IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


‘ඇමති පුතා පල්ලි යන්නෙත් නෑ - කාරණාව රටට කියන්නෙත් නෑ’

(විනීතා එම් ගමගේ)
 
අහිංසක ජනතාව සියගණනක් මියගිය මිලේච්ඡ ප‍්‍රහාරය පිළිබඳව රජයේ අමාත්‍යවරු දැන සිට ඇති බව පෙනී යන බවත් එසේ තිබියදීත් ජනතාව දැනුවත් නොකිරීම බරපතල වරදක් බවත් සර්ව ආගමික සමුළුවේ සම සභාපතිවරු කියති. 
 
සර්ව ආගමික සමුළුවේ සම සභාපතිවරුන් ලෙස ඉත්තැපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණ ශි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමිපාණන් වහන්සේ, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ කටයුතු කරති. 
 
බොරැල්ල අගරදගුරු නිල නිවසේ අද (22) පැවැති මාධ්‍ය හමුවකදී ඉත්තැපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමිපාණන් වහන්සේ සහ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ එසේ පැවසූහ. 
 
මාධ්‍ය හමුව ඇමතූ මැල්කම් කාදිනල් රංජිත් පියතුමාණෝ මෙසේ ද පැවැසූහ. 

“මේක වළක්වන්න පුළුවන් කියල දැනගත්තාම අපි ඔළුවේ අතගහ ගත්තා”

“ඇමතිගෙ තාත්තා කියනව පුතාට පල්ලියට යන්න එපා කියල. ඇමති පුතා පල්ලි යන්නේ නැහැ. ඒත් රටට කාරණාව රටට කියන්නේත් නැහැ..... ඇයි ඒ බව රටට නොකිව්වේ. රටටත් කිව්වා නම් මේ ජීවිත රැක ගන්න තිබුණා’’ යැයි ද කාදිනල්තුමා පැවැසූහ. 
 
ජන ජීවිතවලට හානි සිදුකෙරෙන අන්දමේ මිලේච්ඡ ප‍්‍රහාර මෙන්ම ආගමික සමගිය බිඳදැමෙන අන්දමේ සිද්ධීන් රට තුළ සිදුවීම වැළැක්වීමට රජය වහා පියවර ගත යුතු යැයි ද වැරදිකරුවන් සොයා දඬුවම් දීම රජයේ වගකීම යැයි ද සර්වආගමික සමුළුවේ සම සභාපතිවරු කීහ. ඊයේ සිදුවුණ සිද්ධීන්  පිළිබඳව සොයා බලා එවැනි සිදුවීම් යළි සිදුනොවීමට රජය වග බලා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේලා පැවසූහ.
 
සිද්ධීන් සම්බන්ධයෙන් කිසිවෙකුටත් අත නොතබන්නැයි තරයේ ඉල්ලා සිටින බව කී උන්වහන්සේලා සාමකාමීව අවමඟුල් පවත්වන්නැයි ශෝකයට පත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීහ.

බුද්ධි අංශ දුර්වල වන්නට ඉඩ නොදෙන්නැයි රජයෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවද එම අංශ තව දුරටත් ශක්තිමත් කළ යුතු බව ද සර්ව ආගමික සමුළු නායකයෝ තවදුරටත් ප‍්‍රකාශ කළහ.

බෞද්ධ හින්දු කතෝලික හා ඉස්ලාම් ආගමික නායකයන් ගේ සහභාගිත්වයෙන්  පැවැති මෙම මාධ්‍ය හමුව ඇමතූ ඉත්තැපාන ධම්මාලංකාර නාහිමියෝ මෙසේ ද පැවැසූහ. 

‘‘හදිසියේ නමුත් මේ සාකච්ඡාව ගත්තේ අපි හැමදෙනාටම වඩා  කාදිනල් තුමා මොනතරම් කම්පාවට පත්වෙලා ඉන්නව කියන එක වැටහුණ නිසයි.”
 
”අම්ම තාත්ත නැතිවුණ අවුරුදු තුනක දරුවෙක් මව්පියන් සොයා අඬා අඬා ඇවිදින හැටි ඊයේ අපි දුටුවා. මේ වගේ මව්පියන්ට දරුවන් අහිමි කළ, දරුවන්ට මව්පියන් අහිමි කළ, සහෝදර සහෝදරියන් අහිමි කළ ප‍්‍රහාරයක් මෑත කාලෙක සිද්ධ වෙලා නැහැ”
 
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික යන සියලූ ආගම් නියෝජනය කරන ආගමික නායකයන් මේ සමුළුවේ දී එකතුවෙලා ඉන්නවා. අපි කවදාවත් මේ ආගමික වශයෙන් මෙහෙම කොටස්වලට කැඩිලා ඉන්නේ නැහැ. අපි සියලූ දෙනාට එකසේ වේදනාකාරි සිද්ධියක් මේ සිද්ධ වුණේ. අපි කරුණාවෙන් ඉල්ලන්නේ සාමයෙන් ඉන්න කියලයි. විශේෂයෙන් අපි හැම දෙනාම සුහදතාවයෙන් ජීවත් විය යුතුයි.
 
ලෝකයට ආදර්ශයක් වන පරිදි අපි ජීවත් විය යුතුයි. ආගමික සමගිය වෙනුවෙන් අපි අවුරුදු විස්සක් තිස්සේ කටයුතු කරමින් ඉන්නවා’’ යැයි ද ඉත්තෑපාන නාහිමියෝ පැවැසූහ. 
 
මෙම පුවත් පත් සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ මෙසේද පැවසූහ. 
 
“හරියට අකුණක් ගහනව වගේ සිද්ධියක් වුණේ. අවුරුදු දහයකට කලින් මේ වගේ දේවල් වුණා. විවිධ ස්ථානවලට පහර දුන්නා. විවිධ ආගම්වල පූජනීය ස්ථානවලට පහර දුන්නා”
 
”තර්ජනයක් තියෙනවා කියල තිබුණා. මේක පිටුපස ඉන්නේ කවුද කියල අපි දන්නේ නැහැ. උඩින් පෙනුනට යට ඉන්න අය පෙනෙන්නේ නැහැ. සමහර විට අයිස් කන්දක වගේ අපට පෙනෙන්නේ බොහොම ටිකක් වෙන්න ඇති. මේ කියැවෙන නම්  පිටුපස වෙන කෙනෙක් ඉන්න පුළුවන්”

”මේ රටේ නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි. අපි එක එක්කෙනාට  ඕන  ඕන විදියට දඬුවම් දෙන්න බැහැ... අදාළ පුද්ගලයින්ට දඬුවම් දීම අදාල අංශවලින් කළ හැකියි.” යයිද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ පැවසූහ. 

 

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර )



අදහස් (68)

‘ඇමති පුතා පල්ලි යන්නෙත් නෑ - කාරණාව රටට කියන්නෙත් නෑ’

malani Monday, 22 April 2019 10:01 AM

රටේ නායකයා දැනගෙන රට පැන්නා...

:       1894       2320

RaveedraMonday, 22 April 2019 10:43 AM

අප නම් හිතන්නේ මේ හිඟන " රිලව් 225ම " මේ පිළිබඳව දැනගෙන ඉඳලා තියෙනවා කියලයි. හරීන් පැහැදිලිවම කියලා තියෙන දේ හොඳින් ඇහුම්කන් දෙන්න..

:       1889       2663

ලසන්තMonday, 22 April 2019 03:36 PM

එතුමාට මොකුත් කියන්න එපා. එතුමා, මේ වගේ වැදගත් දේවල් දැනගන්නේ පත්තරෙන්. අපේ කරුමෙට නිවාඩු දවස් නිසා පත්තර මුද්‍රණය වුනේ නෑ!

:       10       454

sanjeewaMonday, 22 April 2019 07:26 PM

අපිට විශාල සැකයක් තිබෙනවා. ඇයි ප්‍රහාරය ජනාධිපතිතුමා රටේ නැති අතරේම වෙන්නේ? මුළුරටම දන්නවා රටේ දෙවෙනියා පොලිසියත්, පාතාලෙත් අල්ලාගෙන රටේ ප්‍රධානියා මරන්න කුමන්ත්‍රරණය කරපු බව... සමහර බුද්ධි මට්ටමෙන් අඩු පාඨකයෝ හිටියට රටේ බහුතරයක් දන්නවා මේ ප්‍රහාරයේ ප්‍රධානම මොලකාර ඇමතිවරයා ඉන්නේ රටේ දෙවැනියාගේ ඔඩොක්කුවේ කියලා. එ්ත් එකක් තියනවා... අර මැරිච්ච අහිංසක මිනිස්සුන්ගේ සාපයෙන් ගැලවෙන්න ඔය කාට කාටත් සෑහෙන වෙහෙසක් දරන්න සිදුවේවි...

:       0       0

tdMonday, 22 April 2019 08:46 PM

ඇමති පුතා පල්ලි යන්නෙත් නෑ - කාරණාව රටට කියන්නෙත් නෑ’ ඇමති පුතා ඔහුගේ පියාගෙන් දැනගත් හෝ අවවාදය පිළිබඳව රජයේ ඉහලම බලධාරීන් සහ පොලිසියෙන් විමසීමක් කිරීමට නොහැකිවීම කණගාටුදායකය. ඇමති පුතා මාධ්‍යවලට පැමිණ මොනවා දැන් කිවත්ඵලක් නොමැත. ඔහුගේ පියාගෙන් දැනගත් හෝ අවවාදය නිසා ඔහු පල්ලි නොගියේය. ඔහුගේ ආරක්ෂාව ගැන පමණක් නොව ඔහුට රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳවත් සලකුවා නම් අහිංසක ජීවිත සිය ගණනක් බේරාගැනීමට හැකියාව තිබිණි. ජනතාව පත් කරනලද මෙවන් ඇමති පුතාලගේ රටවෙනුවෙන් කලයුතු වගකීම් පහර හැරීමක් බව මනාවට පැහැදිලිවේ.

:       0       0

NishanMonday, 22 April 2019 10:36 PM

ඇමති පුතා විතරක් නෙවෙයි විපක්ෂ නායකතුමාත් දැනගෙන හිටපු බව පිළිගත්තා.

:       0       0

Sapumal.Tuesday, 23 April 2019 01:40 AM

ඇත්තෙන්ම මේ වගේ නායකයන් ලබන්න අප බොහෝ පිං කරලා ඇති.නැතිනං ලෝකේ කොහෙවත් නැති මේ තරම් බුද්ධිමත් නායකයන් ලබන්න අපටම සිදුවුනේ ඒක වෙන්න ඇති.මං සිරිතක් හැටියට පාන්දර පිරිත් දාන්නට පෙර යූ ටියුබ් එකේ බොදු ගීත බලනවා.මේ දවස්වල එ්කත් ලොක් කරලා.අශ්වයා ගියාම ඉස්තාලය විතරක් වහන්න දක්ෂ මහා මොළකාරයන් තමයි මේ රටේ ඉන්නේ.

:       0       0

Gamage Monday, 22 April 2019 10:08 AM

අගරදගුරුතුමනි, ඕක නේද යහපාලනය කියන්නේ...? ඔබතුමන්ලා බලාපොරොත්තු වුනේ ඕක නෙමෙයිද? දන්නේ නැති නිසයි මම ඇහුවේ...

:       10196       10159

RajithaMonday, 22 April 2019 02:53 PM

අහිංසක මිනිස්සුන්ට දොස් කියන්න එපා.. මේ බෝම්බ පිපිරුම වෙනත් පිරිසකගේ සංවිධානාත්මක වැඩක්...

:       275       247

මනෝMonday, 22 April 2019 03:48 PM

මෙයට විරුද්ධව criminal negligence සාපරාධී නොසැලකිල්ල ලෙස අහිංසක මිනිසුන් වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ

:       0       435

asela Monday, 22 April 2019 10:10 AM

දවසේ කතාව....

:       51       256

Amila Monday, 22 April 2019 10:12 AM

සහතික ඇත්ත කතාව... හැබැයි ඔක්කොම දන්න රටේ නායකයා හොයාගන්නත් නෑ. බයේ හැන්ගිලා ඉන්නවා වගේ අපිට නම් පේන්නේ... මෙය දැනගෙන හිටපු අය ඉල්ලා අස්වෙන්න ඕනෑ.

:       8       1057

Prem Monday, 22 April 2019 10:19 AM

අමාත්‍ය හරීන්ගෙනුයි, තාත්තාගෙනුයි වැඩිදුර ප්‍රශ්න කරන්න. ඉස්පිරිතාලයේ හිටපු කෙනා කොහොමද දන්නේ.. එයාට කවුද කිව්වේ..? ඒ අය කොහොමද දැන්ගත්තේ..? හොයන්න.

:       17       1372

Gunasena Monday, 22 April 2019 10:23 AM

ලොකුකමට කියනවා. බේරුණු එකක් ගැන පුංචි හරි මොලයක් කියලා එකක් තිබුණා නම් අද අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරගන්න තිබුණා..

:       0       1142

RaveendraMonday, 22 April 2019 10:55 AM

ගුණසේන මයා වෙත, මොලය තියෙන්නේ මනසින් උසස් මනුශ්‍යයාටය.

:       0       519

sam Monday, 22 April 2019 10:23 AM

නීති අලුතෙන් හදලා හරි මේ කල අයගේ හැම එකටම දැඩි දඬුවම් දෙන්න. වහාම නැගෙනහිර ඉන්න අන්තවාදීන් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න. වන විනාස කර කර පිටින් ගෙනල්ලා පදිංචි කල අයව වහාම සෝදිසි කල යුතුයි. ඒවට සම්බන්ධ අයට දඬුවම් දෙන්න.

:       343       3910

Manoharan Monday, 22 April 2019 02:01 PM

නැගෙනහිර තියෙන්නේ වෙනම ආණ්ඩුවක්. පොලිස්සියත් එහෙ යන්න බයයි. ඉස්සෙල්ලම හමුදාව සහ නාවික හමුදාව දාලා නැගෙනහිර සුද්ද කරන්න. නැත්නම් තව ටික කලකින් අරාබිය නැගෙනහිර හදනවා.

:       258       5117

Sumith Monday, 22 April 2019 10:24 AM

පව් අහිංසකයෝ

:       3       160

මංගල Monday, 22 April 2019 10:35 AM

මේ වගේ දේශපාලන නායකයන් රටේ වාසනාවකට තමයි බිහි වෙලා තියෙන්නේ. ඊළග වතාවෙත් ඉහළින්ම දිනවන්න ඕන.

:       14       850

janis Monday, 22 April 2019 10:36 AM

මේ විනාශයට රටේ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම අතට අරගෙන ඉන්න ජනාධිපති, පොලිස්පති ඇතතුළු මේ විනාශය සිදුවන බව දැනගෙන හිටිය මැති ඇමතිවරු වගකිව යුතුයි. පිටවලින් එන සංචාරකයින්ට ලංකාවේ කිසිම පහසුකමක් නැහැ. අගමැති ජනාධිපති මහින්ද කුලල්කා ගන්න එක නේද තාම කරන්නේ.

:       2285       1365

RasikaMonday, 22 April 2019 12:15 PM

Janis, ඔයාටයි මේ මේ රටේ බුද්ධි අංශ අඩපණ කළ රටම අරාජික කළ ඩබල සහ ඔවුන්ගේ අනුගාමිකයෝ තමයි වගකිව යුත්තේ... අවුරුදු 4 කින් රට දශක ගාණක් පසුපසට ඇදගෙන ගිය මේ රට සහ ශ්‍රී ලංකීක ජාතිය වැනසූ යූ.එන්.පී. යට වැසි නැති හෙන වදීවි...

:       1126       3317

rohan pereraTuesday, 23 April 2019 03:41 AM

කිසිම බුද්ධි අංශයක් අඩපන කරලා නැහැ යුද්දේ කාලේ අපරාද කරපු කට්ටියට නඩු වැටිලා තියෙන්නේ

:       268       320

රජින්ද Monday, 22 April 2019 10:38 AM

නොහැකියාව, නොතැකීම සහ රටට වග නොවීම වත්මන් ආණ්ඩුව අපේ රටට මෙවැනි තත්වයක් උදාකිරීමට හේතුපාදක විය. ත්‍රස්තයින්ට අපේ රට පහසු ඉලක්කයක් කලේ යහපාලන රජයයි. මොවුන් මෙසේ අපේ රට ගැන කල අවතක්සේරුව නොවන්නට, විය හැකිව තිබුනේනම් යම්දෙයක් එය සුළු තත්වයක් වන්නට තිබිණි. යහපාලන රජය ජනතාව භීෂණයට සහ ආර්ථික මරුවිටට තල්ලු කර හමාරය.

:       107       1640

d.upul Monday, 22 April 2019 10:39 AM

ඇමති පුතාට පල්ලි යන්න එපා කියපු තාත්තව වහාම ප්‍රශ්න කළ යුතුයි.

:       2       606

nalin Monday, 22 April 2019 10:40 AM

රටට කෙළ වුනත්, තමන් බේරුණා නම් ඇති.

:       0       451

m.s.randunumudiyanse Monday, 22 April 2019 10:42 AM

තමන්ගේ තාත්ත සතියක් තිස්සේ දන්නා තමන්ව දනුවත් කරපු භයානක විපතක් ගැන කැබිනට් ඇමති කෙනෙකුටත් සද්ද නැතුව ඉන්න පුළුවන් නම් තමන් විතරක් බේරිලා වෙන මොකක් කියලද කියන්නේ...? අඩුගානේ පල්ලියක ෆාදර් කෙනෙකුට කෝල් එකක් දුන්නානම් කාදිනල්තුමාලත් ඉතින් යම් මට්ටමකින් යහපාලනේ කොටස් කරුවොනේ. දැන් සතුටු ඇති.

:       20       615

සංජීව Monday, 22 April 2019 10:43 AM

කොහෙද ආණ්ඩුව බයයි ඡන්ද ටික නැතිවෙයි කියලා. මෙතැනදී සාමාන්‍ය පුරවැසියන්ගේ වගකීම වෙන්න ඕනේ ත්‍රස්තයින් කවුරුන්ද කියා දැනගන්න ආරක්ෂක අංශයට සහයෝගය දෙන එක. නැතිනම් සියලු දෙනාම ත්‍රස්තයන් ලෙස තමයි සලකන්න වෙන්නේ... මිනී මැරුවත් එකී අනුබල දුන්නත් එකයි. අපිට සාමකාමීව ජීවත්වෙන්න ඕනේ නම් හැමෝම අන්තවාදයෙන් මිදිලා ඉන්න ඕනේ...

:       17       434

Bandara Monday, 22 April 2019 11:08 AM

මේ සමුළුව විශිෂ්ට උත්සහයකි බෙහෙවින් අගය කරමි

:       5       268

Chinthaka Monday, 22 April 2019 11:28 AM

මේ මිලෙච්ච ඝාතනයන් අපි තරයේ හෙලා දකිමු. මේ සිද්දියට මේ රජය අනිවාර්යයෙන් වගකිය යුතුය. ඒ වගේම මේ යහපාලනය වෙනුවෙන් තමන්ගේ වටිනා ඡන්දය දුන් හැම කෙනාම මේකට වන්දි ගෙවිය යුතුය.

:       452       3163

මංගල Monday, 22 April 2019 11:29 AM

අපේ රටේ හමුදාව සහ පොලීසිය අතිශයින්ම ශක්තිමත්. එයාලට එයාලගේ රාජකාරිය නිදහසේ කරන්න දුන්නා නම් නැවත මේ වගේ සිද්ධි ඇති නොවනු ඇති.

:       0       374

Hafeel Monday, 22 April 2019 11:36 AM

තිස් වසරක යුද්ධයෙන් පීඩාවූ අපිට තවත් කළු යුගයට මුහුණ දෙන්න බැහැ. මේකට සම්බන්ද සියලු දෙනාගෙන් අවශ්‍ය තොරතුරු අරන්, ඔවුන් සේරම නැත්තටම නැති කරලම දාන්න. 1982 උතුරේ ත්‍රස්ත ක්‍රියාවන් පටන්ගන්න කොට ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව 10ටත් අඩු. ඒ මොහොතේම නැත්තටම නැති කරන්න තිබුනත්, කළේ නැහැ. අවසානයේ අපිට හිතන්නටත් නොහැකි තරමට දුක් වින්දා. ඒ නිසා එදා කල වැරැද්ද අද කරන්න හොඳ නැහැ.

:       110       735

BamunuarachchiMonday, 22 April 2019 01:44 PM

එකෙක් ඕස්ට්‍රේලියාවේදී ඇල්ලුවා... එයාව සුදනා කරලා මෙහාට ගෙනාවා මතකද? අැමතියෙකුගේ ඥාතියෙක්ලු...

:       57       1331

BamunuarachchiTuesday, 23 April 2019 09:53 AM

මෙහි ලියවිලා තිබෙන අදහස් කියෙව්වාම මට මාර ජොලි. නවසීලන්ත සිද්ධිය ගැන මම ලීවාම මෙතැන ලියන බොහෝදෙනෙක් මාව ජාතිවාදියෙක් ලෙස හංවඩු ගැසුවා. ඔන්න දෛවය කැරකිලා අපිටම සරදම් කළා.

:       0       0

saama Monday, 22 April 2019 11:44 AM

මේ ඇතිවූ දුක්ඛදායක තත්වයට සාතිශය සංවේගය කාදිනල්තුමනි! රජයේ ඉහල සිට පහල නිලදාරීන් දක්වා තම වගකීම් පැහැර හැරි ඇත. රතු, කොළ, නිල් පක්ෂ පාටවලින් හැමෝම අන්දමන්ද වී ජනතවගේ ආරක්ෂාව බින්දුවට දමා ඇත.

:       18       259

Gunarathana himi Monday, 22 April 2019 12:13 PM

මේ ජාති ආගම් කිසිදු භේදයකින් තොරව සියල්ලෝම කම්පාවන අවස්ථාවක්. තමන්ගෙ පවුලේ ඔක්කෝම මැරිලා ඉතුරුවෙලා ඉන්නෙ පුංචි පැටියෙක්. එයාට කවදාවත් මේක අවබෝධ වෙන්නෙ නෑ. මෙහෙම තත්ත්වයන් දකිනකොටත් ලොකු කම්පාවක්. හැබැයි බේරුවල හා දිගනෙ සිද්ධින් වල ඉඳලා ඔය අන්තවාදීන්ට අනුකම්පා කරපු සිංහල බෞද්ධයන් මිලේච්ඡයින් ලෙස දැකපු අයගේ අදහස් දැන්නම් වෙනස්වෙලා ඇති කියලා හිතෙනවා

:       279       1590

chathuriMonday, 22 April 2019 01:13 PM

අපි හරි හොඳයි කියලද හිතන් ඉන්නේ? කවුරුත් එකයි එක කට්ටියක් ගහනවා.. ඒකට පලිය ගන්නවා. මතකද 80 ජුලි කලබල... හරිම දුක හිතෙනවා මතක් වෙනකොට ලංකාව අත ඇරලා සදහටම පිටවූ පවුල් කොයිතරම් ඉන්නවද? ඒ දවස්වල වචනෙන් හරි උදව් කෙරුවා නම් ඒවල ඵල විපාක ලැබෙනවාමයි... ජනතාව යන්නන් වාලේ, පල්ලි, පන්සල් කෝවිල් ගියාට මේ කට්ටිය ජීවත් වෙන්නේ හිතේ වෛරයෙන්... පොඩි මිනිහට එකවිදියක්... ලොකු මිනිහට තව විදියක් තමන්ගේ වල කපන්නේ තමන්මයි.

:       1511       312

BamunuarachchiTuesday, 23 April 2019 09:40 AM

ඔයාටද දුක හිතෙන්නේ 83 මතක් වෙනකොට? හ්ම්!

:       0       0

sas Monday, 22 April 2019 12:56 PM

මේ වගේ සිද්ධියක් සිදුවිය හැකි බවට විදේශීය බුද්ධි අංශයකින් තොරතුරු පොලිස්පතිට ලැබිල තිබියදී පොලීසිය මොනවද කලේ ? ඔය ඇමතිවරයාට වගකීමක් තිබුනා ඔහුට ලැබුන තොරතුර අඩුම තරමින් අගමැතිටවත් කියන්න. ඔය ඇමති වහාම ඉල්ලා අස්විය යුතුය.

:       0       508

chamindaMonday, 22 April 2019 01:39 PM

ආරක්ෂක ඇමති ජනාධිපති නේද

:       672       382

dilanMonday, 22 April 2019 07:28 PM

ඉල්ලා අස්විය යුත්තේ අගමැතියි. ඔය පොලිස්පති තනිකරම අගමැතිගේ පත්කිරීමක්.....

:       0       0

ධම්මික Monday, 22 April 2019 01:02 PM

රෝහින්ගයා සරනාගතයන්ට අනුකම්පා කරමු. තව තවත් ගෙනත් පදිංචි කරව ගනිමු. රාජ්‍ය අනුග්‍රහය දක්වමු. ඊට පස්සෙ කෑවා කෑවා කිය කිය ඉමු.

:       432       2037

KamalMonday, 22 April 2019 02:15 PM

රෝහින්ගයා සරනාගතයන් මෙරට පදිංචි කර නැත. මේ සිද්දියට සම්බන්ද ලංකාවේම මුස්ලිම් පිරිසකි

:       1327       268

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 22 April 2019 01:33 PM

වෙනත් රටක මේ වගේ දෙයක් සිදුවුනා නම් රටේ නායකයා ලෝකයේ කොහේ හිටියත් තම රටට පැමිණෙනවා. අපේ නායකයා ඉන්දියාවේ ඉඳල සිංගප්පුරු ගිහින් තමාගේ වැඩ ටික ඉවර කර ගෙන අද උදේ පැමිණියා.

:       656       703

නිමල් Monday, 22 April 2019 02:10 PM

ඇමති පුතා පල්ලි නොගියේ ඇයි කියලා ඇහැව්වත් කලින් නිකුත් වූ බුද්ධි වාර්තාව නොසලකා සිටියේ කවුද? ඒ ඇයි කියලා ඇහැව්වේ නැත්තේ ඇයි? ඇමති පුතාගේ කතාවට වඩා ඒ වාර්තාව නිවැරදියි නේද? කවුරු කාට කඩේ යනවද?

:       814       234

rasika Monday, 22 April 2019 02:55 PM

හරීන් කියනවා මේ සිද්ධිය ගැන ජනාධිපති දැන හිටියත් අගමැති දැනගෙන හිටියේ නැහැ කියලා, විදෙස් මාධ්‍යට කියන්නේ.. එතකොට ලෙඩ ඇඳේ ඉන්න එයාගේ තාත්තා දන්නවා, හරීන් දන්නවා, හැබැයි අගමැති දන්නේ නැත්නම් වහාම ඉවත් වෙන්න ඕනේ අගමැතිකමෙන්, මොකද මේවගේ දෙයක්වත් දන්නේ නැතුව රට ගෙනියන්නේ කොහොමද අර ලෙඩ ඇඳේ ඉන්න කෙනත් දන්නවනම්. මෙතන මේ ඇමතිවරු ඔක්කොම දැනගෙන හිටියා. ඔවුන් පල්ලි ගියේ නැහැ. හැබැයි මේක රට දැනුවත් කලේ නැහැ, මොකද ජනතාවට කිව්වනම් මිනිස්සු දැනගන්නවා ජාතික ආරක්ෂාව දුර්වලයි කියලා, ඒක එයාලගේ ඡන්ද වලට බලපානවා.. ඔක්කොම හංගගෙන හිටියේ දේශපාලනිකව අවාසියක් වේවි කියලා. මේ වගේ ම්ලේච්ච ප්‍රහාර කරපු අයව වැලැක්වීම නිසාම හිරේ ඉන්න බුද්ධි නිලදාරීන් මානව හිමිකම් ගැන මොකද දැන් මොකද කියන්නේ බටහිර රටවල්..

:       11       1200

sumith Jayashanthe Monday, 22 April 2019 02:57 PM

අපේ රටේ මේක කළේ මේ රටේ නීතියක්, රටට ආදරය කරන නායකයෝ නැති බව දැනගෙනයි. නැතිනම් තව රටවල් තිබුනේ නැද්ද ?

:       0       395

Perakum Monday, 22 April 2019 03:39 PM

හපොයි අපි වගේ ගොන් රැලක්... අපේ රට පාලනය කරන්න කියලා කතිරේ ගහලා පත් කරගත්තේ මේ වගේ කාලකන්නි හැත්තක් කියලා දැනගත්තම දැනෙන දුක දරාගන්න බැහැ. මොනව‍ා කරන්නද අපේම වැරැද්ද? ඊළඟ සැරේවත් බලාගමු..

:       1       438

prabha Monday, 22 April 2019 04:10 PM

තොරතුරු සැගවීම මගින් මිනී මැරීමට අනුබල දීම යටතේ නඩු දාන්න බැරිද ?

:       0       320

jayasekaraTuesday, 23 April 2019 05:40 AM

ප්‍රභා අපෝ බැහැ.. මොකද ඇමති කෙනෙක්නෙ......

:       0       10

nali Monday, 22 April 2019 06:00 PM

පුදුම ඇමතිවරු! තමාගේ ආගමේ සොහොයුරන්ට පාස්කු දවසේ මෙවන් මහා විපතක් වෙන්නට ඉඩ හැරියා නම් රටේ අනිකුත් ජාතීන්ට හෝ ලබ්ධිකයින්ට කුමක් බලාපොරොත්තු වෙන්නද?

:       0       0

චන්දා Monday, 22 April 2019 08:32 PM

රටේ ආරක්ෂාව පිළිබඳ නීතීමය බලයක් තියෙන ආරක්ෂක ලේකම් වෙත තාම ඇඟිල්ල දික්වෙනවා දැක්කේ නැහැ. "යම්" "යම්" කියකියා ඉන්නවා හැමෝම.

:       0       0

Binkundaa. Monday, 22 April 2019 08:41 PM

මහනායක හිමිපාණන් වහන්සේලා, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුලා එක්වෙලා නිකන් කතිකා තිබ්බාට වැඩක් නෑ. එයාලා කල් ගිහින් හරි සැලසුම් කරලා කරන්නේ එයාලාගේ පොතේ කරන්න කියාලා තියෙනදේ, මොන කෙහෙල්මල් සංහිඳියාවකටවත් ඒවා නවත්වන්න බැරියෝ. නිකන් රැවටෙන්න එපා...

:       0       0

hema Monday, 22 April 2019 08:55 PM

මෙයට වගකිව යුත්තන්ට එරෙහිව නඩුමගට යන්නට ක්‍රියාකිරීමට අදාල අංශ වහාම පියවර ගන්න. සියලු දෙනාම එකතු වී නඩු දමන්න රජය තම වගකීම මුළුමනින් අමතක කර ඇත. එය සාපරාධී වරදකි..

:       0       0

ranjith Monday, 22 April 2019 11:09 PM

ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවලා මහජන මුදල්වලින් නඩත්තු කරන මේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු එකෙක්වත් ජනතාව ගැන හිතලා තියෙනවද? ලෝකෙම කම්පා කරන මේ අපරාදය වෙනතෙක් තමන් ආරක්ෂා වෙලා ඔහේ බලන් ඉඳලා තියන පාටත් නේද පෙනෙන්නේ? විපක්ෂ නායකයත් කියනවා ලිපියක් හම්බවුණා කියලා... මේ කණ්ඩායම් සියල්ලම ප්‍රතික්ෂේප කරලා අලුත් ජනතාවගේ හදගැස්ම තේරුම් ගන්න පුළුවන් නායකයින්, මන්ත්‍රීවරුන් ඉදිරියේදීවත් තෝරාගනිමු

:       0       0

Gamini Monday, 22 April 2019 11:09 PM

ආරක්ෂක අංශවලින් අගමැතිට මෙම සිද්ධිය ගැන නොදන්වා තිබුණත් මේ පිළිබඳව දැනගෙන සිටි ඔහුගේ ඇමතිගෙන් ඇසිය යුතුයි. මෙවැනි රටේ ආරක්ෂාව පිළිබඳ වගකිවයුතු දෙයක් දැනගෙන ඔහුට නොකීම පිළිබඳව... මෙයින් අප තේරුම් ගතයුතු වන්නේ රට පාලනය කරන නායකයින්ගේ රට ගැන සාමූහික වගකීමක් නොමැතිබව සහ ඔවුන්ගේ නායකත්වයේ ඇති දුර්වලතාවයි. දූෂණ, වංචා නැති කිරීමට පැමිණි සැනින් මහබැංකුව හොරකම් කර, එයට සම්බන්ධ වූවන් ආරක්ෂා කරමින් රටේ ආර්ථිකය බිංදුවටම දමා තිස් වසරක් යුද්ධය පවතී. රටේ වැදගත්ම අංශයක් වන ආරක්ෂක බුද්ධි සේවාවන් දුර්වල කළ රජය බෝලය වෙන අයට පාස් නොකර මෙහි වගකීම අනිවාර්යයෙන්ම බාරගත යුතුයි. මහනුවර හිඟුල ප්‍රදේශයේ බුදුපිළිම කැඩීමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ වලදී ඇමති කෙනෙක් පවසන අකාරයට එයට සම්බන්ධ වූවන් පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කිරීමට බලකළ රජයේ බලවත් පුද්ගලයා කවුද? මෙයින් අපට අදහස් වන්නේ රටේ ආරක්ෂාවට වඩා ඔවුන්ගේ පැවැත්මට මුල් තැන දෙන බව නොවේද? පුවත්පත් වලින් නිතර පෙන්වාදෙන, මහජනතාව දැනගෙන සිටි, රජය නොදන්නා ලෙස සිටි මුස්ලිම් අන්තවාදය හිස එසවීම පිළිබඳව මෙම රජය අනිවාර්යයෙන්ම වගකිව යුතුයි.

:       0       0

ranjith Monday, 22 April 2019 11:25 PM

තොරතුරු සැඟවීම මගින් මිනීමැරීමට අනුබලදීම යටතේ නඩුදාන්න බැරිද? මෙය කළ යුතුය. මේ අහිමිවුණු අහිංසක ජීවිත වෙනුවෙන්, නොඑසේ නම් මේ බෝල පාස් කිරීම ඉදිරියේදීත් කරාවි.

:       0       0

Kuma Monday, 22 April 2019 11:30 PM

සියලු ආගමික නායකඋතුමාණනි..., ලක්මවගේ අවාසනාවට පහළ වී සිටින බඩගෝස්තරවාදී දේශපාලකයන් අපේ ලක් දෙරණින් පන්නා දමන්න ජාති බේද, ආගම් බේද වලින් තොරව නායකත්වය ගෙන හෙට උපදින දරුවන් වෙනුවෙන්වත් මේ උතුම් රට රැකදෙනු මැනවි...

:       0       0

Rasi Monday, 22 April 2019 11:48 PM

තාම මේ ආණ්ඩුවට මුස්ලිම් කියන වචනය කියාගන්න පණ නැහැ. ඉතින් කොහොමද සංවිධාන තහනම් කරන්නේ...?

:       0       0

චමින්ද Tuesday, 23 April 2019 01:08 AM

ඇමති පුතා කිව්වම සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ඇමතිකෙනෙක් පුතාට පල්ලි යන්න එපා කිව්වා කියල. නමුත් වෙලා තියෙන්නේ ඇමතියෙක් වුන පුතාට තාත්තා පල්ලි යන්න එපා කියපු බව මිනිස්සු දන්නේ නැහැ. කොහොම වුනත් ජනතා නියෝජිතයෙක් මෙන්ම ඇමති කෙනෙක් වුන ඔහුට එම තොරතුරු දැනගත්ත වේලාවෙවත් අගමැති බැරිනම් වෙනත් පලපුරුදු දේශපාලකයෙකුගෙන් විමසන්න තිබුනා. මේ ඇමති යුතුකම් මගහැරිය බවක් පේනවා .

:       0       0

Rizwan Tuesday, 23 April 2019 02:34 AM

කරුණාකරලා මේ ත්‍රස්තවාදී සංවිධාන තහනම් කරන්න. ඔය අල්ලපු එක්කෙනෙක්වත් පන පිටින් තියන්න එපා. මේ කුරිරු ප්‍රහාරයෙන් මිය ගියේ අපේම දෙමව්පියෝ. අපේම දුවා දරුවෝ. අපේම සහෝදර සහෝදරියෝ. මේවට වග කියන්න ඕන අය ඉක්මනින් හොයා ගන්න. අනිත් දේ මමත් මුස්ලිම් ජාතිකයෙක්. නමුත් අපේ රටට මුහුණ වහගන්න සංස්කෘතිය එපා. ඒවා අපිට ගැලපෙන්නේ නැහැ. ලෝකේ ලොකුම මුස්ලිම් රාජ්‍ය ඉන්දුනීසියාව නමුත් එහෙ කව්රුත් මුහුණ වහන්නේ නැහැ. අවුරුදු 20කට කලින් මේ මුහුණ වහගෙන ඉන්න සංස්‌කෘතිය අපේ රටේ තිබුනේ නැහැ. මේවා ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් අපේ රටට ආව දේවල්. ඒකෙන් වුනේ අපි ජාතීන් වශයෙන් ලොකු බෙදීමකට ලක් වුනා. මේක මහා අපරාදයක්. මේවට දැන් හරි වහාම විසදුම් හොයන්න ඕනේ. අපි මොනවා බෙදා ගන්න බැරිවද මේ මරා ගන්නේ. නැගෙනහිර ප්‍රශ්නයක් තියෙනවනම් රජයෙන් වහාම එයට නිසි විසඳුමක් සෙවිය යුතු බව කව්රුත් පිළිගන්න ඕනේ. මින් මතුවටවත් මේ වගේ අපරාධ සිද්ද වෙන්න නරකයි. අනිත් කාරණේ මෙහෙම දෙයක් වෙන්න යන බව දැනගෙනත් උක්ත කාරණය ගැන තැකීමක් නොකර හිටපු එක නම් කොහොමත් පිළිගන්න බැහැ. කරුණාකරලා ඒ ගැන පුළුල් පරීක්ෂනයක් තියන්න.

:       0       130

Surendra Tuesday, 23 April 2019 02:54 AM

ජනතාවගේ සල්ලිවලින් ජීවත්වෙලා ජනතාව මරාගෙන කන පාලකයෝ සිටින රටක් මේක. අපේ අනාගත පාරම්පරාවට දෙවියන්ගේම පිහිටයි !!!!!!!!!!!!

:       0       102

anura Tuesday, 23 April 2019 03:20 AM

තොරතුරු දැන ගෙනත් එය සැඟවූයේ දේශපාලන වාසියක් ගැනීමට විය හැක. එවිට හදිසි අවස්ථාව දමා තමන්ට රිසි ලෙස රට පාලනය කිරීමට අවස්ථාව ලැබෙන නිසා විය හැක.

:       0       2

දිසානායන කැලේගෙදර Tuesday, 23 April 2019 03:48 AM

මෙය ආරම්භයද අවසානයද නොවනු ඇත සියල්ලේ විනාශය අපේ ප්‍රමාදයම බව අපි කොතෙක් අත්දැකිම් ඇතත් ඵය නිවැරදි නොකරගන්නා ජාතියක් හැටියට අදත් අපගේ අහිංසක ජනතාව මරනයෙන්ම මුහුන දුන්නා. මෙය සිදුකල අයට වඩා භයානකකම ඇත්තේ මේවාට උඩගෙඩි දේශපාලකයින් හා අන්තවාදී සංවිධාන බව තේරැම් ගෙන ඉදිරි පියවර ගතයුතුයි

:       0       2

Prasa Tuesday, 23 April 2019 04:15 AM

රෝහින්ගයා සරනාගතයන්ට අනුකම්පා කරමු. තව තවත් ගෙනත් පදිංචි කරව ගනිමු. රාජ්‍ය අනුග්‍රහය දක්වමු. ඊට පස්සෙ කෑවා කෑවා කිය කිය ඉමු.. හොඳ පාඩමක් අපිට

:       0       27

prasanna Tuesday, 23 April 2019 05:58 AM

මේ ගස් කපන කැලේ එලි කරන කෙනාව උඩට අරගෙන මිනිස්සු පදිංචි කරන්න දුන්නේ කව්ද? ඒ පදිංචි කරපු අය කව්ද කියල හෙව්වද? මේවට කලින් අයත්, දැනට ඉන්න අයත් වග කියන්න ඕනේ.

:       0       7

Hemantha siri Tuesday, 23 April 2019 09:53 AM

පාර්ලිමේන්තුවේ 225 දන්නවා ඔය සිද්ධිය වෙනවා කියලා මට හිතෙන විදිහට.. ඔය අය තමයි වගකිය යුත්තෝ. ඔවුන්ට දෙවියන්ගේ සැප ලැබේවා..!!!

:       0       0

rasika Tuesday, 23 April 2019 02:17 PM

නිලධාරීන්ට බලය දෙමු. දේශපාලකයන්ට බලය දුන්නම ඕක වෙනවා. නිලදාරීන් අණක් ලැබෙනකම් ඉන්න ඕනේ නැ.

:       0       1

Bamunuarachchi Tuesday, 23 April 2019 03:31 PM

ඇමති පුතා ඇදගෙනම නාගත්තා.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 226 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 370 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 862 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1857 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 991 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 762 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site