wednesday, 03 April 2013 02:56 PM

මේ කට්ටියගෙම අතේ වැරදි තියෙනවා මමනම් කියන්නේ (දී)

:       0       0

මයිත් Wednesday, 03 April 2013 07:09 PM

නුඹ නාඩන් අපිට පිස්සු.(නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 03 April 2013 02:56 PM

බක් මාසේ නිසා නිදහස් කරන්න ඇති, ඇතුලේ ඉඳල සිංහල හින්දු අව්රුදු සමරන්න අමාරුයිනේ. (නදී)

:       0       0

ඉස්ලාම් Wednesday, 03 April 2013 07:06 PM

ඇමෙති පුත්තුන්ට ඕනෙම වැඩක් කරලා බේරෙන්න පුළුවන් , අහිංසකයන්ට දඬුවම්, ලංකාවේ නීතියට ජයවේවා!(නදී)

:       0       0

උදාර සංජීව ද අල්විස් Tuesday, 09 April 2013 01:25 PM

මම නම් මේ වගේ ඇමති පුත්තුන්ට හරිම කැමතියි. මොකද මාව රස්සාවට දාලා දුන්නෙත් මේ වගේම ඇමති තුමෙකුගේ මැදිහත් වීම නිසායි. මම නම් කියන්නේ ඇමති පුතුන්ට කුමන හෝ දෙයක් කිරීමට රටතුළ නිදහස සකස් කරලා දෙන එක අපේ රාජකාරිය කියලයි. (නදී)

:       0       0

ඉස්ලාම් Wednesday, 03 April 2013 07:15 PM

මෙහෙම ගියොත් මින් ඉදිරියට රට කොට උඩ තමයි.(නදී)

:       0       0

කවීෂ Wednesday, 03 April 2013 02:50 PM

සිද්ද වෙන්න ඕන විදිහටම වැඩ කටයුතු වෙලා තියනවා. මේක සාමාන්‍ය මිනිහකුට උනානම් මීට වඩා වෙනස් විදි හට වෙන්නේ .අනික සාමාන්‍ය මිනිස්සු මේ අය වගේ වැඩ කරන්නේ නැහැනේ.(නදී)

:       0       0

ප්‍රීති Wednesday, 03 April 2013 02:50 PM

ඊලගට දුම්න්ද සිල්වා. ජුලම්පිටියේ අමරේ, සාරුව ලියනගේ සුනිල්, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පේ, හසිත මඩවල, මර්වින් සිල්වා ඇමතිතුමගේ ලේකම්ලා.(නදී)

:       0       0

සිල්වා Sunday, 07 April 2013 08:57 PM

ගෙදර වතුර බට මලකඩ කාලා වගේ. වතුර බට මාරු කරලා එස්ලෝන් බට දැම්මා නම් හරි වගේ. (නි)

:       0       0

ජයන්ත Wednesday, 03 April 2013 02:51 PM

දැන් ලංකාවේ වෙන වැඩ එකක් බලුවහාම මේවා සාමාන්‍ය සිද්දි වෙලා (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 05 April 2013 11:52 AM

අපේ රණ විරුවන්ට කෝචෝක් කරපු අයට වැඩක් දෙන්න කව්රුවත් නැද්ද? නිලධාරී තුමනි !!!මම ඔබට සීරුවෙන් සිට ආචාර කරමි.

:       0       0

තිස්ස Wednesday, 03 April 2013 02:51 PM

මට මං ගැන දුකයි (දී)

:       0       0

තිළිණ Thursday, 04 April 2013 08:46 AM

මේවා දකින්න ලැබීම අපේ වාසනාවක්. (නි)

:       0       0

පාල Thursday, 04 April 2013 08:48 AM

අර මොන දේටත් අපේ රටේ උතුම් යැයි ජප කරන උදවිය කෝ? (නි)

:       0       0

කුමාර Wednesday, 03 April 2013 02:59 PM

දේශපාලනයට නිතිය යටවෙලා කියුවොත් කවුරු හරි වැරදි නේද ඒ කතාව (දී)

:       0       0

රුහුනු Wednesday, 03 April 2013 02:52 PM

නීතියෙන් ගැලවුනත් යම් දිනක දෙවියන්ගෙන් කරන වැරදිවලට දඩුවම් ලැබෙනු ඇත .(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 05 April 2013 12:01 PM

අප්පට ඉහලින් වැඩක් දෙන්න බැරි උනානම් නොට්ටිගේ පුතලානේ!(නදී)

:       0       0

සූකිරි Wednesday, 03 April 2013 02:53 PM

අර ගල්ගහන්ට කුණු බිත්තර ගහන්ට,හරක්මස් කඩ වහන්ට කතාකරන අය ප්‍රදනත්වේ දෙන්ට ඕන මේ වගේ අවශ්‍ය දෙකට. මේවා නොදැක්ක වගේ ඉන්න නිසා තමා අපට සැක එයාල අනියම් අකාරෙන් ආණ්ඩුවේ කොන්තරක් ඉටු කරනවාදෝ කියල.(නදී)

:       0       0

අජිත් Wednesday, 03 April 2013 07:16 PM

මේ දෙන්න පැමිණිලි කරුට ගැහුවා නම් නේද දඬුවම් කරන්නේ ?(නදී)

:       0       0

ලසන්ත Thursday, 04 April 2013 08:45 AM

කවුරු මොනවා කිවුවත් හැම ඇමති පුතෙක්ම පසුකාලීනව බලේට පත් වෙනවා.මෙහෙම වෙන්නේ කොහොමද? එහෙම කරන්නේ කවුද? (නි)

:       0       0

සෙන්සා Thursday, 04 April 2013 08:53 AM

ලංකාවෙ මොකක්ද ලොකු වෙනසක් තියෙනවා. ඒකට කියන්නේ ආශ්චර්යය ද මන්දා. (නි)

:       0       0

රිස්වාන් - සව්දි. Wednesday, 03 April 2013 03:02 PM

මෙජර්ට අමතක වෙන්න අර තුමා කොච්චර මුදල් දුන්නද දන්නේ නැහැ,(නදී)

:       0       0

ජීවන් Thursday, 04 April 2013 08:55 AM

ඔහේ පලයන් මට රූපේ දැක්කමනේ තේරුනේ යර හිටපු ජනපති තුමීය කිවේ ඇත්ත කියලා. . මෙහෙම අයටද ලංකාවේ "බුද්දිමත්" ජනයා කතිරේ ගහන්නේ.(නදී)

:       0       0

අජිත් Tuesday, 09 April 2013 01:48 PM

සියළු නඩු ඉක්මනින් අවසන් වෙනවා. කහවත්තේ සිද්ධිය අවසන්. මාලකගෙ සිද්ධියත් අවසන්. අනෙක් සියළු නඩුත් ඉක්මනින් අවසන් කිරිමට හැකිවේවා! (නි)

:       0       0

පුජිත Wednesday, 03 April 2013 02:58 PM

සුභපැතුම් (දී)

:       0       0

පියල් Thursday, 04 April 2013 08:51 AM

අනික් දියුණු රට වල මෙන් අපේ රටේද දේශපාලනයට අද්යාපන සුදුසු කමක් දිය යුතු කාලය ඇවිත්. (ස)

:       0       0

දෙව්මිණ-ස්වීඩන් Sunday, 07 April 2013 09:23 PM

මගේ එකම පැතුම යලි මතු බවයකදී ලංකාවේ ඉපදෙන්න එපා කියලයි. මෙයාගේ තාත්තා කට ඇරියම තියෙන නූගත්කම පේනවා නේද? චන්දෙ දෙන මිනිස්සු ඉන්නවනේ මෙහෙම එයාටත්. (නදී)

:       0       0

රාණි Thursday, 04 April 2013 08:52 AM

තත්ත්වය මෙහෙම තිබියදී සමහර සංවිධාන වැදගත්කමින් අඩු ජාතිවදේ, හරක්මස්, ක්‍රිස්තියානි පල්ලි වගේ දේවල් අල්ලාගෙන රට දෙවනත් කරමින් වැදගත් ප්‍රශ්න අමතක කරවනවා. (නි)

:       0       0

අජිත් Wednesday, 03 April 2013 03:00 PM

මේවට මොනවා ලියන්නද?(නදී)

:       0       0

අජිත් Thursday, 04 April 2013 08:53 AM

ආදරණීය පුත් රුවනකි මාලකය ....... ඔබ අප දුටුගැමුණු පුත් සාලියය..... මත්තල මොනර යානා දැන් ඇති සැටිය...... අරඹනු මැනවි ඔබගේ පෙම් දිවිනැගුම ........(සුබ අනාගතයක්.) (නි)

:       0       0

නන්දන Thursday, 04 April 2013 09:03 AM

මිනිසුනේ, එක්කෝ පුරාජේරු ගහන එක නවතන්න. නැත්නම් මේවාට මොනවාහරි ක්‍රියාමාර්ගයක් ගන්න. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 04 April 2013 09:02 AM

මේ නීතිපතිතුමාට මතුයම් දවසක අග විනිසුරු වෙන්න ලැබේවායි පතමු. (නි)

:       0       0

කුමාර-මැලේෂියා Wednesday, 03 April 2013 03:08 PM

අපේ රටේ බුද්ධිමත් ජනතාවගේ පුතුන් නිසා වෙන්න ඇති නිදහස දුන්නේ. මේ වැඩේ ගමේ පොල් කඩන මිනිහෙකුට උනානම් ජිවිත කාලයටම හිරේ තමා. කාට කියන්නද කැකිල්ලේ රජ්ජුරුවොත් නැනේ.(නදී)

:       0       0

සමන් කුමාර Wednesday, 03 April 2013 03:16 PM

අර හිරේ ඉන්න ඔක්කොම වැරදිකාරයෝටික නිදහස් කරලා, හිර ගෙවල් ටිකත් වැහුව නම් හරි.(නදී)

:       0       0

සම්පත් Wednesday, 03 April 2013 03:09 PM

අපිට ගැහුවානම් දෙන්නටම හුලං විස්කෝතු කවනවා.(නදී)

:       0       0

ශීලා Thursday, 04 April 2013 09:16 AM

සිංගප්පුරුවේ මොන තරම් උගතෙක් උනත් දේසපාලන විද්‍යාවට උපාදියක් නැතිනම් චන්දෙ ඉල්ලන්න බෑ. දොස්තර කෙනෙක් උනත් දේසපාලන විද්‍යාවට උපාදී ඕන. ඒ උපාදිය ගන්න වෙනම ආයතනත් තියනවා.(නදී)

:       0       0

ජයන්ති Wednesday, 03 April 2013 07:51 PM

මොණරු පිල් විදහාගෙන නැටුවට පස්ස පැත්ත එළියේ.(නදී)

:       0       0

ජගත් Wednesday, 03 April 2013 03:17 PM

සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නාටම (දී)

:       0       0

කීර්ති Wednesday, 03 April 2013 07:52 PM

අහිංසකයෙක් හමුදාවේ ඉන්න පහලම කෙනෙකුට ගැහැව්වත් හමුදාවෙන් ඇවිත් ගමක්ම වනසනවා. අද හමුදාව ඇමති පුතුන්ගෙන් හොදට ගුටි කනවා.(නදී)

:       0       0

තිලක් Wednesday, 03 April 2013 07:54 PM

කෝ වෙනදට බුදු බව පතල දාන පුතිචාර ටික. ලැජ්ජයි නේද?(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 03 April 2013 07:51 PM

‍පේනවනේ දෙන්නගේ හිනාව. තව ගේමක් දෙන්නම් කියලයි යන්නේ.(නදී)

:       0       0

රාජා Wednesday, 03 April 2013 03:17 PM

මේක පත්තරේ පලකරන්න තරම් අලුත් ප්‍රවෘතියක් නෙවෙයි. තීන්දුව මේකයි කියල අපිනන් එදාම කිව්ව.(නදී)

:       0       0

සමන් Thursday, 04 April 2013 09:40 AM

ඇයි ඉතින් අපි මේ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ ගන්නේ නැත්තේ? (නි)

:       0       0

ෂෙල්ටන් Wednesday, 03 April 2013 03:25 PM

දිට්ට දම්ම වේදනීය කර්ම එකපාරටම පටිසන් දෙන්නේ නැහැ. අපිත් ඉන්නේ මේ රටේනේ බළමු යාළුවනේ මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

ජීවන් Thursday, 04 April 2013 09:33 AM

හිටපු නීතිපති තුමීය අයින් කරද්දී කිරිබත් කාපු අය ගැන මට නම් අප්පිරියි.(නදී)

:       0       0

අරුණ Wednesday, 03 April 2013 08:13 PM

ඡන්දව දුන් අපි සැම මෝඩයෝ වෙමු.(නදී)

:       0       0

ජෝයි Wednesday, 03 April 2013 03:27 PM

සේනාවගේ කටේ පිට්ටුදෝ.(නදී)

:       0       0

කුමාර් Wednesday, 03 April 2013 08:07 PM

දෙන්නවම ගස් බන්දින්නයි තිබුනේ.(නදී)

:       0       0

චමින්ද ජයනාත් Wednesday, 03 April 2013 08:09 PM

ලංකාවට හොද නායකයෙක් පහළ වෙන්න ඕන කාලෙ තමයි මේ. මෙහෙම වැරදි කරද්දි අපි කොහොමද ශ්‍රී ලංකිකයෙක් කියල කියන්නෙ. තව ටික කාලෙකින් ලෝකය අපට කෙල ගහන්ඩ ගනී.(නදී)

:       0       0

ශීලා Wednesday, 03 April 2013 03:27 PM

සේනාව මේවා නොදැක්ක සේ ඉන්නේ මේ පැලැන්තියේ උවමනාව ඉෂ්ට කරන්න නේද?(නදී)

:       0       0

දේ සිල්වා Wednesday, 03 April 2013 03:32 PM

මේයාලගේ පියවරුන්ට ඡන්දය දීපු අපියි මෝඩයෝ. ඉදිරි ඡන්දවලදී චන්දය නොදී ඉමු . මානව අයිති වාසිකම් හමුදා නිලධාරීනට සහ සාමාන්‍ය සිවිල් වැසියන්ටත් තිබෙනවා.(නදී)

:       0       0

අහිංසක Wednesday, 03 April 2013 03:35 PM

අනේ අපොයි.(නදී)

:       0       0

සම්පත් Thursday, 04 April 2013 09:54 AM

රටේ අනාගතය නේද මේ? (නි)

:       0       0

කීර්ති Thursday, 04 April 2013 07:38 PM

හමුදා බුද්දි අංශයේ මේජර් කෙනෙකුට ගහල පිස්ටල් අකත් පැහැරගෙන ගිහින් නඩුත් කියල බේරිලා යන හැටි දැක්කම මටනම් හිතෙන්නේ සිංහල අපි කලිසම ගලවල ගව්මක් ඇදගත්තොත් හොදයි කියලා.(නදී)

:       0       0

ලංකාසිරි Wednesday, 03 April 2013 03:28 PM

බය නැතිව තව ගේමක් දෙන්න පුළුවන් .(නදී)

:       0       0

කීර්ති Thursday, 04 April 2013 07:34 PM

ඉන්දියාවෙ නම් යම් කිසි අපරාදයක් කලොත් පොලිසියේ බුද්දි අංශයෙන් කරන විමර්ශනයට අමතරව ඉන්දියාවේ පුවත් පත් වලිනුත් ඒ ගැන තොරතුරු එත් රැස් කරගෙන අදිකරණයට තොරතුරු සපයනවා. ඒකට ලංකාවේ මාධ්‍ය වැල යන අතටම මැස්ස ගහනවා.(නදී)

:       0       0

සාලා Wednesday, 03 April 2013 03:36 PM

මේජර් කියන්නත් ලැජ්ජයි.(නදී)

:       0       0

ගීතාංජලී Thursday, 04 April 2013 10:10 AM

බලන්නකෝ, කාර් එක. රටේ දුප්පත් , එදා වේල කන්න නැති පවුල් කොච්චර ඉන්නවද ? (නි)

:       0       0

මර්වින් Wednesday, 03 April 2013 03:33 PM

අනේ මුහුණේ තියෙන පින් පාට වඩා ගන්න හිතෙනවා.(නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Wednesday, 03 April 2013 08:28 PM

මේජර් තමන්ගේ ජීවත ආරක්ෂාවට ගත් තිරනයක් මේක. නැත්නම් දන්නවනේ සිල්වලාග් වැඩ කොහොමද කියලා.(නදී)

:       0       0

අහමඩ් Friday, 05 April 2013 05:27 PM

මේ පුතා ගහලා නෑ වෙන්න බැ. කාට හරි වැරදිලා. මුණ හරිම පින් පාටයි.(නදී)

:       0       0

වීරසේකරගේ Wednesday, 03 April 2013 08:29 PM

ලංකාවේ නීතිපති කවුද? (ත)

:       0       0

කවින්දු Thursday, 04 April 2013 10:15 AM

ජනාධිපතිතුමනි! මේ වගේ අයගෙන් කිසිම වැඩක් නැහැ. මේ වගේ අයව ආණ්ඩුවට ලංකරගෙන වරද්දවාගන්න එපා.(නදී)

:       0       0

පෙරේරා Thursday, 04 April 2013 10:30 AM

රටේ මිනිස්සු මොලය පාවිච්චි කරලා චන්දය දෙනවනම් හොඳයි. (ස)

:       0       0

ගමා Wednesday, 03 April 2013 03:37 PM

මෙජර් කියන්නෙ එයාම ගහගත්ත කියලනෙ.(නදී)

:       0       0

නිමල් Wednesday, 03 April 2013 08:48 PM

බඩගින්නට කොස්ගෙඩිය කඩපු පීටර් මාමට දඩය රුපියල් පන්දාහයි. මාස 3ක් හිරබත් කන්න උනා. අනේ අනිච්චන් රටට වෙච්ච හරියක්.(නදී)

:       0       0

ඉන්දික Monday, 08 April 2013 11:56 AM

අපි කල්පනා කරලා මොලේ තියන අයට බලේ දුන්නා නම් හරි. (නි)

:       0       0

නොඑල් පෙරේරා Wednesday, 03 April 2013 08:57 PM

මේවා දැකල පන පලයන් පෙරේදා.(නදී)

:       0       0

සුනිල් Friday, 05 April 2013 01:32 PM

ලෝකේ ලස්සනම රට වගේම ඒකේ අනිත් පැත්තටත් ගිනස් වාර්තාවක් ජීනිවා වලින් ලබා ගන්න අනාගතේ හැකි වේවි (නි)

:       0       0

සුජිත් .කේ Wednesday, 03 April 2013 03:48 PM

බලය වගේම මොළයත් උපතින්ම ලැබිල තිබ්බනම් මොනතරම් වටීද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 474 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 52 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 382 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 483 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 693 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 984 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site