IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඇමැති මංගල චීන තනාපති හමුව මේ සතියේ

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ශ්‍රී ලංකා  චීන තානාපති ෂි ෂියෑන්ග් ලියෑන්ග් මහතා අතර විශේෂ හමුවක් මේ සතියේදී පැවැත්වෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි පවසයි.

චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදල් වල පොලී අනුපාතය සම්බන්ධයෙන් මෙරට මුදල් ඇමතිවරයා සහ චීන තානාපතිවරයා විසින් මාධ්‍ය හමුවන් දෙකකදී  සිදු කළ ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්වේ.

එම ප‍්‍රකාශයන් පිළිබද චීන තානාපතිවරයා ගෙන් නිසි තොරතුරු විමසීමක් කර ඇති වී තිබෙන ගැටලූකාරී තත්ත්වය විසඳීමට  විදේශ අමාත්‍යවරයා එහිදී කටයුතු කිරීමට නියමිතය.

මුදල් ඇමතිවරයා විසින් ඉකුත් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදල් වල පොලී අනුපාතය මිළ අධික බව ප‍්‍රකාශ කළ අතර චීන තානාපතිවරයා ද කොළඹ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊට පිළිතුරු වශයෙන් චීනයේ ණය පොළි අනුපාතය වැඩිනම් තවදුරටත් ශ්‍රී ලංකාව චීනයෙන් ණය ඉල්ලා සිටින්නේ කුමන හේතුවක් නිසා දැයි විමසා සිටියේය.

ඉකුත් බ‍්‍රහස්පතින්දා මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් චීන තානාපතිවරයා කළ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයාගෙන් යළිත් විමසීමකදී ඔහු කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා මිසක් චීනයේ මුදල් ඇමතිවරයා නොවන බවය.

මේ අතර ඇතිවූ මෙම තත්ත්වයත් සමඟ මුදල් ඇමතිවරයා ද චීන තානාපතිවරයා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයාට පැමිණිල්ලක් කර ඇතැයි එම අමාතයාංශ ආරංචි කියයි.

මේ අතර චීන තානාපතිවරයාද ඉකුත් කාලයේදී එම ධූරයට නොගැළපෙන ආකරයෙන් කටයුතු කර ඇතැයි යන්න රජයේ පාර්ශවයන් ගෙන චෝදනා එල්ල වෙමින් පවතින්නේ යැයිද වාර්තාවේ.



අදහස් (0)

ඇමැති මංගල චීන තනාපති හමුව මේ සතියේ

සජී Monday, 07 November 2016 02:12 AM

ඕවට අපි නම් කියන්නේ ලැජ්ජා නැතිකම විදේශ ඇමතිකමටත් වැඩිය ලොකුයි කියලයි (නි)

:       0       0

විජිත් Monday, 07 November 2016 02:28 AM

දැන්වත් ඔය චිනාව අතේ දුරින් තියාගන්න බැරි දේශපාලකයන් අනාගතයේ දවසක චිනාගෙන් අපේ රටට සිදුවන විනාශයන්ට සම්පුර්ණයෙන්ම වගකිව යුතුයි. අමතක කරන්න එපා. ඊයේ ටිබෙටය... හෙට ශ්‍රී ලංකාව නොවන්නේ යැයි කාටවත් කිව නොහැකිද. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 07 November 2016 02:28 AM

මිලින්ද, ඉන්දියානුවන්ගේ කොලනියක් වනවාට වඩා චීන කොලනියක් වීම හොඳයි. බුද්ධාගම ලැබුනට වඩා දෙයක් ඉන්දියාවෙන් අපට ලැබිලා නැත. අපට විඳවන්න ඉන්දියාවෙන් ලැබුනේ ත්‍රස්තවාදය සහ ත්‍රීවීල් වසංගතයයි (නි)

:       0       0

සෙනෙවි Monday, 07 November 2016 04:16 AM

දැන් විදේශ රාජ්‍ය ත්‍රාන්තික සබඳතා උඩු යටිකුරු වෙලා .30 අවුරුදු රුදුරු ත්‍රස්තවාදය තුරන් කිරීමට උදව් කළ මිත්‍ර රටවල් අද තරහ කරගෙන ත්‍රස්තවාදීන් පෝෂණය කළ රටවල් වල් වලට තුරුළු වෙලා .(ම)

:       0       0

අසංග Monday, 07 November 2016 05:33 AM

අනේ ලුම්බිණි, අපි වගේ අය කියන ඒවා චීනය අසයිද? නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

සාමා Monday, 07 November 2016 06:03 AM

යු එන් අකේදී අපිට උදව් කළේ චීනේ, රුසියාව සහ තව රටවල් කීපයක් විතරය්. ඉන්දියාව බටහිර රටවල පදේට අපිට විරුද්ධව ඡන්දෙ දුන්න මතක නැද්ද. අපේ සෙබළු කොටු වෙලා හිටපු වෙලාවේ ආයුධ දුන්නේ ඉන්දියාවවත් බටහිර රටවලුත් නොවෙයි. එකපාරක් පෝර්ට් සිටි එක නවත්තල අනාගත්ත. පොර ටෝක් දාල මේ පාර නම් සැහෙන කාලෙකට මතක හිටින කෑමක් කන්ඩ තමයි හදන්නේ. (බ)

:       0       0

විපුල Monday, 07 November 2016 06:32 AM

මෙයා ඉතින් මොනවා කියන්නද .දෙකට නැවිලා තව ණයක් ඉල්ලයි (බ)

:       0       0

රංග Monday, 07 November 2016 08:01 AM

නුතන චීනයේ නිර්මාතෘ විසින් පෙන්වාදුන් මුලධර්ම මත ගොඩනඟන ලද රාමුවෙන් චීනය අපගමනය වනු අැතැයි සිහිනෙන්වත් නොසිතිය යුතය. ඒ නිසා වත්මන් පාලනය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගෞරවනීය නොබැඳි පිළිවෙත අනුගමනය කරන්නේ නම් විසඳුම ඒ සමඟම අප වෙත ළඟාවනු ඇත. (නි)

:       0       0

ලංකා පුත්‍ර Monday, 07 November 2016 08:02 AM

තීරණාත්මක අවස්ථාවකදී ඇමරිකන් ඉන්දියන් කපටි ආරක්ෂකයන්ගේ ග්‍රහණයට නතුව බෙදුම්වාදයට ජය ලබාදීම මේ යන ගමනේ අවසානයද. රටේ ආරක්ෂාව අභ්‍යන්තරයේදී මොට කිරීම දැන් ශීඝ්‍රයෙන් සහජීවනයේ නාමයෙන් සිදුවන අතර ජාත්‍යන්තරයේදී රට අනාරක්ෂිත කිරීම හා සැබෑ මිතුරන් කළකිරවීම මෙවැනි දෑ හරහා අපේක්ෂිත ඉලක්ක වනු ඇත

:       0       0

සුමිත් Monday, 07 November 2016 09:19 AM

ඔය චීන්නු නම් ඕනෑවට වැඩියි. පස්සට නම් යන්න එපා

:       0       0

සමන් Sunday, 06 November 2016 01:31 PM

නිකන් කළුගලේ ඔලුව ගහගන්නේ නැතුව හිටියොත් හොඳයි. රට අන්තිම සතේට හිඳිලා ඉන්න වෙලාවේ හදිස්සියකට ණයක් හරි දෙන්න ඉන්නේ චිනේ විතරයි. (ර)

:       0       0

සිරි Monday, 07 November 2016 09:34 AM

අනේ මෙයාලට බටහිරින් ලැබුණු දෙයක් නැහැනේ. චීනයට බැනවැදුනු අයට දැන් චීනයට වන්දනාමාන කරන්න වීම සරදමක් නොවේද? (නි)

:       0       0

නුවන් Sunday, 06 November 2016 02:06 PM

තාවකාලික මිතුරන්ට වඩා සදාකාලික මිතුදමක් ඇති චීනය සමග නෝක්කාඩු නොවිය යුතුයි . (ර)

:       0       0

දුමින්ද Sunday, 06 November 2016 03:24 PM

මුලින් ආ කණට වඩා පස්සේ ආ අඟ ලොකුවුණාම මෙහෙම දේවල් වෙනවානේ (නි)

:       0       0

මිලින්ද Sunday, 06 November 2016 03:25 PM

පොළීකාරයන් ගෙදරටම ඇවිල්ලා සද්දේ දානකොට ලැජ්ජා නැද්ද? ණය කෙසේවෙතත් රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන්න ලංකාව චීනයේ කොලනියක් නෙමෙයි. මුදල් ඇමතිතුමා එය පැහැදිලිව කියා තිබෙනවා නේද? (නි)

:       0       0

සමරනායක Sunday, 06 November 2016 03:31 PM

මොන හමුවක්ද? රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට අත දාන්න ලංකාව චීනයේ කොලනියක් කියා හිතුවද දන්නේ නැහැ. (නි)

:       0       0

රංග Sunday, 06 November 2016 03:56 PM

ලංකාවේ දේශපාලකයාට මුල මතක නැහැ. දැන් ඉන්දියාව අල්ලාගෙන කියවනවා. යුද්ධය ඉවර ක‍රන්න චීනය සහය දෙනකොට ඔය මහලොකු ඉන්දියාව කොහෙද හිටියේ කියලා ලංකාවේ මිනිස්සු දන්නවා. කට හින්දලු මාළුවා නහින්නේ..!! (නි)

:       0       0

සලීම් Sunday, 06 November 2016 04:10 PM

වෙළඳ පොළ ගැන අවබෝධයක් නැති අයට ඉහළ තනතුරු දීමෙන් රටට වී තිබෙන හානිය දැනටත් අපිට පේනවා (නි)

:       0       0

රෝහිත Sunday, 06 November 2016 04:43 PM

රවී මුදල් ඇමතිකමට ගැනීම පිළිබඳ අපේ නම් කිසිදු ප්‍රසාදයක් නොමැත (නි)

:       0       0

කුමාර Sunday, 06 November 2016 04:48 PM

ඇමෙරිකන් කොටි හුරතල් විතරක් අන්තිමට රටට ඉතුරුවෙයි වගේ (නි)

:       0       0

යහම්පත් නලින් Sunday, 06 November 2016 05:06 PM

පසුගිය ඡන්ද කාලේ චීනය පතුරු ගසා, දැන් ඔවුන් දෙපාමුල නමස්කාර කරමින්, කිසිවකු නොමැතිවිට නියම මිතුරා මතක්වනවා (නි)

:       0       0

සෙනෙවි Sunday, 06 November 2016 05:45 PM

රටවල් තරහ කරගත්තා කියලා මහින්දට කියපු අය දැන් මේ කරන්නෙ මොනවාද? (නි)

:       0       0

හේවා Sunday, 06 November 2016 05:50 PM

සමහරු රට කනවා මදිවට බොරුවට උඩුබුරනවා. එන්නෙ නැතෑ ඡන්දෙකට ආයෙත් (නි)

:       0       0

සංජීව Sunday, 06 November 2016 07:22 PM

අපි බය නැහැ. අපිට යූ.එස්.ඒ., ඉන්දියා ඉන්නවා. ඒගොල්ලෝ උඩ පැන පැන ණය දෙන්නේ. දීලා ඉවරයක් නැහැ. මේ අවුරුදු 3 යනකන් ඉන්නේ. (නි)

:       0       0

සුසන් Sunday, 06 November 2016 10:13 PM

මොකද මෙයා ලංකාවෙන් ඡන්දෙ ඉල්ලන්නද හදන්නේ? රවී එක එක්කෙනාගෙන් කොමිස් අරන් නැති නිසා ඇත්ත කතා කරන්න බයවෙන්න අවශ්‍ය නැහැ. අපි කාගෙවත් කොලනිවල අය නෙමෙයි. මේක නිදහස් රටක්. හැමෝම තරඟෙට ණය අරගෙන දැන් පොළීකාරයෝ කෑගහනකොට ලැජ්ජාවේ බැහැ. ඔය ගත් ණය වලින් මොනවද ලංකාවට කරලා තියෙන්නේ? වැඩිහරියක්ම හිටපු පාලකයෝ හොරකම් කරලා (නි)

:       0       0

ජගත් ලියනගේ Sunday, 06 November 2016 11:43 PM

සල්ලි හදිසි වුණාම අපිත් ගිහිල්ලා ගිනි පොළීකාරයෝ හම්බු වෙනවානේ (නි)

:       0       0

චන්දා Monday, 07 November 2016 12:14 AM

මේ යහපාලනය අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි නුඹට විඳවන්න වේවි දූ දරු මුණුබුරු, මිණිබිරියන් සමග ඉදිරි දශක දෙක තුනක්වත්. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 07 November 2016 12:40 AM

ණය ගැනීම හෝ පොළී ගෙවීම පිළිබඳ පසුගිය ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවුයේ, ඒ ගනුදෙනු පිළිබඳ විවෘතභාවයක් හෝ විනිවිදභාවයක් නොතිබුන නිසයි. එක ආණ්ඩු කාලයකදී "කරන කලට පව් මිහිරිය මී සේ". වෙනත් ආණ්ඩුවක් පත්වුණහම "විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ" වෙලා වගේ. අපේම දුර්වලකම් තුළින් අපි ලෝකයට ණය වෙනවා පමණක් නොව බාල්දුවීමකුත් වෙනවා. අප විසින් කළයුත්තේ වෙනත් රටවල් අප දෙස බලන ආකල්ප සුභවාදී වන ලෙස ආර්ථික ප්‍රතිපත්තිය සකසා ගැනීමයි. (නි)

:       0       0

ලුම්බිණි Monday, 07 November 2016 01:25 AM

චීන තානාපති කර ඇත්තේ නොගැළපෙන දෙයක් යනු මගේ හැඟීමයි. විදේශ අමාත්‍යවරයා මොහුට අවවාද කළයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 34 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 197 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1030 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2712 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1096 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1070 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site